කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113

    එතකොට අලුතින් උපදින කර්ම වලට මොකෝ වෙන්නෙ....?? බුදු දහමෙ මූලික හරය තමයි මැදුම් පිලිවෙත...කිසිම දෙයක අන්තයකට යන්ඩ එපා...උබ ඔය කියන්ඩ හදන එක අන්තයක්...සියලු දේ සිදුවෙන්න පෙර කල කර්මයට නෙමේ,ඕක බුදු දහම එහෙම නෙමේ .:no:

    මමත් හිතන්නේ මේකම තම. හැම දේම කර්මයට අනුව වෙනවනම්, රස්සාවත් කර්මයට අනුව ලැබෙනවනම් අපි මොකටද ජොබ් වලට ඇප්ලිකේෂන් දල ඉන්ටර්විවූ එහෙම යන්නේ... කර්මයට අනුව එහෙනම් කම්පැනි එකෙන් අපිට කතා කරලා එන්න කියනවනේ.

    පන්සිල් පද 5 ආරක්ෂා කරගෙන , තමන්ට පුළුවන් විදිහට අනිත් අයටත් උදව් කරගෙන ඉන්නවනම් ආශාවල් වලට ඇලෙන්නේ නැතුව.එතනින් එහාට ඉතින් හරි මර්ගෞපදෙෂණයක් ඇතුව භාවනා කරලා හිත දියුණු කරගන්න එක තම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: අනිව නිවනට උනත් යන්ඩ පුලුවන් තමන්ගෙ උස්සහය හා කැපවීම උඩ .. ඔක්කොම කර්මය මත තීරනය වෙලා ස්වයක්‍රීයව නිවනට යන්නෙ නැ..ඕක තමයි සරලම බුදු දහම..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මොකක්ද දැන් ඔය දෙකේ වරද?? ආයුශ ඉවර උනාම මිනිස්සු මැරෙනව....අකුසල කර්මය නිසාත් මිනිස්සු මැරෙනව...හදිස්සි අනතුරකිනුත් මැරෙනව.... ඉතින් මොකක්ද අවුල??? ඕක උබේ තියෙන්නෙ හිතිමේ ප්‍රශ්නයක්...ඔක්කොම සිද්ද වෙන්නෙ කර්මය කියල හිතුවම ඔක සාමන්ය දෙයක්..

    බුදු දහමෙ කොහෙවත් ගැටලු නැ...ගැටලුව ඇති වෙන්නෙ ඔක්කොම මැරෙන්නෙ කර්මයෙන් කියුවොත්... අන්තගාමි ආගම්ක් නෙමේ බුදු දහම...

    වැරැද්දක් තියනවනෙ. සියල්ල කර්මයෙන් සිදු උනත් අපිට උත්සාහ කරල ඒකෙන් ගැලවෙන්න පුලුවන්. අන්න ඒකයි ගන්න ඕනෙ දේ..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මමත් හිතන්නේ මේකම තම. හැම දේම කර්මයට අනුව වෙනවනම්, රස්සාවත් කර්මයට අනුව ලැබෙනවනම් අපි මොකටද ජොබ් වලට ඇප්ලිකේෂන් දල ඉන්ටර්විවූ එහෙම යන්නේ... කර්මයට අනුව එහෙනම් කම්පැනි එකෙන් අපිට කතා කරලා එන්න කියනවනේ.

    පන්සිල් පද 5 ආරක්ෂා කරගෙන , තමන්ට පුළුවන් විදිහට අනිත් අයටත් උදව් කරගෙන ඉන්නවනම් ආශාවල් වලට ඇලෙන්නේ නැතුව.එතනින් එහාට ඉතින් හරි මර්ගෞපදෙෂණයක් ඇතුව භාවනා කරලා හිත දියුණු කරගන්න එක තම.

    ඔන්න ඉතින් පොට වරද්දගෙන. සියල්ල වෙන්නෙ කර්මයෙන් තමා. ඒත් අපිට උත්සාහ කරල ඒ කර්මය වෙනස් කරන්න පුලුවන්. උත්සාහය, කැපවීම. කියල දෙයක් තියනව. නිකම්ම ඔහෙ ගෙඩරට වෙලා ඉන්න කියල නෙමේ කියන්නෙ.

    මේකෙන් ගන්න තියන දේ මේකයි.
    සියල්ල වෙන්නෙ කර්මයෙන් තමයි. හැබැයි අපිට කර්මය වෙනස් කරන්න පුලුවන්. අපි ඉගෙන ගන්න ඕනෙ, රස්සාවල් කරන්න ඕනෙ, හම්බ කරල පින් රැස් කරන්න ඕනෙ ඒකයි. නැතුව නිකම් උඩ බලාගෙන ඉන්න එක නෙමේ කරන්න ඕනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඉතින් පොට වරද්දගෙන. සියල්ල වෙන්නෙ කර්මයෙන් තමා. ඒත් අපිට උත්සාහ කරල ඒ කර්මය වෙනස් කරන්න පුලුවන්. උත්සාහය, කැපවීම. කියල දෙයක් තියනව. නිකම්ම ඔහෙ ගෙඩරට වෙලා ඉන්න කියල නෙමේ කියන්නෙ.

    මේකෙන් ගන්න තියන දේ මේකයි.
    සියල්ල වෙන්නෙ කර්මයෙන් තමයි. හැබැයි අපිට කර්මය වෙනස් කරන්න පුලුවන්. අපි ඉගෙන ගන්න ඕනෙ, රස්සාවල් කරන්න ඕනෙ, හම්බ කරල පින් රැස් කරන්න ඕනෙ ඒකයි. නැතුව නිකම් උඩ බලාගෙන ඉන්න එක නෙමේ කරන්න ඕනෙ.

    වැරැද්දක් තියනවනෙ. සියල්ල කර්මයෙන් සිදු උනත් අපිට උත්සාහ කරල ඒකෙන් ගැලවෙන්න පුලුවන්. අන්න ඒකයි ගන්න ඕනෙ දේ..

    ඉතින් හරිනෙ බන් ඒකෙනුත් ඔප්පු වෙනෙන් සියල්ල කර්මයෙන් වෙන්නෙ නැ කියලනෙ...උස්සහ කරල වෙනස් කර ගන්ඩ පුලුවන්, ඒ කියන්නෙ කර්මය කියන්නෙ එතරම් සාධකයක් නෙමේ...හැමදේම කර්මයට බාර දෙන්ඩ කියල බුදු දහමෙ උගන්නන්නෙ නැ..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඉතින් හරිනෙ බන් ඒකෙනුත් ඔප්පු වෙනෙන් සියල්ල කර්මයෙන් වෙන්නෙ නැ කියලනෙ...උස්සහ කරල වෙනස් කර ගන්ඩ පුලුවන්, ඒ කියන්නෙ කර්මය කියන්නෙ එතරම් සාධකයක් නෙමේ...හැමදේම කර්මයට බාර දෙන්ඩ කියල බුදු දහමෙ උගන්නන්නෙ නැ..

    වෙන්නෙ නෑ කියන එකම නෙමේ. එහෙම free will එකක් තියනවනම් අපිට නිවන් දකින්න බෑ. හැබැයි අපි free will එකක් නැතුව අපි හිතාගෙන ඉන්නව free will එකක් තියනව කියල.

    අපි උත්සාහය මගින් කරන්නෙ, තියන කර්ම පථයෙන් ගැලවිල වෙන කර්ම පථයකට පනින එක.

    එහෙම පනින්න පුලුවන් වෙන එක free will එකක් නෙමේ. හරියට අපිට ජනාදිපති තෝරගන්න දෙන්නෙක් දීල එකෙක් තෝරගනින් කිව්ව වගෙ. අපිට හිතුනට ඒක free will එකක් කියල ඇත්තටම එහෙම නෑ. අපි අනිවාර්‍යයෙන් දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඕනෙ. එහෙම් නැතුව අපිට ගිහින් ජනාදිපති වෙන්න බෑ වගේ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේකට කියන්නෙ නොදන්න කම කියල,අනිත අන්තගාමි වීම...නොදන්න දේ තමයි මනුස්සයෙක් මැරෙන්ඩ පුලුවන් හදිස්සි අනතුරක් නිසත් ඒකයි සම්බුද්ධ දේශනාව....

    මොකේද බන් එහෙම තිබ්බෙ
    කෙනෙක් අකාලෙ මැරෙන්නෙ කර්මය හන්ද,
    චුල්ලකම්ම විභංග සුත්‍රය සූත්‍රය කියවපන්.
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්,:)

    අමිල, රුවන්ට රු.1000 ක් දෙනවා.

    ඔතන සිද්ද වෙන දේ කාට හරි කර්මය අනුසාරයෙන් පැහැදිලි කරන්න පුලුවන්ද?

    හරි මමම කියන්නම්, මගෙ මතයට විරුද්දයිනම් පැහැදිලි කරන්න.

    ඔය ක්‍රියාව කෑලි දෙකකට කඩන්න පුලුවන්.

    1. අමිලගෙ රු 1000 ක් දීමේ චේතනාව.
    2. රුවන්ට රු 1000ක් ලැබීම.

    ඉහත පලවෙනි කොටසින් අමිල පිනක් රැස් කර ගන්නවා. රුවන්ට ඒ රු 1000 ලැබුනත් නැතත්. ඒ කුසලය අමිලගෙ අතින් රු 1000 ගිලිහුනු මොහොතේම සිද්ද වෙනව. ඒ කියන්නෙ අමිල ඒ රු1000ට තිබ්බ ආසාව අත්හැරගැනීමත් එක්කම ඒ කුසලය වෙනව. තව විදිහකින් කිව්වොත් ඒ රු1000 අමිල වෙන කෙනෙකුට දෙනව රුවන්ට දෙන්න කියල. අර කෙනා ඒ රු1000 රුවන්ට දුන්නත් නැතත් අමිලට කුසලය සිද්ද වෙනවා.

    දෙවැනි කෑල්ලෙන් වෙන්නෙ මොකද්ද? රුවන්ට රු 1000ක් ලැබෙන්නෙ කොහොමද? අමිල දුන්න නිසාද? නෑ. ඒක රුවන්ගෙ පෙර පිනක විපාකයක් නිසා තමා ලැබෙන්නෙ. එහෙම රුවන්ට පෙර පින් නැත්තං ඒ සල්ලි අමිල දුන්නත් රුවන්ට නොලැබී යනව.

    ඒ කියන්නෙ අපිට මේ ලැබෙන හැමදේම පෙර කර්ම නිසා ලැබෙන දේවල්ද? ඔව්. 99%ක් ම අපේ දිඨ්ඨදම්මවේදනීය කර්ම නිසා ලැබෙන විපාක. අපි ජොබ් එකක් කරා කියන්නෙත් කර්මයක් කිරීමනෙ. ඒකෙ මෙලොව විපාක තමයි අපේ පඩිය.

    අපේ සල්ලි කවුරු හරි හොරකම් කරොත්?

    ඒ සල්ලි හොරකම් වෙන්නෙ අපෙ පව නිසා. හොරකම් කරත් ගන්න බැරිනම් ඒ අපේ පින.

    අපි ට හානි කරා, හොරකම් කරා කියල අනිත් උන්ට වෛර කරල තේරුමක් නෑ.

    සියල්ල හේතුඵල දහමට අනුවයි සිද්ද වෙන්නෙ. :yes:

    හැබැයි දිඨ්ඨදම්ම වේදනීය කර්ම කරල ලැබෙන්න තියන අකුසල විපාක වලක්වා ගන්න පුලුවන්...
    හරියට අපි සිල් රැකල, හොඳ ගුණගරුක රස්සාවක් කරොත් අපේ දේවල් හැමදාම රැකිල තියෙයි...:yes:

    කාර්ම විෂය අචින්ත්‍යයි. කර්මය කියල දෙයක් තියෙනවා. ඕනෑම ක්‍රියාවකට අනුරූප ප්‍රතික්‍රියාවක් තියෙනවා. එත් එක වෙන්නේ මෙහෙමයි මෙහෙමයි හරියටම නිවැරදිව සහ තර්කානුකූල විදියට ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒක එතරමටම සංකීර්ණයි. ඒගැන කතාකරද්දී ඕනෑතරම් මතවාද ඉදිරිපත් කරන්න පුළුවන් එත් ඒවගේ ඉවරක් දකින්න බෑ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    Mu me Bududahama , ara Jaina Agamata Samana Karala Okkoma Karmaya Nisa Wenne Kiyala.

    What a Pathetic

    Kamma Niyama
    Bija Niyama
    Uthu Niyama
    Dhamma Niyama
    Chitta Niyama
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Mu me Bududahama , ara Jaina Agamata Samana Karala Okkoma Karmaya Nisa Wenne Kiyala.

    What a Pathetic

    Kamma Niyama
    Bija Niyama
    Uthu Niyama
    Dhamma Niyama
    Chitta Niyama

    කර්මයට අනුව තමයි නියාම ධර්ම පෙලගැහෙන්නෙ,
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    කාර්ම විෂය අචින්ත්‍යයි. කර්මය කියල දෙයක් තියෙනවා. ඕනෑම ක්‍රියාවකට අනුරූප ප්‍රතික්‍රියාවක් තියෙනවා. එත් එක වෙන්නේ මෙහෙමයි මෙහෙමයි හරියටම නිවැරදිව සහ තර්කානුකූල විදියට ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒක එතරමටම සංකීර්ණයි. ඒගැන කතාකරද්දී ඕනෑතරම් මතවාද ඉදිරිපත් කරන්න පුළුවන් එත් ඒවගේ ඉවරක් දකින්න බෑ.

    අනිවර්‍යයෙන්ම ඔව්. කර්මය ගැන නිරවුල් අවබෝධයක් නැතුව කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ. අවබෝධ කරගන්න බැරි උනාම 'කර්ම විශය අචින්ත්‍යයි' කියල පැත්තකට වෙලා උඩ බලාගෙන කිටිය කියල හරි යන්නෙ නෑනෙ.

    එහේ බැලුවොත් 'සිත' ත් අචින්ත්‍යයි නේ? ඒත් මනස ගැන නිරවුල් අවබෝධයක් ඕනනෙ නිවන් දකින්න.

    මම කියන්නෙ පරිස්සමෙන් හිතුවොත්, අපිට අදාල වෙන කර්මයේ කොටස ගැන හරි අවබෝධයක් ගන්න පුලුවන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකේද බන් එහෙම තිබ්බෙ
    කෙනෙක් අකාලෙ මැරෙන්නෙ කර්මය හන්ද,
    චුල්ලකම්ම විභංග සුත්‍රය සූත්‍රය කියවපන්.

    කියන්නෙ මොකක්ද කියල ඉස්සල්ලා කියෝල කමෙන්ට් කරපන්..

    වෙන්නෙ නෑ කියන එකම නෙමේ. එහෙම free will එකක් තියනවනම් අපිට නිවන් දකින්න බෑ. හැබැයි අපි free will එකක් නැතුව අපි හිතාගෙන ඉන්නව free will එකක් තියනව කියල.

    අපි උත්සාහය මගින් කරන්නෙ, තියන කර්ම පථයෙන් ගැලවිල වෙන කර්ම පථයකට පනින එක.

    එහෙම පනින්න පුලුවන් වෙන එක free will එකක් නෙමේ. හරියට අපිට ජනාදිපති තෝරගන්න දෙන්නෙක් දීල එකෙක් තෝරගනින් කිව්ව වගෙ. අපිට හිතුනට ඒක free will එකක් කියල ඇත්තටම එහෙම නෑ. අපි අනිවාර්‍යයෙන් දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඕනෙ. එහෙම් නැතුව අපිට ගිහින් ජනාදිපති වෙන්න බෑ වගේ.

    ලොල් ජනාධිපති කෙනෙකුයි තෝරන එකයි බුදු දහමයි සමානද බන්...සිල්ලර තර්ක දාන්ඩ එපා...සියල්ල සිද්ද වෙන්නෙ කර්මය නිසා නෙමේ ඒකයි බුදු දහම...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනිවර්‍යයෙන්ම ඔව්. කර්මය ගැන නිරවුල් අවබෝධයක් නැතුව කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ. අවබෝධ කරගන්න බැරි උනාම 'කර්ම විශය අචින්ත්‍යයි' කියල පැත්තකට වෙලා උඩ බලාගෙන කිටිය කියල හරි යන්නෙ නෑනෙ.

    එහේ බැලුවොත් 'සිත' ත් අචින්ත්‍යයි නේ? ඒත් මනස ගැන නිරවුල් අවබෝධයක් ඕනනෙ නිවන් දකින්න.

    මම කියන්නෙ පරිස්සමෙන් හිතුවොත්, අපිට අදාල වෙන කර්මයේ කොටස ගැන හරි අවබෝධයක් ගන්න පුලුවන්....

    කර්මය ගැන දැනගෙන කොහොමද බන් නිවන් දකින්නෙ..???නිකන් නොදන්න බුද්ධාගමක් කියවන්ඩ එපා බන් ...උබ මොනාද බුද්ධාගම ගැන දන්නෙ ??? නිවන් දකින්ඩ තියෙන බාදා මොනාද????
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කර්මයට අනුව තමයි නියාම ධර්ම පෙලගැහෙන්නෙ,

    මේව තමයි විහිලු...කොහෙ තියෙන බුද්දාගමක්ද මේ මිනිස්සු මේ කතා කරන්නෙ දන්නව වගේ...මුන් දන්නව වගේ කියෙවුවට නියාම ධර්ම කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නැ... ඔහොම බැලුවොත් උබලගෙ තර්කෙට අනුව දවාල රාත්‍රියත් කර්මය නිසා ඇති වෙන්නෙ..:lol::lol::lol::lol: නොදන්න දේවල් කියවන්ඩ එපා යකෝ..
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    හ්ම්.. හොඳ ප්‍රශ්නයක්..

    b සල්ලි හොරකම් කිරීම කෑලි 3 කට කඩමු,

    1. b ගෙ හොරකම් කිරීමේ චේතනාව.
    2. හොරකම සිදුවීම.
    3. b ට මුදල් ලැබීම.

    1. මෙ චේතනාව නිසා b අලුත් කර්මයක් කර ගන්නව.
    2. මෙය සාර්ථක වෙන්නෙ c ගෙ පව නිසා.
    3. b ට මුදල් ලැබෙන්නෙ b ගෙ ඊට පෙර කරනලද කුසලයක් නිසා.

    මේ දෙක conflict වෙනවනේ බං නැද්ද? උබ හිතන්නේ මේ විදිහට මුදලක් ලැබෙන්නේ හොඳ කර්මයක් නිසා ද මොකද එක එහෙම ලබාගන්න සිදු වුන සිතුවිල්ලෙන් නරක විපාකයක්/කර්මයක් සිදු වෙනවා නේද? :oo:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේව තමයි විහිලු...කොහෙ තියෙන බුද්දාගමක්ද මේ මිනිස්සු මේ කතා කරන්නෙ දන්නව වගේ...මුන් දන්නව වගේ කියෙවුවට නියාම ධර්ම කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නැ... ඔහොම බැලුවොත් උබලගෙ තර්කෙට අනුව දවාල රාත්‍රියත් කර්මය නිසා ඇති වෙන්නෙ..:lol::lol::lol::lol: නොදන්න දේවල් කියවන්ඩ එපා යකෝ..

    මන් අදහස්කරේ විංඥානයක් පවතින දේවල්වලට
    කර්මය මූලික වෙනව කියල,

    නොදන්න දේ තමයි මනුස්සයෙක් මැරෙන්ඩ පුලුවන් හදිස්සි අනතුරක් නිසත් ඒකයි සම්බුද්ධ දේශනාව...

    බුදුහාමුදුරුවො මේක කීවෙ මොන සූත්‍රයෙද කියපන්කො
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18

    අනිවර්‍යයෙන්ම ඔව්. කර්මය ගැන නිරවුල් අවබෝධයක් නැතුව කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ. අවබෝධ කරගන්න බැරි උනාම 'කර්ම විශය අචින්ත්‍යයි' කියල පැත්තකට වෙලා උඩ බලාගෙන කිටිය කියල හරි යන්නෙ නෑනෙ.

    එහේ බැලුවොත් 'සිත' ත් අචින්ත්‍යයි නේ? ඒත් මනස ගැන නිරවුල් අවබෝධයක් ඕනනෙ නිවන් දකින්න.

    මම කියන්නෙ පරිස්සමෙන් හිතුවොත්, අපිට අදාල වෙන කර්මයේ කොටස ගැන හරි අවබෝධයක් ගන්න පුලුවන්....

    කාර්ම විෂය අචින්ත්‍යයි කියල කිවුවේත් බුදුහාමුදුරුවොම තමයි. පුලුවන්ද කර්මය විපාක දෙන්නේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියල හරියටම තර්කානුකූලව ඔප්පු කරල පෙන්නන්න. එහෙම පුලුවන්නම් ඒ බුදුහාමුදුරෝවොන්ටත් එහා ගිය කෙනෙක් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවොවත් නොකියපු දෙකට අපි බොරුවට මතවාද, විසංවාද, විතර්ක, විචාර ගොඩනගල වැඩකුත් නෑ කරල ඉවරයක් කරන්නත් බෑ. කර්මය සත්‍යයි තර්කානුකූලයි. ඒක වෙනම දෙයක්.
     
    උබ කොහොමද කියන්නෙ බුදු හාමුදුරුවො නොකියපු දෙයක් මම මේ කියන්නෙ කියල?

    උබ හිතන්නෙ බුදු හාමුදුරුවො කියපු ඔක්කොම ත්‍රිපිටකයෙ තියනව කියලද?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    කර්මය ගැන දැනගෙන කොහොමද බන් නිවන් දකින්නෙ..???නිකන් නොදන්න බුද්ධාගමක් කියවන්ඩ එපා බන් ...උබ මොනාද බුද්ධාගම ගැන දන්නෙ ??? නිවන් දකින්ඩ තියෙන බාදා මොනාද????

    එහෙනම් මොකක් ගැන දැනගෙනද නිවන් දකින්නෙ කියපන්? කර්මය ගැන දන්නෙ නැතුව නිවන් දකින්න පුලුවන්ද?