කව්ද මගේ අමුඩේ රීලා

monson

Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    කව්ද මගේ අමුඩේ රීලා

    බේරුවල හා අලූත්ගම ප‍්‍රදේශ ආශ‍්‍රිතව ඇති වූ ගැටුම්කාරී තත්වය ගැන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කර ඇත. එම සම්පුර්ණ නිවේදනය මෙසේය.


    එල්.ටී.ටී.ඊ. ය විසින් ඉස්මතු කළ වර්ගවාදය හා බෙදුම්වාදය පරාජය කිරීමෙන් පසුව ක‍්‍රමක‍්‍රමයෙන් ස්ථාවර වූ ශී‍්‍ර ලංකාවේ සාමය හා සංහිඳියාව නැවත අනතුරකට ලක් කිරීමේ උත්සාහයක් මතුව තිබෙන බව පැහැදිලිය. එමෙන්ම, ශී‍්‍ර ලංකාව අස්ථාවර කිරීමට මාන බැලූ ජාත්‍යන්තර බලවේග කිහිපයක්ද මෙකී තත්ත්වය ව්‍යාකූල කිරීමේ උත්සාහයක බලවත්ව යෙදී සිටින බව අප අමතක කළ යුතු නොවේ.

    මෙම බැරෑරුම් තත්ත්වය මැනවින් තේරුම් ගෙන සියලූ ජාතීන් අතර මිත‍්‍රත්වය සහ සහජීවනය උදෙසා කටයුතු කරන ලෙස මම සියලූ සහෝදර රට වැසියාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම, කිසිදු පාර්ශවයකට නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන ලෙස ද, රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසද මා ශී‍්‍ර ලංකා පොලිසියට හා ආරක්ෂක සේවාවන්ට නියෝග කොට තිබේ. විශේෂයෙන් ජාතීන් අතර වෛරය, ආගම් අතර වෛරය පැතිරවීම සඳහා උත්සාහ කරනු ලබන ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව නීතිය උපරිමයෙන් කි‍්‍රයාත්මක කිරීම සඳහා සෑම ආරක්ෂක නිලධාරියෙකුම කැපවිය යුතුය.

    මාතෘභූමියේ සියලූ ජනවාර්ගිකයන් හා ආගමිකයන් එක්කොට නූතන ශී‍්‍ර ලාංකීය ජාතිය ගොඩනැගීම අප සියලූ දෙනාගේම එකම අරමුණ විය යුතුය. ඒ සඳහා අනෙකාගේ මතය ඉවසන, අනෙකාගේ මතයට ගරු කරන සංස්කෘතික වටපිටාව තහවුරු විය යුතුය. ප‍්‍රචණ්ඩත්වය යනු වනචාරී යුගයේ සංකේතයකි. ජාතියක ශ්‍රේෂ්ඨත්වය ගොඩනගා ගත හැකිවනු ලබන්නේ අනෙකාට පහරදීම මත නොව අනෙකාට ගරු කිරීම මත පමණි. ඒ සඳහා සිංහල, මුස්ලිම්, දෙමළ ලෙස නොබෙදී ජාතික ගීයේදී ගායනා කරන ආකාරයට එක මවකගේ දරුවන් සේ අපි සැවොම සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු.

    ඔබ සැමට තෙරුවන් සරණයි. !!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ මොනාද බලාපොරොත්තුවෙන් හිටියෙ කියයි කියල ?

    :lol::lol::lol:

    බේබි ලට ජිම් හදන්නෙ බේබිලට කාර් රේස් පදින්න වියදම් කරන්නෙ ඒගොල්ලො නෙ

    පුටින් වගේද බන් මරා..

    images


    ශ්
    ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්