කරූගේ_හෙලි කොප්ටරය
" මුදල් ගෙවා වෙන් කරපු ක්‍රීඩා පිටිය දරුවන්ට ලැබිලා නෑ " කරූ ජයසූරියගේ හෙලිකොප්ටරය නිසා පාසල් දරුවන් අමාරුවේ .!
කථානායක කරු ජයසූරියගේ හෙලිකොප්ටරයක් නිසා පාසල් දරුවන් රැසක් පීඩාවට පත්වූ අවස්තාවක් පිළිබදව වාර්තා වෙනවා.
මාතලේ නගරයේ එඩ්වඩ් ක්‍රීඩාංගණයට පසුගියදා (07) කථානායක කරු ජයසූරිය මහතා පැමිණි හෙලිකොප්ටරයක් බස්සවා නතර කර තැබීමෙන් එහි පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු උත්සවය පැවැත්වීමට නොහැකි වූ බව මාතලේ ජාත්‍යන්තර පාසල පවසනවා.
මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන මෙම ක්‍රීඩාංගණය විද්‍යාලයේ වාර්ෂිකව පවත්වන අවුරුදු උත්සවය වෙනුවෙන් මීට මසකට පමණ සිට මුදල් ගෙවා වෙන්කර තිබුණද මාතලේ වීර මඩුගල්ලේ ගුණ සමරු උත්සවයට කථානායකවරයා පැමිණි හෙලිකොප්ටර් යානය එම ක්‍රීඩාංගණයේ පැය හතරක පමණ කාලයක් නතර කර තිබීමෙන් තම විද්‍යාලයට, සිසුන්ට මෙන්ම දෙමාපියන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව විදුහලේ අධ්යක්ෂ නීතිඥ ප්‍රසන්න ධර්මකීර්ති මාධ්‍යයට පවසනවා.
අදාළ හෙලිකොප්ටර් යානය ගොඩබැස්සවීමට නගරය ආසන්නයේ තවත් ක්‍රීඩාංගණ තිබියදී මෙම ක්‍රීඩාංගණයම ඒ සඳහා තෝරා ගැනීම පිළිබඳව තමන් කනගාටුවට පත් වන බවද ඔහු වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබුණා.
අදාල සිදුවීමට අදාල ඡායාරූප පහතින් ,
ඡායාරූප අනුග්‍රහය : අද පුවත්පත