'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,109
    847
    113

    ප‍්‍රාණඝාතය අකුසල කර්මයක් වීමට බුදු දහමේ උගන්වල තියෙන කරුණු කීපය සම්පූර්ණ වෙලා තියෙනවා නම් ජීවියෙක් මැරූ පමණන් ඊට අදාල උපරිම කර්මය රැුස්විය යුතුයි. මරණයට ලක් වන පුද්ගලයා කුමන මට්ටමේ ද, ඒ තිරිසනෙක් ද ක්‍ෂුද්‍රයෙක් ද යන්න කිසි විටක අදාල නොවිය යුතුය.

    මම හිතන්නේ ඔයා ලෞකික නිතිය හදාරන එක්කෙනෙක්.

    බුදු දහම ඊට වඩා වෙනස්නේ.

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0

    ඔව් ඉතින් චේතනාව යහපත් නම් - කිසි ප්‍රශ්නයක් නැහැ.

    පොඩි මොහොතකට මරණ හේතුව අමතක කරන්න.

    -> මම මගේ අම්මව මරණවා
    -> මම මගේ අසල්වැසියාව මරණවා

    ඔයාට ඇත්තටම මේ දෙකම හිතේ හට ගන්නේ එක විදියකකටද ?

    ඔව් මචං...

    මට මෙතන තියෙන්නේ අම්මද අසල්වැසියද කියන දේ නෙමෙයි. මට මෙතන තියෙන්නේ වස්තුව පිළිබදව තියෙන් ඇල්ම‍, කැමැත්තම විතරයි. මම ඔය දෙකම කරන්නේ වස්තුව ගැන හිතලා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මම හිතන්නේ ඔයා ලෞකික නිතිය හදාරන එක්කෙනෙක්.

    බුදු දහම ඊට වඩා වෙනස්නේ.

    අයියෝ සල්ලි... මොන ලෞකිකද අහපු දේට උත්තර දෙන්න බැරි නං උඹ මේකට ආවේ ඇයි...?
    නැත්තං උත්තර දීපං... නැත්තං මම දන්නේ නෑ කියන්න නිහතමානි වෙයං... බුදු දහමේ ඉගැන්වීමේ නියතියක් නම් ඒක කොතනටත් පොදුයි නේද...? ලෞකික අලෞකික කියල එතන බෙදිමක් නෑ.... උඹ තර්කයෙන් පැනල යන්න පුහු තර්ක ගේනවා...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් මචං...

    මට මෙතන තියෙන්නේ අම්මද අසල්වැසියද කියන දේ නෙමෙයි. මට මෙතන තියෙන්නේ වස්තුව පිළිබදව තියෙන් ඇල්ම‍, කැමැත්තම විතරයි. මම ඔය දෙකම කරන්නේ වස්තුව ගැන හිතලා.

    ඉතිං ඇල්මයි කැමැත්තයි නැති හින්ද නේද මරල දාන්නේ..
    දැන් උඹ මීට කලින් කිව්වා පුද්ගලයා අනුව ඕක වෙනස් වෙනවා කියල දැන් වෙන දෙයක් කියනවා....
    මචං තරහ වෙන්න එපා උඹට මේ විෂය ගැන අවබෝධයක් නැති බවයි පේන්නේ.... :(

    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    මොනවා උනත් මෙත් සිත් පතුරලා පන්සිල් රැකලා පිo දහම් කරමින් කුසල් වඩමින් ජිවත් වෙන එක තම හොද !!!!!!!!!
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,109
    847
    113
    අයියෝ සල්ලි... මොන ලෞකිකද අහපු දේට උත්තර දෙන්න බැරි නං උඹ මේකට ආවේ ඇයි...?
    නැත්තං උත්තර දීපං... නැත්තං මම දන්නේ නෑ කියන්න නිහතමානි වෙයං... බුදු දහමේ ඉගැන්වීමේ නියතියක් නම් ඒක කොතනටත් පොදුයි නේද...? ලෞකික අලෞකික කියල එතන බෙදිමක් නෑ.... උඹ තර්කයෙන් පැනල යන්න පුහු තර්ක ගේනවා...

    වෙන එක්කෙනෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් හොදයි කියලා හිතෙනවා.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඉතිං ඇල්මයි කැමැත්තයි නැති හින්ද නේද මරල දාන්නේ..
    දැන් උඹ මීට කලින් කිව්වා පුද්ගලයා අනුව ඕක වෙනස් වෙනවා කියල දැන් වෙන දෙයක් කියනවා....
    මචං තරහ වෙන්න එපා උඹට මේ විෂය ගැන අවබෝධයක් නැති බවයි පේන්නේ.... :(

    දැන් උඹ මීට කලින් කිව්වා පුද්ගලයා අනුව ඕක වෙනස් වෙනවා කියල දැන් වෙන දෙයක් කියනවා....

    මම කොහොද බං ඔහොම දෙයක් කියලා තියෙන්නේ. මම අහන්නෙත්

    ප‍්‍රාණ ඝාතය චේතනාවට සාපේක්ෂව වෙනස් වෙන්නේ කොහොමද කියන එකයි.

    එකයි මම අම්මව මරණ එකය අසවැසියව මරණ එකයි ගැනයි උදාහරණයක් විදිහට ගත්තේ. මේ දෙකේදීම මට තියෙන්නේ වස්තුවට තියෙන කැමැත්තම විතරයි. අම්මද අසල්වැසියද කියලා මට වැදගත් නෑ. මගේ අරමුණ වස්තුව ලබාගැනීම විතරයි.

    මෙතන මගේ චේතනාව එක සමානනම් කොහොමද විපාකය දෙයකාරයක් වෙන්නේ කියන එකයි මම අහන්නේ?

    වැදගත්ම දේ මේක තර්කයක් නෙමෙයි. අපහැදිලි ධර්ම කරැණක් පැහැදිලි කරගැනී
    ට කරන උත්සාහයක්ම පමණයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් උඹ මීට කලින් කිව්වා පුද්ගලයා අනුව ඕක වෙනස් වෙනවා කියල දැන් වෙන දෙයක් කියනවා....

    මම කොහොද බං ඔහොම දෙයක් කියලා තියෙන්නේ. මම අහන්නෙත්

    ප‍්‍රාණ ඝාතය චේතනාවට සාපේක්ෂව වෙනස් වෙන්නේ කොහොමද කියන එකයි.

    එකයි මම අම්මව මරණ එකය අසවැසියව මරණ එකයි ගැනයි උදාහරණයක් විදිහට ගත්තේ. මේ දෙකේදීම මට තියෙන්නේ වස්තුවට තියෙන කැමැත්තම විතරයි. අම්මද අසල්වැසියද කියලා මට වැදගත් නෑ. මගේ අරමුණ වස්තුව ලබාගැනීම විතරයි.

    මෙතන මගේ චේතනාව එක සමානනම් කොහොමද විපාකය දෙයකාරයක් වෙන්නේ කියන එකයි මම අහන්නේ?

    වැදගත්ම දේ මේක තර්කයක් නෙමෙයි. අපහැදිලි ධර්ම කරැණක් පැහැදිලි කරගැනී
    ට කරන උත්සාහයක්ම පමණයි.

    :lol::lol::lol::lol: ටහිකේ කිව්වලූ.... කමෙන්ට් එක මාරු වෙලා... සොරි දෙන්නගෙන්ම...

    තර්කය නැති තැන ඉගෙනීමක් නෑ බං... ආගමක සිද්ධාන්තය ඇයි මෙහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කියන එක නේද...?
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    වෙන එක්කෙනෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් හොදයි කියලා හිතෙනවා.

    කෝට් කිරීමේ වරදක්... කියපංකෝ ඔය ලෞකික අලෞකික කියපුවාම බුද්ධාගමේ තියරිය වෙනස් වෙන්නේ කොහොමද කියල.... ඕනම ආගමක ඉගන්වීම පරම සත්‍යයක් කියලනේ කියන්නේ.... එතකොට විෂය අනුව ඕක වෙනස් වෙන්නේ කොහොමද...?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මට ඕකටයි මරණයට ලක් වෙන කෙනා සතෙක්ද මිනිහෙක්ද කියන දේ වැඩක් නෑ උපරිම කර්මය රැස් වෙන්න ඕනෙයි කියන එකට උත්තරයක් තියෙනව දෙන්නද :) හැබැයි ටිකක් වටේ යන්න වෙනව :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට ඕකටයි මරණයට ලක් වෙන කෙනා සතෙක්ද මිනිහෙක්ද කියන දේ වැඩක් නෑ උපරිම කර්මය රැස් වෙන්න ඕනෙයි කියන එකට උත්තරයක් තියෙනව දෙන්නද :) හැබැයි ටිකක් වටේ යන්න වෙනව :sorry:

    මම දිගින් දිගට අහන ප‍්‍රශ්නේ තේරෙනවනං පැහැදිලි උත්තරයක් දෙන්න.... නැත්තං දැන් මේකේ අය වගේ වටේ යන්න එපා... අන්තිමට කෙළ වුණාම ලෞකිකයි, පරගැතියි, අරවයි මේවයි බෑ... එච්චරයි....

    මෙන්න පැහැදිලිවම ප‍්‍රශ්න :

    01. කර්මය රැුස් වීමට ස්වකීය සලායතනවලට පරිබාහිර වූ වෙනත් සාධක බලපානවාද...? ඒ කියන්නේ නිදසුනකට අපි ප‍්‍රාණඝාතයක් ගමු.... ප‍්‍රාණඝාත අකුසල කර්මයට මරණයට බඳුන්වන කෙනාගේ වතගොත මරණ එකාට කර්ම විපාක දීමේ දී බලපානවා ද...?

    02. එලෙස බලපානවා නම් චේතනහං භික්ඛවේ කම්මං වදාමි.... කියන බුද්ධ භාෂිතය එක්ක ඒක පරස්පරයි නේද...?

    03. එලෙස බලපානවා නම් ඔය ලකුණු දීමේ බාහිර බලවේගය සර්වබලධාරි දෙවි කෙනෙක්ද...? මේකට අඩුයි මේකට වැඩියි කියල සරලව කියනවා නම්....
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,109
    847
    113

    දැන් මේකයි වැඩේ.

    මැරුනට පසු යථාර්තය මේ වගේ දෙයක් බව තේරෙන්න ඕනේ.

    සමහර අය පාවිච්චි කරනවා "reverse engineering" කියලා දෙයක්. එතනට යන්න ඕනෑ නැතිනම් reverse engineer කරන්න ඒ යථාර්තය වලක්වන දේවල්.

    ඒකට කරම-විපාක උදව් වෙයි. මෙතනට යන්න අනෙක් ඒවා බලන්න -> Huff Paranormal

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම දිගින් දිගට අහන ප‍්‍රශ්නේ තේරෙනවනං පැහැදිලි උත්තරයක් දෙන්න.... නැත්තං දැන් මේකේ අය වගේ වටේ යන්න එපා... අන්තිමට කෙළ වුණාම ලෞකිකයි, පරගැතියි, අරවයි මේවයි බෑ... එච්චරයි....

    මෙන්න පැහැදිලිවම ප‍්‍රශ්න :

    01. කර්මය රැුස් වීමට ස්වකීය සලායතනවලට පරිබාහිර වූ වෙනත් සාධක බලපානවාද...? ඒ කියන්නේ නිදසුනකට අපි ප‍්‍රාණඝාතයක් ගමු.... ප‍්‍රාණඝාත අකුසල කර්මයට මරණයට බඳුන්වන කෙනාගේ වතගොත මරණ එකාට කර්ම විපාක දීමේ දී බලපානවා ද...?

    02. එලෙස බලපානවා නම් චේතනහං භික්ඛවේ කම්මං වදාමි.... කියන බුද්ධ භාෂිතය එක්ක ඒක පරස්පරයි නේද...?

    03. එලෙස බලපානවා නම් ඔය ලකුණු දීමේ බාහිර බලවේගය සර්වබලධාරි දෙවි කෙනෙක්ද...? මේකට අඩුයි මේකට වැඩියි කියල සරලව කියනවා නම්....

    01. මම පිළිගන්න දර්ශනයට අනුව පරිබාහිර සාධක කියල දෙයක් නෑ. සරලව කියනවනං පුටුව කියල දෙයක් මගෙන් පරිබාහරිව නෑ. මම නැති කලෙකත් මේ පුටුව තියෙනව කියන්න බෑ.

    ඒ අනුව මම පිළිගන්නෙ සියල්ල මගෙ මනස විසින් නිර්මාණය කරගන්න දේවල් විදිහට.

    ඒ අනුව ගත්තාම මරද්දි මරණයට බඳුන් වෙන කෙනාගෙ වතගොත (සිල්වත් භාවය, හොරෙක්ද යන්න) මගෙන් තොරව පවතින්නෑ. ඒ සියල්ල පවතින්නෙ මං තුල. එකම කෙනා කිසිම වෙලාවක දෙන්නෙක් එකම විදිහට දකින්නෑ. මම බොරු කාරයෙක් විදිහට දකින කෙනා තව කෙනෙක් හොඳ අවංක මනුස්සයෙක් විදිහට දකින්න පුලුවන්.

    ඒ අනුව මම නං කියන්නෙ මරණයට ලක් වෙන කෙනා මම නිර්මාණය කරගෙන තියෙන ප්‍රතිරූපයට අනුව හොඳ කෙනෙක්නං ඒ කර්මය බලවත්. බලවත් කිව්වෙ පල්ලෙහා චේදෙ තියෙන සිදුවීමට සාපේක්ශව

    මරණයට ලක්වෙන කෙනා මම නිර්මාණය කරගෙන තියෙන ප්‍රතිරූපයට අනුව නරක කෙනෙක්නං ඒ කර්මය දුබලයි. දුබලයි කිව්වෙ උඩ තියෙන චේදෙ තියෙන සිදුවීමට සාපේක්ශව.

    ඒ ඇරෙන්න ස්වකීය සලායතන වලිං පරිබාහිරව ලෝකයක් තියෙන බව අපිට කියන්න බෑ. එහෙම කියනවනං කොහොමද තමන්ගෙ සලායතන වලිං තොරව දෙයක් තියෙන බව දැනගත්තෙ ? සියල්ල මනසේ නිර්මාණ. ඒත් අපේ තියෙන අවිද්‍යාව නිසා නැති දේවල් ඇති ලෙසට අපි තේරුම් ගන්නව.

    02. නෑ පරස්පර නෑ. උදාහරණයකට මෙහෙම ගන්න. මම මොකක් හරි මතුපිටකට බෝලෙකිං දමල ගහනව. බෝලෙ වැදිල ඒ මතුපිටට හානියක් වෙනව. පැලෙනව හරි එබෙනව හරි දැකගන්න පුලුවන් වෙනසක්.

    දැන් පලවෙනි ප්‍රශ්නය. මම බෝලෙ දමල ගහපු වේගය වුනු හානියට බලපෑවද.
    අනිවාර්යයෙන්ම ඔව්. හිමිං දමල ගැහුවාම අඩු හානියකුත් වේගයෙන් දමල ගැහුවාම වැඩි හානියකුත් වෙනව කියල අපිට පේනව.

    දැන් මංම ඒක ගැන මෙහෙම කියනව. මං දමල ගහපු බෝලෙ ස්කන්ධයත් වුනු හානියට බලපෑව කියල.
    ඒකත් ඇත්ත. වෙන හානියට බෝලෙ ස්කන්ධෙත් බලපෑව.

    ඒ අනුව තීරණය කරන්න පුලුවන් වෙන හානියට එක සාධයකයක් නෙමේ සාධක 2ක්ම බලපාල. බෝලෙ ආපු වේගෙ, බෝලෙ ස්කන්ධය.

    ඒත් කාටවත් කියන්න පුලුවන්ද බෝලෙ වේගෙ හානියට බලපෑව කියල එක තැනක කියල තියෙන නිසා බෝලෙ ස්කන්ධෙ බලපෑව කියන එක පරස්පරයි කියල ? බෑ.

    ඒ වගේ තමා ප්‍රාණඝාතයත්. මරණයට ලක් වෙන කෙනාගෙ ගුණයන් බලපානව. ඒ වගේම චේතනාවත් බලපානව. පරස්පරයක් නෑ.

    මරන්න චේතනාවක් තිබ්බෙ නැත්තං, වැරදිලා නං තුවක්කුව පත්තු වුනේ එතන ප්‍රාණඝාත අකුසලයක් නෑ.
    කොච්චර වේගෙන් බෝලෙ දමල ගැහුවක් බෝලෙට ස්කන්ධයක් නැත්තං කිසිම බලපෑමක් වෙන්නෙ නෑ වගේ.

    මරන්න කොච්චර චේතනාවක් තිබ්බත් මැරුවෙ නැත්තං එතනත් ප්‍රාණඝාත අකුසලයක් නෑ.
    බෝලෙට කොච්චර ස්කන්ධයක් තිබ්බත් වේගයක් නැත්තං කිසිම බලපෑමක් වෙන්නෙ නෑ වගේ.

    03. කිසිම කෙනෙක් කිසිම ලකුණු දීමක් කරන්නෙත් නෑ කල යුතුත් නෑ.

    සරල උදාහරණයකිං මෙහෙම ගමු.

    බෝලයක් උඩ ඉඳන් අතඇරියාම ඒක බිමට වැටෙනව. බෝලෙ අතාරින්නෙ තොච්චර උසක ඉඳන්ද කියන එක මත බෝලෙ පොලොවෙ වදින වේගෙත් වැඩි වෙනව.

    ඒත් අපිට බෝලෙ බිම වදින වේගය වැඩි කරන්නෙ අහවලා කියල කාවවත් පෙන්නුවෑකිද ?

    කර්මයත් ඒ වගේ. එක කර්මයක් බලවත් එක කර්මයක් දුර්වලයි කියල ලකුණු දෙන්න කෙනෙක් අවශ්‍ය නෑ. ඒක කර්මයන්ගේ ස්වභාවය. බුදු හාමුදුරුවො කලේ ඒ ඒ කර්මයන් ඒ ඒ විදිහට ඒ ඒ සාධක මත තීරණය වෙලා විපාක දෙන බව දැකල ඒක තේරුම් ගන්න පහසු වෙන විදිහට චිත්ත චෛතසික කියන සංකල්ප ඇසුරෙන් කියාදීපු එක.
     
    මොනවද මේ කතා... ඔයා කිව්ව වගෙ වටෙන් නෙවෙයි වෙනම කතාවක්...
    මොනවද සාපේක්ෂ කතා.... මම කර්මය බලපාන පුද්ගලයා අනුව නියත පරිසරය කියල තියෙනවා...
    බුදු දහම අනුව සුචරිත, දුස්චරිත කියල.. ඒ වගේම මරණයට ලක්වන පුද්ගලයා විසින් කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වනවා කියන සීමාවේ... ඒ කියන්නේ ඔයා කියන සියලූම සාධක පාලනය වෙන පරිසරයක් තුළ.... ඔයා මොනවදෝ සාපේ්ක්ෂ කතා වගයක් කියනවා... ඒ ලෙවල්වලට ලොජික් ද කලේ....? :lol:

    Oct 13, 2016
    2,675
    276
    0
    01. මම පිළිගන්න දර්ශනයට අනුව පරිබාහිර සාධක කියල දෙයක් නෑ. සරලව කියනවනං පුටුව කියල දෙයක් මගෙන් පරිබාහරිව නෑ. මම නැති කලෙකත් මේ පුටුව තියෙනව කියන්න බෑ.

    ඒ අනුව මම පිළිගන්නෙ සියල්ල මගෙ මනස විසින් නිර්මාණය කරගන්න දේවල් විදිහට.

    ඒ අනුව ගත්තාම මරද්දි මරණයට බඳුන් වෙන කෙනාගෙ වතගොත (සිල්වත් භාවය, හොරෙක්ද යන්න) මගෙන් තොරව පවතින්නෑ. ඒ සියල්ල පවතින්නෙ මං තුල. එකම කෙනා කිසිම වෙලාවක දෙන්නෙක් එකම විදිහට දකින්නෑ. මම බොරු කාරයෙක් විදිහට දකින කෙනා තව කෙනෙක් හොඳ අවංක මනුස්සයෙක් විදිහට දකින්න පුලුවන්.

    ඒ අනුව මම නං කියන්නෙ මරණයට ලක් වෙන කෙනා මම නිර්මාණය කරගෙන තියෙන ප්‍රතිරූපයට අනුව හොඳ කෙනෙක්නං ඒ කර්මය බලවත්. බලවත් කිව්වෙ පල්ලෙහා චේදෙ තියෙන සිදුවීමට සාපේක්ශව

    මරණයට ලක්වෙන කෙනා මම නිර්මාණය කරගෙන තියෙන ප්‍රතිරූපයට අනුව නරක කෙනෙක්නං ඒ කර්මය දුබලයි. දුබලයි කිව්වෙ උඩ තියෙන චේදෙ තියෙන සිදුවීමට සාපේක්ශව.

    ඒ ඇරෙන්න ස්වකීය සලායතන වලිං පරිබාහිරව ලෝකයක් තියෙන බව අපිට කියන්න බෑ. එහෙම කියනවනං කොහොමද තමන්ගෙ සලායතන වලිං තොරව දෙයක් තියෙන බව දැනගත්තෙ ? සියල්ල මනසේ නිර්මාණ. ඒත් අපේ තියෙන අවිද්‍යාව නිසා නැති දේවල් ඇති ලෙසට අපි තේරුම් ගන්නව.

    02. නෑ පරස්පර නෑ. උදාහරණයකට මෙහෙම ගන්න. මම මොකක් හරි මතුපිටකට බෝලෙකිං දමල ගහනව. බෝලෙ වැදිල ඒ මතුපිටට හානියක් වෙනව. පැලෙනව හරි එබෙනව හරි දැකගන්න පුලුවන් වෙනසක්.

    දැන් පලවෙනි ප්‍රශ්නය. මම බෝලෙ දමල ගහපු වේගය වුනු හානියට බලපෑවද.
    අනිවාර්යයෙන්ම ඔව්. හිමිං දමල ගැහුවාම අඩු හානියකුත් වේගයෙන් දමල ගැහුවාම වැඩි හානියකුත් වෙනව කියල අපිට පේනව.

    දැන් මංම ඒක ගැන මෙහෙම කියනව. මං දමල ගහපු බෝලෙ ස්කන්ධයත් වුනු හානියට බලපෑව කියල.
    ඒකත් ඇත්ත. වෙන හානියට බෝලෙ ස්කන්ධෙත් බලපෑව.

    ඒ අනුව තීරණය කරන්න පුලුවන් වෙන හානියට එක සාධයකයක් නෙමේ සාධක 2ක්ම බලපාල. බෝලෙ ආපු වේගෙ, බෝලෙ ස්කන්ධය.

    ඒත් කාටවත් කියන්න පුලුවන්ද බෝලෙ වේගෙ හානියට බලපෑව කියල එක තැනක කියල තියෙන නිසා බෝලෙ ස්කන්ධෙ බලපෑව කියන එක පරස්පරයි කියල ? බෑ.

    ඒ වගේ තමා ප්‍රාණඝාතයත්. මරණයට ලක් වෙන කෙනාගෙ ගුණයන් බලපානව. ඒ වගේම චේතනාවත් බලපානව. පරස්පරයක් නෑ.

    මරන්න චේතනාවක් තිබ්බෙ නැත්තං, වැරදිලා නං තුවක්කුව පත්තු වුනේ එතන ප්‍රාණඝාත අකුසලයක් නෑ.
    කොච්චර වේගෙන් බෝලෙ දමල ගැහුවක් බෝලෙට ස්කන්ධයක් නැත්තං කිසිම බලපෑමක් වෙන්නෙ නෑ වගේ.

    මරන්න කොච්චර චේතනාවක් තිබ්බත් මැරුවෙ නැත්තං එතනත් ප්‍රාණඝාත අකුසලයක් නෑ.
    බෝලෙට කොච්චර ස්කන්ධයක් තිබ්බත් වේගයක් නැත්තං කිසිම බලපෑමක් වෙන්නෙ නෑ වගේ.

    03. කිසිම කෙනෙක් කිසිම ලකුණු දීමක් කරන්නෙත් නෑ කල යුතුත් නෑ.

    සරල උදාහරණයකිං මෙහෙම ගමු.

    බෝලයක් උඩ ඉඳන් අතඇරියාම ඒක බිමට වැටෙනව. බෝලෙ අතාරින්නෙ තොච්චර උසක ඉඳන්ද කියන එක මත බෝලෙ පොලොවෙ වදින වේගෙත් වැඩි වෙනව.

    ඒත් අපිට බෝලෙ බිම වදින වේගය වැඩි කරන්නෙ අහවලා කියල කාවවත් පෙන්නුවෑකිද ?

    කර්මයත් ඒ වගේ. එක කර්මයක් බලවත් එක කර්මයක් දුර්වලයි කියල ලකුණු දෙන්න කෙනෙක් අවශ්‍ය නෑ. ඒක කර්මයන්ගේ ස්වභාවය. බුදු හාමුදුරුවො කලේ ඒ ඒ කර්මයන් ඒ ඒ විදිහට ඒ ඒ සාධක මත තීරණය වෙලා විපාක දෙන බව දැකල ඒක තේරුම් ගන්න පහසු වෙන විදිහට චිත්ත චෛතසික කියන සංකල්ප ඇසුරෙන් කියාදීපු එක.

    Holy Fuck! :shocked: :shocked: :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනවද මේ කතා... ඔයා කිව්ව වගෙ වටෙන් නෙවෙයි වෙනම කතාවක්...
    මොනවද සාපේක්ෂ කතා...‍ෙ මම කර්මය බලපාන පුද්ගලයා අනුව නියත පරිසරය කියල තියෙනවා...
    බුදු දහම අනුව සුචරිත, දුස්චරිත කියල. ඒ වගේම මරණයට ලක්වන පුද්ගලයා විසින් කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වනවා කියන සීමාවේ... ඒ කියන්නේ ඔයා කියන සියලූම සාධක පාලනය වෙන පරිසරයක් තුළ.... ඔයා මොනවදෝ සාපේ්ක්ෂ කතා වගයක් කියනවා... ඒ ලෙවල්වලට ලොජික් ද කලේ....? :lol:

    මරණයට ලක්වෙන පුද්ගලය කිසිඳු ප්‍රතිචාරයක් දක්වන්නෑ කියන එකෙං අදහස් කලේ මොකක්ද ? මරණයෙන් බේරෙන්න ගහන්න හදන්නෙ, දුවන්න හදන්නෙ නෑ කියන එකද ?
    නැත්තං ගහපු ගමං එක පාරින් කෑගහන්නෙවත් නැතුව එහෙම්මම වැටෙනව කියන එකද ?

    මොකක්ද සාපේක්ශ කතා වගයක් කියවනව කියන එකෙං අදහස් කලේ ? මම කිව්වෙ එකම පුද්ගලයාව දෙන්නෙක් දකින්නෙ දෙවිදිහකට. X දකිනව A සිල්වත් පුද්ගලයෙක් කියල. Y දකිනව A බොරු කාරයෙක් කියල. ඒ දැනුම ප්‍රාණඝාතයේ බලවත් බව දුබල බව තීරණය කරනව කියලයි කෙටියෙන් කිව්වෙ. මොකක්ද එතන තියෙන ප්‍රශ්නය ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මරණයට ලක්වෙන පුද්ගලය කිසිඳු ප්‍රතිචාරයක් දක්වන්නෑ කියන එකෙං අදහස් කලේ මොකක්ද ? මරණයෙන් බේරෙන්න ගහන්න හදන්නෙ, දුවන්න හදන්නෙ නෑ කියන එකද ?
    නැත්තං ගහපු ගමං එක පාරින් කෑගහන්නෙවත් නැතුව එහෙම්මම වැටෙනව කියන එකද ?

    මොකක්ද සාපේක්ශ කතා වගයක් කියවනව කියන එකෙං අදහස් කලේ ? මම කිව්වෙ එකම පුද්ගලයාව දෙන්නෙක් දකින්නෙ දෙවිදිහකට. X දකිනව A සිල්වත් පුද්ගලයෙක් කියල. Y දකිනව A බොරු කාරයෙක් කියල. ඒ දැනුම ප්‍රාණඝාතයේ බලවත් බව දුබල බව තීරණය කරනව කියලයි කෙටියෙන් කිව්වෙ. මොකක්ද එතන තියෙන ප්‍රශ්නය ?

    උඹට සිංහල තේරෙන්න නැති ගතියක් තියෙනවා වගේ... එකම දේ පුල පුලා අහන්න වෙනවනේ... මගේ කතාවට සාපේකෂ දෙයක් නෑනේ... මොකක්ද ආගමකට සාපේක්ෂ අර්ථයක් නෑ... ඒක තමයි පළවෙනි කාරණේ... හරි මම කලින් ගත්ත උදාහරණේ ආයෙත් ගන්නම්...

    අමල් ගමනක් යනවා.... අමල් දකිනවා අජිත් පාරේ කොනක ඉන්නවා... අමල්ට අජිත් මැරීමේ චේතනාව එනවා... අමල් හෙමිහිට හෙමිහිට අජිත්ට ලං වෙනවා (ප්ලෑන් කරනවා), ඊට පස්සේ එකවරම අජිත්ට පොලූ පහරක් දෙනවා එතනම මැරෙනවා... හරි,

    අජිත් යනු බුදු දහමේ දෘෂ්ටිකෝණයෙන් සුචරිතවාදි මනුෂ්‍යයෙක් වුණා නම් හෝ අජිත් බුදුදහමේ දෘෂ්ටි කෝණයෙන් දුස්චරිතවත් පුද්ගලයෙක් නම් අමල්ට ප‍්‍රාණඝාතය උදෙසා රැුස්වන විපාකය එකිනෙකට වෙනස් ප‍්‍රමාණයක් වෙනවාද නැද්ද...?
     
    ආගමකට සාපේක්ශ අර්ථයක් නෑ කියන තැනම පට්ට වැරදියි. හැම දේකටම තියෙන්නෙ සාපේක්ශ අර්ථක්. එකම පුටුව වත් දෙන්නෙක් එකම විදිහට තේරුම් ගන්නෑ. ඉස්සෙල්ල ඒ වැරැද්ද නිවැරදි කරගන්න ඕනෙ. නැත්තං මෙතන හෙන පැටලුං තොගයක් හැදෙනව.

    ඔය අමල් අජිත් කතාව මෙහෙම කියන්නංකො එතකොට තේරෙයි.

    X ගමනක් යනවා.... X දකිනවා අජිත් පාරේ කොනක ඉන්නවා... Xට අජිත් මැරීමේ චේතනාව එනවා... X හෙමිහිට හෙමිහිට අජිත්ට ලං වෙනවා (ප්ලෑන් කරනවා), ඊට පස්සේ එකවරම අජිත්ට පොලූ පහරක් දෙනවා එතනම මැරෙනවා

    Y ගමනක් යනවා.... Y දකිනවා අජිත් පාරේ කොනක ඉන්නවා... Yට අජිත් මැරීමේ චේතනාව එනවා... Y හෙමිහිට හෙමිහිට අජිත්ට ලං වෙනවා (ප්ලෑන් කරනවා), ඊට පස්සේ එකවරම අජිත්ට පොලූ පහරක් දෙනවා එතනම මැරෙනවා

    X අජිත් ගැන දන්නෙ අජිත් මෙලෝ සිල්වත් භාවයක් නැති කෙනෙක් විදිහට

    Y අජිත් ගැන දන්නෙ හොඳ සිල්වත් කෙනෙක් විදිහට

    Y ට වෙන පව වැඩියි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උඹට සිංහල තේරෙන්න නැති ගතියක් තියෙනවා වගේ... එකම දේ පුල පුලා අහන්න වෙනවනේ... මගේ කතාවට සාපේකෂ දෙයක් නෑනේ... මොකක්ද ආගමකට සාපේක්ෂ අර්ථයක් නෑ... ඒක තමයි පළවෙනි කාරණේ... හරි මම කලින් ගත්ත උදාහරණේ ආයෙත් ගන්නම්...

    අමල් ගමනක් යනවා.... අමල් දකිනවා අජිත් පාරේ කොනක ඉන්නවා... අමල්ට අජිත් මැරීමේ චේතනාව එනවා... අමල් හෙමිහිට හෙමිහිට අජිත්ට ලං වෙනවා (ප්ලෑන් කරනවා), ඊට පස්සේ එකවරම අජිත්ට පොලූ පහරක් දෙනවා එතනම මැරෙනවා... හරි,

    අජිත් යනු බුදු දහමේ දෘෂ්ටිකෝණයෙන් සුචරිතවාදි මනුෂ්‍යයෙක් වුණා නම් හෝ අජිත් බුදුදහමේ දෘෂ්ටි කෝණයෙන් දුස්චරිතවත් පුද්ගලයෙක් නම් අමල්ට ප‍්‍රාණඝාතය උදෙසා රැුස්වන විපාකය එකිනෙකට වෙනස් ප‍්‍රමාණයක් වෙනවාද නැද්ද...?

    good question... you simplified the question. means answer should be simplified too.

    උත්තරෙ.. නෑ.. අමල්ට රැස් වෙන්නෙ සමාන කර්මයක්..අවස්ථා දෙකේදිම..

    දැන් උබට තව ප්‍රශ්න එන්න ඕනෙ..:D