මම ඇහුවේ ඊලග බවයකදී අපි කලින් කරපු කර්මයක විපාක බාහිරව විපාක දෙන එක තීරණය කරන්නේ කවුද කියල.. ඒ ඒ කර්මයට අදාලව විපාක දෙන විදිය, වෙලාව තීරණය වෙන හැටි කොහොමද කියල.. බාහිරෙන් වෙන දේවල් . decider කෙනෙක් ඉන්නවා කියන තැනට යනව වගේ නේ.
තවත් අය මෙය කියවන නිසාත් මොහුගේ උත්සාහය බාහිර පුද්ගලයකු විසින් කර්මය මෙහෙයවන බව පෙන්වීමට උත්සහ දරන නිසාත් මොහුගේ පස්නය අන් ය වෙනුවෙන් විස්තර කරන්නම්,
මොහු එක ප්‍රශ්නයක් ලෙස ප්‍රශ්න කිහිපයක් අසයි, සියල්ල කර්ම විපාක සම්බන්දවයි
#කර්ම විපාකය
1.දෙන එක තීරණය කරන්නේ කවුද
කර්මය යනු කුමක්ද? කියවා යම්තම් හෝ අවබෝද වුනානම් මොහු මේ ප්‍රශ්නය අසන්නේ නැත.ගින්න ඇතිවෙනවා සමගම උණුසුමද ඇතිවනවා සේ කර්ම රැස් කරන මොහොතේම ඊට අදාල විපාක ධර්මතද ඊට අනුවම සකස් වේ
2.කර්මයට අනුව විපාක දෙන ආකාරය
සිදුකරන කර්මයේ කුසලා අකුසල ස්භාවය අනුව එහි විපාකයන් ඊට අනුරූපව සුඛ දුක්ඛ ස්භාවයෙන් සකස් වේ. මේවා අභිධර්ම පිටකයේ සිත් අනුව එකින් එකට විස්තර වශයෙන් ඇත .
3.විපාක දෙන වෙලාව
මේ ප්‍රශ්නය හොද ප්‍රශ්නයක් බැවින් වෙනම විස්තරයක් උපුටා දක්වමි
4.සහ මොහුගේ එක් ප්‍රශ්නයක් කර්ම විපාකයට බාහිර සාධක සියල්ල බලපාන්නේ කෙසේද?
මේ ප්‍රශ්නය විස්තර කල හැක්කේ අභිධර්මයට අමතරව පට්ටන පකරණය තේරුම් ගත් පුද්ගලයකුට පමණි.
කෙටි විස්තරයක් කරන්නම් අනන්ත ලෝකයේ කොතරම් දේවල් තිබුනද මේවා සියල්ල පරමාර්ථ වශයෙන් ඇත්තේ චිත්ත චෙතිසික රූප නිර්වාණ යන ආදී වශයෙනි.පුද්ගලයා සත්වයා ගස් ගල් ආදී වශයෙන් සත්‍ය වශයෙන් නැති ප්‍රඥප්තිහු සදහා නොව හේතු පල ධර්මය විස්තර කරනුයේ පරමාර්ථ ධර්ම සදහාය. මේ පරමාර්ථ ධර්ම එකිනෙකට විවිධ ශක්තියෙන් ප්‍රත්‍ය සහ පත්යෝපන්න වේ. බීජයක් ගසක් වීමට බිජයට අමතරව හිරු එලිය,සුළග,පස, වතුර ආදිය විවිධ ශක්තියෙන් විවිද ආකාරයෙන් බලපාන්නා සේ ,මේ පරමර්ථ ධර්ම එකිනෙකට විසිහතර ශක්තියකිනුත් අනන්ත නය ක්‍රම වලිනුත් ප්‍රත්‍ය ශක්තියෙන් පත්යෝපන්න වේ.මේ ප්‍රත්‍ය ශක්ති 24 අතරින් එක් ප්‍රත්‍යක් පමණයි කර්ම ප්‍රත්‍ය. එම නිසා යම් සම්පුර්න සිදුවීමක් සියලු සාධක සහිතව දන ගැනීමට සුවිසි ප්‍රතයන්ම අනන්ත නය සමන්නාගත ක්‍රම වලින් දන ගත යුතුයි. එය තරමක් දුෂ්කර වැඩකි. නමුත් මෙය ඉගෙන ගැනීමට වෙහෙසක් දරන්නොද අඩුය හේතුව නිර්වාණය ශාක්ෂාත් කිරීමට මේ සියලු හේතු පල ධර්මයන් දන ගැනීමට අවශ්‍ය වන්නේ නැත නමුත් චාතුරය් සත්‍ය අවබෝධයට අවශ්‍ය හේතු පල ධර්මයන් ඉගෙන ගැනීම ප්‍රමාණවත් බැවිනි. එසේම ධර්මයට පැහැදීමට සියලු ධර්මතා දැන ගත නැත අවශ්‍ය වන්නේ එක් පහසු තැනකින් අවබෝධ කොට ධර්මයට බස ගැනීම පමණි .දොස්තරගෙන් සියලු දැනුම සහ බෙහෙත් පරික්ෂාකොට බලා බෙහෙත් බොන්නට සිටියහොත් සිදුවන දේ පැවසිය යුතු නැත එක වේලක් දෙකක් පරික්ෂා කොට සිත පහදවා ගැනීම ලෙඩේ සුව කර ගැනීමට වටි.මේ පිලිතුරද මෙහි ධර්මයට පැහැදුන අය හටම බව කිව යුතුය. මොනයම් දෙයක් හෝ උගෙන ගන්නවුන්ට එයට අවශ්‍ය ඉවසීම සහ අවශ්‍ය තව සහ පැහැදීම නොමැති නම් කල නොහැකි බව උසස් අධියපනයක් හදරුවොනම් හොදින්ම දන්නවා ඇති.
මම ඇහුවේ ඊලග බවයකදී අපි කලින් කරපු කර්මයක විපාක බාහිරව විපාක දෙන එක තීරණය කරන්නේ කවුද කියල.. ඒ ඒ කර්මයට අදාලව විපාක දෙන විදිය, වෙලාව තීරණය වෙන හැටි කොහොමද කියල.. බාහිරෙන් වෙන දේවල් . decider කෙනෙක් ඉන්නවා කියන තැනට යනව වගේ නේ.
#3. විපාක දීමේ කාලය
- දෘෂ්ටධර්‍මවේද්‍ය කර්‍මය
- උපපද්‍යවේද්‍ය කර්‍මය
- අපරාපර්‍ය්‍යවේද්‍ය කර්‍මය
- අහෝසි කර්‍මය
මෙසේ විපාක දීමේ කාලය අනුව කර්ම සතරෙකි. මේ කර්ම සතර තේරුම් ගත හැකි වීමට ජවන් සිත්වල සැටි තේරුම් ගත යුතු ය. කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම්කිසි ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් උපදනා චිත්ත වීථියක ඒ ක්‍රියාව සිදු කරන ජවන චිත්තය පිළිවෙළින් සත් වරක් උපදී. ඒවායින් පළමුවන ජවන චිත්තය දුබලය. දෙවන ජවන චිත්තය පළමුවන චිත්තයේ ස්වභාවය ගෙන ඉපදීමෙන් බලවත් වේ. තුන්වන ජවන චිත්තය දෙවන චිත්තයට ද වඩා බලවත් වේ. සතරවන ජවන චිත්තය එයට ද වඩා බලවත් වේ. සතරවන ජවනයෙන් පසු උපදනා සිත් ක්‍රමයෙන් නැවත එකින් එකට බලයෙන් හීන ව උපදී. සත් වන ජවනයෙන් පසුත් නැවත ජවන් සිත් නූපදින්නේ ඒ හීන වීම නිසා ය. තමාගේ ජාතියේ සිතක ආශ්‍රය නො ලැබ පළමුවෙන්ම උපදනා බැවින් ජවන් සිත් සතෙන් පළමුවැන්න සියල්ලටම දුබල ය. අන්තිම ජවනයත් දුබල ය. එහෙත් සමාන සිතක ආශ්‍රය ලබා ඇති බැවින් එය පළමු වන ජවනයට වඩා බලවත් ය. වීථියේ මැද ජවන් සිත් පස ඒ දෙකට ම වඩා බලයෙන් යුක්ත ය.
දෘෂ්ටධර්මවේද්‍ය කර්මය
වර්තමාන ජාතියේ විපාක දෙන කර්මය දෘෂ්ටධර්මවේද්‍ය කර්ම නම් වේ. දෘෂ්ටධර්මවේද්‍ය වන්නේ ජවන් සතෙන් ප්‍රථම ජවන චේතනාව ය. දුබල වූ ප්‍රථම ජවන චේතනාවට ශක්තිය ඇත්තේ වර්තමාන භවයේ දී අහේතුක විපාක ඇති කිරීමට පමණෙකි. මරණින් පසු විපාක ඇති කිරීමට ශක්තිය ප්‍රථම ජවන චේතනාවට නැත. වර්තමාන භවයේ විපාක ඇති කරන්නේ ද ඉතා බලවත් කුශලාකුශලයන්ගේ ප්‍රථම ජවන චේතනා පමණෙකි.
ඉතා ගුණවතුන්ට මහත් සැදැහැයෙන් කරන පූජා සත්කාර කිරීමේ කුස්ල මෙලොව ම විපාක දේ. වස්තු සම්පත්තිය - ක්ෂේත්‍ර සම්පත්තිය - අධ්‍යාශය සම්පත්තිය - ගුණාතිරේක සම්පත්තිය යන සතරින් යුක්ත වන දානමය කුශලය මෙලොව විපාක දෙන බව දක්වා ඇත්තේ ය.
පූර්ණක සිටු, ඒකසාටක බ්‍රාහ්මණ, සුමනමාලාකාර යනාදීන්ට වර්තමාන ජාතියේ ම පින් විපාක දුන් බව දක්වා තිබේ.
ලොවුතුරා බුදුවරුන්ට - පසේ බුදුවරුන්ට - රහතුන්ට - අපරාධ කළ අයට ද, මහා ගුණවතුන්ට - මාපියන්ට - තමාට උපකාර කළ මිතුරන්ට අපරාධ කළ අයට ද, ඒ පාප කර්මවල විපාකය වර්තමාන භවයේ දී නොයෙක් විට ලැබුණ බව කියා තිබේ.
කලාබු රජ - මහා ප්‍රතාප රජ - මිත්තවින්දක යනාදීහු වර්තමාන භවයේ දී ම අකුශල විපාක ලැබුවෝ ය.
සාමාන්‍ය කුශලාකුශලයන්ගේ ප්‍රථම ජවන චේතනා ද සමහරවිට වර්තමාන භවයේ විපාක නො දෙන්නේ නො වේ. එහෙත් ඒ බව කර්මය කළ තැනැත්තාට නො දැනේ.
උපපද්‍යවේද්‍ය කර්මය
වර්තමාන භවයට අනතුරු භවයේ (දෙවන භවයේ) විපාක දෙන කර්මය උපපද්‍යවේදනීය කර්ම නම් වේ. උපපද්‍යවේදනීය වන්නේ වීථියේ ජවන් සතෙන් අන්තිම ජවන චේතනාව ය. එය වැටීගෙන යන ජවන්වල අන්තිම සිත වන බැවින් ඉතා දුබල ය. එහෙත් සවන ජවනයෙන් ආසේවනය ලබා ඇති බැවින් ප්‍රථම ජවනයට වඩා මඳක් බලවත් ය. එබැවින් එය ප්‍රථම ජවනය තරමට ඉක්මනට විපාකයක් ඇති නො කොට දෙවන ජාතියේ ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක ඇති කරයි. ඉන් ඔබ්බෙහි විපාකයක් ඇති කිරීමට සත්වන ජවනය සමත් නො වේ.
අපරාපර්‍ය්‍යවේද්‍ය කර්මය
තුන් වන ජාතියේ පටන් නිවනට පැමිණීම දක්වා කාලය තුළ දී විපාක දීමේ ශක්තිය ඇති කර්මය අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම නම් වේ. අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම වන්නේ චිත්ත වීථිවල මැද ජවන් පස ය. ඒවා බලවත් බැවින් පළමු වන සත් වන ජවනයන් මෙන් ඉක්මනින් විපාක ඇති නො කොට තුන් වන ජාතියේ පටන් නිවනට පැමිණීම දක්වා ඇති කාලය තුළ දී අවකාශ ලැබෙන ලැබෙන පරිදි තමාගේ විපාකය ගෙන දෙන්නේ ය. කොතෙක් පරණ වුව ද, කල්ප දහස් ගණනක් ගත වුව ද පුද්ගලයා සසර සැරිසරනවා නම් අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම නැති නො වේ. එක් චේතනාවකින් ප්‍රතිසන්ධි විපාක ඇති කරන්නේ එක් වරක් පමණෙකි. ප්‍රවෘත්ති විපාක නොයෙක් වාරවලදී ඇති කෙරේ.
අහෝසි කර්මය
කිසි කලෙක විපාකයක් ඇති නො කරන කර්ම අහෝසි කර්ම නම් වේ. වර්තමාන ජාතියේ විපාක දීමට අවස්ථාව නො ලැබූ ප්‍රථම ජවන චේතනාවෝ ද දෙවන ජාතියේ විපාක දීමට අවස්ථාව නො ලැබූ සප්තම ජවන චේතනාවෝ ද විපාක දීමට තැනක් නො ලබන මධ්‍ය ජවන චේතනාවෝ ද අහෝසි කර්ම නම් වෙති.
විපාකස්ථාන කර්ම චතුෂ්කය
අකුශල කර්මය, කාමාවචර කුශල කර්මය, රූපාවචර කුශල කර්මය, අරූපාවචර කුශල කර්මය කියා විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්ම සතරෙකි.
කෘත්‍ය කර්ම චතුෂ්කය, පාකදාන පර්‍ය්‍යාය කර්ම චතුෂ්කය, පාකකාල කර්ම චතුෂ්කය, පාකස්ථාන කර්ම චතුෂ්කය කියා අභිධර්ම ක්‍රමයෙන් කර්ම සොළොසෙකි.
------
Post added on Oct 10, 2021 at 10:32 AM