'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආනන්තරිය පාප කර්ම වගේ කරපු අවස්ථා වල නම් ස්ථිරව කිව්වෑකිනෙ කර්මය කියල.

    අනික් අවස්ථා වල නම් අවසානයට ඇතිවෙන චුති සිත බලපාන්නෙ. චුති සිත ගත්තත් චුති සිතත් එක්කො කුසල් සිතක් නැත්තං අකුසල් සිතක්. ඒ කියන්නෙ කර්මයක්නෙ. ඉතිං කර්මය තීරණය කරනව කියල කිව්වෑකි.

    බාහිර බලපෑමක් ගැන මොකක්ද කියන්නේ...?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බාහිර බලපෑමක් ගැන මොකක්ද කියන්නේ...?

    මෙහෙම කිව්වෑකි. මැමත් කෙනෙක් වෙන්න අවශ්‍ය චුති චිත්තය පහල වුනත් දැන් මැමත්ල නැති නිසා මැමත් කෙනෙක් වෙලා ඉපදෙන්න බෑ. ඒ වෙනුවට ගැලපෙන වෙන තැනක තමා ප්‍රතිසන්දි සිත පහල වෙන්න ඕනෙ. එහෙම බැලුවොත් බාහිර බලපෑමක් තියෙනව
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙහෙම කිව්වෑකි. මැමත් කෙනෙක් වෙන්න අවශ්‍ය චුති චිත්තය පහල වුනත් දැන් මැමත්ල නැති නිසා මැමත් කෙනෙක් වෙලා ඉපදෙන්න බෑ. ඒ වෙනුවට ගැලපෙන වෙන තැනක තමා ප්‍රතිසන්දි සිත පහල වෙන්න ඕනෙ. එහෙම බැලුවොත් බාහිර බලපෑමක් තියෙනව

    නෑ ඒක නෙවෙයි මම අහන්නේ... මෙහෙම අහන්නම්.... කෙනෙක් පාරෙ යන කොට හම්බුවෙනවා මිනිහෙක්.... අපි හිතමු ඒ මිනිහ අහක බලාගෙන ඉන්නෙ කියල... ඒ කියන්නේ තමන්ගේ මරණය තමන් කරා එනව කියල මිනිහ දන්නේ නෑ... අර පාරේ යන මිනිහ මරණීය චේතනාවෙන් අර මනුස්සයව මරණවා...

    01. මැරිච්ච එකා බුද්ධාගමේ කෝණය අනුව දුශ්චරිතවත් කෙනෙක් වුණා නම් ඒක මරණ පුද්ගලයාට බලපාන්නේ කොහොමද...?

    02. මැරිච්ච එකා බුද්ධාගමේ කෝණය අනුව සුචරිතවත් කෙනෙක් වුණා නම් ඒක මරණ පුද්ගලයාට බලපාන්නේ කොහොමද...?

    මේං මේ ප්‍රශ්නෙට නං මට පැහැදිලි කිරීම් දෙකකුයි පරස්පර උත්තර දෙකකුයි තියෙනව.

    එකක් අරූ මැරුවෙ සිල්වත් කෙනෙක් නං දුසිල්වත් කෙනෙක් මැරුවට වඩා ඒ පව බලවත් කියන එක.

    අනික සිල්වත් දුසිල්වත් බව කියල දෙයක් වාස්තවිකව පවතිනව කියල ගන්න බෑ, පව තීරණය වෙන්නෙ තමන් නිර්මාණය කරගන්න ලෝකයෙ ඒ මනුස්සය සිල්වත්ද දුසිල්වත්ද කියන එක අනුව කියල.

    මම නං පෞද්ගලිකව පිලිගන්න කැමති වාස්තවික පැවැත්මක් ප්‍රතික්ශේප කරන 2වනි මතේට. බහුතරයක් දෙනා පිලිගන්නෙ නං පලවෙනි මතේ. මම දෙවනි මතේ වෙනුවෙන් නං පෙනී ඉන්නං. පරස්පර නැතුව පලවෙනි මතේ වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් ක්‍රමයක් මට නං තේරෙන්නෑ :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේං මේ ප්‍රශ්නෙට නං මට පැහැදිලි කිරීම් දෙකකුයි පරස්පර උත්තර දෙකකුයි තියෙනව.

    එකක් අරූ මැරුවෙ සිල්වත් කෙනෙක් නං දුසිල්වත් කෙනෙක් මැරුවට වඩා ඒ පව බලවත් කියන එක.

    අනික සිල්වත් දුසිල්වත් බව කියල දෙයක් වාස්තවිකව පවතිනව කියල ගන්න බෑ, පව තීරණය වෙන්නෙ තමන් නිර්මාණය කරගන්න ලෝකයෙ ඒ මනුස්සය සිල්වත්ද දුසිල්වත්ද කියන එක අනුව කියල.

    මම නං පෞද්ගලිකව පිලිගන්න කැමති වාස්තවික පැවැත්මක් ප්‍රතික්ශේප කරන 2වනි මතේට. බහුතරයක් දෙනා පිලිගන්නෙ නං පලවෙනි මතේ. මම දෙවනි මතේ වෙනුවෙන් නං පෙනී ඉන්නං. පරස්පර නැතුව පලවෙනි මතේ වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් ක්‍රමයක් මට නං තේරෙන්නෑ :no:

    ඔන්න ඔතන තමයි මචං උඹලගේ අවුල... උඹ ඔය ඉන්න මත දෙකම බුද්ධාගමේ එක් පදනමක් බිඳ දානව නේද... මැරෙන එකා මොකා වුණත් මරන එකාගේ සිතිවිල්ල නේද තමන්ගේ භවය තීරණය කරන්නේ...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරනවාද...? යමෙක් තවකෙක් මරන කොට ඇතිවන ඔය කර්ම ඵලය හැම වෙලාවකම සමානද...? :confused:

    උබ අහන්නෙ මම හරකෙක් මරනකොට ඇතිවෙන කර්මයයි, උබ හරකෙක් මරන කොට ඇතිවෙන කර්මයයි සමානද කියලද?

    ඒකනම් ප්‍රශ්නෙ උත්තරේ සමාන නෑ කියන එක.

    මොකද උබ හරක මරනකොට ඇතිවෙන 'චේතනාවට' හේතු වෙන තණ්හාව/මෝහය, මම හරකක මරනකොට ඇතිවෙන 'චේතනාවට' හේතුවෙන තණ්හාව/මෝහය ට වඩා වෙනස්.

    කෙලින්ම කිව්වොත් මම හරක මරන්නෙ මස් කන්නම් හා උබ හරක මරන්නෙ ආතල් එකටනම් එතන වෙන කර්මයෙත් වෙනසක් තියනවා. ඒක අපේ තියන අවිද්‍යාවේ ප්‍රමානයට සමානුපාතිකයි.
    රහත්න් වහන්සේ මොකක් කරත් 'කර්මයක්' වෙන්නෙ නැත්තෙ ඒකයි. රහතන් වහන්සේගෙ චේතනාවට හේතුවෙන 'අවිද්‍යාවක්' නෑ.

    ඇත්තටම කිව්වොත් බරපතලම පාපය වන මිත්ථ්‍යාදෘශ්ථිකය අවීචියටම ගිහින් ආනන්තර්‍ය කර්ම කරපු උන්ටත් වඩා පල්ලෙහාටම වැටිල කල්ප විනාශයෙදිවත් ගොඩ ඒකම නැතිවෙන්නෙ ඒකයි.

    මිත්‍යාදෘෂ්ඨිකය, ආනන්තර්ය කර්මයක් තම ජීවිතකාලයෙදි නොකලත් ආනන්තර්ය කර්මයක් කරන්න අවශ්‍ය කරන හේතූන්, ඒ කියන්නෙ 'අධික මෝහය' ඔහු ලඟ තියනව. ඒ නිසා ඒ මෝහය විසින් ඔහුට ඉතාම පහත් අරමුනක් ප්‍රතිසන්ධි සිත ලෙස අරන් දෙනවා. ඉතින් අවීචිය තමා. මොකද ඔවුන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නෙ මේ ජීවිතය මරනයෙන් කෙරවල වෙනව, ආයෙ ඉපදීමක්, කර්මයක් නෑ කියල.
    ඉතින් චුතිසිත මගින් මේ ශරීරයෙන් පිටවෙද්දි ඔවුන් ලැබෙන ඕනෙම අරමුනක් අල්ලගන්න සූදානමෙන් ඉන්නෙ, මොකද ඔවුන් මරණයෙන් පසු ජීවිතයක් විශ්වාස නොකරන නිසා. ඉතින් ඉතාම පහත් ලෙස සලකන අපායෙ ගිනිදැල් දැක්කත් ඔවුන් ඒක මේ මොකද්ද කියල බලන්න අල්ලගන්නවා, එතනින්ම ඔවුන් අවීචියෙ ඉපදෙනවා.
    ඉතින් අවීචියෙන් චුතවෙද්දිත් අර මිත්ත්‍යාදෘෂිටිය තිබ්බොත ආයෙත් අවීචියෙම තමා..:no:.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න ඔතන තමයි මචං උඹලගේ අවුල... උඹ ඔය ඉන්න මත දෙකම බුද්ධාගමේ එක් පදනමක් බිඳ දානව නේද... මැරෙන එකා මොකා වුණත් මරන එකාගේ සිතිවිල්ල නේද තමන්ගේ භවය තීරණය කරන්නේ...

    මොකක්ද අවුල ? එකම දේ ගැන එක එක අයට විවිධ අර්ථකතන තියෙන්න බැරිද ? විද්‍යාවෙම එකම දේ වෙනුවෙන් අර්ථකතන කීයක් නං තියෙනවද. බුදු දහම එක එක අය එක එක විදිහට තේරුම් ගත්ත. ඒ ඒ අය තමන් තේරුම් ගත්තෙ මොන පදනමින්ද ඒ පදනමේ ඉඳන් බුදු දහම ගැන කිව්ව. අපිට කියවන්න ලැබෙන්නෙ එව්වනෙ. අපිට කරන්න පුලුවන් වැඩියෙන්ම සංගත අර්ථදැක්වීම තෝරගන්න එක. මම තෝරගත්ත නලීන් ද සිල්ව කියන අර්ථ දැක්වීම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුනාමිය ආපු වෙලාවෙ ලංකාවෙ මිනිස්සු 30000ක් විතර එකවෙලාවෙ මැරුණ.

    මේක උනේ ඒ මැරුණ අයගෙ කර්මය නිසාද? නැත්නම් මොකක් නිසාද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,301
    1,557
    113
    පේමන්ට් එකේ.
    නෑ ඒක නෙවෙයි මම අහන්නේ... මෙහෙම අහන්නම්.... කෙනෙක් පාරෙ යන කොට හම්බුවෙනවා මිනිහෙක්.... අපි හිතමු ඒ මිනිහ අහක බලාගෙන ඉන්නෙ කියල... ඒ කියන්නේ තමන්ගේ මරණය තමන් කරා එනව කියල මිනිහ දන්නේ නෑ... අර පාරේ යන මිනිහ මරණීය චේතනාවෙන් අර මනුස්සයව මරණවා...

    01. මැරිච්ච එකා බුද්ධාගමේ කෝණය අනුව දුශ්චරිතවත් කෙනෙක් වුණා නම් ඒක මරණ පුද්ගලයාට බලපාන්නේ කොහොමද...?

    02. මැරිච්ච එකා බුද්ධාගමේ කෝණය අනුව සුචරිතවත් කෙනෙක් වුණා නම් ඒක මරණ පුද්ගලයාට බලපාන්නේ කොහොමද...?

    ඔයා කියලා නොකියා කියලා තියෙන්නේ මැරිච්ච කෙනාට කුසල් හෝ අකුසල් හිතක් පහල නොවුනොත් ප්‍රතිසන්ධිය මොනවගේද කියලා. හොදම උදාහරණයක් තමයි මිනිහෙක් දියේ ගිලීම. මිනිහෙක් දියේ ගිලුණම ඒ මිනිහට කුසල් හිතක් හෝ අකුසල් හිතක් හෝ පහල වෙන්නේ නෑ. ඒ වෙලාවේ මොනවත් හිතෙන්නේ නෑ. අත් දෙකයි කකුල් දෙකයි පාවිච්චි කරලා හුස්ම ගන්න එක තමයි ට්‍රයි කරන්නේ. නමුත් මෙතනදි කුසල් හිත් හෝ අකුසල් සිත් පහල වෙන්නේ නෑ.

    මෙහෙම වුණාම ඔහේ පාවෙන ප්‍රතිසන්ධියක් තමයි ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ. නමුත් ඊට පස්සේ තියෙන හත් දවසේ දානය වගේ ඒවා මේ වගේ ප්‍රතිසන්ධියක් ගත්ත අයට ප්‍රයෝජනයක් වෙන්න පුලුවන් හොද භවයක් ලබාගන්න.

    ප.ලි. මැරිච්ච හැම කෙනාටම මෙහෙම වෙනවා කියලා කියන්න බෑ.

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,301
    1,557
    113
    පේමන්ට් එකේ.
    මේං මේ ප්‍රශ්නෙට නං මට පැහැදිලි කිරීම් දෙකකුයි පරස්පර උත්තර දෙකකුයි තියෙනව.

    එකක් අරූ මැරුවෙ සිල්වත් කෙනෙක් නං දුසිල්වත් කෙනෙක් මැරුවට වඩා ඒ පව බලවත් කියන එක.

    අනික සිල්වත් දුසිල්වත් බව කියල දෙයක් වාස්තවිකව පවතිනව කියල ගන්න බෑ, පව තීරණය වෙන්නෙ තමන් නිර්මාණය කරගන්න ලෝකයෙ ඒ මනුස්සය සිල්වත්ද දුසිල්වත්ද කියන එක අනුව කියල.

    මම නං පෞද්ගලිකව පිලිගන්න කැමති වාස්තවික පැවැත්මක් ප්‍රතික්ශේප කරන 2වනි මතේට. බහුතරයක් දෙනා පිලිගන්නෙ නං පලවෙනි මතේ. මම දෙවනි මතේ වෙනුවෙන් නං පෙනී ඉන්නං. පරස්පර නැතුව පලවෙනි මතේ වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් ක්‍රමයක් මට නං තේරෙන්නෑ :no:

    මචන් ප්‍රතිග්‍රාහකයාගේ ගුණ පව හෝ පිනේ බරපතල තේරුම් කරන්න පුලුවන් එක සාධකයක් විතරයි. ඔයා මට මේකට උත්තරයක් දෙන්න...

    බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දෙන දානයද, සැරියුත් හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ට දෙන දානයද වැඩිපුර මහත්ඵල මහානිසංස? (මේක උපකල්පනයක් විතරයි. )
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් ප්‍රතිග්‍රාහකයාගේ ගුණ පව හෝ පිනේ බරපතල තේරුම් කරන්න පුලුවන් එක සාධකයක් විතරයි. ඔයා මට මේකට උත්තරයක් දෙන්න...

    බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දෙන දානයද, සැරියුත් හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ට දෙන දානයද වැඩිපුර මහත්ඵල මහානිසංස? (මේක උපකල්පනයක් විතරයි. )

    ඔය එක දානයක්වත් කිසිම ආනිසංසයක් නෑ. දෙන්නටම කුසල් සිත් ඇතිවෙන්නෑ ක්‍රියා සිත් විතරයි. කිසිම විපාකයක් ලැබෙන්න විදිහක් නෑ :no:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,301
    1,557
    113
    පේමන්ට් එකේ.

    ඔය එක දානයක්වත් කිසිම ආනිසංසයක් නෑ. දෙන්නටම කුසල් සිත් ඇතිවෙන්නෑ ක්‍රියා සිත් විතරයි. කිසිම විපාකයක් ලැබෙන්න විදිහක් නෑ :no:

    ඒක තමයි කිව්වේ උපකල්පනයක් විතරයි කියලා. කෙලෙස් දුරු කරපු උතුමන්ට නැවත ප්‍රතිසන්ධියක් නැති නිසා පවු පින් සිද්ධ වෙන්නේ නෑ. ඒක මාත් දන්නවා. ඒ උපකල්පනය මත උත්තරේ මොකක්ද?
     
    මට ඕන වුණේ ප්‍රතිග්‍රාහකයාගේ ගුණ විතරක් පව පිනේ බරපතල කමට බලපාන්නේ නෑ කියලා පෙන්වන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක තමයි කිව්වේ උපකල්පනයක් විතරයි කියලා. කෙලෙස් දුරු කරපු උතුමන්ට නැවත ප්‍රතිසන්ධියක් නැති නිසා පවු පින් සිද්ධ වෙන්නේ නෑ. ඒක මාත් දන්නවා. ඒ උපකල්පනය මත උත්තරේ මොකක්ද?

    නැවත ප්‍රතිසන්ධියක් නැති නිසා පවු පින් සිද්ධ වෙන්නෑ කියන්නෙ කොහොමද ?
    https://en.wikipedia.org/wiki/Correlation_does_not_imply_causation
    දෙන්නටම කිසිම කුසල් සිතක් ඇතිවෙන්නැත්තං කොහොමද දෙන්නගෙන් කාටද වැඩියෙන් ආනිසංස කියල කියන්නෙ ? :eek:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,301
    1,557
    113
    පේමන්ට් එකේ.
    නැවත ප්‍රතිසන්ධියක් නැති නිසා පවු පින් සිද්ධ වෙන්නෑ කියන්නෙ කොහොමද ?
    https://en.wikipedia.org/wiki/Correlation_does_not_imply_causation
    දෙන්නටම කිසිම කුසල් සිතක් ඇතිවෙන්නැත්තං කොහොමද දෙන්නගෙන් කාටද වැඩියෙන් ආනිසංස කියල කියන්නෙ ? :eek:

    ඔබ හිතන්නේ රහතන් වහන්සේ කෙනෙක් මල් පූජා කරොත් ඒ කුසලයේ ආනිසංස තියෙනවා කියලද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,301
    1,557
    113
    පේමන්ට් එකේ.

    කෙලෙස් දුරු කළා කියන්නේ සංසාර ගමන නැවැත්තුවා කියලා. ඔවුන්ට කුසල් අකුසල් චේතනා පහල වෙන්නේ නෑ. කොටින්ම කුසල් අකුසල් කියන්නේ සංසාරය දික්කරන ඒවා තමයි. ඉතින් නැවත ප්‍රතිසන්ධියක් නැති උත්තමයෙක් පින් කරා කියලා ඒක පිනක් වෙන්නේ නෑ. මොකද උන්වහන්සේලාට කුසල්/අකුසල් සිත් ඇතිවෙන්නේ නෑ.

    මම අදහස් කරේ මහත්ඵල මහානිසංස බාවය තියෙනවා කියලා උපකල්පනය කරොත් වඩාත් ප්‍රබල පූජාව මොකක්ද කියලා විතරයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙලෙස් දුරු කළා කියන්නේ සංසාර ගමන නැවැත්තුවා කියලා. ඔවුන්ට කුසල් අකුසල් චේතනා පහල වෙන්නේ නෑ. කොටින්ම කුසල් අකුසල් කියන්නේ සංසාරය දික්කරන ඒවා තමයි. ඉතින් නැවත ප්‍රතිසන්ධියක් නැති උත්තමයෙක් පින් කරා කියලා ඒක පිනක් වෙන්නේ නෑ. මොකද උන්වහන්සේලාට කුසල්/අකුසල් සිත් ඇතිවෙන්නේ නෑ.

    මම අදහස් කරේ මහත්ඵල මහානිසංස බාවය තියෙනවා කියලා උපකල්පනය කරොත් වඩාත් ප්‍රබල පූජාව මොකක්ද කියලා විතරයි.

    ඔය පූජා දෙකෙන් එකක්වත් එකකටවත් වඩා ප්‍රබල නෑ :no:
    ඒක නිකං හරියට 1x0 ද වැඩියෙන් ලොකු 2x0 ද වැඩියෙන් ලොකු කියල අහනව වගේ. දෙකටම විශාලත්ව සන්සන්දනය කරන්න පුලුවන් අගයක් නෑ :no: ඕන්නං සමානයි කිව්වෑකි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,301
    1,557
    113
    පේමන්ට් එකේ.
    ඔය පූජා දෙකෙන් එකක්වත් එකකටවත් වඩා ප්‍රබල නෑ :no:
    ඒක නිකං හරියට 1x0 ද වැඩියෙන් ලොකු 2x0 ද වැඩියෙන් ලොකු කියල අහනව වගේ. දෙකටම විශාලත්ව සන්සන්දනය කරන්න පුලුවන් අගයක් නෑ :no: ඕන්නං සමානයි කිව්වෑකි.

    අන්න එතනයි වැරදුණ තැන. සැරියුත් මහරහතන් වහන්සේ විසින් බුදු රජාණන් වහන්සේට දානයක් දෙන වෙලාවේදී යම් පමණක් ප්‍රඥාව පහළ වන්නේද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මහ රහතන් වහන්සේට දානයක් පිරිනමන වේලාවේදී උන්වහන්සේගේ සන්තානයේ ඊට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන්, ලක්ෂ කෝටි ගුණයෙන්, අසංඛ්‍ය ගුණයෙන් ප්‍රඥාව පහල වෙනවා. උන්වහන්සේ යමක් පරිත්‍යාග කරන්නේ මේ අසාමාන්ත ප්‍රඥාවෙන් බැවින්. මේ නිසා වැඩිය මහත්ඵල මහානිසංස වෙන්නේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ විසින් දෙනු ලබන දානය.

    රහතන් වහන්සේ කෙනෙක් හා බුදු වරයෙක් සියලු කෙලෙසුන් නැසුවා කියලා දෙදෙනාගේ ගුණ ධර්ම, ප්‍රඥාව සමාන වන්නේ නෑ.

    සැරියුත් හාමුදුරුවෝ විසින් කමහටන් දීපු භික්ෂු නමක් සාර මසක් ඒ භාවනාව වැඩුවත් ප්‍රතිඵලයක් නැතිවෙලා අන්තිමට බුදු හාමුදුරුවෝ ළගට ගිහින් කමටහන් ගත්තම කෙටි කාලයකින් සව් කෙලෙසුන් නසා රහත් වෙලා තියෙනවා.

    චූල පන්ථක තෙරුන්ගේ සහෝදරයා මහාපන්ථක මහ රහතන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුණත් තමන්ගේ සොහොයුරාට ගාථාවක් මතක තියෙන්නේ නැති නිසා ඔබට මහනකමින් ඵලක් නෑ කියලා ගිහිගෙට යන්න කිව්වට, චූල පන්ථක තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ මගපෙන්වීම මත රහත් වුණා.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මචන් ප්‍රතිග්‍රාහකයාගේ ගුණ පව හෝ පිනේ බරපතල තේරුම් කරන්න පුලුවන් එක සාධකයක් විතරයි. ඔයා මට මේකට උත්තරයක් දෙන්න...

    බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දෙන දානයද, සැරියුත් හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ට දෙන දානයද වැඩිපුර මහත්ඵල මහානිසංස? (මේක උපකල්පනයක් විතරයි. )

    මෙහෙම ඇහුවනම් තව තේරෙයි,

    වඩාත්ම මහත්ඵල වෙන්නෙ,

    සෝවාන් කෙනෙක් දානයක් දෙන එකද?
    නැත්තන් අනාගාමී කෙනෙක් දානයක් දෙන එකද?

    ඒකත් confuse වගේ නම්,

    පන්සිල් අරන් දානෙ දෙන එකද? නැත්තං අටසිල් අරන් දානෙ දෙන එකද?

    ඔය ඔක්කොටම උත්තරේට එන්නෙ එකම සාධකයකින්..

    p.s. mama thread eke ithuru tika daannam