සමානාත්මතාවය කියල දෙයක් කතා කරනව. ඉතින් මහන්සි වෙලා ආදායම් උපයන එකාට සල්ලි ගලාගෙන යනව තමයි. එයාට මහන්සි වෙන්න එපා අඩුවෙන් වැඩ කරන්න කියල කියන්න බැහැනෙ කාටවත්. ඒ වගේම ඒ මහා ආදායම් ලබන මිනිස්සු හින්ද තමයි තව දුප්පතුන් ගොඩකට සල්ලි යන්නෙ. ධනවතුන් රටේ හිටියෙ නැත්නම් දුප්පතුන් ඔයිට වඩා අමාරු තැනකට පත් වෙනව. හරි නම් ආණ්ඩුව කරන්න ඕන මේකෙ ඇතුලෙ දුප්පතුන්ට සහන සලසන එක නෙමෙයි. මහා ධනවතුන් 100ක් 200ක් රටේ බිහි කරන එක. උදාහරණයක් විදියට එලෝන් මාස්ක් වගේ එකම එකෙක් රට ඇතුලෙ හැදුන නම් රටේ බංකොලොත් භාවය ඉවරයි. අද ඉන්දියාව වැටෙන්නෙ නැතුව ඉන්නෙ උන්ගෙ රටේ ඉන්න බිලියන පතියො ටික හින්ද. උන් රට අත ඇරල ගියොත් ඉන්දියාවත් අමාරුවේ වැටෙනව. වැරදි ඇතොත් පහදා දෙන්න. තේරෙන තාලෙට කිව්වෙ ඔන්න... මේ මනුස්සයට බැන්න නෙමෙයි. පොදුවෙ කිව්වෙ සමානාත්මතාවය, ආදායම් බෙදිල යන විදියවල් ගැන කතා කරන හැමෝටම.