කර්මය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,704
    113
    33
    Kalutara
    බුඩිස්ට් ෆිලොසොෆි හැටියට පෙර බවයක් කියල දෙයක් නෑ. කර්මය ගැන හොයන්න කලින් අඩුම තරමේ මූලික ධර්ශනේ ඉගෙන ගනින්

    පෙර ආත්මය කියල දෙයක්නේ නැත්තේ, පෙර භවය කියන දේ තියෙනවනේ. එහෙමයි මම නම් අහලා තියෙන්නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    1. යම් සිදුවීමක් කර්මය නිසාම උනා කියල දැනගන්න ක්‍රමයක් තියෙනවද ?

    සාමන්‍ය අයට බෑ, මේක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට තියෙන හැකියාවක් නේද?

    2. පෙර භව වල කරපු කර්ම වලින් අත්මිදෙන්න පුලුවන්ද ?

    පුළුවන්, ඔක්කොගෙන්ම මිදෙන්න බෑ... සෝවාන් වෙනවත් එක්කම ගොඩක් කාර්ම අහෝසි වෙනවා (සතර අපායේ උපදින වගේ ඒවා), හැබැයි බුදුරජාණන් වහන්සේටත් කර්ම නිසා සිදුවෙච්ච දේවල් තියෙනවා...

    සෝවාන් උනාම තම ගොඩක් කර්ම අපෙන් වෙන්නේ නෑ කියන එක ගැරන්ට් කරන්නේ.. ඒ කිවේ ආනන්තර්ය පාපකර්ම වගේ දේවල්.. බුදු, පසේබුදු , මහරහත් උතුමන්ගෙන් විතරයි කාර්ම රැස් කිරීමක් වෙන්නේ නැත්තේ...

    3. ඒ විදිහට යම් පිළිවෙත් කරලා කර්ම අහෝසි කරගත්ත අත්දැකීම් තියෙනවද?

    මේකනම් දන්නේ නෑ
     
    • Like
    Reactions: Fiona Dabare

    nipund

    Well-known member
  • May 17, 2007
    780
    1,081
    93
    Y=MX

    X = නව දත්තය/සිද්ධිය

    M= ඇත්ත කියලා හිතන් ඉන්න මතය/දෘශ්ටිය

    Y=MX

    Y = අත්දැකීම



    උදාහරණයක් ගත්තොත්!



    X = රැවුල වවන් ඉන්න තරුණයෙක්

    M= රැවුල වවන් ඉන්නෙ රස්තියාදු කාරයො

    Y=MX

    Y= රස්තියාදු කාර කොල්ලෙක්



    X = රැවුල වවන් ඉන්න තරුණයෙක්

    M= රැවුල වවන් ඉන්නෙ පට්ට dial

    Y=MX

    Y= එල කොල්ලෙක්



    ලස්සනම වැඩෙ ඔය Y එකෙ අගය ඊලග M එකේ අගය වෙනස් කරනවා



    X = තරුණයා හිනා වෙනවා

    M= රස්තියාදු කාරයෙක්(කලින් හිතුන දේ)

    Y=MX

    Y= හොර හිනාවෙ කැත



    X = තරුණයා හිනා වෙනවා

    M= එල කොල්ලෙක්(කලින් හිතුන දේ)

    Y=MX

    Y= පට්ට හිනාව



    M ශුන්‍ය භාවයෙන් හමු උනොත් ,

    උදාහරණයකට බොක්කෙන්ම තේරුනොත් මිනිස්සු බාහිරෙන් මනින්න බෑම කියලා



    X= රැවුල වවන් ඉන්න තරුණයා

    M= බාහිර පෙනුම අදාල නැත

    Y=MX

    Y= මනුස්සයෙක්

    🙂





    අත්දැකීම (Y) ලැබෙන්නෙම රැස් වෙලා තියන M අනුවමයි. (කර්මය )

    අත්දැකීම (Y) , දෘශ්ටිය(M) ස්ථාවර කරනවා.

    දෘශ්ටිය හේතුවක් වෙනවා අත්දැකීමට, අත්දැකීම හේතුවක් වෙනවා දෘශ්ටියට .

    M (දෘශ්ටිය ) වෙනම අහුවෙන්නෙ නෑ.



    අත්දැකීමට සිහිය තිබ්බොත් M වෙනස් වෙන හැටි පොඩ්ඩක් පේන්න පුලුවන්.සිහිය කියන අත්දැකීම (Y) පෙන්නලා දුන්නොත් M සකස් වෙවි වෙවි තියෙන්නේ ස්ථාවර නෑ ,හිස් කියලා

    එදාට Y (අත්දැකීම ) , M ගෙවන්න input දෙනවා. M , Y ගෙවලා දානවා 😁
     
    • Like
    Reactions: Fiona Dabare

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    karma.jpeg

    කර්මය ගැන කට්ටියගේ අදහස් දැනගන්න කැමති. කර්මය කියන්නේ නියාම ධර්ම වලින් එකක් විතරයිනේ.

    1. යම් සිදුවීමක් කර්මය නිසාම උනා කියල දැනගන්න ක්‍රමයක් තියෙනවද ?
    2. පෙර භව වල කරපු කර්ම වලින් අත්මිදෙන්න පුලුවන්ද ?
    3. ඒ විදිහට යම් පිළිවෙත් කරලා කර්ම අහෝසි කරගත්ත අත්දැකීම් තියෙනවද?

    1. අභිඥාලාභියෙකුට පුලුවන්
    2. යටපත් කරහැකි කුසල් කරල
    3. අහෝසි කරන්ඩ නන් බෑ නිවන් දැකල මිස..යටපත් කරපු අවස්ථා නන් තියෙනව අනුරුද්ධ තෙරුණ්ගෙ නැගණියගෙ කතාව වගේ..
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,252
    2,101
    113
    රහත් උනාට කර්ම විපාකෙන් මිදෙන්න බෑ. මුගලන් මහ රහතන් වහන්සේට රහත් වෙලත් කර්මය පඩිසන් දුන්නා.

    සත්වයෙක් පුද්ගලයෙක් කියල ගන්න දෙයක් නැ, මේ සියල්ල සන්සකාර / ස්කන්ද ක්‍රියාවලියක් කියල අවබොදයක, කර්මය බාරගන්නෙ කවුද?

    අපිට මුගලන් හාමුදුරුවො කෙනෙක් කියල පුද්ගලයෙක් හිටියට, "මුගලන්" හාමුදුරුවොට එහෙම කෙනෙක් නැ..
     
    • Like
    Reactions: Fiona Dabare

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,640
    5,779
    113
    KALUTHARA
    1. අභිඥාලාභියෙකුට පුලුවන්
    2. යටපත් කරහැකි කුසල් කරල
    3. අහෝසි කරන්ඩ නන් බෑ නිවන් දැකල මිස..යටපත් කරපු අවස්ථා නන් තියෙනව අනුරුද්ධ තෙරුණ්ගෙ නැගණියගෙ කතාව වගේ..

    Mona wagw kusal da

    Everything is pre destined.parents,marriage and death

    ara nadi wakya wageda
    ------ Post added on Oct 9, 2024 at 12:03 AM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සත්වයෙක් පුද්ගලයෙක් කියල ගන්න දෙයක් නැ, මේ සියල්ල සන්සකාර / ස්කන්ද ක්‍රියාවලියක් කියල අවබොදයක, කර්මය බාරගන්නෙ කවුද?

    අපිට මුගලන් හාමුදුරුවො කෙනෙක් කියල පුද්ගලයෙක් හිටියට, "මුගලන්" හාමුදුරුවොට එහෙම කෙනෙක් නැ..

    sowan wenna mokakd krnne one?
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,252
    2,101
    113
    sowan wenna mokakd krnne one?

    කල්යාන මිත්‍ර අශ්‍රය
    දර්මය ශ්‍රවනය
    යෝනිසෝ මනසි කාරය
    දම්මානු දම්ම ප්‍රතිපදාව

    කෙටියෙන් කිව්වොත්, අරි අට මග,

    => සතිපට්ටානය