කර්මය පවතින්නේ කොහෙද?

chamira85

Active member
  • Sep 28, 2007
    254
    187
    43
    How can I find this book

    Untitled.png

    Source

    Nopenenena Lowa Sabe Thathu - Nauyane Ariyadamma Thero,Vedeniye Nandaseela Thero

    How can I find this book, anybody got the link
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Untitled.png

    Source

    Nopenenena Lowa Sabe Thathu - Nauyane Ariyadamma Thero,Vedeniye Nandaseela Thero

    "කර්මය පවතින්නේ කොහෙද?" - මේ ප්‍රශ්නය වැරදියි මහත්තය. ධර්මය අනුව කර්ම කියන්නේ පංච නීවරණ නැත්නම් රාග ද්වේශ මෝහ වලින්, සිතෙන්, කයෙන් වචනයෙන් කරන දේවල්. ඉතින් මේ වගේ කරන දෙයක ක්‍රියාකාරිත්වය ඇතිවෙන්නේ ඊට අදාළ හේතු තියනකං විතරයි. එමනිසා කර්මය කියන්නේ පවතින දෙයක් නෙමෙයි හේතු (රාග ද්වේශ මෝහ) තියනකොට ඇතිවෙලා හේතු නැතිවෙනකොට නැතිවෙල යන දෙයක් (උදය-වැය කියන්නෙත් මේකටනෙ). ඉතින් මෙහෙම දෙයක පැවැත්ම ගැන ඇසීම අතාත්විකයි.

    එමනිසා ප්‍රශ්නය වියයුත්තේ කර්මයෙන් නිර්මාණය වෙන දේවල් කොහෙද පවතින්නේ කියන එකයි. මේකට උත්තරය ඔබතුමා වටේට සහ ඔබතුමාත් ඇතුළුව හැදිල තියෙන ලෝකය. මේ තමයි කර්මයේ නිර්මාණය, මේකෙන් තමයි ඔබතුමාට විපාක ගෙනත් දෙන්නෙ. ඔබතුමාත්, ඔබතුමා වටේ මේ නිර්මාණය කරල තියෙන ලෝකයත් අන්‍යොන්‍ය වශයෙන් ගත් විට අද්විතීයයි (unique) - මේ තමයි ඔබතුමාගේ කාර්ම පලය පවතින තැන.
     
    • Like
    Reactions: Dishta Didin

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    හොඳයි මේ කියන විදියට කර්මය නොපවතින දෙයක් නම් පංචනීවරණයන් නැති විටදී එසේ නම් පෙර ආත්මවලදී කරන ලද ක්‍රියාවකට සම්බන්ධ කර්මය මේ ආත්මයේ දී හෝ මතු ආත්මයේ දී හෝ පලදීම සිද්ධ වන්නේ කෙසේද ?

    මා හා මා අවට ඇති ලෝකය කර්මයෙන් නිර්මාණය වී ඇත්නම් මා විසින් කරන ලද පෙර සියලු කර්මයන්ගෙන් ද එය නිර්මාණය වී ඇත්තේ.
    පෙර ආත්මයන්හි දී කරන ලද කිසිම කර්මයක් මෙම ආත්මය හැර මතු ආත්මයන්ට නොයන්නේ ද මතු ආත්මය සම්පූර්ණයෙන්ම සැදෙන්නේ මෙම ආත්මයේ කරන ලද කර්මයට අනුරූපව ද?

    කර්මානුරූපීව නිර්මාණයවී ඇති ලෝකය එකිනෙකාට අනන්‍ය වූ දෙයක් නම් වෙනත් අයවලුන්ගේ කර්මයන් හට අපගේ සහභාගිවීමත් නැද්ද උදාහරණයක් වශයෙන් ඒ ආත්මයේදී යමකුගේ කොන්දක් කැඩුවේ නම් මෙම ආත්මයේදී තමන්ගේ කොන්ද කැඩීමට තව කෙනෙක්ගේ සහභාගිත්වය තිබිණි නම් එය පහදන්නේ කෙසේද?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    භද්දිය හිමි ඇතුළු අනෙකුත් හිමිවරුන් මෙහිදී කතා කරන දේවල් මම බැලුවා එක එක දේවල් ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන් නමුත් අදහස් දැක්වුවා නං අපිට කරුණු කාරණා සහ මත අතරින් හරි දේ තෝරා ගන්න පුලුවන් වෙයි ගැටීමකින් තොරව ඔබගේ අදහස් දක්වන්නම් මේ පිළිබඳ පර්යේෂණයක් කරන කෙනෙකුට වැදගත් වේවි.

    දේව ධර්මයක් වගේ කියපු පමණින් පිළි ගන්නවා වෙනුවට විවිධ අදහස් ගැටීමෙන් හරි දේ උකහා ගැනීමට පුළුවන් බවයි මගේ විශ්වාසය.

    ඒහිපස්සිකො කියන්නේ ඒක කියලයි මම හිතන්නේ
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් ටිකකට කලින් බලපු වීඩියෝ එක තිබුණා මේ රටේ ප්‍රසිද්ධ හාමුදුරු නමක් කියලා තියෙනවා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දෙයක් එනම් පහත කරුණු පිළිබඳ වැඩි දුර සෙවීම නොකළ යුතු බවත් එසේ කිරීමෙන් මානසික ව්‍යාකූල බව ඇතිවෙන බවත්. එම කරුණු හතර මේවායි

    1. බුද්ධ විෂය

    2. කර්මය පල දෙන ආකාරය
    මේ සඳහා උදාහරණයකට දක්වලා තිබ්බේ අංගුලිමාල තෙරුන් එතරම් මිනීමරලා මහතෙරුන්වහන්සේ කෙනෙක් බවට පත් වූයේ කෙසේද යන වග

    3. ධ්‍යානලාභීන් හා ධ්‍යාන ගැන

    4. ලෝක විෂය ගැන

    නමුත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි මේ සියලුම කරුණු ගැන යම් ආකාරයකට විග්‍රහ කරන වීඩියෝ කිහිපයක් බලන්නටත් හැකිවුණා.

    මෙවැනි සඳහනක් ඇත්තටම බුදුන් වහන්සේ කර තිබේද තවද ආනන්ද මෛත්‍රිය හිමියන් කියන පරිදි කතරගම දෙවියන් සහ අනෙකුත් දෙවියන් ඇත්තටම සිටිනවද ?
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    අචින්ත විශයන් හිතලා නිගමනය කරන්න බැ, මෙහෙම වෙන් ඇති කියලාවත් හිතන්න පුලුවන් එවා නෙවෙයි

    බුද්ද විශය අච්න්තය වෙන්නෙ කවුරු කොහොම ආරාම්බ කරාද කියලා හිතන්න බැ
    බැ

    කර්ම විශය, කර්මය විපාක දෙන විදිය පරිසරය හැදෙන විදිය , කර්මය ලින්ක් වෙන විදිය කර්මය නිසා සත්වයො හිත ගත ජෙනරෙට් වෙන විදි කර්ම කොහොමද ආරාම්බ උනෙ ඔවා හිතන්න බැ

    ධ්‍යානලාභීන් හා ධ්‍යාන ගැන, හිත සම්බන්ද වෙලා ලොකය හසුරවන විදිය හිතන්න බැ

    ලෝක විෂය ගැන , විශ්වයෙ ආරාම්බය පැවැත්ම හිතන්න බැ
    බැ

    දෙවිවරු ඉන්නවා ලයිට් බොල් ඉන්සිඩන්ට් කියලා ගුගල් කරන්න
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හොඳ ප්‍රශ්න ටිකක්, පුළුවන් හැටියට උත්තර දෙන්නම් මහත්තය :)

    හොඳයි මේ කියන විදියට කර්මය නොපවතින දෙයක් නම් පංචනීවරණයන් නැති විටදී එසේ නම් පෙර ආත්මවලදී කරන ලද ක්‍රියාවකට සම්බන්ධ කර්මය මේ ආත්මයේ දී හෝ මතු ආත්මයේ දී හෝ පලදීම සිද්ධ වන්නේ කෙසේද ?

    මේ ඔබතුමා කියන්නේ විපාකය ගැන, කර්මය සහ විපාකය කියන්නේ දෙකක්. විපාක ලැබෙන්නේ කර්මයෙන් හදල දාපු දේවල් වලින් මහත්තය. කුමන ආත්මයක් ගත්තත් ඒකෙ උපත සිදුවෙන්නෙත් විපාකයක් හැටියටනේ, ඉතින් පලදීම සිද්ධවෙන්නේ ඒ ඒ ආත්ම වලින් ලැබෙන ප්‍රත්‍ය අනුව. උදාහරණයක් ගත්තොත් ඔබතුම සමහර පිං කරලා ඇති දිව්‍ය ලෝකේ සැප ලබන්න නමුත් මනුෂ්‍ය ලෝකේ ඒවට ප්‍රත්‍ය නැති නිසා ඒ පිං සමහර විට අහෝසි වෙනවා නැත්නම් දේව ආතමයක් ලැබුනහම විපාක දෙනව. මේකේ පව් පැත්තත් මේ වගෙ තමයි.

    මා හා මා අවට ඇති ලෝකය කර්මයෙන් නිර්මාණය වී ඇත්නම් මා විසින් කරන ලද පෙර සියලු කර්මයන්ගෙන් ද එය නිර්මාණය වී ඇත්තේ.

    ඔව් පසුගිය ආත්ම වල සහ මේ ආත්මයේ කරපු කාර්ම වල පල තමයි මේ මොහොතේ ඔබතුමාගේ ලෝකය (ලෝකය කිව්වේ පංචස්කන්ධයට, ඉන් එහා දෙයක් සත්වයින්ට ගෝචර නැහැ).

    පෙර ආත්මයන්හි දී කරන ලද කිසිම කර්මයක් මෙම ආත්මය හැර මතු ආත්මයන්ට නොයන්නේ ද මතු ආත්මය සම්පූර්ණයෙන්ම සැදෙන්නේ මෙම ආත්මයේ කරන ලද කර්මයට අනුරූපව ද?

    නැහැ සත්වයාගේ පටන්ගැන්මේ සිට කාර්ම ප්‍රත්‍ය ඇත්නම් ඕනෑම ආත්මයක විපාක දෙන්න පුළුවන්. කර්ම සහ රහතන් වහන්සේගේ ක්‍රියා (මේවා කාර්ම නෙමෙයි) නාම ගෝත්‍ර වල සටහන් වෙනව.

    කර්මානුරූපීව නිර්මාණයවී ඇති ලෝකය එකිනෙකාට අනන්‍ය වූ දෙයක් නම් වෙනත් අයවලුන්ගේ කර්මයන් හට අපගේ සහභාගිවීමත් නැද්ද උදාහරණයක් වශයෙන් ඒ ආත්මයේදී යමකුගේ කොන්දක් කැඩුවේ නම් මෙම ආත්මයේදී තමන්ගේ කොන්ද කැඩීමට තව කෙනෙක්ගේ සහභාගිත්වය තිබිණි නම් එය පහදන්නේ කෙසේද?

    ඔබතුමා මේ කතා කරන්නේ ඉතාම සංකීර්ණ දෙයක් ගැන මේ කාර්ම විෂය හරියටම ගෝචර වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. අපිට මේ ගැන ඉතාම දල අදහසක් ගන්න පුළුවන්. කර්ම විපාක බහු හෙතුකයි මහත්තය. සංසාර ගත ආදරයක් හෝ වෛරයක් තියෙන අය ඒ ගනු දෙනු පියව ගන්න එකට ඉපදෙන්න පුළුවන්. එහෙම නැතුවත් කාර්ම විපාක දෙන්න පුළුවන් ඒ කියන්නේ;

    1. ගිය ආත්මේ ඔබතුමා කොන්ද කැඩුව කෙනා මේ ආත්මෙ ඔබතුමාගේ අසල්වාසියා වෙල ඉපදිලා ඔබතුමාගේ කොන්ද කඩන්න පුළුවන්.
    2. කිසිම අදාලත්වයක් නැති කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබතුමාට කොන්ද කැඩෙන්න ගහන්න.
    3. ගහක අත්තක් කඩාගෙන වැටිලා ඔබතුමාගේ කොන්ද කැඩෙන්න පුළුවන් .

    ඉහත 1 අවස්ථාවෙදි කොන්ද කඩන පුද්ගලය සංසාරගත තරහක් පිරිමහනවා නමුන් නැවත ඔහුත් සමහර විට ඔබතුමත් (දැඩි වෛරය නිසා) නැවත කාර්ම කරනවා, මේ cycle එක බොහෝ ආත්ම ගණනක් යනවා.
    ඉහත 2 අවස්ථාවෙදි, ඔබතුමාගේ කර්මයේ පලය වෙලා තියෙන්නේ ධර්මයක් මේ ධර්මය අර අදාලත්වයක් නැති පුද්ගලයාගේ මනසට වැදීමෙන් ඔහුට ඔබතුමාට හිංසා කරන්න හිතක් පහල වෙනවා (මනංනච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ වින්ඥනං). ඒ හිත ඔහු ක්‍රියාවට නැංවුවොත් ඔහුට කර්මයක් සිද්ධ වෙනවා මේක නව සංසාරගත තරහකට හැරෙන්න පුළුවන්. මේකට උදාහරණයක් තමයි අංගුලිමාල රහතන් වහන්සේ පිඬුසිඟා වඩින බොහෝ අවස්ථා වල කිසිම සම්බන්ධයක් නැති මින්ස්සුන්ගෙන් ගල් පහරවල් ලැබීම.
    ඉහත 3 අවස්ථාවෙදි තවත් කෙනෙක්ගේ සම්බන්ධයක් ඇත්තෙම නැහැ.
    දැන් හිතන්න ඔබතුමාට ගිය ආත්මේ මැරෙන වෙලාවේ හොඳ චුති සිතක් පහල වෙල දෙවි කෙනෙක් වෙන්ව, දැන් කොහොමද ඔබතුමාගේ කොන්ද කඩන්නේ? :) ඉතින් මේ විෂය මේ වගේ ඉතාම සංකීර්ණයි. ගැඹුරට යන්න යන්න වික්ෂිප්ත වීම විතරයි වෙන්නෙ.

    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කව්රුහරි හොද දැනුමක් තියන කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද

    මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා
    මට හිතන දේ විතරයි පිළිගන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉන්නේ එකට කරුණු රැස් කරන්න තමයි මේ අහන්නේ

    අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
    ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද

    බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න

    බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
    තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්‍රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්‍රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද

    ඔයවගේ ගොඩක් දේවල් තියනවා දැනට මතක ටික කිව්වා

    ඉතින් ඔන්න ඔය දේවල් නිසා හිතෙනවා අපිට කරන්න දෙයක් නැ ලියවිලා තියන දේවල් අපි හිතලම කරනවා යන සිතිවිල්ලෙන් කෙරෙනවා

    බුදු හාමුදුරුවන්ගේ කලෙත් මෙහෙම ප්‍රශ්නයක් අසා තිබෙනවා කියලා අසා ඇත එත් එකට බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර නම් දන්නේ නැ

    තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්‍රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .

    අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ

    මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අචින්ත විශයන් හිතලා නිගමනය කරන්න බැ, මෙහෙම වෙන් ඇති කියලාවත් හිතන්න පුලුවන් එවා නෙවෙයි

    බුද්ද විශය අච්න්තය වෙන්නෙ කවුරු කොහොම ආරාම්බ කරාද කියලා හිතන්න බැ
    බැ

    කර්ම විශය, කර්මය විපාක දෙන විදිය පරිසරය හැදෙන විදිය , කර්මය ලින්ක් වෙන විදිය කර්මය නිසා සත්වයො හිත ගත ජෙනරෙට් වෙන විදි කර්ම කොහොමද ආරාම්බ උනෙ ඔවා හිතන්න බැ

    ධ්‍යානලාභීන් හා ධ්‍යාන ගැන, හිත සම්බන්ද වෙලා ලොකය හසුරවන විදිය හිතන්න බැ

    ලෝක විෂය ගැන , විශ්වයෙ ආරාම්බය පැවැත්ම හිතන්න බැ
    බැ

    දෙවිවරු ඉන්නවා ලයිට් බොල් ඉන්සිඩන්ට් කියලා ගුගල් කරන්න

    හොඳ ප්‍රශ්න ටිකක්, පුළුවන් හැටියට උත්තර දෙන්නම් මහත්තය :)

    මේ ඔබතුමා කියන්නේ විපාකය ගැන, කර්මය සහ විපාකය කියන්නේ දෙකක්. විපාක ලැබෙන්නේ කර්මයෙන් හදල දාපු දේවල් වලින් මහත්තය. කුමන ආත්මයක් ගත්තත් ඒකෙ උපත සිදුවෙන්නෙත් විපාකයක් හැටියටනේ, ඉතින් පලදීම සිද්ධවෙන්නේ ඒ ඒ ආත්ම වලින් ලැබෙන ප්‍රත්‍ය අනුව. උදාහරණයක් ගත්තොත් ඔබතුම සමහර පිං කරලා ඇති දිව්‍ය ලෝකේ සැප ලබන්න නමුත් මනුෂ්‍ය ලෝකේ ඒවට ප්‍රත්‍ය නැති නිසා ඒ පිං සමහර විට අහෝසි වෙනවා නැත්නම් දේව ආතමයක් ලැබුනහම විපාක දෙනව. මේකේ පව් පැත්තත් මේ වගෙ තමයි.

    ඔව් පසුගිය ආත්ම වල සහ මේ ආත්මයේ කරපු කාර්ම වල පල තමයි මේ මොහොතේ ඔබතුමාගේ ලෝකය (ලෝකය කිව්වේ පංචස්කන්ධයට, ඉන් එහා දෙයක් සත්වයින්ට ගෝචර නැහැ).

    නැහැ සත්වයාගේ පටන්ගැන්මේ සිට කාර්ම ප්‍රත්‍ය ඇත්නම් ඕනෑම ආත්මයක විපාක දෙන්න පුළුවන්. කර්ම සහ රහතන් වහන්සේගේ ක්‍රියා (මේවා කාර්ම නෙමෙයි) නාම ගෝත්‍ර වල සටහන් වෙනව.

    ඔබතුමා මේ කතා කරන්නේ ඉතාම සංකීර්ණ දෙයක් ගැන මේ කාර්ම විෂය හරියටම ගෝචර වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. අපිට මේ ගැන ඉතාම දල අදහසක් ගන්න පුළුවන්. කර්ම විපාක බහු හෙතුකයි මහත්තය. සංසාර ගත ආදරයක් හෝ වෛරයක් තියෙන අය ඒ ගනු දෙනු පියව ගන්න එකට ඉපදෙන්න පුළුවන්. එහෙම නැතුවත් කාර්ම විපාක දෙන්න පුළුවන් ඒ කියන්නේ;

    1. ගිය ආත්මේ ඔබතුමා කොන්ද කැඩුව කෙනා මේ ආත්මෙ ඔබතුමාගේ අසල්වාසියා වෙල ඉපදිලා ඔබතුමාගේ කොන්ද කඩන්න පුළුවන්.
    2. කිසිම අදාලත්වයක් නැති කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබතුමාට කොන්ද කැඩෙන්න ගහන්න.
    3. ගහක අත්තක් කඩාගෙන වැටිලා ඔබතුමාගේ කොන්ද කැඩෙන්න පුළුවන් .

    ඉහත 1 අවස්ථාවෙදි කොන්ද කඩන පුද්ගලය සංසාරගත තරහක් පිරිමහනවා නමුන් නැවත ඔහුත් සමහර විට ඔබතුමත් (දැඩි වෛරය නිසා) නැවත කාර්ම කරනවා, මේ cycle එක බොහෝ ආත්ම ගණනක් යනවා.
    ඉහත 2 අවස්ථාවෙදි, ඔබතුමාගේ කර්මයේ පලය වෙලා තියෙන්නේ ධර්මයක් මේ ධර්මය අර අදාලත්වයක් නැති පුද්ගලයාගේ මනසට වැදීමෙන් ඔහුට ඔබතුමාට හිංසා කරන්න හිතක් පහල වෙනවා (මනංනච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ වින්ඥනං). ඒ හිත ඔහු ක්‍රියාවට නැංවුවොත් ඔහුට කර්මයක් සිද්ධ වෙනවා මේක නව සංසාරගත තරහකට හැරෙන්න පුළුවන්. මේකට උදාහරණයක් තමයි අංගුලිමාල රහතන් වහන්සේ පිඬුසිඟා වඩින බොහෝ අවස්ථා වල කිසිම සම්බන්ධයක් නැති මින්ස්සුන්ගෙන් ගල් පහරවල් ලැබීම.
    ඉහත 3 අවස්ථාවෙදි තවත් කෙනෙක්ගේ සම්බන්ධයක් ඇත්තෙම නැහැ.
    දැන් හිතන්න ඔබතුමාට ගිය ආත්මේ මැරෙන වෙලාවේ හොඳ චුති සිතක් පහල වෙල දෙවි කෙනෙක් වෙන්ව, දැන් කොහොමද ඔබතුමාගේ කොන්ද කඩන්නේ? :) ඉතින් මේ විෂය මේ වගේ ඉතාම සංකීර්ණයි. ගැඹුරට යන්න යන්න වික්ෂිප්ත වීම විතරයි වෙන්නෙ.

    පැහැදිලි කිරීම් වලට බොහොම ස්තූතියි ඉතා වටිනා කරුණු රාශියක් දැනගන්න පුළුවන් වුණා. ඔව් සමහරු ප්‍රශ්න අහන්න පුලුවන් දහම විකෘති කිරීමටත් නමුත් සියලු ප්‍රශ්නවලට අපි ඉඩදිය යුතුයි ගැඹුරින් නොමැති වුවත් යම් පමණක දැනුමක් ලබාගැනීම වැදගත්. මට ඔබලා පැහැදිලි කරපු දේවල් හොඳින් තේරුණා විශේෂයෙන් මේ නාම ගෝත්‍ර වල සටහන් වීම හරිම තාත්විකයි. මේ විෂයන් අචින්තයි කියල මට තේරෙනවා.

    දෙවැනි කාරණය යම් ගැටලුවක් තාමත් තිබෙනවා එනම් යම් තෙවැනි පාර්ශවයක් මා අතින් පෙර ආත්මෙ සිදු වූ කර්මයක් විපාක දීමට මේ ආත්මෙදි සහභාගි වීමෙන් ඔහුට නැවත කර්මයක් සිදු විය හැකිද? හිතන්න මම කාගෙ හරි කොන්දක් කැඩුවා, මීළඟ ආත්මයේදී ඒ ගිය ආත්මයේ කොන්ද කැඩුණු කෙනා නොව වෙන කෙනෙක් මගේ කොන්ද මේ ආත්මයේදී කඩන්නේ නම් ගිය ආත්මයේ මා කළ දේට විපාකය හැටියට එම තුන්වෙනි පාර්ශ්වය පුද්ගලයාට කර්මයක් සිදුවීම අහේතු කයි කියලයි මට හිතෙන්නෙ මේ ගැන පහදා දෙන්න පුලුවන්ද?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කව්රුහරි හොද දැනුමක් තියන කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද

    මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා
    මට හිතන දේ විතරයි පිළිගන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉන්නේ එකට කරුණු රැස් කරන්න තමයි මේ අහන්නේ

    අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
    ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද

    බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න

    බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
    තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්‍රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්‍රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද

    ඔයවගේ ගොඩක් දේවල් තියනවා දැනට මතක ටික කිව්වා

    ඉතින් ඔන්න ඔය දේවල් නිසා හිතෙනවා අපිට කරන්න දෙයක් නැ ලියවිලා තියන දේවල් අපි හිතලම කරනවා යන සිතිවිල්ලෙන් කෙරෙනවා

    බුදු හාමුදුරුවන්ගේ කලෙත් මෙහෙම ප්‍රශ්නයක් අසා තිබෙනවා කියලා අසා ඇත එත් එකට බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර නම් දන්නේ නැ

    තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්‍රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .

    අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ

    මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්

    මේ රතු පාටින් දක්වලා තියන ටික මේ විදිහටම මටත් හිතිලා තියෙනවා මම
    අහන්න හිටපු ප්‍රශ්න තමා මේවා

    කර්මය මක්නිසා ඇතිවෙන්නත් ද යන්න නෙමෙයි මෙතන ගැටලුව මේ කර්මය මොන මොන විදිහටද විපාක දෙන්නෙ කියන එකයි අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ යම්කිසි කෙනෙක් විසින් කරනවද කියන ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න නම් මේ පිළිබඳව යම්තාක් පමාණයක දැනගෙන සිටිය යුතුයි නැතිනම් වෙන්නේ මේවා වෙන්නේ හේතුඵල අනුව නොව දෙවියන්ගේ කැමැත්ත මත යි කියන එක සමාජගත වෙන එකයි
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ නූලේ තියෙන tags ටික බලන්න කෙතරම් අධර්මවාදීන් මේ වගේ ධර්ම කරුණු ගැන සහ හරියට සාකච්ඡා කරන කොට ඒකට වල කපනවද කියලා කණගාටුවට කරුණ නම් බුදු දහමේ පිරිස් තමා වැඩියෙන්ම බෙදිලා ඉන්නේ.

    ප්‍රතිවාදී මතයක් දරන කෙනෙකුට ඔහුගේ මතයේ වැරැද්ද තිබෙනවානම් එය පෙන්වා දීමට වඩා හොඳ ක්‍රම තිබෙනවා එහෙම නැතුව බැනගන්න එක නෙමේ කරන්න ඕන දේ.

    කවුරු හරි කෙනෙකුට පුළුවන් නම් මේකේ තිබෙන වටිනා කරුණු අරන් අලුත් ත්‍රෙඩ් එකක් හදන්න ඒක මේ පිළිබඳ දැනගන්න කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි මගේ ලැප් එක කැඩිලා නැතිනම් මම හදනවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කව්රුහරි හොද දැනුමක් තියන කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද

    මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා
    මට හිතන දේ විතරයි පිළිගන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉන්නේ එකට කරුණු රැස් කරන්න තමයි මේ අහන්නේ

    අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
    ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද

    බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න

    බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
    තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්‍රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්‍රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද

    ඔයවගේ ගොඩක් දේවල් තියනවා දැනට මතක ටික කිව්වා

    ඉතින් ඔන්න ඔය දේවල් නිසා හිතෙනවා අපිට කරන්න දෙයක් නැ ලියවිලා තියන දේවල් අපි හිතලම කරනවා යන සිතිවිල්ලෙන් කෙරෙනවා

    බුදු හාමුදුරුවන්ගේ කලෙත් මෙහෙම ප්‍රශ්නයක් අසා තිබෙනවා කියලා අසා ඇත එත් එකට බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර නම් දන්නේ නැ

    තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්‍රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .

    අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ

    මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්

    ලියලා විස්තර කරන එක තමයි ලෙසි නැත්තෙ
    නැත්තෙ

    සරලව කිවුවොත් බුදු පසෙ බුදු මාහා රහාත් සාහා විශාකා අනෙ පිඩුසිටුතුමා වගෙ අය
    අය

    බුදු කෙනෙක් පාරමිතා පුරන ආකාර තුනක් තියෙනවා

    ශ්‍රද්දාදික කලප ලක්ශ 16
    විර්‍යාදික කල්ප ලක්ශ 8
    ප්‍රඥාදික කල්ප ලක්ශ 4

    පසෙ බුදු කෙනෙක් කල්ප ලක්ශ 2
    අග්‍රස්‍රාවක කල්ප ලක්ශ 2

    විශාකා අනෙ පිඩුසිටුතුමා වගෙ බොදූ පිරිස්
    පිරිස්

    එ පිරිස් එ කාන්තයෙන් නියමයකට අනුව තමයි සසර ඉවර කර්න්නෙ බාලාපොරොත්තු වෙනවානෙ එ එ තත්ව වලට එන්න
    එන්න

    නමුත් අනෙක් අයට එහෙම නැ පටිච්චසමුප්පාද දර්ම නියාය ලොකෙ තිබෙනවා නම් අවබොද කරලා දෙශනා කරන්න දන්න මාර්ගපල ලාබි පිරිස ඉන්නවා නම් නුවන තියෙන අයට එම පිරිස කියන දෙශනා ආහාලා තෙරුම් ගන්න පුලුවන්

    බුදුවරු ලොකෙට පාහාල වෙලා දර්ම නියායාක් දෙශනා කරනවා එක තමයි පටිච්චසමුප්පාදය , පටිච්චසමුප්පාද දර්ම නියාය තෙරුම් ගැනිම සහා මෙ හෙතුව තියෙන නිසයි මෙ පලය හට ගන්නෙ ම් හෙතුව නැත්තන් මෙ පලය නැ කියලා තෙරුම් අරන් හෙතුව අයින් කරලා පලයෙන් ගැලවෙන්න පුලුවන්

    පටිච්චසමුප්පාද දර්ම නියාය තුලින් තමයි තෙරුම් ගන්න පුලුවන් ආසාව කැමැත්ත හෙතුවෙන් හිත කය වචනය ක්‍රියා කරලා කර්මය ගොඩනැගෙන්නෙ කොහොමද කියලා , එක අපිට නුවනින් තෙරුම් ගන්න පුලුවන්

    ඇයි අපිට කෙන්ති යන්නෙ තමන්ට හො බාහිර දෙකට තියෙන බැදිම නිසානෙ, ඉතින් අපි ආස කරන තමන්ට හො බාහිර දෙට කරදරයක් පිඩාවක් එනකොට අපි මොකද කරන්නෙ ගාහාගන්න බැනගන්න කෙන්ති ගන්නව ඉතින් එක අපිට තෙරුම් ගන්න ආමාරුවක් නැ මොකක්ද හෙතුව කෙන්ති ගන්නෙ අසාව කැමැත්ත හින්දනෙ නෙ කියලා , ඉතින් එකට තමයි කර්ම කරනවා කියන්නෙ, ආසාව නැත්තන් කර්ම කරන්නෙ නැ, ආස්වාද විදින්න ගිහිල්ලා තමයි සත්වයො කර්ම කරන්නෙ, ආස්වාද වල ආදිනව අනිසි දුකයි ආසාරයි කියලා ආස්වාද වලින් අයින් උනා නම් කර්ම සිද්ද වෙන්නෙ නැ
    නැ

    ෆ්‍රයිඩ් රයිස් වලට ආසාව නිසා කනවා එවගෙම ලෙඩ වෙනවා ආස්වාද විදින්න ගිය නිසයි ලෙඩ ආදිනව ආවෙ, ආස්වාද කැමැත්ත නිසා ආදිනව වැහිලා

    ඔය වගෙ බොන්න කැමැත්ත නිසා ලෙඩ ආදිනව වැහිලා , ආස්වාද නිසා ආදිනව ගානාක් නැ
    නැ

    ආස්වාද වල ආදිනව තෙරුම් අරන් ගැලවෙන්න තියෙන්නෙ ඇලුම් කරන නිසයි මෙ ඔක්කොම ප්‍රශ්න කියලා ඇලුම් නොකර ඉන්නයි තියෙන්නෙ
     
    • Like
    Reactions: Vidu89

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පැහැදිලි කිරීම් වලට බොහොම ස්තූතියි ඉතා වටිනා කරුණු රාශියක් දැනගන්න පුළුවන් වුණා. ඔව් සමහරු ප්‍රශ්න අහන්න පුලුවන් දහම විකෘති කිරීමටත් නමුත් සියලු ප්‍රශ්නවලට අපි ඉඩදිය යුතුයි ගැඹුරින් නොමැති වුවත් යම් පමණක දැනුමක් ලබාගැනීම වැදගත්. මට ඔබලා පැහැදිලි කරපු දේවල් හොඳින් තේරුණා විශේෂයෙන් මේ නාම ගෝත්‍ර වල සටහන් වීම හරිම තාත්විකයි. මේ විෂයන් අචින්තයි කියල මට තේරෙනවා.

    දෙවැනි කාරණය යම් ගැටලුවක් තාමත් තිබෙනවා එනම් යම් තෙවැනි පාර්ශවයක් මා අතින් පෙර ආත්මෙ සිදු වූ කර්මයක් විපාක දීමට මේ ආත්මෙදි සහභාගි වීමෙන් ඔහුට නැවත කර්මයක් සිදු විය හැකිද? හිතන්න මම කාගෙ හරි කොන්දක් කැඩුවා, මීළඟ ආත්මයේදී ඒ ගිය ආත්මයේ කොන්ද කැඩුණු කෙනා නොව වෙන කෙනෙක් මගේ කොන්ද මේ ආත්මයේදී කඩන්නේ නම් ගිය ආත්මයේ මා කළ දේට විපාකය හැටියට එම තුන්වෙනි පාර්ශ්වය පුද්ගලයාට කර්මයක් සිදුවීම අහේතු කයි කියලයි මට හිතෙන්නෙ මේ ගැන පහදා දෙන්න පුලුවන්ද?

    ඔහුටත් කර්මයක් සිද්ධ වෙන්න පුළුවන් මහත්තයා, හේතුව මේකයි. ඔහුගේ හිතට ඔබතුමාගේ කොන්ද කඩන්න හිතක් එන්නේ විපාකයක් නිසා ඒක නවත්වන්න බැහැ, නමුත් ඒ වෙලාවේ මූලිකව ඔහුට choices කීපයක් තියනව, ඔබතුමාගේ කොන්ද කැඩීමටත් නොකැඩීමටත්.

    1. ඔබතුමා ගැන ද්වේශයක් ඇති කරගෙන කොන්ද කැඩීම
    2. නොදැන කොන්ද කැඩීම (උඩකින් ඔබතුමාගේ ඇඟට වැටීම වගෙ දෙයකින්)
    3. ඔබතුමා ගැන ද්වේශ සිතක් ඇති කරගෙන කොන්ද නොකඩා සිටීම (ඔහු ඔබතුමාට බය නිසා හෝ නීතියට බය නිසා...)
    4. ඔබතුමා ගැන මෛත්‍රී සිතක් ඇතිකරගෙන කොන්ද නොකඩා සිටීම
    5. ඔබතුමා ගැන කිසිවක් නොසිතා අර කොන්ද කැඩීමට ආපු චේතනාව අනිච්ච ලෙස දැකීම මගින් පහ කෙරීම

    මෙතන
    1 න්, ඔහුට අකුසල කර්මයක් සිදු වෙනව
    2 න්, ඔහුට අකුසල කර්මයක් සිද්ධවෙන්නේ නැහැ
    3 න්, ඔහුට අකුසල කර්මයක් සිදු වෙනව නමුත් 1 තරම් ප්‍රභල නැහැ
    4 න් ඔහුට පිනක් සිද්ධ වෙන්ව
    5 න් ඔහුට කුසලයක් සිද්ධ වෙන්ව

    ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ කර්ම/විපාක කියන්නේ සාධාරණ දෙයක් කියල මහත්තය නමුත් සාධාරණය කියන්නේ මිනිස්සු හදාගත්ත යම් සම්මුතියක්. ඒක ජන කොට්ටාශ වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. කර්ම/විපාකයට සාධාරණත්වය අදාළ නැහැ. අදාල වෙන්නේ පටිච්චසම්මුපාදය සහ එහි ප්‍රත්‍ය පමණයි.

    අර cooti මහත්තය කියනව වගේ මේක ලියන එක තමයි ගේම :D:D
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කව්රුහරි හොද දැනුමක් තියන කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද

    මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා
    මට හිතන දේ විතරයි පිළිගන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉන්නේ එකට කරුණු රැස් කරන්න තමයි මේ අහන්නේ

    අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
    ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද

    බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න

    බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
    තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්‍රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්‍රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද

    ඔයවගේ ගොඩක් දේවල් තියනවා දැනට මතක ටික කිව්වා

    ඉතින් ඔන්න ඔය දේවල් නිසා හිතෙනවා අපිට කරන්න දෙයක් නැ ලියවිලා තියන දේවල් අපි හිතලම කරනවා යන සිතිවිල්ලෙන් කෙරෙනවා

    බුදු හාමුදුරුවන්ගේ කලෙත් මෙහෙම ප්‍රශ්නයක් අසා තිබෙනවා කියලා අසා ඇත එත් එකට බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර නම් දන්නේ නැ

    තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්‍රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .

    අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ

    මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්

    ඔබතුමා කියන දේ හරි, නමුත් බුදු කෙනෙකුට විතරයි මේක හරියටම කියන්න පුළුවන් අනිත් එක උන්වහන්සේලාටත් සීමාවක් තියනව මම අහල තියෙන හැටියට ඒක මහා කල්ප 91 ක්. අභිඥා දියුණු කරපු රහතන් වහන්සේලා ටත් මේක කියන්න පුළුවන් නමුත් 100% නිවැරදි නැහැ. එක්තරා යුද්ධයක් ගැන මුගලන් මහ රහතන් වහන්සේ දිවසින් බලල කියපු අනාවැකිය වරදුනා කියල ධර්මයේ සඳහන් වෙනවනෙ.

    කර්ම විෂය අපිට ගෝචර නැහැ මහත්තය. පුළුවන් එකම දේ අහල තියෙන දේවල් වලින් දල අදහසක් ගන්න එක විතරයි. අනික මම අර කලින් post එකේ කිව්වා වගේ කාර්ම විපාක කියන්නේ හැමෝටම සාධාරණය ඉෂ්ට කරන්න තියෙන දෙයක් නෙමෙයි. විපාක එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Vidu89

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔබතුමා කියන දේ හරි, නමුත් බුදු කෙනෙකුට විතරයි මේක හරියටම කියන්න පුළුවන් අනිත් එක උන්වහන්සේලාටත් සීමාවක් තියනව මම අහල තියෙන හැටියට ඒක මහා කල්ප 91 ක්. අභිඥා දියුණු කරපු රහතන් වහන්සේලා ටත් මේක කියන්න පුළුවන් නමුත් 100% නිවැරදි නැහැ. එක්තරා යුද්ධයක් ගැන මුගලන් මහ රහතන් වහන්සේ දිවසින් බලල කියපු අනාවැකිය වරදුනා කියල ධර්මයේ සඳහන් වෙනවනෙ.

    කර්ම විෂය අපිට ගෝචර නැහැ මහත්තය. පුළුවන් එකම දේ අහල තියෙන දේවල් වලින් දල අදහසක් ගන්න එක විතරයි. අනික මම අර කලින් post එකේ කිව්වා වගේ කාර්ම විපාක කියන්නේ හැමෝටම සාධාරණය ඉෂ්ට කරන්න තියෙන දෙයක් නෙමෙයි. විපාක එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්

    බුදුවරුන්ට සිමාවාක් නැ සිමාවක් තියෙනවා කිවුවොත් සර්වක්ඥ නැ, දිපන්කර බුදුන්වාහාසෙ සුමෙද තාපසයා තව කල්ප ලක්ශෙකින් බුදුවෙනවා කිවුවෙ නාම ගොත්‍ර බලලා

    සර්වක්ඥ කියන්නෙ සියල්ල එ අයුරින් දන්නවා කියන එක
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලියලා විස්තර කරන එක තමයි ලෙසි නැත්තෙ
    නැත්තෙ

    සරලව කිවුවොත් බුදු පසෙ බුදු මාහා රහාත් සාහා විශාකා අනෙ පිඩුසිටුතුමා වගෙ අය
    අය

    බුදු කෙනෙක් පාරමිතා පුරන ආකාර තුනක් තියෙනවා

    ශ්‍රද්දාදික කලප ලක්ශ 16
    විර්‍යාදික කල්ප ලක්ශ 8
    ප්‍රඥාදික කල්ප ලක්ශ 4

    පසෙ බුදු කෙනෙක් කල්ප ලක්ශ 2
    අග්‍රස්‍රාවක කල්ප ලක්ශ 2

    විශාකා අනෙ පිඩුසිටුතුමා වගෙ බොදූ පිරිස්
    පිරිස්

    එ පිරිස් එ කාන්තයෙන් නියමයකට අනුව තමයි සසර ඉවර කර්න්නෙ බාලාපොරොත්තු වෙනවානෙ එ එ තත්ව වලට එන්න
    එන්න

    නමුත් අනෙක් අයට එහෙම නැ පටිච්චසමුප්පාද දර්ම නියාය ලොකෙ තිබෙනවා නම් අවබොද කරලා දෙශනා කරන්න දන්න මාර්ගපල ලාබි පිරිස ඉන්නවා නම් නුවන තියෙන අයට එම පිරිස කියන දෙශනා ආහාලා තෙරුම් ගන්න පුලුවන්

    බුදුවරු ලොකෙට පාහාල වෙලා දර්ම නියායාක් දෙශනා කරනවා එක තමයි පටිච්චසමුප්පාදය , පටිච්චසමුප්පාද දර්ම නියාය තෙරුම් ගැනිම සහා මෙ හෙතුව තියෙන නිසයි මෙ පලය හට ගන්නෙ ම් හෙතුව නැත්තන් මෙ පලය නැ කියලා තෙරුම් අරන් හෙතුව අයින් කරලා පලයෙන් ගැලවෙන්න පුලුවන්

    පටිච්චසමුප්පාද දර්ම නියාය තුලින් තමයි තෙරුම් ගන්න පුලුවන් ආසාව කැමැත්ත හෙතුවෙන් හිත කය වචනය ක්‍රියා කරලා කර්මය ගොඩනැගෙන්නෙ කොහොමද කියලා , එක අපිට නුවනින් තෙරුම් ගන්න පුලුවන්

    ඇයි අපිට කෙන්ති යන්නෙ තමන්ට හො බාහිර දෙකට තියෙන බැදිම නිසානෙ, ඉතින් අපි ආස කරන තමන්ට හො බාහිර දෙට කරදරයක් පිඩාවක් එනකොට අපි මොකද කරන්නෙ ගාහාගන්න බැනගන්න කෙන්ති ගන්නව ඉතින් එක අපිට තෙරුම් ගන්න ආමාරුවක් නැ මොකක්ද හෙතුව කෙන්ති ගන්නෙ අසාව කැමැත්ත හින්දනෙ නෙ කියලා , ඉතින් එකට තමයි කර්ම කරනවා කියන්නෙ, ආසාව නැත්තන් කර්ම කරන්නෙ නැ, ආස්වාද විදින්න ගිහිල්ලා තමයි සත්වයො කර්ම කරන්නෙ, ආස්වාද වල ආදිනව අනිසි දුකයි ආසාරයි කියලා ආස්වාද වලින් අයින් උනා නම් කර්ම සිද්ද වෙන්නෙ නැ
    නැ

    ෆ්‍රයිඩ් රයිස් වලට ආසාව නිසා කනවා එවගෙම ලෙඩ වෙනවා ආස්වාද විදින්න ගිය නිසයි ලෙඩ ආදිනව ආවෙ, ආස්වාද කැමැත්ත නිසා ආදිනව වැහිලා

    ඔය වගෙ බොන්න කැමැත්ත නිසා ලෙඩ ආදිනව වැහිලා , ආස්වාද නිසා ආදිනව ගානාක් නැ
    නැ

    ආස්වාද වල ආදිනව තෙරුම් අරන් ගැලවෙන්න තියෙන්නෙ ඇලුම් කරන නිසයි මෙ ඔක්කොම ප්‍රශ්න කියලා ඇලුම් නොකර ඉන්නයි තියෙන්නෙ

    අර cooti මහත්තය කියනව වගේ මේක ලියන එක තමයි ගේම

    ඔවු ටයිප් කරන්න ගියාම එපා වෙනවා අනික මගේ ලැප් එක කැඩිලා නිසා ෆෝන් වලින් ටයිප් කරන එක තවත් අමාරුයි ඇන්ඩ්‍රොයිඩ් එකේ නම් වොයිස් ටයිප් පුලුවන් gboad app එක දාගන්න ඒ විදිය ලේසියි. හැබැයි මගේ ඇපල් එකේ ඒක වැඩ කරන්නේ නැහැ. මේ වෙලාවේ ටයිප් කරන්නේ ඒකෙන්.

    ඔබලා දෙන්නම කරන පැහැදිලි කිරීම් අනර්ගයි. පුලුවන්නම් වෙන වෙනම පටිච්චසමුප්පාදය පුලුවන් හැටියට තේරුම් කරලා ලියනවාද අදහස් වෙනස් උනත් කමක් නැහැ ඔබට තේරුම් ගිය විදියට ලියන්න. නුවන ඇත්තෝ හරි දේ තෝරාගනීවී.

    මෙතෙක් තමන් දන්නා දේ හැකි පමන කියා දුන් සැමට පිනක්ම වේවා !!!

    අහ් අමතක උනා පිනයි කුසලයෙයි වෙනසත් ඒ ඒ කරුනු කර්මය අරබයා බලපාන්නේ කෙසේද ? යන වගත් පහදා දෙන්න
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුදුවරුන්ට සිමාවාක් නැ සිමාවක් තියෙනවා කිවුවොත් සර්වක්ඥ නැ, දිපන්කර බුදුන්වාහාසෙ සුමෙද තාපසයා තව කල්ප ලක්ශෙකින් බුදුවෙනවා කිවුවෙ නාම ගොත්‍ර බලලා

    සර්වක්ඥ කියන්නෙ සියල්ල එ අයුරින් දන්නවා කියන එක

    බොහොම පිං cooti මහත්තය නිවැරදි කලාට. :)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    අන්තිමට god bless කිව්වට කියන දේවල් බුදු දහමට ගොඩක් අදාලයි සිත වැඩ කරන්නේ කොහොමද ? සිත මනස 2ක්ද ? එකක්ද ? මොලයේ කොයිතරම් ප්‍රමාණයක් අපි භාවිතා කරනවද ?

    සමහර දේවල් කල්පනා කරනකොට දුකක් විදිනකොට ඔලුව රිදීමක් වෙනවා නමුත් ආදරය සතුට දැනෙනකොට හා සමහර දුක් දේ වලදී පපුව ප්‍රදේශයේ දැනීමක් ඇතිවන්නේ කෙසේද ? මේවා පහදන්න පුලුවන්ද?