මේ නුලෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් කාලෙකට කලින් මගේ අතින් ලියවුන හැගීම ප්‍රකාශන කීපයක් බෙදා හදා ගන්නයි..
අද උදේ අස් පස් කර කර ඉන්නකොට හම්බවුනා මගේ 2001 දිනපොතක්..
මේකේ මුල්ම පිටුවේ මම ලියල තිබුනේ මෙහෙම..
තත්පර කට්ටෙන් මැන්නාවූ ජීවිතයේදී
මා පරාජිතයෙක් වීමි..
නමුත්
මනුෂ්‍යත්වයෙන් මැන්නාවූ ජීවිතයේදී
රජුන් ජයගත්තෙමි...
දැන් ඉන්න මම ගැන නම් මට මෙහෙම කියන්න බෑ...
මේ පොත මාව අද සුන්දර අතීතයකට එක්කගෙන ගියා..
ඊට පස්සේ මම දැක්ක argan සහෝදරයා දාල තියන .: EK's Talentz 2013 (Idea) : කියන නුල..
ඉතින් නිකමට වගේ මට හිතුනා මේ දින පොතේ පිටු කීපයක් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න..
ඉස්සරහට කියවගෙන යන්න කලින්ම කියන්නම්, මම වුර්තියමය ගේය පද රචකයෙක් නෙවෙයි..නිකන් හිතට එන ඒවා ලියුව..
ඉතින් ඊලග පොස්ට් එකේ ඉදන් පිටුවෙන් පිටුව දාන්නම්..මේ තියන ගොඩක් ඒවා මම ඇසු-දුටු තත්වයන් පදනම් කරගෙන ලියවිච්ච ඒවා කියලත් මතක කරන්න ඕනේ..
ඔබලාගේ + හෝ - ප්‍රතිචාර අගය කොට සලකනවා..
ස්තුතියි...
PS:සහෝදරයෙක් මට දන්වා සිටියා ගොඩක් අය 1 පිටුවෙන් එහාට බලන්නේ නැති හින්දා ඔක්කොම මෙතන දාන්න කියලා..ඔන්න දැම්ම එහෙනම්