කල කම් පල දෙනව කියන්නේ මේවට තමයි

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කල කම් පල දෙනව කියන්නේ මේවට තමයි

    agulana+oic.jpg


    මේ පින්තුරයේ සිටින්නේ අඟුලාන පොලිසියේ හිටපු ස්‌ථානාධිපතිව සිටි ඩී. ඩබ්ලිව්. නිව්ටන්ය. ඔහු ප්‍රදේශයේ තමන්ට ලෙන්ගතු කාන්තාවකගේ නිවසට අවේලාවේ පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

    ඔවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට නිව්ටන් මේ තරුණයන් දෙදෙනා 2009 අගෝස්‌තු මස 11 දින පහර දී වෙඩි තබා ඝාතනය කළේය. ඒ අවස්ථාවේදී මිනිසෙකු මැරීමේ තිරිසන් ඝාතන ආතල් එක ඔහු විඳින්නට ඇති.

    නමුත් නිරපරාදේ ජිවිත දෙකක් විනාශ කිරීම නිසා ඔහුට නඩු පැවරී මරණීය දණ්‌ඩනය නියම විය. අද ඔහු දියවැඩියා රෝගියෙකි. පාදයේ හටගත් තුවාලයක්‌ උත්සන්න වීම නිසා මේ වන විට හිටපු පොලිස්‌ ස්‌ථානාධිපති ඩී. ඩබ්ලිව්. නිව්ටන්ගේ දකුණු පාදයෙන් කොටසක්‌ ඉවත් කර තිබේ.

    ඔහු තමන්ගේ වැරදි වලට විඳවයි. පොලිස් සේවයේ සිටින සමහර නිලධාරින්ද නිව්ටන් මෙන් මිනිසුන්ට ගින්දර දී සිටින අය වේ. ඔවුන්ටද තමන්ගේ වාරය එනු ඇත. දේශපාලකයන්ගේ ඕන එපාකම් වලට අහිංසකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට හිරිහැර කරන පොලිස්කාරයන්ටද අල්ලසට නීතිය අවනීතිය කල පොලිස්කාරයන්ටද කර්මයෙන් ගැලවෙනු නොහැක.

    පසුවදන්
    මේ ආණ්ඩුවේ ඉන්න එව්න්ටත් කියන්නේ, බුදු දහමේ කියන දිට්ටධම්ම වේදනීය කර්මය සත්‍යයි. ඒක නිසා දැන්වත් හැදියල්ල. තොපිටත් කරපු දේවල් පන්න පන්න පල දෙන කාලයක් එනවා. මේ කලකන්නියගේ කකුල කපල මදි. අහවල් එකයි කපන්න ඕනි. දැන් අර හොර ගැණී එන්න ඇති නේද බලන්න ... කරන කලට පව් මීරිය මී සේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. මේවා පුරාණේ කිව්වේ කට කහනවට නෙවෙයි බොලව්.

    -------------------------------------------------------------
    බුදු බණ සත්‍යයි..............