කව්ද මගේ අමුඩේ රීලා
බේරුවල හා අලූත්ගම ප්‍රදේශ ආශ්‍රිතව ඇති වූ ගැටුම්කාරී තත්වය ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. එම සම්පුර්ණ නිවේදනය මෙසේය.
එල්.ටී.ටී.ඊ. ය විසින් ඉස්මතු කළ වර්ගවාදය හා බෙදුම්වාදය පරාජය කිරීමෙන් පසුව ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වූ ශී‍්‍ර ලංකාවේ සාමය හා සංහිඳියාව නැවත අනතුරකට ලක් කිරීමේ උත්සාහයක් මතුව තිබෙන බව පැහැදිලිය. එමෙන්ම, ශී‍්‍ර ලංකාව අස්ථාවර කිරීමට මාන බැලූ ජාත්‍යන්තර බලවේග කිහිපයක්ද මෙකී තත්ත්වය ව්‍යාකූල කිරීමේ උත්සාහයක බලවත්ව යෙදී සිටින බව අප අමතක කළ යුතු නොවේ.
මෙම බැරෑරුම් තත්ත්වය මැනවින් තේරුම් ගෙන සියලූ ජාතීන් අතර මිත්‍රත්වය සහ සහජීවනය උදෙසා කටයුතු කරන ලෙස මම සියලූ සහෝදර රට වැසියාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම, කිසිදු පාර්ශවයකට නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන ලෙස ද, රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසද මා ශී‍්‍ර ලංකා පොලිසියට හා ආරක්ෂක සේවාවන්ට නියෝග කොට තිබේ. විශේෂයෙන් ජාතීන් අතර වෛරය, ආගම් අතර වෛරය පැතිරවීම සඳහා උත්සාහ කරනු ලබන ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව නීතිය උපරිමයෙන් කි‍්‍රයාත්මක කිරීම සඳහා සෑම ආරක්ෂක නිලධාරියෙකුම කැපවිය යුතුය.
මාතෘභූමියේ සියලූ ජනවාර්ගිකයන් හා ආගමිකයන් එක්කොට නූතන ශී‍්‍ර ලාංකීය ජාතිය ගොඩනැගීම අප සියලූ දෙනාගේම එකම අරමුණ විය යුතුය. ඒ සඳහා අනෙකාගේ මතය ඉවසන, අනෙකාගේ මතයට ගරු කරන සංස්කෘතික වටපිටාව තහවුරු විය යුතුය. ප්රචණ්ඩත්වය යනු වනචාරී යුගයේ සංකේතයකි. ජාතියක ශ්‍රේෂ්ඨත්වය ගොඩනගා ගත හැකිවනු ලබන්නේ අනෙකාට පහරදීම මත නොව අනෙකාට ගරු කිරීම මත පමණි. ඒ සඳහා සිංහල, මුස්ලිම්, දෙමළ ලෙස නොබෙදී ජාතික ගීයේදී ගායනා කරන ආකාරයට එක මවකගේ දරුවන් සේ අපි සැවොම සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි. !!