1, මහත්තය ඔබතුමාට ඔක්කොම ප්‍රශ්න විසඳලා මාර්ගයේ යන එක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇත්තටම වෙන්නේ මාර්ගයේ යනකොට ප්‍රශ්න නැතිවෙන එක, අත්දැකීමෙන් කියන්නේ.
ඔවු එක හරි මාර්ගයට එන්න කලින් එ පුද්ගලයාට මිදෙන මාර්ගයක් හොයන්න හෙතු තෙරිලා තියෙන්න ඔන, ජාති හටගත්තාම ජාති සම්බන්ද පිඩාව නුවනින් තෙරිලා තියෙන්න ඔන, එතකොටයි එ කරදරෙන් අයින් වෙන්න බලන්නෙ, පිඩාවක් තෙරිලා නැති කෙනෙකුට ගැලවෙන්න ඔන කියලා දෙයක් නැ, එහෙම දැනුමක් එනකන් මිදෙන මාර්ගයක් වටහා ගන්න ඔන කමක් නැ, එතකන් ඔහු කරන්නෙ තව තව ලොකෙ ගැන තව තව හොද ලොක ගැන කල්පනා කරන එක විතරයි, දුක පිඩාව දැනෙන්නෙ සැප මදි කියලා සැප පස්සෙ දුවන එක කරන්නෙ
2, ඇත්ත, නමුත් මනස හරියට නිදහස් වෙන එකම ක්‍රමය නිවන් මග වැඩීම විතරයි, එතකං ඔය හැම මනස නිදහස් කිරීමේ වැඩකින්ම කරන්නේ අර බොලේ වතුරෙ ඔබගෙන ඉන්න වැඩේ. එක තැනක් එනව බෝලේ උඩට එන. බෝලේ හිල් කරන එක තමයි කරගන්න ඕනි
ඔවු නමුත් කිසිම දෙකට ඇලුම් නොකර ස්කන්ධ වලින් මිදෙන ක්‍රමය තෙරුම් ගැනිම හො කියා දිම හො ලෙසි නැ, සත්වයො හොයන්නෙ සැප, සැප පස්සෙ යන එක දුකට හෙතුවයි කියලා තෙරුම් ගන්න කැමති නැ ඇහුම්කන් දෙන්නෙත් නැ, දුකට කැමති නැති උනාට දුකට හෙතුව සැපට කැමති, එවගෙම මාර්ගය වැඩිමට කලින් මාර්ගය වැඩෙන දර්ම නියාය අවබොද කරන් ඉන්න ඔන
3, පලවෙනි වාක්යට නම් එකඟ වෙන්න බැහැ මහත්තය නමුත් දෙවන එක නම් හරි. වෙන කොහේවත් ඕනි නැහැ බලන්න මේ forum එක දිහා, මිනිස්සු කොච්චර පෙලීමකින්ද ඉන්නේ තමුන්ගේ මතය හරි අනුන් වැරදියි කියන්න. මේ කෙලෙස නැත්නම් මේ forum එකේ පැවැත්මක් නැහැ. ඔය පොරිසාදය සහ ewijesekara (Harword Bio) වගේ මහත්තුරු ඉන්න පෙලීම කොච්චරද කියල ඔබතුමාට හිතාගන්න පුලවන් ඇති කියල මම හිතනව. ඉඳල හිටල විහිළුවක් කලාට ඒ අය එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ - මේකත් අත්දැකීමෙන් කියන්නේ

. පද පරමයන්ට ධර්මය තේරුම් ගැනීමට හේතු නැහැ. ඔබතුමා වගේ අයට තියෙන විචාර බුද්ධිය ඒ අයට ධර්මතාවයක් ලෙස පිහිටල නැහැ. අපි පාරේ අංග විකල මනුස්සයෙක් දැක්කහම අනුකම්පා කරනව වගේ මේ අයටත් අනුකම්පා කරන්න. මේ අය මානසිකව අංග විකලයි.
හැමොටම වෙලා තියෙන්නෙ, මිදිමට අවශ්‍ය දර්ම නියාය හම්බෙලා නැති කම තමන් අසන්නෙ නිවැරදි දර්මයක්ද නැද්ද තෙරුම් ගන්නත් ඔවුන්ට දැනුමක් තියෙන්න ඔන