කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි උබට තේරෙන්නෙ නැති උනාට මටනම් හොඳට තේරෙනව උබට තියෙන්නෙ මොකද්ද කියල..

    එක අතකට අව්ලකුත් නෑ ඉතින්, හරියට බැලුවොත් උඹ කියල එකෙකුත් නෑනෙ. නිකම්ම නිකම් හේතුඵල ධර්මතාවක් නෙ උඹ. උබ ඕනෙ එකක් කියපන් අවුලක් නෑ..

    උබ කියල එකෙක් නැ...:P:P නිකන් ටෝක එක දෙන්නෙ...:P:P....මේවගේ කාම සයිට් එකකට වෙලා කියෝ කියෝ ඉන්න වෙලාවෙ නරකද වනගත වෙලා බාවනා කරොත්...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උබ කියල එකෙක් නැ...:P:P නිකන් ටෝක එක දෙන්නෙ...:P:P....මේවගේ කාම සයිට් එකකට වෙලා කියෝ කියෝ ඉන්න වෙලාවෙ නරකද වනගත වෙලා බාවනා කරොත්...

    ටෝක් එකක් නෙමෙයි බං,, ඇත්ත කිව්වෙ. උබ හිතන් හිටියට උබ මාත් එක්ක තර්ක කරනව, බනිනව කියල, ඇත්තටම ඒව උබ නෙමේ කරන්නෙ. හේතුඵල වශයෙන් වෙන දේවල් ඒව. මම ඒවට මෙහෙම ප්‍රතිචාර දක්වන්නෙත් උඹ කියපු ඒවට නෙමේ, මට තේරෙන ඒවට. මට උබ කියපු ඒවගෙන් තරහක්, දුකක් එනවනම්, එතන ඒ දේ වෙන්නෙ උබගෙ comment එක නිසා නෙමෙයි, මගේමේ කර්මයක් නිසා ඵල දෙන නිසා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අනිත්‍ය නිසා නෙමේ නම් මොකක් හින්දද දුක ඇති වෙන්නෙ? අනිත්‍ය, අනිච්ච කිය කිය වචන හරඹ කරල තේරුමක් නෑ. මොකද බුදුදහමෙ ගැඹුරුම තැන් අවබෝධ කරගන්න වචන වලින් බෑ. වචන වලින් දෙන්නෙ උදව්වක් විතරයි.

    ඒ හින්ද තණ්හාව කියන්නෙ මොකද්ද කියල තේරුන් ගැනීමයි වැදගත්. සමහරවිට තමන් තේරුන් ගත්ත දේ කියලදෙන්න අවශ්‍ය වචන මේ ලෝකෙ නැති වෙන්න පුලුවන්.

    කොහමනමුත් උබ මාත් එක්ක මේ දේට නම් එකඟ වෙන්න ඕනෙ.

    බුදුදහමේ එන සත්‍ය අවබෝධය භාශා වලින්, වචන වලින්, ස්වායත්ත දෙයක්. ඒ අවබෝධය භාශාවක වචන වලට පෙරලල තව කෙනෙකුට කියල දෙනව කියන්නෙ ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒකයි බුදු කෙනෙක්ම ඒ දේ කරන්න ඕනෙ වෙන්නෙ.

    නැතුව අනිච්ච කියන එක වචනෙකින් සත්‍යාවබෝධය කරන්න තරම් අපේ මොලේ දියුනු නෑ..

    මනුස්සයෝ දෙයක් මුලින්ම අවබෝදකරගන්න කලින් ඒක දැනගන්න ඕනේ නිවැරදි විදියට.ඒකට තමයි වචනය, භාශාව, ව්‍යාකරන,පරිවර්ථන මිනිස්සු භාවිතකරන්නේ.ඒහරහායි කෙනෙක් යම්දෙයක් ගැන නිවැරදි සඥ්ඥාව(අදහස ) මනසට ගන්නේ.ඇත්තටම උබට මේ මොකෝ වෙලාතියෙන්නේ.

    උබ වර්තනය, විවර්තනය, පරාවර්තනය ඔක්කොම එකම සන්සිද්දියක් විදියටදනේද තේරුම් අරන් ඉන්නේ වචන හරබ කියල.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ටෝක් එකක් නෙමෙයි බං,, ඇත්ත කිව්වෙ. උබ හිතන් හිටියට උබ මාත් එක්ක තර්ක කරනව, බනිනව කියල, ඇත්තටම ඒව උබ නෙමේ කරන්නෙ. හේතුඵල වශයෙන් වෙන දේවල් ඒව. මම ඒවට මෙහෙම ප්‍රතිචාර දක්වන්නෙත් උඹ කියපු ඒවට නෙමේ, මට තේරෙන ඒවට. මට උබ කියපු ඒවගෙන් තරහක්, දුකක් එනවනම්, එතන ඒ දේ වෙන්නෙ උබගෙ comment එක නිසා නෙමෙයි, මගේමේ කර්මයක් නිසා ඵල දෙන නිසා.

    දහමේ උගන්න්වනදේ තේරුනේ නැතිඋනාම, ඇලුනෙත් කර්මයෙන් , ගැටුනෙත් කර්මය කිය කියා ඉන්නවා.කර්මයට මුවාවෙලා උබ අකුසල් කරනවා තව පැත්තකින් බැලුවම.

    ඇලීම් ගැටීම් නවත්තන එක තමයි බුදුදහමේ ක්‍රමවේදය.සන්ස්කාර නැවත හැදෙන එකක් නැවැත්වීම.
    නිස්සරනය කරන්නේ වේදනාව ලගදී,ප්‍රැක්ටිස් කරද්දී පස්සයත් එක්කත් පුලුවන්

    --> පස්ස ----> වේදනා ----|බුදුදහම ඇප්ලයි කිරීම (නිස්සරනය ) |----> තන්හා නිරෝදවේ --> උපාදාන නැත

    බලපන් පොඩ්ඩක් , මහා සතිපට්ඨානය, භාහිය සුත්‍රය කියවලා.
    ඒවාගේ තියෙන්නේ නිස්සරනකරන විදි.

    1 "සරාගන්වා චිත්තන් සරාග චිත්තන්ති පජානාති."
    (සරාග සිත සරාග සිතබව දකිමින් සිහියෙන් වාසය කරනවා.)

    2 ‘‘තස්මාතිහ තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං -
    ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති,
    සුතෙ සුතමත්තං භවිස්සති,
    මුතෙ මුතමත්තං භවිස්සති,
    විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති.

    මෙච්චර ඇලීම් ගැටීම් දුරුකරන්න කියලා දේශනා කරද්දී, උබට ඒක ඉම්පොසිබල් මොකද උබගේ ඇලීම් ගැටීම් වෙන්නේ කර්මය නිසා.ඒකියන්නේ උබ බුදුදහමේ ක්‍රමවේදයවත් පාවිච්චිකරලාවත්, දන්නේවත්නෑ.ඉතින් මොන නිවන්ද ?
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මනුස්සයෝ දෙයක් මුලින්ම අවබෝදකරගන්න කලින් ඒක දැනගන්න ඕනේ නිවැරදි විදියට.ඒකට තමයි වචනය, භාශාව, ව්‍යාකරන,පරිවර්ථන මිනිස්සු භාවිතකරන්නේ.ඒහරහායි කෙනෙක් යම්දෙයක් ගැන නිවැරදි සඥ්ඥාව(අදහස ) මනසට ගන්නේ.ඇත්තටම උබට මේ මොකෝ වෙලාතියෙන්නේ.

    උබ වර්තනය, විවර්තනය, පරාවර්තනය ඔක්කොම එකම සන්සිද්දියක් විදියටදනේද තේරුම් අරන් ඉන්නේ වචන හරබ කියල.

    හරි හරි, මුලින් අපි වචන වලින් තමයි යමක් තේරුන් ගන්නෙ.

    ආලෝකයෙ වර්තනය, පවාවර්තනය, විවර්තනයම ගම්මුකො. එතකොට ඔය සංසිද්දි 3 ම අපි වෙන වෙනම මුලින් ඉගෙන ගත්තට පස්සෙ physics හොඳටම දැනගත්තහම ඔය 3 ම quantum physics වලින් explain කරන්න පුලුවන් කියල තේරෙනව.

    එතකොට අර මුලින් දැනගත්ත පරාවර්තනය, විවර්තනය, වර්තනය.. ඕව ඔක්කොම සරල නාමික සංසිද්දි විතරයි කියල තේරෙනවනෙ.

    හැබැයි අපි තව කෙනෙක්ට ඕක කියල දෙද්දි ඌට එක පාරටම quantum physics වලින් ආලෝකයේ ගුණ විස්තර කරන්න බෑනෙ. මොකද ඌට තේරෙන්නෙ නෑ.

    ඒනිසා එකම ක්‍රමය තමයි අර වර්තනය, විවර්තනය, පරාවර්තනය පැත්ත මුලින්ම ඌට කියල දීල පස්සෙ උගෙ මොලේ හොඳයි නම් quantum physics කියල දෙන එක.

    හැබයි quantum physics වල තියන අද්භූතභාවය නිසා සමහර උන් ඕක බොරුවක්, ඒක වෙන්න බෑ කියල අර වර්තනය, විවර්තනය, පරාවර්තනය වගේ සරල ආලෝකයෙ ගුණ අලින් නවතින්න පුලුවන්. ඒත් ඥානවන්තයා ඉදිරියටම යනව..

    ඒ වගේ තමයි බුදු දහමත්, කර්මය, පින, පව, සිත... වගේ දේවල් හරියට සරල නාමික සංසිද්දි වගේ. බුදුදහමෙ quantum physics එක තමා හේතුඵල වාදය.

    quantum physics වලට කියන්නෙ theory of everything වගේ කියලනෙ. හේතුඵල වාදය තමයි ඇත්තම theory of everything..
    හරියටම කිව්වොත් හේතුඵලදහමෙන් quantum physics පවා explain කරන්න පුලුවන්.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    දහමේ උගන්න්වනදේ තේරුනේ නැතිඋනාම, ඇලුනෙත් කර්මයෙන් , ගැටුනෙත් කර්මය කිය කියා ඉන්නවා.කර්මයට මුවාවෙලා උබ අකුසල් කරනවා තව පැත්තකින් බැලුවම.

    ඇලීම් ගැටීම් නවත්තන එක තමයි බුදුදහමේ ක්‍රමවේදය.සන්ස්කාර නැවත හැදෙන එකක් නැවැත්වීම.
    නිස්සරනය කරන්නේ වේදනාව ලගදී,ප්‍රැක්ටිස් කරද්දී පස්සයත් එක්කත් පුලුවන්

    --> පස්ස ----> වේදනා ----|බුදුදහම ඇප්ලයි කිරීම (නිස්සරනය ) |----> තන්හා නිරෝදවේ --> උපාදාන නැත

    බලපන් පොඩ්ඩක් , මහා සතිපට්ඨානය, භාහිය සුත්‍රය කියවලා.
    ඒවාගේ තියෙන්නේ නිස්සරනකරන විදි.

    1 "සරාගන්වා චිත්තන් සරාග චිත්තන්ති පජානාති."
    (සරාග සිත සරාග සිතබව දකිමින් සිහියෙන් වාසය කරනවා.)

    2 ‘‘තස්මාතිහ තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං -
    ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති,
    සුතෙ සුතමත්තං භවිස්සති,
    මුතෙ මුතමත්තං භවිස්සති,
    විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති.

    මෙච්චර ඇලීම් ගැටීම් දුරුකරන්න කියලා දේශනා කරද්දී, උබට ඒක ඉම්පොසිබල් මොකද උබගේ ඇලීම් ගැටීම් වෙන්නේ කර්මය නිසා.ඒකියන්නේ උබ බුදුදහමේ ක්‍රමවේදයවත් පාවිච්චිකරලාවත්, දන්නේවත්නෑ.ඉතින් මොන නිවන්ද ?

    මට ඒක impossible කියල තේරෙනවනම් මම මෙහෙම thread දාගෙන වාද කර කර දඟලන්නෙ නෑනෙ බං. එහෙනම් මාත් මගෙ කාලය වෙන දේකට යොමු කරල තව වැඩිපුර කීයක් හරි හොයාගන්න දඟලනවනෙ.

    ඒත් එහෙම සල්ලි හොයන එකට වඩා 1000% බුදු දහම වෙනුවෙන් වැය කරන කාලය වටින නිසා තමයි මෙහෙම post එකක් වත් දාන්නෙ.
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්,:)

    අමිල, රුවන්ට රු.1000 ක් දෙනවා.

    ඔතන සිද්ද වෙන දේ කාට හරි කර්මය අනුසාරයෙන් පැහැදිලි කරන්න පුලුවන්ද?

    හරි මමම කියන්නම්, මගෙ මතයට විරුද්දයිනම් පැහැදිලි කරන්න.

    ඔය ක්‍රියාව කෑලි දෙකකට කඩන්න පුලුවන්.

    1. අමිලගෙ රු 1000 ක් දීමේ චේතනාව.
    2. රුවන්ට රු 1000ක් ලැබීම.

    ඉහත පලවෙනි කොටසින් අමිල පිනක් රැස් කර ගන්නවා. රුවන්ට ඒ රු 1000 ලැබුනත් නැතත්. ඒ කුසලය අමිලගෙ අතින් රු 1000 ගිලිහුනු මොහොතේම සිද්ද වෙනව. ඒ කියන්නෙ අමිල ඒ රු1000ට තිබ්බ ආසාව අත්හැරගැනීමත් එක්කම ඒ කුසලය වෙනව. තව විදිහකින් කිව්වොත් ඒ රු1000 අමිල වෙන කෙනෙකුට දෙනව රුවන්ට දෙන්න කියල. අර කෙනා ඒ රු1000 රුවන්ට දුන්නත් නැතත් අමිලට කුසලය සිද්ද වෙනවා.

    දෙවැනි කෑල්ලෙන් වෙන්නෙ මොකද්ද? රුවන්ට රු 1000ක් ලැබෙන්නෙ කොහොමද? අමිල දුන්න නිසාද? නෑ. ඒක රුවන්ගෙ පෙර පිනක විපාකයක් නිසා තමා ලැබෙන්නෙ. එහෙම රුවන්ට පෙර පින් නැත්තං ඒ සල්ලි අමිල දුන්නත් රුවන්ට නොලැබී යනව.

    ඒ කියන්නෙ අපිට මේ ලැබෙන හැමදේම පෙර කර්ම නිසා ලැබෙන දේවල්ද? ඔව්. 99%ක් ම අපේ දිඨ්ඨදම්මවේදනීය කර්ම නිසා ලැබෙන විපාක. අපි ජොබ් එකක් කරා කියන්නෙත් කර්මයක් කිරීමනෙ. ඒකෙ මෙලොව විපාක තමයි අපේ පඩිය.

    අපේ සල්ලි කවුරු හරි හොරකම් කරොත්?

    ඒ සල්ලි හොරකම් වෙන්නෙ අපෙ පව නිසා. හොරකම් කරත් ගන්න බැරිනම් ඒ අපේ පින.

    අපි ට හානි කරා, හොරකම් කරා කියල අනිත් උන්ට වෛර කරල තේරුමක් නෑ.

    සියල්ල හේතුඵල දහමට අනුවයි සිද්ද වෙන්නෙ. :yes:

    හැබැයි දිඨ්ඨදම්ම වේදනීය කර්ම කරල ලැබෙන්න තියන අකුසල විපාක වලක්වා ගන්න පුලුවන්...
    හරියට අපි සිල් රැකල, හොඳ ගුණගරුක රස්සාවක් කරොත් අපේ දේවල් හැමදාම රැකිල තියෙයි...:yes:

    කර්මය වගේ අනන්ත වි‍ශයක ඉතාම පොඩ්ඩක් දැනගෙන ඒකෙන් ඒක විහ්‍රහ කරන්න ගියාම මෙන්න මේ වගේ නිගමන වලට එලබෙනව. උබ අනිත් අයගෙත් මතය අහල තියන නිසයි මේක කියන්නෙ. නැත්තං මෝඩ පෝස්ට් එකක් කියල අතෑරල දානව.

    හරි මම ඉතාම කෙටියෙන් මෙහෙම කියන්නං. උබට කවද හරි හිතුනොත් යම් සිද්ධියක් කර්මානුරෑපීව පැහැදිලි කරන්න පුළුවන් කියල අන්න ඒ වෙලාවට තේරැම් ගනින් ඒක කරන්න බෑ කියල. මොකද කර්ම වි‍ශය අචින්තයි. ඒක තේරැම් ගන්න පුළුවන් බුදුරජානන් වහන්සේට විතරයි. හැබැයි යම් ධාන්‍ය මට්ටමක් ලබා ගත්තොත් පොඩ්ඩක් බලන්න පුළුවන් හේතුව. හැබැයි කර්මානුරෑපීව විහ්‍රහ කරන්න නම් බෑ.

    උබ ඔය උඩ කියල තියන සිද්දිය ගත්තොත් ඒක ගැන හිතන්නවත් දත්ත මදි. උදාහරණයක් විධියට අමිල රැ 1000 ක් රැවන්ට දෙන්නෙ මොන චේතනාවෙන්ද? එතකොට රැවන් කියන්නෙ මොන විදියෙ කෙනෙක්ද?
    අනික රැවන්ට ලැබෙන රැ 1000 කර්මය නිසා ලැබුණ කියන්නෙ කොහොමද?

    අනික් 99% කේස් එක නම් සම්පූර්ණ විහිළුවක්. කවුද උබට ඔය බොරැව කිව්වෙ?

    එතනින් පහල ගැන කථා කරලම වැඩක් නෑ
    :yes:
     
    ඔක්කොටම කලින් මට කියපන් ඔය මම රතු කරල තියන එක කිව්වෙ කවුද කියල? එහෙම එකක් බුදු හාමුදුරුවො කොහෙ හරි තැනක කියල තියනවද?

    නැත්තං ඒක උඹේ උපකල්පනයක්ද? කර්ම විශය අචින්ත්‍යයි කියන එකේ තේරුම ගැන උබේ අදහසද ඔය?
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    ඔක්කොටම කලින් මට කියපන් ඔය මම රතු කරල තියන එක කිව්වෙ කවුද කියල? එහෙම එකක් බුදු හාමුදුරුවො කොහෙ හරි තැනක කියල තියනවද?

    නැත්තං ඒක උඹේ උපකල්පනයක්ද? කර්ම විශය අචින්ත්‍යයි කියන එකේ තේරුම ගැන උබේ අදහසද ඔය?

    නැ‍. මගේ උපකල්පන කිසි දෙයක් නැහැ.
    අචින්ත්‍යයි කියන එක තමයි මම කිව්වෙත්. ඒ කියන්නෙ ඒ විශය සම්පූර්ණයෙන්ම තේරෙන්නෙ බුදුරජාණන් වහන්සේලාට විතරයි. කර්මට විතරක් නෙමෙයි. ලෝක විශය , සත්ව විශය ,කර්ම විශය ,ඉර්දි විශය , බුද්ධ විශය කියන දේවල් 100% තේරෙන්නෙ බුදු කෙනෙක්ට විතරයි. ඒක මිනිස්සුන්ට දේශනා කරලත් නැත්තෙ තේරැම් ගන්න බැරි නිසා.

    එක තැනකදි බුදුරජාණන් වහන්සෙ දේශනා කරනව කර්ම විශය මගේ මේ සොදුරැ අග්‍ර ශාවක දෙපලට වත් ඝෝචර නෑ කියල. ඉතිං අනිත් අය ගැන කවර කථාද?
    :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මට ඒක impossible කියල තේරෙනවනම් මම මෙහෙම thread දාගෙන වාද කර කර දඟලන්නෙ නෑනෙ බං. එහෙනම් මාත් මගෙ කාලය වෙන දේකට යොමු කරල තව වැඩිපුර කීයක් හරි හොයාගන්න දඟලනවනෙ.

    ඒත් එහෙම සල්ලි හොයන එකට වඩා 1000% බුදු දහම වෙනුවෙන් වැය කරන කාලය වටින නිසා තමයි මෙහෙම post එකක් වත් දාන්නෙ.

    පවුකම් කිරීමට වඩා දර්මය ගැන කතාකරන එක හොදයි.ඒත් 'මාර්ගය'ට සාපේක්ශව බලද්දී ඒක හරියට, අතට හම්බ උන දේ කටේ නොදමා වෙන වෙන විකාර කිරීමක්වගේ.
    අන්තිමේට ඌත් බඩගින්නේ කෑම තිබිලත්.කෑම නොතිබුන එවුන්ගේ ගොඩේම තමයි අරුත්.ඒකයි, බුදුන් ඉස්සරහ තියාගෙන උන්වහන්සේගේ දහම ශිශ්‍යයින්ට කියලාදුන්න කෝටිල හාමුදුරුවන්ට 'තුච්ච කෝටිල ' කියල බුදුරජුන් ඇමතුවේ.තමුන් මොනවත් නොකරගන බ්ලා බ්ලා....
    ඊටපස්සේ උන්වහන්සේ කමටහන් ගත්තේ, උන්වනන්සේගෙන් දහම ඉගනගන දහම වැඩු සත් අවුරුදු රහත් සාමනේර ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙන්.

    ( උබව ටාගට් කරලා නෙවේ , පොදුවේම කතාකරන්නේ )
    දැන් ලන්කාවේ බවුද්ධයන්ගෙන් අතිබහුතරය දහම ඉගනගන්නවා.එයින් පිරිසක් හොදට එය දන්නවා.ඒත් අතිශය කුඩා පිරිසක් තමයි ඒ දහම ඇප්ලයිකරල මාර්ගය වඩන්නේ.මෙතනත් එහෙමයි.ගොඩදෙනෙක් කරන්නේ තමුන්ට වෙරිෆයි කරගන්න තමයි දහම ඉගෙනගන්නේ.කොච්චර හොද දහම් කරුනක් භාවනා මාර්ගයක් ත්‍රෙඩ් එකක තිබ්බත් ඒක ත්‍රෙඩ් එකේ බලලා කන්ෆර්ම් කරගන සිතින් සැනසිලා, අයෙත් දහම මුලසිට තවතැනක කතාකරන්න ගන්නවා ආයේ මුලට ගිහිල්ල.

    ඊටපස්සේ අහනවා මේකෙන් මේක පුලුවන්ද, නිවන හයිපෝතෙටිකල්ද, මාර්ගඵල තිබේද, ධානගන්න මෙතඩ් එක හරිද, මෙකල්හි මාර්ගඵල ලාභීන් ඇත්ද අනන් මනන්.හරි හෝ වැරදි තියන ක්‍රමේ ප්‍රැක්ටිස් කරන්නෑ.ඇත්තම කිව්වෝත් මේකේ ඉන්න ධ්‍යාන වඩපු එවුන් ඒ ක්‍රමයක්වත් මේවගේ දන්නැත්තෙත් ඔන්න ඔයනිසා.ඒක අහගෙන පැක්ටිස් කරනවා වෙනුවට උටත් බැනලා බොරුකාරයෙක් කරල, ධ්‍යානත් ගොන්පාර්ට් කරලා ,අලුතින් එව එකෙක්ටවත් ඒවා ගැන විස්වාසයක් නැතිකරලාදාන එකයි අන්තිමට වෙන්නේ, වැඩිල්ල පැත්තක තියලා.

    ඉතින් ඒව මේව කතන්දර හින්දා, දහම කතාකිරීමෙන් ඔබ්බට ත්‍රෙඩ් එකකට යන්න බැරිවෙලා තියනවා.මොකද අත්දැකීම් සහිත පිරිසේ අඩුකම නිසා.

    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නැ‍. මගේ උපකල්පන කිසි දෙයක් නැහැ.
    අචින්ත්‍යයි කියන එක තමයි මම කිව්වෙත්. ඒ කියන්නෙ ඒ විශය සම්පූර්ණයෙන්ම තේරෙන්නෙ බුදුරජාණන් වහන්සේලාට විතරයි. කර්මට විතරක් නෙමෙයි. ලෝක විශය , සත්ව විශය ,කර්ම විශය ,ඉර්දි විශය , බුද්ධ විශය කියන දේවල් 100% තේරෙන්නෙ බුදු කෙනෙක්ට විතරයි :yes:. ඒක මිනිස්සුන්ට දේශනා කරලත් නැත්තෙ තේරැම් ගන්න බැරි නිසා.

    එක තැනකදි බුදුරජාණන් වහන්සෙ දේශනා කරනව කර්ම විශය මගේ මේ සොදුරැ අග්‍ර ශාවක දෙපලට වත් ඝෝචර නෑ කියල. ඉතිං අනිත් අය ගැන කවර කථාද?
    :yes:

    100% ගෝචර නෑ කියන එක ඇත්ත.

    ඒත් කර්මය ගැන දැනුම යම් ප්‍රමානයකට ඕනෙ නිවන් යන්න. ඒ නිසා ටිකක් හරි කර්මය තේරුන් ගන්න උත්සාහ කරන එක වටිනව, අචින්ත්‍යයි කියල නිකං ඉන්නවට වඩා...
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    100% ගෝචර නෑ කියන එක ඇත්ත.

    ඒත් කර්මය ගැන දැනුම යම් ප්‍රමානයකට ඕනෙ නිවන් යන්න. ඒ නිසා ටිකක් හරි කර්මය තේරුන් ගන්න උත්සාහ කරන එක වටිනව, අචින්ත්‍යයි කියල නිකං ඉන්නවට වඩා...

    අනිවාර්යයෙන්ම ඔව් මචං. මම කොයිම වෙලාවක වත් කිව්වෙ නෑ කර්මය තේරැම් ගන්න උත්සාහ ගන්නෙ නැතුව නිකං ඉන්න කියල. මම උබ දැම්ම පෝස්ට් එකේ අඩු පාඩු ටිකක් පෙන්නල දෙන්න හැදුවෙ. ඒක කියෙව්වම නම් මට තේරැනේ බයිසිකලේකින් හදට යන්න හදන වගේ සීන් එකක්..

    ඉගන ගන්න එක නම් ගොඩක් හොදයි. මේ කමෙන්ට් වලින්නුත් උබ දෙයක් ඉගන ගන්න ඇති නේහ්.. :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    හරි හරි, මුලින් අපි වචන වලින් තමයි යමක් තේරුන් ගන්නෙ.

    ආලෝකයෙ වර්තනය, පවාවර්තනය, විවර්තනයම ගම්මුකො. එතකොට ඔය සංසිද්දි 3 ම අපි වෙන වෙනම මුලින් ඉගෙන ගත්තට පස්සෙ physics හොඳටම දැනගත්තහම ඔය 3 ම quantum physics වලින් explain කරන්න පුලුවන් කියල තේරෙනව.

    එතකොට අර මුලින් දැනගත්ත පරාවර්තනය, විවර්තනය, වර්තනය.. ඕව ඔක්කොම සරල නාමික සංසිද්දි විතරයි කියල තේරෙනවනෙ.

    හැබැයි අපි තව කෙනෙක්ට ඕක කියල දෙද්දි ඌට එක පාරටම quantum physics වලින් ආලෝකයේ ගුණ විස්තර කරන්න බෑනෙ. මොකද ඌට තේරෙන්නෙ නෑ.

    ඒනිසා එකම ක්‍රමය තමයි අර වර්තනය, විවර්තනය, පරාවර්තනය පැත්ත මුලින්ම ඌට කියල දීල පස්සෙ උගෙ මොලේ හොඳයි නම් quantum physics කියල දෙන එක.

    හැබයි quantum physics වල තියන අද්භූතභාවය නිසා සමහර උන් ඕක බොරුවක්, ඒක වෙන්න බෑ කියල අර වර්තනය, විවර්තනය, පරාවර්තනය වගේ සරල ආලෝකයෙ ගුණ අලින් නවතින්න පුලුවන්. ඒත් ඥානවන්තයා ඉදිරියටම යනව..

    ඒ වගේ තමයි බුදු දහමත්, කර්මය, පින, පව, සිත... වගේ දේවල් හරියට සරල නාමික සංසිද්දි වගේ. බුදුදහමෙ quantum physics එක තමා හේතුඵල වාදය.

    quantum physics වලට කියන්නෙ theory of everything වගේ කියලනෙ. හේතුඵල වාදය තමයි ඇත්තම theory of everything..
    හරියටම කිව්වොත් හේතුඵලදහමෙන් quantum physics පවා explain කරන්න පුලුවන්.

    දැන් උබ හෙතුපලවාදය දන්නවානම් , අනිච්ච නිසා දුක ඇතිඅන විදිය කට්ටියට පැහැදිලි කරොත් වටිනවා.

    හේතුපල දහමට අනුව ක්වොන්ටම් පිසික්ස් එක්ස්ප්ලේන් කරොත් හොදයි.එතන ප්‍රත්‍ය 16ත් එක්කම අරගන.( ආරම්මන,අධිපති, සහජාත,හේතු අරගන )
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    දැන් උබ හෙතුපලවාදය දන්නවානම් , අනිච්ච නිසා දුක ඇතිඅන විදිය කට්ටියට පැහැදිලි කරොත් වටිනවා.

    හේතුපල දහමට අනුව ක්වොන්ටම් පිසික්ස් එක්ස්ප්ලේන් කරොත් හොදයි.එතන ප්‍රත්‍ය 16ත් එක්කම අරගන.( ආරම්මන,අධිපති, සහජාත,හේතු අරගන )

    අනිච්ච නිසා දුක හෝ අනිත්‍ය නිසා දුක ඇතිවෙන එක තමයි මම මේ try කරේ විස්තර කරන්න.

    ඒක දැනගන්න උවමනා ඔක්කොම ත්‍රිපිටකයෙ තියනවා. එතනදි එක දෙයක් මතක තියාගන්න ඕනෙ ත්‍රිපිටකය හදාරද්දි.

    ඒ තමයි ත්‍රිපිටකයෙ තියන හැම වචනයක්ම, 100% හරි කියල ගන්න ඕනෙ. අපේ වුවමනාවට මේ සූත්‍රය හරි, මේක වැරදියි. අභිධර්මය වැරදියි. මේ අඩුවා, ටීකා පස්සෙ එකතු උන ඒව, අටුවා ලියල තියෙන්නෙ වෙන හාමුදුරුවරු, විශුද්දි මාර්ගය වැරදියි. ඒක ලිව්වෙ මහායන කෙනෙක්,.. වගේ අරව මේව හිතන්නෙ නැතුව තියෙන හැමදේම ඇත්ත කියල ගන්න ඕනෙ.
    මොකද අපිට බුද්ධ ධර්මය කියල ඉතුරු වෙලා තියෙන්නෙ ඔය ත්‍රිපිටකේ විතරයි. ඒකටත් වැරදි කියන්න ගියොත් අපිට වෙන කාගෙ පිහිටක්ද?.. ඒ නිසා තමන්ගෙ මතිමතාන්තර තමන් ගාව තියාගෙන, ඇහෙන හැම බන පදයක්ම ඇත්ත ලෙස ගන්න. ප්‍රසිද්දියෙ වීවේචනය කරන්න එපා. කොතනක හරි පරස්පර විරෝධී කරුණු තියනවනම් තව ත්‍රිපිටකයම කියවන්න. ත්‍රිපිටකය තුලින්ම ගැටලුව විසඳගන්න පුලුවන්. අද්දැකීම්මෙන් කියන්නෙ.

    පලවෙනි දේ නිහතමානී වෙන්න ඕනෙ.

    මම සරලව quantum physics ගැන කියන්නම්.

    quantum physics වල වැරදි 2ක් තියනවා. ඒ දෙක හේතුඵල වාදයෙන් තමයි විස්තර කරන්න පුලුවන්. හැබැයි ඒ දෙක දැනගත්තොත ඔය physicist මහන වෙනවා.

    1. කාලය කියන සංකල්පය බැහැර කල යුතුයි. -මේ මගින් ඉතාම සංකිර්ණ ප්‍රශ්ණ ගොඩාක් සහ ඉතාම හොඳ විසඳුම් ගොඩාක් දෙනව.
    උදා
    1. අවුරුදු 100 ක් එක තප්පරයක් විදිහට ගන්න.
    2. එක තප්පරයක් අවුරුදු 100 ක් වගේ ගන්න.
    ඇති වෙන ප්‍රශ්ණ නිමක් නෑ

    2. මේක දැනගන්න එක කාලයටත් වඩා ඉතාම සංකීර්ණයි. දුර කියන සංකල්පය බැහැර කරන්න

    උදා-
    1. අලෝක වර්ශයක දුර මීටරක් ලෙස ගන්න. මීටරයක දුර ආලෝක වර්ශයක් සේ ගන්න.

    that's it fellas....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අනිච්ච නිසා දුක හෝ අනිත්‍ය නිසා දුක ඇතිවෙන එක තමයි මම මේ try කරේ විස්තර කරන්න.

    ඒක දැනගන්න උවමනා ඔක්කොම ත්‍රිපිටකයෙ තියනවා. එතනදි එක දෙයක් මතක තියාගන්න ඕනෙ ත්‍රිපිටකය හදාරද්දි.

    that's it fellas....

    පලමු ප්‍රශ්නය අරගන සරලව පැහැදිලි කරපන්කෝ එහෙනම්. කාටත් ප්‍රවෝජනවත්වෙයි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පලමු ප්‍රශ්නය අරගන සරලව පැහැදිලි කරපන්කෝ එහෙනම්. කාටත් ප්‍රවෝජනවත්වෙයි.

    හරි උබ කියන්නෙ,

    'අනිච්ච නිසා දුක' ඇති වෙන හැටිනෙ අහන්නෙ?

    ඕකට මම උත්තර දුන්නෙ නැත්තෙ දුක ඇති වෙන්නෙ අනිච්ච් හෝ අනිත්‍ය නිසා නෙමෙයි.

    දුක ඇතිවෙන්නෙ 'තණ්හාව' නිසා.
    දුකට හේතුව තණ්හාව, ඒක දෙවෙනි ආර්‍ය සත්‍යයි.
    ඒක කාටවත්ම බොරු කල නොහැක්කක්.
    ඒකයි ඒකට ආර්ය සත්‍ය කියන්නෙ.

    එක මනුස්ස ලෝකෙටත් පොදුයි, දිව්‍ය ලෝකෙටත් පොදුයි, රූපාවචර, අරූපාවචර, අසඥ්ඥ තල බ්‍රහ්ම ලෝක,... අපාය.. ඔය ඔක්කොටම පොදුයි.

    අනිත්‍ය හෝ අනිච්ච අයිති වෙන්නෙ 4 වෙනි ආර්ය සත්‍යට. ඒක මාර්ග සත්‍ය. දුක නැති කිරීමේ මාර්ගයේ තියන අංගයක් තමයි අනිත්‍ය, අනිච්ච කියන්නෙ..

    එහෙම නැතුව අනිත්‍ය, අනිච්ච නිසා නෙමෙයි දුක ඇති වෙන්නෙ.

    ඕනෙනම් තණ්හාව නිසා දුක ඇතිවෙන හැටි කියන්න පුලුවන්, නමුත් තණ්හාවක් ගාවගන්නෙ නැතුව අනිච්ච/ අනිත්‍ය නිසා විතරක් දුක ඇති වෙන හැටි කියන්න බෑ...
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    පසේ බුදු වරුන්ට චතුරාර්ය සත්‍ය දේශණා කරන්න බැරි මේ හේතුව නිසා කියල තමය් කියන්නෙ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පසේ බුදු වරුන්ට චතුරාර්ය සත්‍ය දේශණා කරන්න බැරි මේ හේතුව නිසා කියල තමය් කියන්නෙ.

    ඔව් මචං. අවබෝධ කරගන්න යම්කිසි නුවණක් ඕනෙ. ඒත් අවබෝධ කරගත්ත දේ වචන වලට පෙරලල තව කාට හරි කියලදෙන්නනම්, ඒක බුදුකෙනෙක්ටම විතරයි කරන්න පුලුවන්. සර්වඥතාඥානය කියන්නෙ විස්වාස කරන්නවත් බැරි තරම් අද්භූත දෙයක්. ගෞතම බුදුරජාණන් වහන්සේ පඨ්ඨාන ප්‍රකරණය සතියෙන් මෙනෙහි කරනව. ඒක අපිටනම් සතියෙන් තියා අවුරුදු කෝටියක් තිබ්බත් ඉවර කරන්න බැරි තරම් සංකීර්ණයි.
    අදටත් විද්ඥාඥයො පුදුම වෙනව පඨ්ඨාණ ප්‍රකරනයේ තියන සංකීර්ණත්වය දැකල. ඒ වගේ සංකීර්ණ, පිලිවෙලක් තියන, පිලිවෙලකට සකස් කරන ලද ධර්මයක් ලෝකෙ කොහෙවත් නෑ. ඒ වගේ දෙයක් පරීකල්පනය කරන්නවත් පුලුවන් බුදු කෙනෙක්ට විතරයි.

    සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරල උන්වහන්සේ ලබාගත්ත සමාධියට හා සර්වඥ්ඥතා ඥානයට රිස් සේ හැසිරෙන්නට තිබ්බ තැන මේ පඨ්ඨාන ප්‍රකරනය කියලයි කියන්නෙ. මේ අභිධර්මයේ ගැඹුරු කාරනා මෙනෙහි කරද්දි තමා උන්වහසේගෙ ඇඟි බුදුරැස් විහිදුනේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    හරි උබ කියන්නෙ,

    'අනිච්ච නිසා දුක' ඇති වෙන හැටිනෙ අහන්නෙ?

    ඕකට මම උත්තර දුන්නෙ නැත්තෙ දුක ඇති වෙන්නෙ අනිච්ච් හෝ අනිත්‍ය නිසා නෙමෙයි.

    දුක ඇතිවෙන්නෙ 'තණ්හාව' නිසා.
    දුකට හේතුව තණ්හාව, ඒක දෙවෙනි ආර්‍ය සත්‍යයි.
    ඒක කාටවත්ම බොරු කල නොහැක්කක්.
    ඒකයි ඒකට ආර්ය සත්‍ය කියන්නෙ.

    එක මනුස්ස ලෝකෙටත් පොදුයි, දිව්‍ය ලෝකෙටත් පොදුයි, රූපාවචර, අරූපාවචර, අසඥ්ඥ තල බ්‍රහ්ම ලෝක,... අපාය.. ඔය ඔක්කොටම පොදුයි.

    අනිත්‍ය හෝ අනිච්ච අයිති වෙන්නෙ 4 වෙනි ආර්ය සත්‍යට. ඒක මාර්ග සත්‍ය. දුක නැති කිරීමේ මාර්ගයේ තියන අංගයක් තමයි අනිත්‍ය, අනිච්ච කියන්නෙ..

    එහෙම නැතුව අනිත්‍ය, අනිච්ච නිසා නෙමෙයි දුක ඇති වෙන්නෙ.

    ඕනෙනම් තණ්හාව නිසා දුක ඇතිවෙන හැටි කියන්න පුලුවන්, නමුත් තණ්හාවක් ගාවගන්නෙ නැතුව අනිච්ච/ අනිත්‍ය නිසා විතරක් දුක ඇති වෙන හැටි කියන්න බෑ...

    එතකොට අනිච්ච නිසා දුක ඇතුවෙන්නැත්තන් එහෙම හිතමු.අනිච්ච කියන්නේ මොකක්ද?

    මාර්ග සත්‍යයේ කොතනද ඒක තියෙන්නේ