කරුම දේසපාලුවන් සහ Electric Car

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කරුම දේසපාලුවන් සහ Electric Car

    ඉලෙක්ට්රික් කාර් මිල වැඩි කිරීමට ඇත්තම හේතුව සහ බොරුව.

    2015-nissan-leaf-c.jpg

    මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා.
    ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත.

    arrangement-hydropower-plants1.jpg

    අපි වගේ රටකට ඒක දරාගන්න බෑ.
    එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.

    18ixpoa1b5d5vjpg.jpg

    අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා.
    මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා.
    ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්රොමෝට් කරා.
    ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව,
    වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්.
    ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික
    (පෙට්රල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා.

    blink-chargingstation_100326294_m.jpg

    සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්.

    අපේ හුගක් අය ඉලෙක්ට්රික් කියපු ගමන් බය වුනාට දැනටමත් ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා.
    එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්.
    ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා.
    මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා.
    නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ.
    මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම,
    ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ.
    නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා.
    Zero Emission කියලා කියන්නේ පෙට්රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි.
    ගෙදරට සූර්ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්.
    සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්රායෝගිකයි.

    solar-power-house1.jpg

    solar-power-plant-bulgaria.jpg

    අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා.
    ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි,
    උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක.
    සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක.
    ග්රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා.
    ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්ය කරන්න රජයක් හැටියට පුලුවන්.
    වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා.
    දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.
    මේක ආන්ඩුවට නොකරන්න හේතු තියේනවා. පළවෙනි කාරණය තමයි මේ නිසා පාලකයන්ට මූලික පිරිවැයෙන් පස්සේ කොමිස් ගහන්න ක්රමයක් නැති එක.

    bribery_645x400.jpg

    දෙවැනි එක ජාතික විදුලි සැපයුම නමින් කරන ආයෝජන හරහා තියෙන අයතා ආදායම් අඩුවෙන එක සහ මෙච්චර කල් කරපු බොරු අහුවෙන එක.
    තවත් එකක් 1970 ගණන් වල ඉදන් ඡන්ද කාලෙට විතරක් මතුවෙන මන්නාරම තෙල් නිධි බොරුව ඡන්ද පොරොන්දු වලට තවදුරටත් දැමීමට නොහැකි වෙන එක.
    මේ අදහස අපිට පුලුවන් නම් හැමෝටම ගෙනියන්න නිසාන් ලීෆ් කාර් එකට සිදුවුන අසාධාරණය සහ ඒ හරහා සිදුවන මගඩිය මිනිස්සුන්ට දැනුවත් කරන්න පුලුවන්.
    රටේ නැති බොරු කියන ගොසිප් සයිට් වලට මේක හොද අලවියක් තියෙන ලිපියක් නොවෙන්න පුලුවන්.
    හැබැයි ඔයාලාට පුලුවන් මේක සමාජයට ගෙනියන්න.
    මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න Online Community එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා.
    මත්පැන් තහනම් කරොත් ආන්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආන්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්.

    https://www.facebook.com/AEP-Lanka-211137288928169/?fref=nf
     
    Last edited:

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ape harakta owa kiyala wadak naha. Thiyana car eka charge karaganna solar panel ekak aragena hai karagannawa mannam. Api wage duppath ratakata thel walata yana wiyadama meken nawattaganna puluwan kiyana eka api chande deela yawana harakta terenne naha. Ape eunta terenakota assaya duwala thiyei hamadama ehemane wenne. Musala deshapaluwo..
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අඩෝ...එළ බං. සිරාවට.....නියම කතාව...තෑන්ක්ස් මචෝ අපිට මේක තේරුම් කරල දුන්නට.
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔතන තියෙන්නේ කුහකත්වය බන්...උන්ට කෝටි 4-5 වාහන ඕනි..සමනය මිනිහට ලක්ෂ 25-30 දීලා අලුත් වහනයක් ගන්න දෙන්නේ නෑ..තව හැංගුව කතාව තමයි ඉන්දියන් ජරාවට මාර්කට් එක නැති වෙන එක මේ නිසාන් ලිෆ් එක නිසා....ඒ වගේම ජපානයේ නිසාන් ලිෆ් එකට වඩා ගණන් අඩු ඇක්වා , ප්‍රියුස් වාහන මෙහෙ එකට එකක් ගණන්..ඒ නිසා ලිෆ් එකට යන එක වාසි ...ඔය මිල වැඩි කරන ඒවා පිටිපස්සේ ඉන්නේ වාහන ගෙන්වන අය ...
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඔතන තියෙන්නේ කුහකත්වය බන්...උන්ට කෝටි 4-5 වාහන ඕනි..සමනය මිනිහට ලක්ෂ 25-30 දීලා අලුත් වහනයක් ගන්න දෙන්නේ නෑ..තව හැංගුව කතාව තමයි ඉන්දියන් ජරාවට මාර්කට් එක නැති වෙන එක මේ නිසාන් ලිෆ් එක නිසා....ඒ වගේම ජපානයේ නිසාන් ලිෆ් එකට වඩා ගණන් අඩු ඇක්වා , ප්‍රියුස් වාහන මෙහෙ එකට එකක් ගණන්..ඒ නිසා ලිෆ් එකට යන එක වාසි ...ඔය මිල වැඩි කරන ඒවා පිටිපස්සේ ඉන්නේ වාහන ගෙන්වන අය ...

    true
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් AC දාලා 180 KM ලොවෙත් දුවන්න බැහැ..100-120 වගේ පුළුවන්..

    පොඩ්ඩක් පාරට බැහැලා බලපන් හයිවේ එකේ AC off කරන ජනෙල් අරගෙන යන අයගෙන් වැඩිම ඉන්නේ කවුද කියලා
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    There is no doubt that the Leaf is a a quiet and comfortable car with very low running costs. The car is great for our daily commute, shopping, marketing and 95% of what we need a car for. Long trips are possible but not always practical with the spotty public charging infrastructure. Acceleration from a standing start is amazing. Range depends on your driving style, temperature, gradient, and time of day (AC/Lights..etc).

    Vehicle is super-fun and easy to drive and more than good enough to be an electric car !!!
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔතන තියෙන්නේ කුහකත්වය බන්...උන්ට කෝටි 4-5 වාහන ඕනි..සමනය මිනිහට ලක්ෂ 25-30 දීලා අලුත් වහනයක් ගන්න දෙන්නේ නෑ..තව හැංගුව කතාව තමයි ඉන්දියන් ජරාවට මාර්කට් එක නැති වෙන එක මේ නිසාන් ලිෆ් එක නිසා....ඒ වගේම ජපානයේ නිසාන් ලිෆ් එකට වඩා ගණන් අඩු ඇක්වා , ප්‍රියුස් වාහන මෙහෙ එකට එකක් ගණන්..ඒ නිසා ලිෆ් එකට යන එක වාසි ...ඔය මිල වැඩි කරන ඒවා පිටිපස්සේ ඉන්නේ වාහන ගෙන්වන අය ...

    ඇත්ත කතාව බන් ...
    ඉංදියන් කුණු ගොඩවල් ඔක්කොම ලංකාවට එවනවා....
    රෝද තුනේ , රෝද දෙකේ , බට්ටෝ අනම් මනං ඔක්කොම ....
    හැබැයි වැදුනොත් කෑලි එකතු කරන්න වෙනවා ....
    අනික ඉන්දියන් කාරයන්ගේ වාහන වල කිසි ප්‍රමිතියක් නෑ ....
    ඒකට ජපන් වාහන හැම අතින්ම හොදයි .....
    මොන ආණ්ඩුව ආවත් ලංකාව ගැන තීරණය කරන්නේ ඉන්දියාවයි , චීනයයි.....
    කොන්ද පන තියෙන නායකයෙක් බිහි වෙනකම් ඉන්දියන් උගුලෙන් බේරෙනවා බොරු.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    There is no doubt that the Leaf is a a quiet and comfortable car with very low running costs. The car is great for our daily commute, shopping, marketing and 95% of what we need a car for. Long trips are possible but not always practical with the spotty public charging infrastructure. Acceleration from a standing start is amazing. Range depends on your driving style, temperature, gradient, and time of day (AC/Lights..etc).

    Vehicle is super-fun and easy to drive and more than good enough to be an electric car !!!

    දුක යනු මෙම සත්‍ය අපේ රටේ කරුමයකට පහල වූ දේසපාලුවන්ට නොතේරීමයි
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Lankawe mona tax gahala nawathanna haduwath vahanawala future eka thama ev .eth mage mathaya thama wahane duwanna puluwan durayi battery cost ekayi adu wenakan ev wahanayakata noyana eka