කර්මවාදය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නෑ නෑ කර්ම ගැන කියන කිව්වේ මේ ‍මේ දවස් වල තිරගත වන කර්ම චිත්‍රපටිය ගැන නෙවෙයි

    ඔන්න එහෙනම් පාඩම පටන් ගන්නයි යන්නේ


    කර්ම කියලා කියන්නේ සංස්කෘත වචනයක්
    කම්ම කියන පාලි වදන ද ඊට සමාන අර්ථයක් දෙනවා
    මෙහි වචානාර්ථ වශයෙන් තේරුම් කිහිපයක් වෙනවා

    1.ක්‍රියාව
    2.ප්‍රතිවිපාක දෙන ක්‍රියාව
    3.ඉරණම

    මෙයින් මුල් තේරුම සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති දෙයක්
    දෙවන හා තුන්වෙනි තේරුම් කර්මවාදය නම් ආගමික සංකල්පයයි
    ඉපැරණි චීන ආගමක් වූ තාඕ දහමෙහි මූලග්‍රන්ථයන්හි කර්මවාදයට සමීප ඉගැන්වීමක් ඇත
    හොදක් කරන්නා හොන්ද ප්‍රතිඵලද
    නරකක් කරන්නාට නරක ප්‍රතිඵලද අත්වෙනු ඇත යන්න එහි පිලිගෙන ඇත
    කෙසේ නමුත් තාඕ වාදයේ එන කර්ම සංකල්පය විස්තරාත්මක ‍නොවේ
    කර්මය පිලිබදව විස්තරාත්මකව හැදෑරීමක් සදහා ඉන්දියානු සම්භාව්‍ය ආගම් වෙතට යොමු විය යුතුයි

    බුදු දහම

    ජෛනාගම

    හින්දු දහම
    යන ආගම් තුනෙහි කර්මය පිලිබදව විස්තරාත්මකව කරුණු ඇත

    මෙහිදී මා සාකච්ජා කරනුයේ බුදු දහම සම්බන්ධව පමණි

    අද බොහෝ දෙනෙක් කර්මය ගැන වැරදි වැටහීමෙන් සිටිති.
    සමහරු කර්මය විශ්වාස නොකරති
    විශ්වාස කරන අයද වැරදි මතවල එල්බ සිටිති
    කර්මය පිලිබදව පොදු ජනයාගේ අවබෝධය කොතෙක් ව්‍යාකූලද යත් කර්මයට පිලියම් නැතැයි කියා ඕනෑම ‍ඇබැද්දියකදී වෙන දෙයක් වෙන්නට දී බලා සිටින අය කොතෙකුත් අප සමාජයේ ඇත



    කර්මය පිලිබදව මූලික බෞද්ධ ඉගැන්වීම් මෙසේයි

    1. කර්මය යනු හොන්ද හෝ නරක ක්‍රියාවකි.
    2.කර්මය මතු විපාක ගෙන දෙයි
    3.මතු විපාක සකස් වන්නේ කර්මය සිදුකරද්දී තිබූ චේතනාවට අනුරූපිතවයි.
    4 මතු උපතක් ගෙන දීමේදී කර්මය තීරණාත්මක සාධකයක් ලෙස කියා කරයි
    5.කර්මය සත්ත්වයා බෙදීමට ලක්කරයි.
    6.ජීවිත කාලය තුලදී කර්මය වරින් වර ඉදිරියට පැමිණ පුද්ගලයාට බලපෑම් කරයි.
    7.කර්මය මනසට බලපෑම් කරයි.
    8.කර්මය ස්වාභාවධර්මයට බලපෑම් කරයි.
    9.කර්මයකින් තවත් කර්මයක් වැසිය හැක
    10. බහුලව හොන්ද දේ කිරීමේන නරක දේ වසා දැමිය හැක.
    11.කල කර්ම වලින් කොටසක් මෙලොවදීම භුක්ති විදිය හැක
    12.සමහර කර්ම සමා කල හැකිය.
    13.කර්ම විපාකය සත්ත්වයා පසු පස එලාවා ගෙන පැමිණ සුදුසු විට ක්‍රියාත්මක වෙයි
    14. විපාක දීමට පෙර කර්මය මෝරා වැටෙයි.
    15.රහත් වීමෙන් පසු කර්ම සිදු නොකෙරේ.
    16.කර්මවාදයේ ගැඹුරු තැන් බුදුන්ට පමණක් වැටහේ.

    මේවායේ සවිස්තරාත්මක විස්තර ප්‍රතිචාර අනුව ලබා දේ
     
    • Like
    Reactions: prageeth119lk

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දැන් ඉතින් සුපිරුදු පරිදි ඔබේ ප්‍රතිචාර ලබාදෙන්න
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මා නූ ල දැම් මේ වැරදි වේලාවක යැයි සිතේ
    හෙට පෝය දින
    යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    30 ක් විතර බලලා ගිහින්
    එක කමන් ටුවක් වත් නෑ

    හැබැයිි මං මෙතන හම්බයින්ට බැනලා පින්තූර දාලා තොවිලයක් නැටුවනම් ජාති ආලය තියන පොරවල් ටික පිටු පිරෙන්න කමන්ට් කරයි
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං දාපු ගණිකාවෝ ගැන තෙඩ් එකට ‍කමින්ටු 130ක් විතර දිලා

    මේකට දෙකයි
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    1)
    9.කර්මයකින් තවත් කර්මයක් වැසිය හැක
    අකුසල කර්මයක් කුසල කර්මයකින් වෑසිය හකිද?
    හකි නම් උදාහරන ලබ දෙන්න,ජතක කතවකින් හො එවනි උදාහරනයක් නම් වද උචිත වේ.
    සියලුම අකුසල කර්ම එසේ වසිය හෑකිද?(ආනත්තරිය අකුසල කර්ම හෑර )

    2)
    12.සමහර කර්ම සමා කල හැකිය.

    උදාහරන සහිතව පහදිලි කරන්න.ජාතක කතවක් හො එවනි උදාහරනයක් ලබ දෙන්න

    3
    14. විපාක දීමට පෙර කර්මය මෝරා වැටෙයි.

    එසෙ නම් අප විසින් පසුගිය ආත්ම වලදි කරන ලද අකුසල කර්ම මුලින් ගෙව දෑමීම කල උතු නේද?
    නති නම් එවා වර්දනය වී වඩාත් විශාල අකුසල කර්ම බවට පත් වීමට හකි නේද?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    12 සමහර කර්ම සමා කල හැකිය

    අංගුත්තර නිකායේ දැක්වෙන පරිදි පාප කර්ම වර්ග දෙකකට බෙදිය හැක.

    1 පිලයම් කල හැකි වැරදි
    2 පිලියම් කල නොහැකි වැරදි

    පිලියම් කල නොහැකි වැරදි ඇත්තේ 5කි

    1. මව මැරීම
    2. පියා මැරීම
    3. රහතන් වහන්සේ මැරීම
    4 බුදුන්ට පහරදී තුවාල කිරීම
    5. සංඝයා භේද කිරීම

    මෙම වැරදි පහ හැර අන් ඕනෑම වරදක් සමා කල හැකිය
    පිලියම් කල හැකිය
    එහි දරුණු විපාකයෙන් මිදිය හැක

    1. බහුලව හොන්ද දේ කිරීමෙන්
    2. වරද නැවත නොකිරීමෙන්
    3. තමා අතින් වරදක් වූ බව පිලිගැනීමෙන්
    4. වරදට භාජනය වූ අය සමා කරගැනීමෙන්

    යන කරුණු මගින් පව් සමා කරගත හැකි බව සූතු දේශන වල සදහන් වේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    14 විපාක දීමට පෙර කර්මය මෝරා වැ‍ඩෙයි

    වරක් එක් පුද්ගලයෙක් බුදුන් ඉදිරියට පැමිණ ඉතා වැදගත් ප්‍රශ්නයක් විමසුවේය

    සමහරු බොහෝ පව් කරති. එහෙත් ඒවා විපාක දෙන බවක් පෙනෙන්නට නම් නැත.සමහරු බොහෝ සේ පින් කරති. ඒත් ඒවා විපාක දෙන බවක් නම් පෙනෙන්නට නැත.

    මෙම ප්‍රශ්නය අසා සිටි බුදුහු පෙරළා ප්‍රශ්න කරති

    කිරි දොවා ගත් විගස මිදෙයිද

    නැත ඊට කාලය අවශ්‍ය වේ
    මිනිසා පිලිතුරු දෙයි

    කර්ම විපාකයද එසේමය
    කර්ම විපාකයන් විපාක දීමට පෙර මෝරා වැඩෙයි ඊට කාලයක් ගතවේ
    යනුවෙන් බුදුහු ඊට හේතු දක්වා සිටිති

    එබැවින් අප විසින් කග හොන්ද නරක ‍එවේලේම විපාක දේ යැයි නොසිතිය යුතුය. අපටද නොදැනී කර්මය මුහුකුරා වැඩෙයි.
    සුදුසු මොහොත තෙක් ප්‍රකට නොවෙයි.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    9 කර්මයකින් කර්මයක් වසා දැමිය හැක

    අප කරන එක් නරක දෙයකින් අපගේ සියලු හොන්ද වැඩ වල ප්‍රතිඵල නොලැබී යා හැකිය
    බුදුන් කල විසූ අජාසත් රජ සෝවාන් වීමට තරම් පින් ඇතිව උපන් අයෙකි
    හෙතෙම රාජ්‍ය‍ ලෝභයෙන් සිය පියා මරා දමා අපායට නියම වූයේය.
    අජාසත් කල පාප කර්මය නිසා ඔහු කල පින් පලදීම ඇනහිටි බව පැහැදිලිය

    අප කරන හොන්ද එක දෙයකින් අපගේ අභාග්‍ය සම්පන්න ඉරණම වළකා ලිය හැකිය
    බුදුන් කල එක් මාලාකාරයෙකුට මල්ලිකා නම් වූ ඉතා අවලස්සන දියිණියක් විය
    දිනක් ඇය මල් නෙලන්නට කැලයට ගොස් සිටින කල දැහැන් සුවයෙන් මිදී පිඩු පිණිස වඩින බුදුන් වහන්සේ තමා අසලට එනු දැක්කාය.
    බුදුන්ට පූජා කිරීමට තරම් රසවත් දෙයක් ඈ සතුව නොවීය
    එසේ වුවද දිවා ආහාරයට නිවසින් ගෙනා සහල් කුඩුවලින් තැනූ රොටී කිහිපය ඕ බුදුන්ට පූජා කලාය
    මල්ලිකාගේ පූජාව භාරගත් බුදුහු අනපේක්ෂිත ලෙස සිනහ පහල කලාය
    මල්ලිකාව එතනින් ඉවත්ව ගිය පසු ආනන්ද තෙරණුවෝ සිහනහ පහල කිරීමට හේතු විචාළහ

    මල්ලිකාව කළ සුළු පරත්‍යාගයේ තරම අදම ඔබට බලාගත හැකියි
    මේ පින් බලයෙන් ඕ අදම කොසොල් රට අගමෙහෙසිය වෙයි
    මා සිනා පහල කලේ එබැවිනි
    යනුවෙන් බුදුහු පිලිතුරු දුන්හ

    මේ අතර මල්ලිකා වනයේ තව තවත් ඈතට යමින් මල් නෙලන්නට පටන් ගත්තාය
    මෙය කොසොල් රජු හා අජාසත් රජු එකිනෙකාට එරෙහිව යුද වැදුණු කාලයයි
    එදින අජාසත්ගේ හමුදාව සහ කොසොල් රජුගේ හමුදාව අතර මුහුණට මුහුණලා දරුණු සටන් ඇතිවිය
    සටනින් පැරදුණූ කොසොල් රජුගේ හමුදාව සී සී කඩ විසිර ගියහ
    දුෂ්ට අජාසත්ගෙන් බේරී පලා ආ කොසොල් රජු මහ වනය මැදින් සිය රජ වාසල වෙත ‍තිනවම අසු‍ මෙහෙය වූයේය

    වන මැද තනිව මල් නෙලමින් සි‍ටි මල්ලිකාව දුටු කොසොල් රජු අසුපිට සිටම ඈ හා කතා බස් කලාය
    තමා කොසොල් රජු යැයි කිවද බියක් නොපෙන්වූ ඇය අශ්වයාගේ කටකලියාව අතින් ගෙන සුරතල් බස් කථා කර රජු හා මිත්‍ර විය
    ඒ වනවිටත් බලවත් සේ වෙහෙසට පත්ව සිටි කොසොල් රජු අසුපිටින් බැස ඒ නන්නාදුනන ස්ත්‍රියගේ උකුළෙහි වැතිරී ගිමන් හැරියේය

    එදිනම ඈ අසුපිට තබාගෙන රජ වාසලට ගිය කොසොල් රජු වහාම ඇය අගමෙහෙසිය බවට පත් කරගත්තේය
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැදගත් මාතෘකාවක්.......
    තවත් සවිස්තරාත්මකව ත්‍රෙඩි එක ඉස්සරහරට අරන් යන්න.....
     
    • Like
    Reactions: chanakacm

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    ධර්ම දනය කියන්නේ ලොකු පිනක් , කර්මය කියන එක ගැන ඉතා කුඩා හෝ නිවැරදි අවබෝදයක් දෙන්න පුළුවන් නම් එක මහා පිනක්, comment වැඩක්‌ නැ යාළුවා කරගෙන පලයන් ,
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මා විශ්වාස කරන්නේ ... සියල්ල කර්මයට අනුව සිදු නොචේ ... කර්මය වෙනස් කළ හැක

    කර්මය ගැන තේරූම් ගැනීමම නිවන් දකින් ප්‍රමානවත්
    කර්මය ගැන ඇත්තටම මටනම් 100% අවබෝධයක් නෑ
    ගැටලු තියන තැන් ගොඩක් තියනවා
    දහ දෙනෙක්ගෙන් ඇහුවොත් කතන්දර 10ක් කියන්නේ