මේක සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන් පිරුණු කාලයක් පින්වත් Dishta Didin.
සද්ධර්ම ප්‍රති රූපක සුත්‍රයේ බුදු පියාණන් පෙන්වනවා බුද්ධ ශාසනය නැති වෙලා යන්න හේතුවෙන්නේ මිනිසුන්ගේ ප්‍රඥාව අඩුකම.
ඒ නිසාම ධර්මය වගේම පේන ඒවට රැවටෙනවා.
බුද්ධ වචනයට ඌණපූර්ණ දෙන්න පුලුවන්, "තමන්ම අවබෝධ කරගත් කෑලි" බුද්ධ වචනයට එකතු කලාම තේරෙනවා වැඩියි කියලා හිතෙන බක පණ්ඩිත පිස්සෝ පහල වෙනවා. (වහරක, රතුපස්කැටියේ විමුක්තිරතන, වලස්මුලේ අභය, නිවාතාප වගේ හොර ගණයෝ )
බුදුසරණ ලිපිය සාපෙක්ෂව හරියි කියන්න පුලුවන්, නමුත් මට කියන්න තියෙන්නේ බුදු දහමේ හරය තියෙන්නේ අනිත්‍ය , අනාත්ම දුක්ඛ කියන ත්රිලක්ෂණය අවබෝධය ඇතුලේ. ඔබතුමා අනිච්ච හෙවත් අනිත්‍ය, ඒ කියන්නේ අස්තිර බව, එනම් උදය වැය ඥානය අබවෝධ කරගැනීමයි වැදගත්. අනාත්ම, එහෙමත් නැත්නම්, සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගැනීමේ වැරැද්ද අවබෝද කරගැනීමයි වැදගත්. ඒවා අවබෝදවෙනකොට ඔය දැන් තියෙන ප්‍රශ්න නිකන්ම නැති වෙලා යයි.