කලගුනේ_ඩොප්ලර්_රේඩාරය

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කලගුනේ_ඩොප්ලර්_රේඩාරය

    කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් රේඩාරය

    WSR88D.jpg


    දෙවන ලෝක යුද සමයේ ඇමරිකානු ගුවන් හමුදාවේ යුද රේඩාර් බළගණයේ සේවය කළ ඬේවිඞ් ඇට්ලස් යම් සංසිද්ධියක් නිරීක්ෂණය කරමින් තිබුණි. වැහි වලාකුළක්, හිමපතනයක් හෝ අයිස් කැට පතනයක් සිදුවීමට ආසන්න වන විට රේඩාර් තරංගවල යම් වෙනස්කමක් සිදුවන බව ඔහු කලක සිට අත්දැක තිබුණි. මේ පිළිබඳව ඔහු තම සගයන්ගෙන් විමසු විට ඔවුහුද එය නිරීක්ෂණය කර ඇති බව පැවසූහ.

    යුද්ධයෙන් පසු MIT ආයතනයට බැ`දුණු ඬේවිඞ් තම අත්දැකීම් සහ නිරීක්ෂණ ඔස්සේ තවදුරටත් පර්යේෂණ සිදු කරමින් ලොවටම වැඩැති උපකරණයක් සෑදීය. ඒ ඩොප්ලර් රේඩාරයයි.

    ඔබට දුම්රියක නළාවේ නාදය හුරු නම් අප මේ පවසන කරුණ අවබෝධ වනු ඇත. ඔබ දුම්රියපොළක සිටින විට නළාව හ`ඩවමින් ගමන් කරන දුම්රියක්, තමා වෙතට එනවාද නැත්නම් ඉවත්ව යනවාද කියා එදෙස නොබලාම තේරුම් ගත හැකිය. ඒ ඉහත අවස්ථා දෙකේදී නළාවේ හඬ ඇහෙන ආකාර වෙනස් බැවිනි. මීට හේතුව භෞතික විද්‍යාත්මක කරුණකි. අපි එය ඩොප්ලර් ආචරණය නමින් හඳුන්වමු.

    ශබ්ද තරංග හෝ විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන වස්තුවක් ඔබ දෙසට පැමිණෙන විට එම තරංගයේ සංඛ්‍යාතය ඉහළ යන අතර ඉවතට යනවිට සංඛ්‍යාතය පහළ යයි.

    සංඛ්‍යාතය ඉහළ පහළ යන ප‍්‍රමාණය තීරණය වන්නේ වස්තුවේ වේගය මතය. ශබ්ද තරංගයක් නම් මෙම ඩොප්ලර් ආචරණයේ ප‍්‍රතිඵලය ඔබට දැනෙන්නේ ඇසෙන හෙඬ්හි ඇතිවන වෙනස්වීමක් ලෙසටය. විද්‍යුත් චුම්බක තරංගයක් නම්, එම තරංගය ආලෝක පරාසයට ඇතුළත් වන විට පමණක් ඩොප්ලර් ආචරණයේ ප‍්‍රතිඵලය සාමාන්‍ය මනුෂ්‍ය සංවේදනයට භාජනය වේ. අපෙන් ඉවතට ගමන් කරන තාරකා රතු පැහැයට හුරුවද red shift අප වෙතට පැමිණෙන තාරකා වැඩි නිල් පාටකට හුරුවද blue shift පෙනෙන්නේ මේ නිසාය.

    ඩොප්ලර් රේඩාරයක සිදු වන්නේ ක්ෂුද්‍ර තරංග micro waves පරාසයට අයත් විද්‍යුත් චුම්බක තරංග, ස්පන්ධ pulses ආකාරයෙන් ආකාශයට මුදා හැරීමයි. එම ක්ෂුද්‍ර තරංගවල තරංග ආයාමය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 1 සිට 10 දක්වා අගයක් ගනියි.

    ස්පන්ධ ප‍්‍රවාහයක් මුදා හැරිය පසු උපකරණය එම ස්පන්ධ පරාවර්තනය වී පැමිණේදැයි නිරීක්ෂණය කරයි. ජලය රොක්වූ වැහි වලාකුළක් අවට අහසේ සරන විට ඒ පිළිබඳව විශාල තොරතුරු ප‍්‍රමාණයක් මෙම පරාවර්තිත ස්පන්ධ ප‍්‍රවාහය රැුගෙන එයි. පරාවර්තිත ස්පන්ධ ප‍්‍රවාහ ප‍්‍රමාද වීමේ කාල පරාසය මගින් වලාකුළේ මාන (පරිමාවට අදාළ දත්ත* ද, ස්පන්ධ තීව‍්‍රතාවය මගින් වලාකුළේ ඇති ජල ප‍්‍රමාණයද, ඩොප්ලර් ආචරණය මගින් වලාකුළ ගමන් කරන දිශාව සහ එහි වේගයද උපකරණයෙන් ගණනය කෙරේ. ඉන්පසු මෘදුකාංගයක් මගින් වලාකුළ පිළිබඳ සියලූම තොරතුරු විශ්ලේෂණය කර කාලගුණ අනාවැකි ඉතා නිවැරැුදිව සහ සවිස්තරාත්මකව ලබාදෙයි. මේ වන විට ඩොප්ලර් රේඩාරය බොහෝ රටවල කාලගුණ විද්‍යා ආයතන තුළ අනිවාර්යයෙන් තිබිය යුතු උපකරණ පද්ධතියක් බවට පත්ව ඇත.

    උස් ගොඩනැගිලි, සුළං මෝල් windmills , කුරුලූ රාශින්ගේ පියාඹන චක‍්‍ර සහ විශාල දුම් රොටු මගින් ඩොප්ලර් රේඩාරයක නිරවද්‍යතාවට බලපෑම් එල්ල වෙයි. මේ නිසා ඩොප්ලර් රේඩාර් යන්ත‍්‍රය පිහිටුවිය යුතු බිම් කඩ තෝරාගැනීමේදී කරුණු රාශියක් අධ්‍යයනය කළ යුතුය.

    ඩොප්ලර් රේඩාරයකින් ආවරණය කළ හැකි බිම් ප‍්‍රදේශය තීරණය වන්නේ එයින් නිකුත් කරන තරංගවල ආයාමය මතය. තරංග ආයාමය අඩු නම් (උදාහරණයක් ලෙස සෙන්ටිමීටර 1 ක්* ආවරණය කළ හැකි ප‍්‍රදේශය කුඩා වන අතර එම ප‍්‍රදේශයේ සවිස්තරාත්මක බව resolution වැඩිවෙයි. තරංග ආයාමය ඉහළ යන විට මෙහි විරුද්ධ පස සිදුවෙයි. සාමාන්‍යයෙන් ඩොප්ලර් රේඩාරයක වපසරිය කිලෝමීටර 50-200ත් අතර වෙයි.

    ශ‍්‍රී ලංකාව වැනි දේශගුණයේ නිරන්තර දෝලනයන් සිදුවන නිවර්තන කලාපීය රටකට නිරවද්‍ය කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීම සඳහා අඩුම තරමින් එක ඩොප්ලර් රේඩාරයකවත් සහාය අවශ්‍ය වෙයි. මිලදී ගන්නා පළමු රේඩාර් පද්ධතිය සවි කළ යුත්තේ ගංවතුරෙන් වැඩියෙන්ම බැටකන ප‍්‍රදේශය ආවරණය වන පරිදිය. ලංකාවම හොඳින් ආවරණය කිරීමට නම් දිගුදුර ඩොප්ලර් රේඩාර් කිහිපයක්ම ඇවැසි බව අපගේ හැඟීමයි. මෙම ප‍්‍රමාණය නිවැරැුදිව තීරණය කිරීමේදී රටේ භූමි ප‍්‍රමාණය, භූ විෂමතාවය topography සහ රේඩාර් පද්ධතියේ ආවරණ කලාපය ආදී කරුණු කිහිපයක් සලකා බැලිය යුතුය.

    මීට වසර හයකට පමණ පෙර රුපියල් මිලියන 200ක් වියදම් කර (පුවත්පත් වාර්තා අනුව* ලංකාව මිල දී ගත් ඩොප්ලර් රේඩාරය කිසිදු දිනක භාවිත නොකර දැන් අලූත්වැඩියාව සඳහා කැබලි වශයෙන් විදේශ ගත කර ඇති බව අසන්න ලැබෙයි.

    ඇමෙරිකාවෙන් එය මිලදී ගත් ආයතනයද දැන් වසා ඇති බව කියැ වේ. මෙම රේඩාර් පද්ධතිය සවි කිරීමට රැුගෙන යෑමේදී මාර්ගය කලින් සාදා නොතිබුණ බැවින් එය රැුගත් වාහනය පෙරළුණු බවටද වාර්තා පළවිය. අවසානයේ මේ ගනුදෙනුවට සම්බන්ධ පිරිස් රුපවාහිනී සාකච්ඡුාවලට පැමිණ අවලාද නගන්නේ මේ කාරණයේදී උපදේශක සහාය ලබාදුන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයටය.

    ඩොප්ලර් රේඩාර තිබුණා කියා අප කරා ආන්තික කාලගුණික සිදුවීම් නොපැමිණ තිබෙන්නේ නැත. එහෙත් එම ආන්තික සිදුවීම්වලින් අප වෙත ළඟා වූ මානව ව්‍යසන බොහොමයක් නිවැරැුදි කාලගුණ අනාවැකි ඔස්සේ අවම කරගත හැකිව තිබුණි. මෙය ජීවිතවලින් නම් සිය ගණනක් ද මුදලින් නම් බිලියන කිහිපයක් ද වන්නට තිබුණි.

    කොපමණ දක්ෂ ගස් කපන්නෙකුට වුවද කුඩා පෑන-පිහියක් ලබාදී විශාල බුරුත ගසක් කපන්න කිවහොත් ඔහුගෙන් යහපත් ප‍්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. අප හොඳින් දන්නා පරිදි ශ‍්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැන් තරුණ ජවයක් ඇත. එහි සිටින විද්‍යාඥයෝ තම සීමා මායිම් තුළ තමන්ට හැකි උපරිම සේවයක් රටට ලබාදෙයි. අදාළ උපකරණ, මෘදුකාංග, නිරීක්ෂණ පද්ධති සහ අධිවේගී පරිගණක පද්ධති ඔවුන්ට ලබාදී ඔවුන්ගේ නිම් වළලූ පුළුල් කිරීම රජයේ මෙන්ම අදාළ සියලූම අංශවල යුතුකමකි. එය හදිසි ජාතික අවශ්‍යතාවයකි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය කුමක්දැයි තීරණය කළ යුත්තේ එහි සිටින විද්‍යාඥයන් ය. අවශ්‍ය දේ මිලදී ගන්නා විට තත්ත්ව සහතික කළ යුත්තේද එම විද්‍යාඥයන් ය. අවශ්‍ය නම් ඒ සඳහා දේශීය-විදේශීය විශේෂඥ සහාය ලබා ගැනීමේ වරදක් නැත. එහෙත් පිටස්තර පිරිසක් ගන්නා තීරණ මත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට උපකරණ ලබාදී ඔවුන්ගෙන් විශිෂ්ට සේවාවක් ලැබෙතැයි බලා සිටීම හාස්‍යයට කරුණකි.

    ශ‍්‍රී ලංකාවේ කාලගුණ විද්‍යාව හා සම්බන්ධ සියලූ දෙනාගේ දැනගැනීම පිණිස පහත තොරතුරු සඳහන් කිරීමට අපි කැමැත්තෙමු.

    මෙම වසර මුලදී පිලිපීනයේ වායුගෝලීය භූ භෞතික හා තාරකා විද්‍යාත්මක සේවා පරිපාලන ආයතනය Atmospheric Geophysical and Astronomical Services Administration හරහා පිලිපීනයට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය JICA වෙතින් ඩොප්ලර් රේඩාර් තුනක් ලැබුණි. මෙය පිලිපීන පරිපාලනයේ සහ එරට කාලගුණ විද්‍යා වෘත්තිකයන්ගේ අප‍්‍රතිහත ධෛර්ය සහ උත්සාහයේ ප‍්‍රතිඵලයක් විය. අවශ්‍යතාව ඇත්නම් මිල අධික උපකරණ පවා මිල නොගෙවා ලබාගත හැකි බව පිලිපීනය මෙහිදී පෙන්වා දී ඇත.

    රටේ ජනතාව වෙනුවෙන් විදු නෙත් මෙන්ම පරිපාලක, දේශපාලක නෙත්ද දැන්වත් ඇරේවා යැයි අපි ප‍්‍රර්ථනා කරමු.



    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම හොදටම දන්න කතාවක් කියන්නම් ලංකාවෙ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ගැන

    මේ සීන් එක මට දැනගන්න ලැබුනෙ 2012 මම පලවෙනි ජොබ් එක කරපු තැන ඉදපු, Solution Architect ගෙන්

    ඒ කාලෙ ලංකාවෙ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට සැටලයිට් පික්චර් ලැබෙනකොට, ඒවට අදාල තව ඩේට ගොඩක් එවනවාලු Archived Format එකකින්. වෙන රටවල එවුන් වෙදර් ප්‍රෙඩික්ට් කරන්නෙ අර පින්තූරෙට වඩා අර ලැබෙන ඩේට ටික යූස්කරලා. හැබැයි ලංකාවෙ ඔතන ඉන්න එවුන්ගෙ දැනුම කියන්නෙ, උන් අර ආකයිව් කරලා තියන ෆෝමැට් එක අන්ආකයිව් කරලා ඒ ඩේට ටික ගන්න දන්නෙ නැහැලු. අර එවන පින්තූර බලලා තමයිලු සේරම කරලා තියෙන්නෙ. මට ඔය සීන් එක කියපු කෙනා දන්න කෙනෙක් ඔතන මොනවාහරි වැඩක් කරන්න සෙට් වෙලා අහම්බෙන් මේ සීන් එක ඌට දැනගන්න ලැබිලා. එතකොට තමයි එතන ඉන්න එවුන් දන්නවා කියන්නෙ සේරම ඩේට අර ෆයිල් එකේ තියනවා කියලා
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් රේඩාරය

    WSR88D.jpg



    ශ‍්‍රී ලංකාවේ කාලගුණ විද්‍යාව හා සම්බන්ධ සියලූ දෙනාගේ දැනගැනීම පිණිස පහත තොරතුරු සඳහන් කිරීමට අපි කැමැත්තෙමු.

    මෙම වසර මුලදී පිලිපීනයේ වායුගෝලීය භූ භෞතික හා තාරකා විද්‍යාත්මක සේවා පරිපාලන ආයතනය Atmospheric Geophysical and Astronomical Services Administration හරහා පිලිපීනයට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය JICA වෙතින් ඩොප්ලර් රේඩාර් තුනක් ලැබුණි. මෙය පිලිපීන පරිපාලනයේ සහ එරට කාලගුණ විද්‍යා වෘත්තිකයන්ගේ අප‍්‍රතිහත ධෛර්ය සහ උත්සාහයේ ප‍්‍රතිඵලයක් විය. අවශ්‍යතාව ඇත්නම් මිල අධික උපකරණ පවා මිල නොගෙවා ලබාගත හැකි බව පිලිපීනය මෙහිදී පෙන්වා දී ඇත.

    රටේ ජනතාව වෙනුවෙන් විදු නෙත් මෙන්ම පරිපාලක, දේශපාලක නෙත්ද දැන්වත් ඇරේවා යැයි අපි ප‍්‍රර්ථනා කරමු.

    JICA Grants JPY 2.5 billion worth Doppler Weather Radar to strengthen the Sri Lanka’s real-time rainfall monitoring

    Today the 30th June 2017, JICA signed a Grant Agreement with the Government of Sri Lanka to provide 2 Weather Observation Doppler Radars to the Department of Meteorology (DOM). The Project for the Establishment of a Doppler Weather Radar Network” will cover the procurement and installation of C-Band Pulse Compression Solid State Dual Polarization (Polarmetric) Meteorological Doppler Radar System and technical training.

    The Exchange of Notes between the Ambassador of Japan Mr. Kenichi Suganuma and Dr. R.H Samaratunga, Secretary to the Ministry of Finance and Mass Media was followed by the signing of Grant Agreement between Dr. R.H Samaratunga, and Mr. Fusato Tanaka, Chief Representative of JICA Sri Lanka Office.

    This Grant Aid Project is expected to improve capacity of DOM to accumulate, analyze the weather forecasting information such as rainfall, speed and direction of wind throughout the country as well as disseminating early warning based on those data. JICA hopes that this will contribute Sri Lanka to mitigate serious damage by weather-related disasters.

    19510462_1539956322702443_4320831862384358028_n.jpg

    19510420_1539956169369125_8611613626634644074_n.jpg


    - https://www.facebook.com/jicasrilanka/posts/1539956356035773
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    සිංහලුන්ට මොන රේඩාර් ද බං ගෙම්බෙක් බක බක ගෑවම ඒකෙන් අනාවැකි කියන්නේ