කලවං මැල්ලුම 3 -ආන්ද්‍ර දෙමළ

AnuradhaRa

Well-known member
  • කලවං මැල්ලුම 3 -ආන්ද්‍ර දෙමළ

    අන්ඩර දෙමළ
    යමෙක් තවෙකකුට යම් දෙයක් කියයි. එය හරි හැටි තේරුම් ගන්නට බැරි වන විට අසන්නා මෙසේ කියයි. “මට තේරෙන්නෙ නෑ ඔය අන්ඩර දෙමළ” මොනවද මේ අන්ඩර දෙමළ? හරි හැටි තේරුම් ගන්නට බැරි පැහැදිලි නැති භාෂණය හැඳින්වීමට අප රටේ වහරන්නකි අන්ඩර දෙමළ.

    මෙය ඉන්දියාවෙන් ආ එකකි. තමිල් නාඩුවට උතුරින් පිහිටි යාබද ප්‍රාන්තය ආන්ද්‍ර ප්‍රදේශයයි. එහි වැහැරෙන්නේ තෙලිඟුබස ය.

    තමිල් නාඩුවට යාබද මායිම් ගම්වල ඇතැම් ආන්ද්‍ර වැසියෝ ද දෙමළ බස කතා කරන්නට පටන් ගත්හ. එහෙත් ඔවුන් ගේ දෙමළ නියම දෙමළ නොවීය. බොහෝ තෙළිඟු වචන ගහන ඒවා ආන්ද්‍ර දෙමළ නම් විය. ඒ ආන්ද්‍ර දෙමළ තමා අන්දර දෙමළ වූයේ’ ආන්ද්‍ර දෙමළ අන්දර දෙමළ වී, පසු ව අපට අන්ඩර දෙමළ විය.



    අපභ්‍රංශ
    හරි හැටි නොතේරෙන කතාවලට අප අන්ඩර දෙමළ යයි කියන්නා සේ වහරන තවත් වචනයකි අපභ්‍රංශ.
    අප වහරන අප භ්‍රංශ යන්නෙහි අනන් මනන් යන්නක් ගැබ් වුව ද අපභ්‍රංශ වූකලී ඉන්දියාවේ පිළිගත් භාෂාවකි. එහි වියරණ අඩු ය.

    බොහෝ විට අපභ්‍රංශ වහරන ලද්දේ කුලහීනයැයි සම්මත ජනයා විසිනි. එහෙත් ඇතැම් රජ බිසෝවරියන් විසින් ද අපභ්‍රංශ වහරන ලද බවට සාක්ෂ්‍ය තිබේ.
    අපභ්‍රංශ එබඳු භාෂාවක් වුව ද ෂඩ් භාෂා හයට ද ඇතුළත් වේ. ෂඩ් යනු හය ය. සංස්කෘත, ප්‍රාකෘත, මාගධි, අපභ්‍රංශ, ෂාගෞරසෙනි හා වෛශ්‍යාව යන භාෂා හය ෂඩ් භාෂාවන්ට ගැනුණේ.

    මේ භාෂා හය අන්තයට ම උගත් උදවිය ෂඩ්භාෂා පරමේශ්වර නම් වෙති. අපේ මහා කවි තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින්ද්‍රයෝ ෂඩ් භාෂා පරමේශ්වර වූහ.
    මේ ෂඩ් භාෂාවට සිංහල පාලි අයත් නොවේ. රාහුල හිමියන් සිංහල පාලි යන භාෂාවන් ද කිසිම අඩුවක් නැතිව දැන සිටි බව අමුතුවෙන් කිය යුතු නො වේ.

    එසේ බැලූ කල්හි ශ්‍රී රාහුල හිමියන් ෂඩ් භාෂාවට වැඩි ගණනක පරමේශ්වර වී යැයි කිය හැකි නොවේ ද?




    ????? ??????.jpg