ඔන්න ඕව share වෙනවා මේ ඇතිවෙලා තියෙන තත්වය ගැන කලින් දැනුවත් කරා කියල. ඇත්තද බලමු මේ කතා
ඔක්තෝබර් ඉඳන් ඊසාන දිග මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. ඒ කාලෙට 200mm වැහි සමහර පැති වලට ලැබෙන එක සාමාන්‍ය දෙයක්
Source: https://meteo.gov.lk/pdfs/agromet_pdf.pdf?t=1764689161828
වැහි කාලෙට එක දිගට වැඩි වැස්සක් බලාපොරොත්තු වෙනවනම් කාලගුණ දෙපාර්තුමේන්තුව සුළු ගං වතුර නිවේදන නිකුත් කරනවා. මේක පහු ගිය අවුරුදු කීපයේම සාමාන්‍ය දෙයක්. එහෙම දේකදී ආපදා කළමනාකරණ මද්‍යස්ථානය ඒ සදහා සුදානම් වෙන විදිහට තමයි මේ පාරත් ලෑස්ති වෙලා හිටියේ
ඔය කිසිම නිවේදනයක සුළි කුණාටුවක් ගැන සදහනක් නෑ. ඒ කියන්නේ වර්ෂාපතනයේ අනපේක්ෂිතව අස්වභාවික තරම් වැඩි වෙයි කියල කොහෙවත් කියල නෑ. (400-500mm තරම් වැහි ලැබුන සුළි කුණාටුව තිබ්බ දවස් දෙකේ)
එකට MET එකට බැනල වැඩක් නෑ. මොකද උන්ට ඒ තරම් නිරවද්‍ය අනාවැකියක් ගන්න තාම තාක්ෂණයක් නෑ
නොවැම්බර් 26 තමයි දිට්වා සුළි කුණාටුව නිර්මාණය වෙන්නේ. ඒක 27 ලංකාවට ඇතුල් වෙලා හිතාගන්න බැරි තරම් වැස්සක් දවස් දෙකක් ඇතුලත් අරන් එනවා
Source: https://en.wikipedia.org/wiki/Cyclone_Ditwah
දැන් මේ දත්ත එක්ක කියපන්. 26 ඇති වෙච්ච සුළි කුණාටුවෙන් ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුවට දවසක් ඇතුලත කරන්න පුළුවන් මොනවද. එහෙනම් ඌ දෙවි කෙනෙක්වත් වෙන්න ඕන
උබ ජනදිපති වෙලා හිටියනම්, ලපය නොකරපු උබ කරන්න හිතන දේත් කොටාගෙන පලයන්
සංවාදයට විවුර්තයි, හැබැයි දත්ත පදනම් කරගෙන විතරයි. වැල් බයිලා ඔට්ටු නෑ.
මට වැරදිලනම් නිවැරදි කරපන් දන්න එකෙක්