...... කලබල උනාට ඩොක්ට කලබල වෙන්නෙ නෑ

gilbuwa2

Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    ...... කලබල උනාට ඩොක්ට කලබල වෙන්නෙ නෑ

    ]අපි රැග් උනෙත් නැ. කාවවත් රැග් කලෙත් නැ. කැම්පස් එකට ඇවිල්ලා සතියක් යද්දී බැච් එකේ හැමෝගෙම නම් , ගම, අම්මා තාත්තගේ රස්සාව , ඉස්කෝලෙ දැනන් හිටියේ නැ.. මට එකෙන් ඇති වැදගත් කමකුත් නැ. උදව්වක් දෙන්න ඕන උනාම කාටත් උදව් කරනවා..

    සල්ලි අඩු අයට කැම්පස් එකෙන්ම ශිෂ්‍යත්ව සෙට් කරා, සිනියර්සලා ශිෂ්‍යත්ව සෙට් කරා, සිනියර්සලා පාවිච්චි කරපු පොත් එකතු කරලා බෞද්ධ සංගමයෙන් ඒවා ජුනියර්ස්ලට දුන්නා.හැමෝවම බේදයක් නැතුව හොස්ටල් එකට ගත්තා. අපිට හොද වෙල්කම් එකක් ලැබුනා.. එක්සැම් එකක් රිපිට උනාම පාස් උන උන් මහ රැ වෙනකන් බැට් දැම්මා.. සමහරු උන්ගේ ෂෝර්ට් නොට් එක උන්ගේ සල්ලි වලින්ම ෆොටෝ කොපි කරලා රිපීට් උන අයට දුන්නා..රිපීට් කැම්පේන් එක කාලේ පාස් උන අය ලගටම කෑම එක ගෙනත් දෙනවා..උදේටයි හවසටයි තේ හදලා දෙනවා.. පාස් උන අය සල්ලි එකතු කරලා සහ බැච් ෆන්ඩ් එකෙන් ඒවා කරේ. අව්රුද්දට දෙක තුනක් බැච් ට්‍රිප් ගියා.. සිනියර්සලා එක්ක ජුනියර්සලා එක්ක වලි තිබ්බේ නැ.. කලාතුරකින් එහෙම උන දවසට යුනියන් රුම් එකේ හරි බ්ලොම් හොස්ටල් එකේ හරි එකතුවෙලා කථා කරලා විසද ගත්තා.මළ ගෙයක් උනාම මොන දුර උනත් බස් එකක් අරන් ගිහින් උදව් කරා.. ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ ඉන්දෙද්දී රෝස්ටර් හදාගෙන පැය 24ම උන්ව බලා ගත්තා.. ගෙවල් වලින් එන්න ඕන උනේ නැ.අනිත් කැම්පස් එක්ක හොද සම්බන්දයක් තිබ්බා.. ශිෂ්‍ය අරගලවලදී පිරිස් සම්බන්ද කිරීමෙන් ඉදිරියෙන්ම හිටියා.වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට කැදවුම් කරුවෙක් බිහිකරා..අන්තරේ ට කැදවුම් කරුවෙක් බිහි උනා.අරගල නිසා අපේ ශිෂයෝනට නඩු වැටුනා. බැරියර් පෙරලුවා.. පාරවල් වල ලේ හැලුනා .පසුගිය වසරවල කොළබ තිබුන බොහෝ පාගමන් පටන් ගත්තේ එතනින්. ක්‍රීඩාවෙන් , කලා , සංගීත කටයුතු වලින් කිසිවෙක්ට නොදෙවෙනි තැනක ඉන්නවා. අල වාත කියල බෙදුනේ නැ.. හොස්ටල් , නන් හොස්ටල් කියල බෙදුනේ නැ.. කොළබ , කොලබින් පිට කියල බෙදුනේ නැ.රැග් , ඇන්ටි රැග් කියල බෙදුනේ නැ.. හැමෝම එකට හිටියා.ශිෂ්‍ය සංගම් නිලවරණයේදී මරා ගත්තේ නැ. ශිෂ්‍ය නියෝජිතයෝ 13 පත් වෙන්නේ චන්දයෙන්.. එතන දෙමළ කථා කරන සහෝදරවරු අඩු ගානේ 5ක් වත් ඉන්න ඕන කියල නීතියක් තියනවා.ශිෂ්‍ය ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන එක හොදින්ම තියනවා..අපි ෆස්ට් ඉයර් එකේදී (2010) පුස්ථකාලයට යන්න දුන්නේ නැ. නමුත් දැන් ඒවත් වෙනස් කලා.. ඔවා අපි කරේ ්රැග් නැතුව ඉත්න් රැග් ඕනද කියල හිතන එක ඔබට බාරයි.අඩු පාඩු ඇතිව අපි හොද ගමනක් යනවා අනිත් අයට සාපේක්ෂව..

    අන්තිමට කියන්න ඕන රැග් එක නැවත්තුවම ශිෂ්‍ය ව්‍යාපාරය කඩන් වැටෙනවා කියන එක මහ මෝඩ කථාවක්. රැග් කියන්නේ පසු ගාමී , යල් පැන ගියපු එකක්.. ඒකෙ සීමාවක් නැ. මොලේ අමාරු කාරයෙක් හිටියම පොඩි උන්ට අබසරණයි..දැන්වත් ඕක නතර කරලා සතුරන්ට මතෘකා දෙන එක නවත්වන්න.. අන්තරෙත් ලොකු මැදිහත්වීමක් කරන්න ඕන , වචනෙන් එහා ගීය. අන්තරේ කදවුකාර සහෝදරවරු ඔය හිංසාකාරී මානසිකත්වයේ නැති බව මම දන්නවා..


    ...... කලබල උනාට ඩොක්ට කලබල වෙන්නෙ නෑ නේ
     
    Last edited: