හරි හරි, මුලින් අපි වචන වලින් තමයි යමක් තේරුන් ගන්නෙ.
ආලෝකයෙ වර්තනය, පවාවර්තනය, විවර්තනයම ගම්මුකො. එතකොට ඔය සංසිද්දි 3 ම අපි වෙන වෙනම මුලින් ඉගෙන ගත්තට පස්සෙ physics හොඳටම දැනගත්තහම ඔය 3 ම quantum physics වලින් explain කරන්න පුලුවන් කියල තේරෙනව.
එතකොට අර මුලින් දැනගත්ත පරාවර්තනය, විවර්තනය, වර්තනය.. ඕව ඔක්කොම සරල නාමික සංසිද්දි විතරයි කියල තේරෙනවනෙ.
හැබැයි අපි තව කෙනෙක්ට ඕක කියල දෙද්දි ඌට එක පාරටම quantum physics වලින් ආලෝකයේ ගුණ විස්තර කරන්න බෑනෙ. මොකද ඌට තේරෙන්නෙ නෑ.
ඒනිසා එකම ක්රමය තමයි අර වර්තනය, විවර්තනය, පරාවර්තනය පැත්ත මුලින්ම ඌට කියල දීල පස්සෙ උගෙ මොලේ හොඳයි නම් quantum physics කියල දෙන එක.
හැබයි quantum physics වල තියන අද්භූතභාවය නිසා සමහර උන් ඕක බොරුවක්, ඒක වෙන්න බෑ කියල අර වර්තනය, විවර්තනය, පරාවර්තනය වගේ සරල ආලෝකයෙ ගුණ අලින් නවතින්න පුලුවන්. ඒත් ඥානවන්තයා ඉදිරියටම යනව..
ඒ වගේ තමයි බුදු දහමත්, කර්මය, පින, පව, සිත... වගේ දේවල් හරියට සරල නාමික සංසිද්දි වගේ. බුදුදහමෙ quantum physics එක තමා හේතුඵල වාදය.
quantum physics වලට කියන්නෙ theory of everything වගේ කියලනෙ. හේතුඵල වාදය තමයි ඇත්තම theory of everything..
හරියටම කිව්වොත් හේතුඵලදහමෙන් quantum physics පවා explain කරන්න පුලුවන්.