කලු කුළුණ

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    latest


    9k=

    latest


    තම නම ඇසීමෙන් රේවන් කාකයා නැවතත් හඩ තැලීය. ඉන්පසු ඌ බ්‍රවුන් කරා ඉගිල විත්, ඔහුගේ හිස මත ඇන තිබා ගති. ඌ උගේ නිය, ඔහුගේ පිදුරු සෙවිලි කල වහලයක් බදු හිසකේ තුල තදින් පටලවා ගත්තේය.

    "කෙලවිලා පල" සොල්ටන් බුද්ධිමත් සහ තියුනු ලෙස කෙකරගෑවේය. "තොටයි තොගේ බූරුවාටයි කෙලවිලා පල"

    එහෙත් තුවක්කුකරු හිස වැනුවේ මිත්‍රශීලී බවිනි.

    "බෝංචි බෝංචි, සංගීතමය එලවළුව" කාකයා තම ගීතය ගැයුවේ තුවක්කුකරුගේ මිතුරු ලීලාවෙන් තවත් ඔද වැඩී යමිනි. "කන තරමට වාතෙ අරින සද්දේ වැඩි වෙනවා"

    "නුඹද ඌට ඒක ඉගැන්නුවේ?"

    "මයෙ හිතේ තියෙන්නේ, ඒ ටික විතරයි ඌට ඉගෙනගන්න උවමනාවක් තියෙන්නේ" බ්‍රවුන් කීයේය. "එක දොහක් උට දේව යාඥාව උගන්නන්න තැතමුවා." ඔහුගේ දෑස් මොහොතකට ගෙපැලට ඔබ්බෙන් ඇති ඉරි තැලුනු, ඒකාකාරී කාන්තාර භූමිය කරා ගමන් කලේය. "බාග දොහ මේක දේව යාඥාවකට අකැප පලාතක් වෙන්ට පුළුවනි. නුඹ තුවක්කුකාරයෙක් යැ. මම හරි ය?"

    "හරි" යැයි කී තුවක්කුකරු, බිමට පහත් වී ඇණ තිබාගෙන, තම අඩුම කුඩුම පිටතට ඇදගන්නට වූයේය. සොල්ටන් බ්‍රවුන්ගේ හිස අතෑර ඉගිලී විත්, තුවක්කුකරුගේ උරහිස මත වසා, අනතුරුව ඒ මත ඒ මේ අත ඇවිදින්නට විය.

    "මුගේ ජාතියේ කාක්කෝ වද වෙලාය කියලායි මම හිතුවේ"

    "ඒක පචයක් බව පේනවා නොවැ. නැද්ද?"

    "නුඹ ආවේ ඇතුලත-ලෝකයෙන්ද?"

    "ඔවු. බොහොම කාලයකට ඉස්සරින්" තුවක්කුකරු එකග වූයේය.

    "එහේ තවමත් මොනවත් ඉතුරු වෙලා තියේයැ?"

    මෙයට තුවක්කුකරු පිලිතුරක් නොදුන් අතර, එහෙත් ඔහුගේ මුහුනෙහි ඇති වුනු ස්වරූපයෙන් හැගවුනේ, එම මාතෘකාව පිලිබද කථා නොකර අතැර දැමීම වඩා හොද බවය.

    "අනික් මිනිහා එහේ ඉදලා ආවයින් පස්සේ. හ්ම්?"

    "එහෙමයි."

    ඉන්පසු පැමිනියේ නොවැලැක්විය හැකි ප්‍රශ්ණයයි: "ඒ මනුස්සයා මේ පැත්තෙන් ගිහින් දැන් කොච්චර විතර කාලයක් ගත වෙලාද?"

    බ්‍රවුන් තම දෙඋර හැකිලුවේය. "අම්මපා මන්දා. මෙහේ කාලාන්තරය කියන්නේ මහම මහ අමුතු පලහිලව්වක්. දුර පරතරෙයි, හතර දිග් බාගේ වුනත් එහෙමමයි. සති දොහ දෙකකට වඩා වැඩියි, මං හිතේ. මාස දොහ දෙකකට වඩා අඩුයි. ඒ හාදයා මේ පැත්තෙන් ගෑටුවාට පස්සේ, බෝංචි මනුස්සයා දෙපාරක් මේ පැත්තේ ගෑටුවා. මයෙ හිතේ සති හයක් විතර ඇත්තෙ. ඒත් ඒකත් වැරදි ගානක් වෙන්ට පුළුවනි."

    "කන තරමට වාතෙ අරින සද්දේ වැඩි වෙනවා" සොල්ටන් කියා සිටියේය.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    warrior_sorcerer_by_toksa1-d79d7d6.jpg


    "ඔහු මෙහේ නැවතිලා හිටියද?" තුවක්කුකරු ඇසුවේය.

    බ්‍රවුන් හිස වැන‍ුවේය. "එහෙමයි. ඒ මහත්තයා දවල් සප්පායමට මෙහේ නැවතුනා. ඔබතුමාත් දැන් එහෙම කොරාවි, මයෙ හිතේ හැටියට. අපි ටික දොහක් කථා කොර කොර හිටියා."

    තුවක්කුකරු නැගී සිටි අතර, කුරුල්ලා බනිමින් නැවත වහලය කරා පියෑඹූයේය. ඔහුට අසාමාන්‍ය සහ වෙවුලා යන තරම් දරුණු උනන්දුවකින් ඇති විය. "මොනවද ඔහු කීවේ?"

    බ්‍රවන් ඔහු දෙස තම ඇහි බැමක් උළුක් කොට බැල්මක් හෙලීය. "වැඩිය අහවල් දෙයක් කීවේ නෑ. කවදාවත් මෙහෙට වරුසාව වැටෙනවද, මම මෙහේට ආවේ මොන වංගියකද, මං මගේ ගෑනු මනුස්සයාව වැළලුවද, වගේ දේවල් තමා ඇහුවේ. මිනිහා ඇහුවා, මගේ පවුලත් මානි මිනිස්සුන්ගෙන් එකියක්ද කියලා. මාත් ඉතිං එහෙමයි මහත්තයෝ කීවා, මොකද මිනිහා ඒක දැනගනම වගේ ඇහුව නිසා. ඒ වුනත් වැඩි හරියක් කතා කොලේ මම. ඒත් පස්සේ මට වැටහුං ගියා ඒක ඩිංගක් අමුතු දෙයක් කියාලා." ඔහු මදක් නැවතුනේය. එවිට ඇසෙන්නට වූ එකම ශබ්ධය වූයේ සුළගේ හඩ පමණකි. "මිනිහා යක්දෙස්සෙක් නෙව?. එහෙමෙයි?"

    "ඔවු, මිනිහා යක්දෙස්සෙකුත් තමයි. ඒත් යක් දෙස්සෙක් විතරක් නෙවෙයි."

    බ්‍රවුන් සෙමින් හිස සැලුවේය. "මට වැටහුං ගියා. මිනිහා කමිස අත අස්සෙන් හාවෙක් අරං මේසෙට දැම්මා. ඒකා හම ගහලා ඔක්කොම කොරලායි තිබුනේ. පෝච්චියට දාලා තම්බන්ඩ තිබුනේ. ඔබ තුමා?"

    "යක්දෙස්සෙක්ද?" තුවක්කුකරු සිනාසුනේය. "නෑ. මං නිකංම නිකං මිනිහෙක් විතරයි."

    "ඔබ තුමාට බෑ මිනිහාව අල්ලගන්ඩ, ඕං කීවා"

    "වැරදියි. මම මිනිහව අල්ල ගන්නවා"

     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    180
    'KA'

    "ඔවුන් දෙදෙන එකිනෙකා දෙස බලාගත් අතර, ඔවුන් අතර වූ හැගීම් අතරට හදිසි ගැඹුරු ස්වභාවයක් එක් වී තිබිනි. නිවැසියා සිටගෙන සිටියේ ඔහුගේ දුහුවිලි ඇවිස්සෙන සුළු වියලි බිම් කඩ මතය. තුවක්කුකරු සිටියේ, කාන්තාරය කරා මදින් මද පහත් වී යන කොන්ක්‍රීට් ලෑල්ලක් බදු, කර්කශ සහ දෘඩ පොලොව මතය. ඔහු තම ගිනි ගල ගැනීමට සැරසුනේය.

    "ඕං" බ්‍රවුන්, ගෙන්දගම් හිසින් යුතු ගිනි කූරක් කොතැනක හෝ තිබී ඇදගත් අතර, ඔහු එයට දැළිකුණු තැවරුණු ඇණයකින් පහර දුන්නේය. එයින් හටගත් ගිනි දැල්ල කරා තුවක්කුකරු තම දුම් වැටි අගිස්ස යොමුකර, වැටියෙන් නැගුනු දුම ඇද්දේය.

    "ස්තූතියි"

    "ඔහේට ඔය වතුර මළු පුරවා ගන්න වෙයි" නිවැසියා ඉවත හැරෙමින් කීය. "වතුර බුබුලක් තියනවා ආං අර පිලිකන්නේ වහලේ යට. මම රෑ සප්පායම ලෑස්ති කොරන්න තොලොංචි වෙනවා."

    තුවක්කුකරු ඉරිගු ගස් පේලි මතින් පරෙස්සමින් අඩි තබමින්, ගෙපැල පිටුපසට ගමන් කලේය. ජල බුබුල තිබුනේ, අතින් සාරන ලද ලිදක පතුලේය. ලිද වටා එක පෙලට විශාල කළු ගල් අතුරා තිබුනේ, දූහුවිලි සහිත පස ලිද තුලට නොවැටෙනු පිනිසය. ඔහු වැනෙන සෙලවෙන ඉණිගම පහලට බසින්නට විය. ලිද වටා ඇති ගල් වැටිය සෑදීම පිනිස වසර දෙකක් පමන ගෙවී යන්නට ඇතැයි යන්න සිතාගැනීම ඔහුට පහසු කාරියක් විය. මන්ද යත්, ගල් එසේ සකස් කිරීමට ඒවා ඔසවාගෙන විත්, ඇදගෙන විත්, නිවැරදි ස්ථාන වල තැබිය යුතු වූ හෙයිනි. ජලය බොර නොවූ පැහැදිලි ඒවා වුවද, ජල බුබුලෙන් වතුර ගැලුවේ ඉතා සෙමිනි. මෙහෙයින් ජල බෑගයන්ට වතුර පිරවීම බොහෝ කාලයක් ගත වෙන සුළු දුෂ්කර ක්‍රියාවක් විය. ඔහු එසේ කරමින් සිටින විට, සොල්ටන් ලිං ගැටිය මතට පැමින ඇණ තබා ගත්තේය.

    "තොටයි තොගෙ බූරුවටයි කෙලවිලා පල" ඌ උපදෙස් දුනි.

    තුවක්කුකරු එම හඩින් තිගැස්සී ඉහල බැලීය. ඉණිමග අඩි පහලොවක් පමන දිගු වූයේය: බ්‍රවුන්ට ඔහු මත කළු ගලක් හෙලා, ඔහුගේ ඔළුව පලා, ඔහු සතුව තිබූ සියළු දෑ සොරකම් කිරීමට ඒ ගැඹුර ඉතා ප්‍රමාණවත් විය. පිස්සෙකු හෝ ලාදුරු රෝගියෙකු නම් එසේ නොකරනු ඇත. එහෙත් බ්‍රවුන් යනු ඒ දෙකින් එකකු හෝ වූයේ නැත. එහෙත් ඔහු බ්‍රවුන් ගැන පැහැදී සිටි හෙයින්, එම අදහස හිසින් ඉවත් කර දමා, දෙවියන්ගේ කැමැත්ත පරිදි ලැබුනු ජලයෙන් තම ඉතිරි බෑගයන්ද පුරවා ගති. දෙවියන් කැමැත්ත දැක්වූ වෙනත් කාරණාවන්, ඔහුගේ නොව 'කා' ගේ රාජකාරියකි (පරිවර්තක: 'කා' යනු සරල ලෙස 'දෛවය' ලෙස හැදින්විය හැකිය. සියළු මිනිසුන් සහ සතුන් [මිය ගිය හෝ ජීවත් වන] සිදු කරන දෑ ඔවුන් සිදු කරනුයේ 'කා' යන ගූඩ සහ අභිරහස් බලවේගයේ පෙළඹවීමෙනි. 'කා' යනු උසස් භාෂිතයේ වදනකි. එය ක්‍රියාවන් සිදු කිරීමේ 'සැලැස්මක්' නොවන අතර, එය ජීවිතය පිලිබද නියාමකයක් හෝ ගමනස්ථානයක් හුවා දක්වන්නක් සේ සැලකිය හැකිය. එය යහපත් හෝ අයහපත් හෝ බලයක් ලෙස සැලකිය නොහැකි අතර, එය ඒ දෙ අන්තයෙන්ම ක්‍රියා කරයි. මෙනිසා එයට කුශලාකුශල ලක්ෂණයන් නැත. එමෙන්ම, එය ජීවන ශක්තියද, විඥ්ඥාණයද, කිසිවෙකුගේ ජීවන කර්තව්‍යය සහ දෛවය ලෙසද සැලකිය හැක. පහත් භාෂිතයෙන් නම්, හුදෙක් එහි අර්ථය වන්නේ 'කිසිවෙකු යා යුතු ස්ථානය' යන්නයි.).

    ඔහු ගෙපැලෙහි දොරින් ඇතුළු වී, තරප්පු පෙල බැස යන විට (ගෙපැලෙහි සත්‍ය වාසස්ථානය සාදා තිබුනේ බිම් මට්ටමට පහතිනි. එසේ කර තිබුනේ, රාත්‍රියේ ඇති ශිතය ගෙපැල තුල රදවාගෙන, එයින් දහවලේ රශ්මිය අවම කර ගැනීමටය), බ්‍රවුන් පසුවූයේ දැඩි දැවයෙන් කල ගොරහැඩි, පුළුල් 'ස්පැචුලා' පිහියකින් ඉරිගු ගෙඩි මත ඉහලට එසවී ඇති කොල කපමින්, ඒවා කුඩා ගිනිමැලයක ඇති දැවෙන අගුරු මතට දමමිනි. එලා තිබූ අළු-දුඹුරු පැහැති බ්ලැන්කටයක දෙකෙලවරෙහි, කඩතොලු වූ පිගන් දෙකක් තබා තිබිනි. ගින්නට ඉහලින් එල්වා තිබූ සැලිය තුල ඇති බෝංචි මාලුවෙහි ජලය මේ දැන් බුබුළු දමන්නට පටන්ගෙන තිබුනේය.

    "මම වතුරටත් ගෙවන්නම්"
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    72a4d3ec6123c001a6d7806c364f28a8.jpg


    බ්‍රවුන් ඉහල බැලුවේ නැත. "වතුර කියන්නේ දෙයියෝ දුන්නු තෑග්ගක්. මයෙ හිතේ නුඹත් ඒක දන්නවා ඇති. ඒත් බෝංචි ගේන්නේ දෙයියො නෙමේ, පප්ප ඩොක්."

    තුවක්කුකරු ගෙරවීමක් සහිත සිනාවක් පිටකොට, රළු වූ හෙයින් රිදුම් දෙන සුළු බිත්තියක් මතට තම පිට බර කොටගෙන හිදගත්තේය. ඔහු තම දෑත් බැදගෙන, තම දෑස් වසා ගති. මද වේලාවකින්ම, බැදෙන ඉරිගු පුසුඹ ඔහුගේ නාසය කරා පාවී පැමිනියේය. බ්‍රවුන් කොලයක් පුරා රැගත් වියලි බෝංචි ඇට අහුරක් පෝච්චිය තුලට දමන විට, එම දෘඩපල, සැලිය තුල එකටෙක ‍ගැටීමෙන් 'කට-කට-කට' හඩක් නැගී ගියේය. එමෙන්ම සොල්ටන් වලහය මත නොසංසුන්ව ඇවිදින විට නැගුනු 'ටැක්-ටැක්-ටැක්' හඩද විටන් විට ඇසිනි. තුවක්කුකරු සිටියේ වෙහෙසෙනි. ඔහු තමාට හමුවූ අවසාන ගම්මානය වූ 'තුල්' හිදී, අතිශය සංත්‍රාසජනක සිදුවීමකට මුහුණ දී තිබිනි. එතැන් සිට මේ දක්වා ඔහු දිනකට පැය දහසයක් හෝ ඇතැම් විටකදී පැය දහ අටක් ගනනේ ගමන් කොට තිබිනි. ඒද, දින දොලසක් පුරා පයින් ගාටමිනි. ඔහුගේ කොටළුවා මිය යාමට ඔන්න මෙන්න කියාය සිටියේ. ඌ තවමත් ජීවතුන් අතර සිටියේ, හුදෙක් පුදුරුද්ද නිසා මිස වෙනකක් නිසා නොවේ. එක් කලෙකදී ඔහු කොටළුවෙකු සන්තකව සිටි, ශීමී නැමති කොළු ගැටයෙකු හා මිතුරුව සිටියේය. එහෙත් දැන් ශිමී අතුරුදන් වී හෝ මියගොස් අවසානය. පෙර ඔහු දැන හදුනාගෙන උන් සියළු දෙනා දැන් මිය පරලොව ගොස් අවසානය. ඉතිරිව සිටියේ දෙදෙනෙකු පමණකි -- ඔහු සහ කළු හැදගත් මිනිසා. ඔහු මේ භූමි ප්‍රදේශයෙන් එපිට තිබූ වෙනත් දේශයන් පිළිබද කටකථා මගින් අසා තිබිණි. එයින් එකක්, පලාශවන් ගස් කොලන් සහ තණින් පිරුණු සශ්‍රීක දේශයක් විය. එහි නම වූයේ 'මධ්‍යම-ලෝකය' යි. එහෙත් මෙම කට කථාන්තර විශ්වාස කිරීම අපහසු කාරණයක් වූයේය. මේ කාන්තාර භූමිය තුලදී සශ්‍රීක දේශයක් ගැන සිතීම, ලදරුවෙකුගේ සිත තුල ඇති වන විචිත්‍ර සිහිනයක් බදු විය.

    ටැක්-ටැක්-ටැක්

    බ්‍රවුන් පැවසූ ලෙස සති දෙකක්. එසේත් නැතිනම් සති හයක් තරම්. එහෙත් එයින් කම් නැත. තුල් ගම්මානයේ නම් කැලැන්ඩරයන් තිබුනි. එමෙන්ම, එහි වාසීන්ට කළු හැදගත් මිනිසා ගැනද මතකයේ තිබිනි. මන්දයත්, කළු හැදගත් මිනිසා තුල් ගම්මානය තුලින් ගමන් කරන අතරතුරදී, ඔහු එහි ලෙඩින් පසුවූ මහල්ලෙකු සුවපත් කොට තිබූ හෙයිනි. මහල්ලා රෝගාතුර වී තිබුනේ යක්ෂ තණ සැපීමෙන් හෝ ඒවා උරා බීමෙනි. මහල්ලාගේ වයස වූයේ අවුරුදු තිස් පහකි. බ්‍රවුන් ගේ කාලනිර්ණය නිවැරදි වන්නේ නම්, තුවක්කුකරු තුල් සිට මෙතැනට ලගා වන අතර තුරදී, ඔහු කළු හැදගත් මිනිසා කරා බොහෝ සේ ලං වී තිබුනේය. එහෙත් මෙතැන් සිට නැවතත් පැවතුනේ කාන්තාරයයි. කාන්තාරය යනු නිරයයි.

    ටැක්-ටැක්-ටැක්...

    'මට උඹේ තටු නයට දියන්, කුරුල්ලෝ. එතකොට මම ඒවා විහිදවලා, කාන්තරයේ ගිනි රත් වුනු හුළග උඩින් පියාඹලා යන්නම්'

    අනතුරුව ඔහු නින්දට වැටුනි.

    III
    ...
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    III

    බ්‍රවුන් ඔහුව පැයකට පසු අවදි කලේය. රාත්‍රිය පැමින තිබිනි. තිබූ එකම ආලෝකය වූයේ, අළු වලින් වැසූ තිබූ ගිනි අගුරු වල චෙරි රතු පැහැති උදාසීන ආලෝකය පමණි.

    "නුඹේ කොටළුවාගේ ආත්මේ උගේ සරීරේ අතෑරලා ගොහිං" බ්‍රවුන් කීය. "නුඹට සාංකාවක් නැතෑ. ඒක අමතක කොරන්ඩත් එක්ක යංකෝ, ආං රෑ සප්පායම ලෑස්තියි."

    "කොහොමද?"

    බ්‍රවුන් තම දෙඋර හැකිළුවේය. "කර කොලා, තැම්බුවා, වෙන අහවල් ක්‍රමේකටැයි? ඇයි නුඹට කෑම බුදින්ඩ අහවල් විදියකටැයි හදන්ඩ ඕන කියලා එකක් තියේයැ?"

    "නෑ. මං කීවේ කොටළුවා."

    "ඌ නිකංම බිම බුදියාගත්තා. එච්චරයි. ඌ නාකි කොටළුවෙක් වගේ මට පෙනුනේ. වයසටම වලකජ්ජ ගහන්ඩ ඇත්තේ." ඉන්පසු සමාව ඉල්ලන ලීලාවෙන්: "මම බලන කොට අර සොල්ටන් පෙරේතයා උගේ ඇස් දෙක උගුල්ලං කාලා"

    "අහ්." තුවක්කුකරු එසේ සිදුවෙතැයි බලාපොරොත්තු වන්නට ඇත. "මක් කරන්ඩද ඉතිං."

    මේසයක් වෙනුවට භාවිතා කල බ්ලැන්කටය දෙපස ඔවුන් හිදගත් විට, බ්‍රවන් නැවතත් ඔහුව විමතියට පත් කලේය: බ්‍රවුන් කෙටි යාඥාවක් කලේය -- වර්ශාව, යහපත් සෞඛ්‍යය, සහ ජීවන ස්පිරිතුවේ වර්ධනය උදෙසා.

    "නුඹ පුනරුත්පත්තිය විස්වාස කරනවාද?" තුවක්කුකරු අසා සිටියේ, ඔහුගේ දීසියට බ්‍රවුන් දුම් දමන ඉරිගු කරල් තුනක් දමන අතරතුරේදීය.

    බ්‍රවුන් හිස සැලීය. "මං හිතන්නේ අපි මේ ගෙවන ජීවිතේ තමා එකම ජීවිතේ. ආය වෙන අහවල් එකක් නෑ"


    IV

    බෝංචි වල හැඩය උණ්ඩ වල හැඩයට සමාන වූ අතර, ඉරිගු සැපීමට අපහසු දෘඩ ඒවා විය. නිවසින් පිටත, කාන්තාරය දිශාවෙන් හැමූ සුළග, පහත් වහලය වටා කර කැවි කැවී, ශෝකාලාපයන් සහ අදෝනාවන් පිටකරමින් සුසුම් ලෑවේය.
     
    • Like
    Reactions: Fox Mulder89

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    තුවක්කුකරු කුසගින්න නිසා ඇති වුනු කෑදර කමින් යුතුව වේගයෙන් තම දීසියෙහි තිබූ කෑම කෑවේය. එසේ බුදින අතර හේ වතුර කෝප්ප හතරක් පානය කලේය. මෙසේ මද වේලාවක් යත්ම, පැලෙහි දොරට මැෂින් තුවක්කුවකින් වෙඩි තබන්නාක් වැනි ශබ්ධයක් නැගිනි. බ්‍රවුන් නැගිට සොල්ටන්ට ඇතුළු වීමට දොර විවර කලේය. කුරුල්ලා කාමරය හරහා පියඹා ගොස්, අනතුරුව එහි මුල්ලක් මත කල්පනාබරව ඇණ තිබා ගති.

    "සංගීතවත් එළවළුව" ඌ මිමිණුවේය.

    "කවදාකවත් නුඹට මූව මරාගෙන කන්න එහෙම හිතිලා නැද්ද?" තුවක්කුකරු විමසා සිටියේය.

    නිවැසියා සිනාසුනේය. "කතා කරන සත්තුන්ව කෑමට ගන්ට අමාරුයි උන්ගේ මස් බෝම තදයි, අප්පිරියයි." හේ කීය. "කුරුල්ලෝ, බිලී-බම්බ්ලර් මීයෝ, මනුස්ස-බෝංචි, එහෙමත් හපලා බුදින්ඩ හරි අමාරුයි."

    රාත්‍රී කෑමෙන් පසු, තුවක්කුකරු තමා සතුව තිබූ දුම්කොල සුරුට්ටු නිවැසියා හට පිලිගැන්වූයේය. බ්‍රවුන් එවා භාරගත්තේ ඉතා කැමැත්තෙනි.

    'දැන්' තුවක්කුකරු සිතීය. 'දැන් ප්‍රශ්ණ කිරීම් පැමිනෙනු ඇත.'

    එහෙත් බ්‍රවුන් කිසිත් ප්‍රශ්ණයක් නැගුවේ නැත. හුදෙක් ඔහු ගිනිමැලයේ නිවී යාමට නියමිත ගිනි අගුරු දෙස බලමින්, ගාර්ලන් වර්ෂයන්හිදී වවනු ලැබූ දුම්කොල දුම ඉරුවේය. අන්තර්භෞම ගෙපැලෙහි උෂ්ණත්වය දැනටමත් සැලකිය යුතු තරම් පහත වැ‍ටී තිබිනි.

    "අපිව වැරැද්දට පොළඹවන්ඩ එපා බොල" හදිසියේම සොල්ටන් කියා සිටියේ, ලෝක විනාශය පිලිබද දිවැසින් කියන අනාගත වක්තෘවරයෙකු ලෙසිනි.

    මෙයින් තුවක්කකරු කැළඹුනේ, ඔහුට කිසිවෙකු වෙඩි තැබූ කලෙක මෙනි. ඔහුට හදිසියේම නියත ලෙස වැටහී ගියේ, මේ සියල්ලක්ම හුදු මායාවක් බවය. කළු හැදගත් මිනිසා මායා-බන්ධනයක් කොට ඇති අතර, එයින් ඔහු තමාට සංඛේතාත්මක ලෙස කිසියම් නොවැටහෙනු සුළු යමක් පැවසීමට තැත් කරමින් සිටියි.

    "නුඹ තුල් ගැන දන්නවාද?" ඔහු එක්වරම අසා සිටියේය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    බ්‍රවුන් හිස සැලුවේය. "මම මෙහෙට එන්ට තුල් හරහා තමා ආවේ. තව අය වතාවක් එහේ ගියා, ඉරිගු විකුණන්ඩයි විස්කි වීදුරුවක් බොන්ඩයි. ඒ අවුරුද්දේ වරුසාවක් ලැබුනා. හැබැයි වැස්සේ විනාඩි පහලොවක් විතර. පොලොව නිකං කට ඇරලා වැහි වතුර ටික උරලා බීවා වගේ පෙනුනෙ. පැයක් යන්ට ලැබුන් නෑ, පොලොව ආයෙත් සුදු පාට වෙලා, වේලිලා ගියා. ඒ උනාට ඉරිගු--අම්මපල්ලා, ඉරිගු බලාන ඉද්දී වැවෙන්ට පටං ගත්තා. ඒක යස වැඩක්. වැස්ස උන්ට කටවල් දුන්නා වගේ, ඉරිගු කරල් කතා කොරනවා වගේ සද්ද එන්ඩ පටන් ගත්තා. ඒ සද්ද ලස්සන ඒවා උන් නෑ. ඉරිගු කරල් පොලොවෙන් උඩට මතුවෙන ගමං, ඒවා ගොරව ගොරවා හති දානවා වගේයි ඇහුනේ." ඔහු මදකට නිසොල්මන් විය. "ඒ අවුරුද්දේ ඉරිගු පලදාව වැඩි උනා. ඉතිං මම වැඩි හරිය විකුණලා දැම්මා. පප්ප ඩොක් කීවා, ඉරිගු වලට මගෙ මිල ගාන ‍හරිය කියලා. ඒත් මිනිහා සමහර විට මාව රැවැට්ටුවා වෙන්ඩත් පුළුවං. ඉතිං මම ඒ සල්ලිත් අරගෙන තුල් වලට ගෙහුං එන්ට ගියා."

    "නුඹ නගර වලට කැමැත්තක් නැද්ද?"

    "නෑ"

    "මම තව පොඩ්ඩෙන් තුල් වලදී මැරුම් කනවා."

    "මොකා? අම්මපා?"

    "මම දිවුරලා කියනවා. මම දේවාශිර්වාදය ලබාපු මිනිහෙකුව මැරුවා." තුවක්කුකරු පවසා සිටියේය. "ඒත් ආශිර්වාදය දීලා තිබුනේ දෙවියෙක් නම් නෙවෙයි. ඒ අර කමිස අත අස්සේ හාවෙක් හංගාගෙන හිටි මිනිහා. කළු ඇදගත් මිනිහා."

    "මිනිහා නුඹව නූල් සූස්තරේකට අහු කොලාද?"

    "නුඹ හරියටම හරි. මම නුඹට 'ස්තූතියි' කියනවා"

    ඔවුන් සෙවනැලි අතරින් එකිනෙකා දෙස බලා ගත්තෝය. එම මොහොත තුල, අවසානය පැමින ඇති බවට කියවෙන රාව ප්‍රතිරාවයන් කැළතී සැගැවී තිබින.

    'දැන් එම 'ප්‍රශ්ණ කිරීම්' පැමිනෙනු ඇත.'
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    crazy-outdoor-peeing-8.jpg


    එහෙත් බ්‍රවුන් හට තවමත් ඇසීමට කිසිම ප්‍රශ්ණයක් ඇති බවක් පෙනුනේ නැත. ඔහුගේ සිගරටය අඩියටම දැවී ගොස්, දැන් ඉතිරිව තිබුනේ එහි දුම් දමන අගිස්ස පමනි. එහෙත් තුවක්කුකරු තම ගෑරුප්පුවෙන් දීසියට තට්ටු කල විට, බ්‍රවුන් තම හිස සොලවමින් ඔහු දෙස බැලුවේය.

    සොල්ටන් නොසන්සුන්ව ඒ මේ අත ඇවිද්දේය. ඌ නැවතත් කථා කිරීමට සැරසෙන්නාක් මෙන් පෙනුනද, අවසානයේ දී නිහඩවම පසු විය.

    "මම නුඹට ඒ කතාව කියන්නද?" තුවක්කුකරු අසා සිටියේය. "සාමාන්‍යයෙන් මම කට කතන්දර කියන මිනිහෙක් නෙවේ. ඒත්..."

    "බාග විටක කතා කොරනකොට, පපු කැනැත්තට වද දෙන දෙයක් තියෙනවානං, ඒක ටිකක් හේම වෙලා යනවා, එහෙමයි. නුඹේ කතාව දෙසාබාන්ට, මම ඇහුං කන දීගෙන ඉන්නං."

    තුවක්කුකරු තම කථාන්තරය ඇරඹීමට වදන් සෙව්වුද, ඔහුගේ මුවට එකදු වචනයක් පැමිනියේ නැත. "මම මුත්‍රා කරලා එන්නම්" අවසානයේදී ඔහු කීය.

    බව්‍රන් හිස සැලීය. "කරුණාකොරලා, ඉරිගු වගාවට මුත්තරා කොරන්ට"

    "හොදමයි"

    ඔහු තරප්පු පෙල මතින් ඉහලට නැග, නිවසින් පිටත වූ අන්ධකාරයට පිවිසියේය. ඔහුගේ හිස මතින් තාරකාවන් බැබලිනි. සුළග නැගෙමින් බසිමින් ස්පන්ධනය වූයේය. දුහුවිල්ලෙන් යුතු ඉරිගු යාය මතින්, ඔහුගේ මුත්‍රා ධාරාව ඒ මේ අත වැනී යන ආරුක්කුවක හැඩයකට විහිදී ගියේය. කළු හැදගත් මිනිසා, මෙම ස්ථානය වෙත ඔහුව චුම්භකයක් මෙන් ආකර්ශණය කොටගෙන තිබිනි. ඇතැම්විට, කළු හැදගත් මිනිසා බ්‍රවුන් ම වීම යනුද අභව්‍ය කාරණයක් නොවීමට ඉඩ තිබිනි. ඇතැම් විට සැබවින්ම එය එසේ විය හැකිය...
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    තුවක්කුකරු තම සිතට පැමිනි කැළඹිලි සහගත සහ පලකට නොමැති සිතුවිලි වලට අගුළු ලෑවේය. ඔහු සූදානම් ශරීරයෙන් නොසිටි එකම දෙය වූයේ, තමාගේම සිතට ආරූඩ වීමට ඉඩකට ඇති උන්මත්තකභාවය සමග ගනුගෙනු කිරීමයි. ඔහු ආපසු ගෙපැල තුලට ඇතුළු වූයේය.

    "මාත් යක්දෙස්දෙක්ද නැද්ද කියාලා තාම තීරනේකට බැහැගත්තේ නැතෙයි?" බ්‍රවුන් විමසුවේ තුටු පහටු ස්වභාවයකිනි.

    තුවක්කුකරු තිගැස්සී, කුඩා තරප්පු පෙල මත මග නැවතුනේය. අනතුරුව ඔහු නැවතත් සෙමින් පඩි පේලිය බැස විත්, බිම වාඩි ගති. "ඒ ප්‍රශ්නේ මගේ හිතට ආවා තමයි. ඇත්තටම නුඹ යක්දෙස්සෙක්ද?"

    "මං එහෙම එකෙක් නං, මං එහෙම එකෙක්ද කියලා මං ම දන්නෙ නෑ"

    එය අති පැහැදිලි පිළිතුරක් නොවුනද, ඒ ගැන නොසිතා සිතීමට තුවක්කුකරු තීරණය කලේය. "මම නුඹට කියන්ඩ පටන් ගත්තේ තුල් ගැන"

    "ඉතිං කියනවෙයි?"

    "කියන්ඩ වචන නෑ" තුවක්කුකරු කීය. "මම කතන්දර කියන අදහස කම්බස් කෙරුවා". එමෙන්ම ඔහුට මෙසේද එයට එකතු කිරීමට සිතුනි: 'මට එක ඇහැක් ඇරගෙන බුදියන්ඩ වෙනවා නම්, මම උඹවත් කම්බස් කරනවා.' එහෙත් ඔහු එසේ කිරීම සුදුසු ක්‍රියාවක්ද? එසේ නම්, මෙසේ ගමන් කිරීමේ ඇති පලය කුමක්ද? ඔහුද තමා පසුපස හඹා යන මිනිසාගේම තත්වයට පත්වන්නේ නම්, ඔහු සිදු කරන මේ කිසිවක අරුතක් තිබේද?

    බ්‍රවුන් මෙසේ කීය, "නුඹ මෙහෙන් චුත වෙලා යනකං පණ රැකගෙන ඉන්න එක ඇර, මට නුඹෙන් උවමනා කරන අහවල් බම්බුවක් නෑ. නුඹ මාව බාවන්ඩ හැදුවොත්, මං මගේ පරාණය ඉල්ලලා නුඹට අත පාන්නෙ නෑ. ඒත් එහෙමයි කියලා, මට තව ටික දොහක් ජීවිතේ රැකගන්න උවමනාවක් නැතෙයි කියලා කියවෙන්නෙත් නෑ."
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    තුවක්කුකරු තම දෑස වසා ගත්තේය. ඔහුගේ මනස දිය සුලියක් මෙන් භ්‍රමණය වෙමින් තිබිනි.

    "ඇත්තටම නුඹ කවුද කියලා මට කියපන්" හේ බරපතල ලෙස කීය.

    "නිකංම නිකං මිනිහෙක්. නුඹට අන්තරාවක් කොරන්ඩ අදහසක් නැති නිකංම නිකං මිනිහෙක්. ඇරත්, නුඹ අර කතන්දරේ හරි වෙන මොන හෑල්ලක් හරි දිගාරිනවා නං, ඒකටත් ඇහුං කන දීගෙන ඉන්ඩත් මම සතුටුයි."

    මෙයට තුවක්කුකරු පිලිතුරු සැපයූයේ නිහඩව සිටීමෙනි.

    "මයෙ හිතේ, ආයෙන් බුලත් අතක් දීලා ආරාදනා කොරනකං, නුඹ කට හොල්ලන්ඩ අකමැති ඇති, හැ?", බ්‍රවුන් කීය, "එහෙනං ඕං ආය කීවා, තුල් ගැන කතන්දරේ නුඹ මට කියාදානවද?"

    තුවක්කුකරුගේ විශ්මයට හේතු වන පරිදි, මෙවර ඔහුගේ මුවට වදන් පැමිනියේය. මුලින් නීරස, නොසැලකිලිමත් සහ රළු ස්වභාවයෙන් පටන් ගත් ඔහුගේ කථාව, පසුව සෙමින් සෙමින්, සන්සුන් සහ මද ඒකාකාරී බවකින් යුත් කථාන්තරයක් දක්වා විහිදී පැතිරී ගියේය. කථාව දිගහැරී යාමේදී ඔහුට තමා තුල අස්වාභාවික උත්තේජනයක් ඇති වී යන සැටි දැනී ගියේය. ඔහු රාත්‍රිය ගැඹුරින් ගැඹුරට යන තුරු කථාවේ යෙදුනි. බ්‍රවුන් ඒ මුළු කාලය තුලම, කිසිම ප්‍රශ්ණයකින් හෝ කියමනකින් හෝ ඔහුට බාධා නොකලේය. එසේම කුරුල්ලාද ඔහුට බාධා කලේ නැත.

    V
    ...
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    V

    ඔහු කොටළුවාව මිලදී ගෙන තිබුනේ ප්‍රයිස්ටවුන් වලදීය. ඔහු තුල් කරා ලගා වන විට ඌ තවමත් හොද ප්‍රාණවත් ස්වභාවයෙන් යුතු විය. හිරු වෙනදාට වඩා පැයකට කලින් අවරට ගොස් තිබුනද, තුවක්කුකරු නොනැවතී ගමනේ යෙදුනි. ඔහු ගමන් කලේ ඈතින් තිබූ ටවුමෙන් ආකාශය කරා විහිදුනු ආලෝකය අනුගමනය කරමිනි. ඉන්පසු ඔහු ටවුම කරා ලගා වෙත්ම ගමන් කරන්නට පටන් ගත්තේ, එයින් නැගුනු 'හොන්කි-ටොන්ක්' පියානෝවක ගූඩ නමුත් පැහැදිලි ස්වර තානයක් අනුගමනය කරමිනි. පියානෝවෙන් නැගුනේ "Hey Jude" ගීතයේ ස්වරයයි. අතුරු මං මාවත් වලින් යුතු කොටසට පැමිනෙන විට, ප්‍රධාන මාර්ගය වඩාත් පුළුල් වී ගියේය. මාර්ගයට ඉහලින් අතැන මෙතැන මාර්ගාලෝකයන් එල්ලා තිබුනද, දැන් ඒවා සියල්ලක්ම විනාශ මුඛයට පැමින බොහෝ කල් ගතව ගොස් තිබිනි.

    වනාන්තරයන්ද විනාශයට පැමින දැන් බොහෝ කලකි. වනගහනයෙන් යුතු වූ ප්‍රදේශයන් දැන් තණකොලින් ගහණ තැනිතලා බිම් කඩවල් වලට පෙරලිලාය. නිමක් නැති හුදකලා කුඹුරු යායවල් වෙනුවට දැන් තිබුනේ, තිමොති සහ පහත් තණ පදුරු සහිත නිසරු බිම් කැබලිය. අතැර දමනු ලැබූ ගූඪ වතු යායවල් ආරක්ෂා කරනු ලැබුනේ, සෙවනැලි ගහණ, මූසල, නිසැකයෙන්ම යක්ෂයින් අරක්ගත් මන්දිරයන් විසින් ය. තවද, නිවැසියන් විසින් අතැර දමනු ලැබූ හෝ ඔවුන් මියගියාවූ, විරිත්තා බැලුම් හෙලන හිස් මඩු පැලවල් හමුවිය. කලාතුරකින්, නිවැසියන් වාසය කරන බවට යන්තමින් හගවාලන, අදුරේ සෙලවි සෙලවී දැල්වෙන එකම එක කුඩා ආලෝක තිතක් සහිත ගෙපැලවල්ද තිබිනි. දහවල් කලදී නම්, මූසල දුක්බර මුහුණවල් වලින් යුතු, එකම පවුලේ ඥාතීන්ගේ සංසර්ගයෙන් උත්පත්තිය ලත් ඒවායේ නිවැසියන්, නිහඩව තම කොරටු වල වෙහෙස මහන්සියෙන් වැඩ පල කරනු දැකගත හැකි විය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ප්‍රධාන වගාව වූයේ ඉරිගු වූ නමුත්, බෝංචි සහ ඇතැම් විට පෝකබෙරි ද වගා කරනු ලැබිනි. කලාතුරකින්, කෘශ ගැසී ගිය ගවයෙකු උදාසීන බැල්මකින් යුතුව, පොතු ගැසූ ඇල්ඩර් දඩු දෙකක් අතරින් ඔහු දෙස ඒකාකාරී බැල්මකින් බලා සිටියේය. අශ්ව ගැල් හතරක් මේ වන විට ඔහු පසු කොට ගමන් කොට තිබුනි. ගැල් දෙකක් ඔහු දෙසට පැමිනි අතර, අනෙක් දෙක ඔහුට පිටුපසින් මතුවූයේය. ඔහු සහ ඔහුගේ කොටළුවාට පසුපසින් පැමිනි ගැල් මුළුමනින්ම මෙන් හිස්ව තිබූ අතර, උතුරු දිශාවෙහි ඇති වනගහනයන් කරා ආපසු ගමන් කල ඒවා වඩාත් පිරී පැවතිනි. කලාතුරකින්, ගොවියෙකු දෙකෙකු තම අශ්ව රථ වල නැගී, ඒවායේ මඩවරණ මත තම දෙපා තබාගෙන ඔහු පසු කරමින් ගමන් කලහ. එහෙත් ඔවුහු තුවක්කු රැගත් මිනිසා දෙස නොබලා සිටීමට සැලකිලිමත් වූවෝය.

    එය ඇසට අප්‍රියජනක වූ භූමියක් විය. ඔහු ප්‍රයිස්ටවුම පසු කර පැමිනියායින් පසු දෙවරක් වර්ශාව පතිත වුනි. එහෙත් ඒ දෙවරම වර්ශාව ලැබුනේ, ආකාශය ජලය ලබා දීමට ලෝභ වූවාක් මෙන්, පොද වැසි ලෙසටය. තිමොති පදුරු පවා කහ පැහැ ගැන්වී, මලානිකව පැවතුනේය. කෙතරම් ගමන් කලද ඔහුට කළු හැදගත් මිනිසාගේ ලකුණක් හෝ තවමත් දැකගත හැකි ව නොතිබින. ඇතැම් විටක ඔහු අර අශ්ව ගැල්වලින් එකක නැගී ගමන් කලා වන්නට පුළුවන.

    මාර්ගය නැම්මක් ගත් අතර, තුවක්කුකරු තම කොටළුවාව හිටි අඩියේ නතර කොට, මාර්ග නැම්මෙන් එපිට සහ පහතින් තිබූ තුල් ටවුම දෙස බැලුවේය. ටවුම පිහිටියේ, පාත්‍රයක් වැනි වලයාකාර පහත් බිමක අඩියේය. එය ගොරහැඩි වටපිටාවක් මධ්‍යයේ තිබූ, අනුකාරක බාල මැණිකක් විය. එහි ආලෝකයන් කීපයක් පැවති අතර, ඒවායින් බොහොමයක් ගොඩගැසී තිබුනේ සංගීතය නැගී ආ ස්ථානය වටාය. එහි මාර්ග සතරක් දැකගත හැකි වූ අතර, එයින් තුනක්, ටවුමෙහි ප්‍රධාන මාර්ගය වූ ගැල් මාර්ගයට රිජු-කෝනාකාරව දිව ගියේය. ඇතැම් විට එහි කෝපි හලක් හෝ කුඩා හෝටලයක් තිබීමේ ඉඩකඩක් තිබිනි. ඔහු එවැන්නක් එහි තිබෙනු ඇතැයි සැක කලද, ඇතැම් විට එසේ වීමේ ඉඩක් තිබුනි. ඔහු කොටළුවාට ඉදිරියට යන ලෙස සන් කලේය.

    5537985769_62e2c0b084.jpg

     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දැන් මාර්ගය දිගේ අතැනින් මෙතැනින් තව තවත් නිවාසයන් මතුවන්නට පටන් ගත්තේය. එහෙත් ඒවාද වැඩි හරියක් අතැර දමනු ලැබූ ඒවා විය. ඔහු කුඩා සුසානභූමියක් පසු කලේය. එය ඇදව ගිය දැව-මුවා සොහොන් ආවරණ වලින් සමන්විත වූ අතර, පෙද පාසි වලින් වැසී ගිය එම දැව ඵලක, යක්ෂ-තණ වලින්ද හෙවී ආවරණයව ගොස් තිබිනි. අඩි පන්සීයක් පමන ඉදිරියට යද්දී, ඔහු තැලී ඇදවී ගිය සංඥා ඵලකයක් පසු කලේය: "තුල්".

    එහි ආලේප කොට තිබූ සායම ඉරි තැලී කැබලි වී ගොස් තිබූ හෙයින්, එහි ලියා තිබූ දෙය කියවිය හැකි වූයේ යන්තමිනි. තවත් ඉදිරියට යාමේදී තවද සංඥා ඵලකයක් හමු වූ නමුත්, තුවක්කුකරුට එය නම් කෙසේ වත් කියවා ගත නොහැකි විය.

    "Hey Jude" ගීතය අවසානයේ ඇති දිගු ගායනා කොටසට අයත් ස්වර ඛාණ්ඩය ඇරඹෙත්ම, අඩ-බීමතින් යුතු විසිළු කටහඩවල් රාශියකින් සැදි ගායක වෘන්ධයක හඩ නැගී ගියේය -- "නා-නා-නා-නා-න-න-නා-නා... Hey, Jude ...". මෙය ඇසුනේ ඔහු ටවුම මධ්‍යයට පා තබනවාත් සමගය. එම හඩ, දිරාගිය ගසක කුහරයක් තුලින් හමන සුළගක් මෙන් මළ ගිය, ප්‍රේත ශබ්ධයක් විය. මෙය කළු හැදගත් මිනිසා විසින් අවතාර වලින් පුරවා දමන ලද ජනශූණ්‍ය ටවුමක් නොවන බවට ඔහුට තිබූ එකම සාධකය වූයේ, හොන්කි-ටොන්ක් පියානෝවේ මිටි වලින් නැගුනු අතථ්‍ය නොවූ තඩි ගසන ශබ්ධය පමනි. එම සිතුවිල්ල ඔහුගේ දෙතොලට මද සිනාවක් ආරූඩ කලේය.

    මාවත් මත මිනිසුන් සුළු පිරිසක් ගැවසෙමින් සිටියහ. කළුවන් කලිසම් සහ ඒවාට ගැලපෙන උසැති කොලරයන් සහිත බ්ලවුසයන් හැදගත් කාන්තාවන් තිදෙනෙකු, ඔහුට ප්‍රතිවිරුද්ධ අන්තයෙහි තිබූ ලෑලි පදික වේදිකාව මතින් ගමන් කලහ. ඔවුන් ඔහු දෙස කුතුහලය සහිත බැල්මක් තබා, කිසිත් බැල්මක් නොහෙළූවෝය. ඔවුන්ගේ මුහුණු, ඔවුන්ගේ යන්තමින් පමණක් දැකගත හැකි වූ සිරුරු මතින් පාවුනේ, දෑස් සහිත මලානික පැහැයකින් යුතු බෝල මෙනි.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    පිදුරු තොප්පියක් දැඩිව තම හිස මත ලා ගත් දෘඩ පෙනුමකින් යුතු මහළු මිනිසෙක්, දැව පුවරු වලින් දොර ජනෙල් ආවරණය කරන ලද වෙළද සැලක තරප්පුව මත හිදගෙන ඔහු දෙස බලා සිටියේය. පමාවී පැමිනි සේවාදායකයෙකු සමග සිටි කෘශ සන්නාලියෙක්, ඔහු යනු බැලීම පිනිස තම මැසීම මදකට නතර කලේය. ඔහු වඩාත් පැහැදිලි බැල්මක් ලබා ගැනීම පිණිස, තම ජනේලය මත තිබූ ලාම්පුව පවා ඉහලට ඔසවාලූයේය. තුවක්කුකරු ඔහුට හිස සැලීය. එහෙත් සන්නාලියා හෝ ඔහුගේ සේවාදායකයා ආපිට හිස සැලුවේ නැත. ඔවුන්ගේ බැල්ම තමාගේ කලවය මතින් පහලට එල්ලෙන තුවක්කු ආවරණයන් දෙස දැඩි ලෙස රැදී පවතින ආකාරය තුවක්කුකරුට ඉවෙන් දැනිනි. අවුරුදු දහතුනක පමන කොළුගැටයෙකු සහ ඔහුගේ නැගනිය හෝ කුඩා පෙම්වතිය යැයි කිව හැකි කෙල්ලක, ඔහුට ඉදිරියෙන් වූ ගොඩනැගිල්ලකට එපිටින් පාර මාරු වූවෝ, තත්පරයකට පමණ තම ගමන නවතාලූහ. ඔවුන්ගේ පාද වලින් නැගුනු පොලෝ දූවිල්ල, කුඩා වලාකුළු මෙන් භූමිය මතින් එල්ඹිනි. ටවුමෙහි මෙම කොටසේ මාර්ග ආලෝකයන් සියල්ලක්ම මෙන් දැල්වෙමින් පැවතියද, ඒවා විද්‍යුතයෙන් ක්‍රියා කල ඒවා නොවුනි. ඒවායේ පැති වල තිබූ අයිසින්ග්ලාස් වීදුරු ආවරණ, කැටි ගැසුනු තෙල් වලින් බොර පැහැ ගැන්විලාය. ඇතැම් වීදුරු බිදී ඉවතට විසිවී තිබිනි. වසා නොදමා යන්තමින් පවත්වාගෙන ගිය පෙනුමකින් යුතු, මුදලට අශ්වයන් බලා ගන්නා අශ්ව ගාලක්ද එහි දැකගත හැකි විය. බොහෝ විට, එය අභාවයට නොගොස් පවත්වාගෙන යනු ලැබුනේ, අශ්ව ගැල් මාර්ගයේ පිහිටෙන් විය යුතුය. අශ්ව ගාලෙහි විශාල දොරටුවට පසෙකින්, දුහුවිල්ල මත කිරිගරුඩ කැට විසිරුවා සැදූ වලල්ලක් වටා කොලුවන් තිදෙනෙකු නිහඩව ඇන තබාගෙන සිටියේ, ඉරිගු කොල වලින් සෑදූ සිගරටයන් උරමිනි. ඔවුන්ගේ හේමලයින් පොලොව මත දිගැති ඡායාවන් නිර්මාණය කලේය. ඔවුන්ගෙන් එකෙකු පැලද සිටි තොප්පි පටිය තුලට ගෝනුස්සෙකුගේ නගුටක් ගසලාය. තවෙකෙකුගේ ඉදිමී අන්ධව ගිය දකුණු ඇස, එහි කෙවෙනියෙන් පිටතට පැනීමට මෙන් පිටතට නෙරා විත්ය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    තුවක්කුකරු ඔවුන් පසු කරමින්, තම කොටළුවාව දක්වාගෙන ඇවිද ගියේය. එසේ යන අතර ඔහු අශ්ව ගාලෙහි සෙවනැලි ගහණ අන්ධකාරයට තුලට බැල්මක් හෙළුෑවේය. ගොඩනැගිල්ල තුල තිබූ කුහරයක් තුල එකම එක ලාම්පුවක් දැල්වෙමින් තිබිනි. එතුල, බොරොත්තියක් ඇදගත් උසැති සහ කෘශ මහල්ලෙක් දෙබල් මුල්ලුවකින්, මෘදු තිමොති පිදුරු ඒවා ගබඩා කිරීම පිනිස සෑදූ කුහරයක් තුලට ඔසවා වීසි කලේය. ඔහු ශබ්ධ නැගෙන සේ, එක්වරකට විශාල පිදුරු මිටියක් මුල්ලුවට ගත් අතර, එයින් ඔහුගේ සෙවනැල්ල ඒ මේ අත පනිමින් ඇසිපිය ගැසුවේය.

    "ඒ!" තුවක්කුකරු ඇමතුවේය.

    මුල්ලුවේ චලනය ඇන හිටි අතර, මහළු සේවකයා තම කාස පැහැයෙන් දුර්වර්ණ වූ දෑසින් වටපිට බැලීය. "ඒ!" ඔහු ආපිට කීවේය.

    "මේ කොටළුවෙක් ඉන්නවා"

    "බෝම හොදා"

    තුවක්කුකරු ගෙවී ගිය නමුත් බරැති වූ රත්‍රන් කාසියක්, අශ්ව ගාලෙහි අඩ අදුර වෙතට වීසි කර දැමුවේය. එය දහයියා විසිරුණු ලෑලි මතට හඩ නගමින් පතිත වී දිලිසුම් දුන්නේය. මහල්ලා ඉදිරියට විත්, බිමට නැවී එය අහුලාගෙන, අනතුරුව තුවක්කුකරු වෙත තම දෑස් හකුළුවමින් බැලුවේය. ඔහුගේ දෑස් තුවක්කු පටි කරා පහතට දිවගිය අතර, හේ කටුක ලෙස තම හිස සැලීය. "කොච්චර කාලෙකට මූව ගාලට දානවද?"

    "රාත්‍රියක් දෙකක්. සමහර විට ඊට වඩා"

    "මං ලග රත්තරං කාසි වලට මාරු නෑ"

    "මාරු ගැන ඇහුවෙ කවුද"

    "නාස්තිකාරයෙක්" මහල්ලා මිමිණුවේය.

    "මොකක් කීවා?"

    "මුකුත් නෑ" සේවකයා කොටළුවාගේ කටකලියාවෙන් අල්ලාගත් අතර, ඌව ඇතුලතට දක්වාගෙන ගියේය.

    "ඌගේ ලොම් ටික පීරනවනවා!" තුවක්කුකරු ඔහුට කීය. "මම ආපහු ආපුවාම ඌව ඉඹලා බලනවා. හොදට මතක තියාගන්නවා!"

    මහල්ලා ආපිට හැරුනේ නැත.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    තුවක්කුකරු අශ්ව ගාලෙන් පිටතට ගමන් කරමින්, කිරිගරුඩ කැට වලල්ල වටා ඇණ තිබාගෙන උන් කොළුවන් කරා ලගා වූයේය. ඔවුන්, ඔහු හා මහල්ලා අතර ඇති වූ ගනුදෙනුව, පිලිකුල් සහගත කෑදර උනන්දුවකින් යුතුව බලා හිද තිබුනි.

    "දිගු දිනයන් සහ සෞම්‍ය රාත්‍රීන් වේවා," තුවක්කුකරු ඔවුන්ට අචාර කලේ, සංවාදයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙනි.

    එහෙත් ප්‍රති ආචාරයක් නැගුනේ නැත.

    "නුඹලා ටවුමේ ජීවත් වෙන අයද?"

    පිලිතුරක් ලැබුනේ ගෝනුසු නගුටෙන් පමණය. එය 'ඔවු' කියන්නාක් මෙන් පහතට වැනුනේය.

    කොළුවන්ගෙන් එකෙක්, සැපූ ඉරිගු කොල හපයක් තම කටින් ඉවත දමා, ඉන්පසු පලාශවන් බලල්-ඇස් කිරිගරුඩ කැටයක් ගෙන එය කැට වලල්ල මැදට වීසි කලේය. එහෙත් එය වලල්ල තුල නොරැදී ඉවතට වීසී විය. ඔහු නැවතත් බලල්-ඇස අහුලා ගත්තේ, නැවතත් එය වලල්ල තුලට වීසි කිරීමට සැරසුනේය.

    "ටවුමේ හෝටලයක් තියේද?" තුවක්කුකරු මෙවර ඇසීය.

    කොළුවන් අතර සිටි එකෙකු -- එහි සිටි ලා බාලම එකා, ඔහු දෙස තම මුහුණ ඔසවා බැලීය. කොළුවාගේ කට කොනෙහි හර්පීස් වෛරසය මගින් ඇති වුනු ගඩුවක් තිබුනි. එහෙත් එක සමාන විශාලත්වයකින් යුතු ඔහුගේ දෑසෙහි, මෙම පිළිකුල්ජනක ටවුම තුල ජීවත් වීමේදී වැඩිකල් නොපවතිනු ඇති පූර්ණ අහිංසක බැල්මක් තිබුනේය. ඔහු තුවක්කුකරු දෙස බුබුළු දමන දැඩි විමතියකින් යුතුව බැලූ ආකාරයෙහි, අනුකම්පාව දනවන ස්වභාවයක් මෙන්ම භීතිය දනවන ස්වභාවයක්ද ගැබ්ව තිබිනි.

    "ශෙබ් හෝටලෙන් බර්ගර් බනිසයක් ගන්න පුළුවන් වේවි"

    "අර හොන්කි-ටොන්ක් ගහන තැනද?"

    කොළුවා හිස වැනීය. "එහෙමයි". ඔහුගේ මිතුරන්ගේ දෑස් පිළිකුල්ජනක සතුරු ස්වභාවයකට පෙරලී තිබිනි. තුවක්කුකරුට උපකාර කිරීම හේතුවෙන් බොහෝවිට කොළුවාට වන්දි ගෙවීමට සිදුවනු ඇත.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    තුවක්කුකරු තම තොප්පියෙහි වාටිය අල්ලා කොළුවාට ආචාර කලේය. "සන්තෝසයි. මේ ටවුමේ කතා කරන්ඩ තරම් මොලයක් තියන එකෙක් හරි ඉන්න බව දැනගන්න සතුටුයි."

    ඔහු ඔවුන් පසු කොට ගමන් කරමින්, දැවමුවා පදික වේදිකාවට නැග, ශෙබ් අවන් හලට දිවෙන බෑවුම් මාර්ගය ඔස්සේ ඇවිද යන්නට විය. එසේ යන අතර ඔහුට අර කොළුවන්ගෙන් නැගුනු පිළිකුල දනවන සංවාදය පැහැදිලිව ඇසෙන්නට විය. එය කුඩා කොළු ගැටයන්ගේ කථා බහකට වඩා වැඩි යමක් විය: "තණකොල කන බූරුවා! චාලි, උඹ දැං උඹේ අක්කට කී පාරක් වැඩේ දීලා තියනවද බොල? තණකොල කනයා!" ඉන්පසු ඇසුනේ තඩි බෑමක් සහ කෑ ගැසීමකි.

    ශෙබ් අවන් හල ඉදිරිපිට බූමිතෙල් ලාම්පු තුනක් දිස්නය පිටකරමින් දැල්විනි. එයින් දෙකක් පෝටිකෝවෙහි දෙපස තබා තිබූ අතර, අනෙක, බිමතින් මෙන් එහි සරනේරු වලින් පහතට එල්ලෙමින් තිබූ 'වවුල් තටු දොරටුවට' ඉහලින් ඇනයක් ගසා එල්වා තිබුනේය. "Hey Jude" සන්ධ්‍යවනිය හමාර වී තිබූ අතර, දැන් පියානෝවේ තියුනු ස්වරය මගින් වැයුනේ වෙනත් කිසියම් පැරණි බැලඩයකි. කටහඩවල් බිදුනු තත් වලින් නැගෙන්නාක් බදු ස්වරයකින් මුණු මුණු ගෑවේය. තුවක්කකරු මොහොතකට පිටත නැවතී ඇතුලත පරීක්ෂා කරන්නට විය. එහි පොලොව කියත් කුඩු දූවිල්ලකින් යුතු වූ අතර, වැනෙන කකුල් සහිත මේස අසල පඩික්කම් තබා තිබුනි. කියතෙන් ඉරා තිබුනු දැව දඩු පේලියක් කෙලින් රැදවීමට පොළු සවිකරලාය. ඊට එහායින්, ඇලෙන සුළු තෙල් වලින් දුර්වර්ණව ගිය කැඩපතක් තිබූ අතර, ඒ තුලින් පියානෝ වාදකයාව පෙනී ගියේය. සාමාන්‍ය ලෙසම ඔහු සිටියේ, පියානෝව දෙසට වක ගැසී තම පියානෝ බංකුව මත හිදගෙන එය වයමිනි.


    Saloon%20Pic%201.jpg
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    පියානොවේ ඉදිරිපස කොටස ඉවත් කොට තිබූ හෙයින්, එය වයන විට එහි දැවමය යතුරු උඩ පහල යනු දැකගත හැකි විය. අවන්හලේ සේවිකාව කුණු තැවරුණු නිල්වන් ඇගළුමක් හැද සිටි අතර, ඇගේ හිස කෙස්කළඔ පිදුරු වලින් සැදුනාක් මෙන්ය. ඇගේ ඇදුමෙහි එක් පටියක් හරමණයකින් අමුණලාය. කාමරයේ පිටුපස කොටසේ මිනිසුන් සය දෙනෙක් පමණ සිටි අතර, බීමතින් සිටි ඔවුන් කිසිවකට සැලකිල්ලක් දක්වන බවට පෙනුනේ නැත. තවත් දුසිම් බාගයක් පමන දෙනා පියානෝව වටා පොදු ගැසී උන්හ. හතර පස් දෙනෙකු සිටියේ මත්පැන් බාරය ඉදිරියේ හිදගෙනය. අවුල් සහගත අළුවන් හිසකෙසින් යතු මහළු මිනිසෙක්, දොරටුව අසල තිබූ මේසයෙන් පෙරලී බිම ඇද වැටිනි. තුවක්කුකරු අවහන් හල තුලට පා තැබුවේය.

    මිනිසුන්ගේ හිස් ඔහු හා ඔහුගේ තුවක්කු දෙස බැලී පිනිස ඔහු දැසට කරකැවී ගියේය. එහි පූර්ණ නිහඩතාවයට ලං වූ නිහඩ බවක් ඇති විනි. එහෙත් මේ සියල්ල ගැනම අනවධානයෙන් පසුවූ පියානෝ වාදකයා, තම 'ටිං ටිං' ශබ්ධය දිගටම පවත්වාගෙන ගියේය. මෙවිට ගැහැනිය බාරයේ ලෑල්ල රෙදි කඩකින් පිස දැමූ අතර, සියල්ල නැවත තිබූ ස්වභාවයට පෙරලිනි.

    "මේ බලහල්ලා" කාමර කොනක සිටි කාඩ් ගසන්නෙකු පැවසුවේ, හාරත තුනක් සහිත කාඩ් කොල තුනක්, ඉස්කෝප්ප කාඩ් කොල තුනක් සමග ගලපමින්, තම කාඩ් අත හිස් කරමිනි. හාරත තුනක් අතැතිව සිටි පුද්ගලයා අසැබි වදනකින් දිවුරූ අතර, ඔහු තම පරදු මුදල් ඉදිරියට තල්ලු කලේය. ඉන්පසු, මීලට කාඩ් කොල රවොම බෙදීමත් සමග තරගයෙහි ඊළග වටය ඇරඹිනි.

    තුවක්කුකරු මත්පැන් බාරයෙහි සිටි ගැහැනිය වෙත එළඹුනේය. "මස් තියේද?" ඔහු ඇසීය.

    "මොක නැත්තේ" ඈ ඔහු ගේ දෑස දෙස රිජුව බැලුවාය. මීට වඩා තරුණ වියකදී ඈ රූමත් ගැහැනියකව සිටින්නට ඇත. එහෙත් දැන් ඈ ඒ අවදියෙන් පිටපැන තිබිනි. දැන් ඇගේ මුහුණ මහත් වී කැලලි ගැසී තිබූ අතර, ඇගේ නලල හරහා කස්කුරුප්පුවකින් කලාක් බදු අදුරුවන් කැලලක් දිව ගියේය. ඈ එය මේකප් පියරු ලොන්තකින් වසා ගැනීමට තැත් කර තිබූ නමුදු, එයින් සිදුවූයේ එතැන කැලලක් ඇති බව වඩා පැහැදිලිව පෙන්නුම් කිරීමයි. "අළුත් මස්. විකුණන්ඩම හදාපු සත්තු. ඒ වුනාට මුව මස් තමා."

    'විකුණන්ඩම හදාපු සත්තු. මගෙ පස්ස තමා.' තුවක්කුකරු සිතීය. 'උඹේ කූලර් එකේ තියන මස්, ඇස් තුනකුයි කකුල් හයකුයි තියන සත්තුන්ගේ මස් වෙන්ටැ මන් හිතන්නේ, කුමාරිහාමි-සයි'

    "පුළුවන් නම් බර්ගර් බනිස් තුනකුයි, බියර් එකකුයි දෙන්න."

    කාමරයේ කටහඩවල් සියුම් ලෙස වෙනස් වී ගියේය. හැම්බර්ගර් බනිස් තුනක්. මුවවල් වලට කෙල ඉනූ අතර, පෙරේත කමින් යුතු දිවවල්, සෙමින් කේටය මුසු 'ක්ලික්' හඩවල් පිටකලේය. හැම්බර්ගර් තුනක්. එකවර හැම්බර්ගර් තුනක් ගිලදැමූ මිනිසෙකු මෙතෙක් කවරෙකු හෝ දැක තිබේද?

    "ඩොක් පහයි. ඔහෙ ලග ඩොක් සල්ලි තියේද?"

    "ඩොලර් ද?"

    ඈ හිස වැනූ අතර, ඈ කියන්නට ඇත්තේ 'බක්ස්' (ඩොලර්) කියා වෙන්නට ඇතැයි ඔහු සිතුවේය.

    "ඩොලර් පහ බියර් එකටත් එක්කද?" හේ අසා සිටියේ, මද ලෙස සිනා පාමිනි. "එහෙම නැත්තම් බියර් වලට වෙනමද?"
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඈ ඔහුගේ සිනාවට ප්‍රතිචාර දක්වන සිනාවක් සුනේ නැත. "මම මේවා සින්ක් එකට විසි කරනවා, නුඹ නුඹේ කාසි වල පාට පෙන්නුවේ නැත්නම්"

    තුවක්කුකරු රත්‍රන් කාසියක් බාරය මත තැබූ අතර, සියළු දෑස් එය කරා යොමු විය.

    බාරයට පිටුපසින් සහ කැඩපතට වම් පසින් ගිනිඅගුරු වලින් දුම් දමන උදුනක් තිබුනේය. ගැහැනිය ඒ පිටුපස තිබූ කුඩා කාමරයක් තුලට අතුරුදන් වූවා, මොහොතකින් පත්තර කොලයක් මත තැබූ මස් සමග නැවත පිටතට පැමිනියාය. ඈ මාංශ ස්වල්පයකින් යුතු, තුන් කඩකට කැමූ එම මස්, බැදීම පිණිස යමැස්සට දැමවාය. එයින් නැගුනු සුගන්ධය හිස කරකවන සුළු විය. එහෙත් තුවක්කුකරු කිසිත් වෙනසක් නොපෙන්වමින්, එතැන ගලක් මෙන් සිටගෙන සිටියේය. ඔහු යන්තම් හෝ අවධානයක් දැක්වූයේ, හඩ බාල වන පියානෝවටද, වේගය අඩුවන කාඩ් ක්‍රීඩාවටද, බාරය ඉදිරියේ හිදගෙන උන්ගේ හරස් බැළුම් වලට පමණය.

    තුවක්කුකරු කැඩපතින් එක් මිනිසෙකුව දකින විට, එම මිනිසා ඔහු පිටුපසින් අවන්හලෙහි බාගයක් දුර පැමිනෙමින් සිටියේය. ඔහු මුළුවමින්ම මෙන් මුඩු හිසක් ඇති වූවෙකු වූ අතර, ඔහුගේ අත ඔහුගේ බද බටියෙහි පිස්තෝල කොපුවක් මෙන් එල්ලා තිබූ විශාල දඩ පිහියක් වටා අඩක් එතී තිබිනි.

    "ගිහින් ඉදගන්නවා" තුවක්කුකරු ඔහුට කීය. "ගිහිං වැඩක් බලාගනින්, මැක්කෝ"

    මිනිසා නැවතුනේය. ඔහුම නොදැනුමත්වම ඔහුගේ උඩු තොල බල්ලෙකුගේ මෙන් එසවී ගිය අතර, එහි නිහඩතාවයෙන් යුතු මොහොතක් ඇති වී ගියේය. මෙයින් එම මිනිසා තමා හිදගෙන සිටි මේසය වෙත ආපසු හැරී ගිය අතර, සියල්ල පෙර තිබූ ස්වභාවයට පෙරලී ගියේය.

    ඉරිතලා ගිය විශාල බියර් වීදුරුවක් කවුන්ටරය මතට පැමිනියේය. "රත්තරං වලට මං ලග මාරු නෑ." ගැහැනිය කීවේ කර්කශ ස්වභාවයකිනි.

    "මාරු ඉල්ලුවේ නෑ"

    ඈ කිපුණු ස්වභාවයෙන් හිස වැනුවේ, මෙය ඇයට වාසි දායක වුවද, ධනවත් කම පිළිබද මෙම ප්‍රදර්ශණය ඈට කල පරිභයක් වූවාක් මෙනි. එහෙත් ඈ ඔහුගේ රත්‍රන් කාසි අරගත් අතර, මද වේලාවකින් හැම්බර්ගර් බනිස්ද පැරණිව ගිය තසිමක් මත පැමිනියේය. එවායේ බැදූ මස් තවම ඒවායේ අගිස් වටා රතුවන්ව ගින්නෙන් දිලිසෙමින් තිබිනි.

    "ලුණු ටිකක් තියේද?"

    ඈ බාරය යටින් තිබූ ලුණු කුප්පියක් ඔහුට රැගෙන දුන්නාය. එහි තිබූ ලුණු කැට ඔහුට තම ඇගිලි වලින් තලා කුඩු කරන්නට සිදුවිය. "පාන්?"

    "පාන් නෑ" ඈ මුසා දොඩන බව ඔහු දැන සිටියද, එයට හේතුව දත් ඔහු, ඒ ගැන නැවත ඇගෙන් විමසුවේ නැත.
     
    Last edited: