මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශ නව ලේකම්වරයා ලෙස කේ. එම්. එම්. සිරිවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් අප්‍රේල් 7 දා පත්වීම් ලබා ගත්හ.
ශ්‍රී ලංකා මහබැංකුවට අලුත් මුහුණක් නොවන ආචාර්ය නන්දලාල් වීරසිංහ මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කළේය.
ආචාර්ය පී නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්යක්ෂ ලෙස කටයුතු කළ අවධියේ 2011 සැප්තැම්බර් මස 27 වැනිදා ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස උසස්වීමක් හිමිවූ අතර එම ධුරයේ රාජකාරී අරඹනු ලැබුවේ 2012 සැප්තැම්බර් මස 01 දා ය.
ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමි කර ගත් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.
ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ හා විදේශ සංචිත කළමණාකරන කමිටුවේ සහාපතීත්වය දැරූ අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, දේශීය කටයුතු, සාර්ව විචක්ෂණ අධ්‍යයන සහ අධීක්ෂණ, විනිමය පාලන, ව්‍යවහාර මුදල් හා සන්නිවේදන යන දෙපාර්තමේන්තු භාර නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයකු ලෙස සම්බන්ධ වී ඇති ආචාර්ය වීරසිංහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථශාස්ත්‍රඥයකු ලෙස 2000 සිට 2004 වසර දක්වා කටයුතු කර ඇත.
ඔහු ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි හි ක්‍රෝෆර්ඩ් ස්කූල් ඔෆ් පබ්ලික් පොලිසි හි ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
ආචාර්ය නන්දලාල් වීරසිංහ ආර්ථික සංවර්ධන කළමනාකරණය හා බලශක්ති ජනනය පුළුල් කිරීමට අදාළ කැබිනට් අනු කමිටු කිහිපයක් නියෝජනය කර ඇත.
තව ද ඔහු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මූල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයකු ලෙස බලශක්තිය මිලට ගැනීම සම්බන්ධ ගිවිසුම් සමාලෝචනය කිරීම ද සිදු කර ඇත.
එමෙන්ම, පෞද්ගලික අංශය සංවර්ධනය කිරීම සඳහා වූ වෙළෙඳපොළ වැඩසටහනෙහි පාලන කමිටුවේ හා ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක කමිටුවේ සමාජිකයකු වශයෙන් කටයුතු කර ඇත.
සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හා ආයෝජන මණඩලයේ කලමනාකාරීත්ව මණ්ඩලයේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත.
ඔහු චීනය හා සිංගප්පූරුව සමඟ මූල්‍ය සේවාවලට අදාළ ද්විපාර්ශ්වික වෙළෙඳ හා සේවා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ දී ප්‍රධානත්වයක් ගත්තේය.

- අජිත් නිවාඩ් කබ්රාල්ට විදෙස්ගත වීම තහනම් කරමින් වාරණ නියෝගයක් පැනවූයේ ඇයි?
- රටේ මතුවී ඇති අර්බුදයට විසඳුම් ආණ්ඩු වෙනසක් ද?