කර්මාන්ත පුරයක් වූ ලංකාව

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කර්මාන්ත පුරයක් වූ ලංකාව


    52797693_2173264256030376_4548276903680671744_n.jpg


    JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි.

    ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.

    ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා.

    Unic රේඩියෝව හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා.

    රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා.

    එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි.

    දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා.

    අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම් condensed milk.

    ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා 🐄 🐄 . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා.

    ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් ලෝකෙට හඳුන්වා දෙන්න කියලා බලාපොරොත්තු තිබුණු නිසා.

    වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා,

    ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.

    ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka 🇱🇰 කියලා ලියලා.

    බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා.
    ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති.

    චොකලට් 🍫 කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා.

    එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. (පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි)

    සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න).

    කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්.

    මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළිනොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න.

    එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල ⛵ නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම. අද 1977ට පස්සේ, අපි ⛵වල පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. කවදද වැරදිලා තියෙන්නේ?

    සුදෙශ් නන්දසිරි
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    77 n passe newe watune 71 n passe .JVP un oya factory okkoma gini thibba transformers gii tiiba. minissu maruwa police walata gahuwa :D:D 89 itath wada case dammalu.. oya jvp un nathi una nam me rata mehema wenne na:D:D JVP kiwwama wimaluth au=ythi okkoma harak:D:D
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ochchara hoda anduwa 5/6 kin JR parada kalee kohomada hitan? Indiyawen chanda daalada? :lol::lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඇත්ත කතාව.
    මගෙ නම් අදහස සම්පූර්න නිශ්පාදනයක් නොවුනත්, එකලස් කිරීම් වලින් හරි ලංකාවෙ නිශ්පාදන පෙරලියක් ඇති කරන්න ඕනේ.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔව් කොච්චර හොඳද කීවොත් ලංකාව බංකොලොත් උනා කියලා මුලින්ම නිවේදනය කරේ ඇන්.ඇම් පෙරේරා.අලුතෙන් සල්ලි අච්චු ගහලා ගෙවල් වල මිනිස්සු දුක් විඳලා හම්බ කරගෙන තිබ්බ සල්ලි ඔක්කොම අවලංගු කරා.ඒවට අලුත් නෝට්ටූ දුන්නේ නෑ.එහෙම කර කර තමයි ආන්ඩුව දිව්වේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉස්සර ලංකාවටම වීදුරු නිෂ්පාදන කළේ නාත්තන්ඩිය වීදුරු මෝලෙ.
    ඒ්ක දැන් ඉන්දියාවට විකුණල...:(:(:(
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    පුදුම nostalgic මන්දබුද්දිකයෝ ඉන්න රටක් මේක..., 77 වෙනකොට කනාවේ කිරි පැණි ඉතිරුනා නම් අයි උබලගේ අම්මලා තත්තලා , ආච්චිලා , සීයලා ඒ ආණ්ඩුව 5/6 කින් පැරද්දුවේ???? බට කට පිරිලා ඉන්නකොට සිමා කිරීම කරලා හරි ලංකාවේ අර්තියක ධියුණු කරනවානම් හොදයි කියලා කියන උන් පහුගිය අවුරුද්දේ තෙල් නැවක් එන්න සතියක් පරක්කුවෙලා තෙල් හිග උනහම ආණ්ඩු පෙරලන්න කතාව ... ඔය මොකා ලොරි talk දුන්නත් ලංකාවේ මද්‍යම පන්තිය දියුණු වුනේ හා ඒ ළමයි නිදහස් අද්යපනයෙන් ඉදිරියට ආවේ JR ගේ විවුර්ත ආර්ථිකේ හින්දා ...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පුදුම nostalgic මන්දබුද්දිකයෝ ඉන්න රටක් මේක..., 77 වෙනකොට කනාවේ කිරි පැණි ඉතිරුනා නම් අයි උබලගේ අම්මලා තත්තලා , ආච්චිලා , සීයලා ඒ ආණ්ඩුව 5/6 කින් පැරද්දුවේ???? බට කට පිරිලා ඉන්නකොට සිමා කිරීම කරලා හරි ලංකාවේ අර්තියක ධියුණු කරනවානම් හොදයි කියලා කියන උන් පහුගිය අවුරුද්දේ තෙල් නැවක් එන්න සතියක් පරක්කුවෙලා තෙල් හිග උනහම ආණ්ඩු පෙරලන්න කතාව ... ඔය මොකා ලොරි talk දුන්නත් ලංකාවේ මද්‍යම පන්තිය දියුණු වුනේ හා ඒ ළමයි නිදහස් අද්යපනයෙන් ඉදිරියට ආවේ JR ගේ විවුර්ත ආර්ථිකේ හින්දා ...

    60-70 foundation eka damme. but Sirimavo eka karanna ikman una wadi. namuth kramaya hari. hadissi une nathnam ada weddi api swayanposhitha ratak :dull::dull:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරිමාවො ඉක්මන් උනා ස්වයංපෝෂිත ආර්තිකේ හදන්න. එතනදි ජනතාවගේ කෙටිකාලීන පීඩනය යුඑන්පී අවස්තාවාදීන් පාවිච්චි කරා ඔවුන්ගේ දේශපාලන වාසියට. ජනතාව මොඩයෝ උනා... 2015 දි උනා වගේම සිද්දියක්....