කලු කුමාර දිස්ටිය උපන් හැටි
අනුරපුර ගජබා රජ සමයේ සිරිලක රජ කළ පූවෝතල නම් ප්‍රාදේශීය රජුගේ අනියම් බිසවකට පුතෙක් ඉපැදිණි. ඔහුට තබන ලද නම වූයේ ‘නීල මදන කළු කුමාර බව‘ ප්‍රවාදයේ පැවසෙයි. මොහු ඉතා ශක්ති සම්පන්න අයකු බව ද සැලකේ. සොළීන් අප රට ආක්‍රමණය කළ අවස්ථාවක දී ඔවුන්ගෙන් රට ගලවා ගන්නට ද මොහු ඉදිරිපත් විය. එක් අවස්ථාවක ඔහු සොළී රටට ද ගියේ ය. එහෙත් එහිදී ඔහු අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නේය. ඔහු වැරදීමකින් සොළී රටෙහි ස්ත්‍රීන් පමණක් සිටි ප්‍රදේශයකට ගොස් ඇත. එහිදී ස්ත්‍රීන්ගේ බොහෝ ලිංගික අතවර විඳි ඔහු අවසානයේ මරු දුටුවේය. ඒ පිළිබඳ ජන කවියක් ද හමුවේ.
‘පූවෝතල රජ පුතු මෙසේ
සොළී පුරයට වැඩිය සතොසේ
එහි අගනන්ය සේ
කුමරු දකිමින් වීය සතොසේ
එකි’නෙකා සැනෙකින්
මගේ හිමි යයි කියමින්
කුමරු අතගෑමෙන්
මැරී උපනිය ළිඳට වෛරෙන්’
ඔහු මේ නිසාම මරණ මොහොතේදී කාන්තාවන් පිළිබඳ දැඩි වෛරයකින් පසුවිය. ඔහු ඒ වෛරයෙන්ම නැවත උපන්නේ කාන්තාවනට හදි කරන යක්ෂයකු විලසිනි. කළු කුමාර අවතාරය එසේ උපත ලද බව ප්‍රවාදයේ සඳහන් වෙයි.
නොදන්න දෙයක් දැනගත්ත නම් කියවලා ක්ලෝස් කරන්ට කලින් රෙප් දෙන්ට ඈ,....