චුන්දසූකරයට බණ කිව්වේ නැත්තේ ඇයි කියල නොදන්න උනුත් ඉන්න හින්ද මෙන්න කෙටියෙන්.
බුදුන් හේතුවක් නැතුව කිසි දෙයක් කියල හෝ කරලා නැහැ. චුන්දසූකරය අල්ලපුවැටේ මස් මැරුවත් ඌට බණ කියන්න ගියේ නැත්තේ අවීචියේ කොහොමත් යන්න හිටිය එකාට බණ කියන්න ගියා නම් බුදුන් එක්ක ගේමට ඇවිත් තවත් පහල තියෙන දරුණු ගිණි අපායකට වැටෙන්න වෙන බව බුදුනට වැටහුණු නිසා. චුන්දසූකරය ගැන අනුකම්පාවෙන් තමයි බණ කියන්නේ නොගියේ.
එතකොට අද මම අහල තියෙනවා ඔය එක එක "බඩ්ඩලා" මිනිසුන්ට බනිනව බුදු හාමුදුරුවොත් මෝඝ පුරුෂය වගේ වචන පාවිච්චි කරලා නින්දා කල යුතු තැනදී නින්දා කළා කියල. නමුත් බුදු හාමුදුරුවෝ බඩ්ඩ වගේ කිසිවෙකුට නින්දා කරලා නැහැ. යමෙකුට ලජ්ජා හිතෙන විදියට කතා කළා නම් ඒ පුද්ගලයා ඊළඟ මොහොතේ ධර්මාවබෝධය ලැබුවා. ධර්මය දකින්න නම් අදාළ පුද්ගලයාගේ මානය බිඳින්න කතා කල යුතු නිසා ඔවුන් ගැන අනුකම්පාවෙන්ම තමයි බුදු හාමුදුරුවෝ යම් යම් (අපිට) රළු වචන පාවිච්චි කලේ.
එතකොට බඩ්ඩලා බැනල කවුද ධර්මාවබෝධයට පත් වෙලා තියෙන්නේ. තව තවත් ද්වේශයට පත් වෙනවා මිසක්..