කවියෙකුගේ හදවත දුටිමි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කවියෙකුගේ හදවත දුටිමි...

    ඔබේ කවි හදවතේ බිත්තියේ
    කේශ නාලිකාවක ඇවිද යමි
    හදවතට කිට්ටුවෙන් ලියා ඇති
    කවි මගේ යැයි මම හිතා ගමි...

    ඇතැම් කවියක දුක පිරී ඇති
    යුවතියක ඉකි ගසන හැටි දුටිමි
    ගැඹුරට ලප කැළැල් එමට ඇති
    සැත්කමින් කපා හල තැන් දුටිමි...

    සියුම් රිදුමකින් හිත පාරවන
    ප්‍රේමයයි සිතූ තැන පිරිමදිමි
    අගුල් නොදමන ඔබේ හදවතට
    අහම්බෙන් ගොඩ වැදුන තැන සොයමි...

    තවම ඔබ බයිපාස් නොකර ඇති
    මගේ ප්‍රියතම කවිය වැලඳ ගමි
    ඔබේ ඇස නොගැටී සීරුවෙන්
    වෙනදා වාගේම පිටව යමි...


    W.A.w.k.W
    October 29, 2016
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔබේ ඇස නොගැටී සීරුවෙන්
    වෙනදා වාගේම පිටව යමි...


    ammo kohoma hithimakda
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔබේ ඇස නොගැටී සීරුවෙන්
    වෙනදා වාගේම පිටව යමි...


    ammo kohoma hithimakda

    හිතන්න දෙයක් නැතිම වෙලාවට ඔහොම දේවල් තමයි හිතෙන්නේ මල්ලි :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හරිම ලස්සනයි අක්කේ... කියවගෙන යද්දි ගොඩක් ආස හිතුනා.. වෙනදා වගේම අක්කගේ ලියන රටාවට මම ගොඩක් කැමතී.... නැවතත් නිර්මාණයක් තුලින් දකින්න ලැබීම සතුටක්... දිගටම ලියන්න...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113

    හදවතේ ඔබ සිනිඳු පාතුඩු ගැටෙන යුරු....
    දැනුනත් පලමු මොහොතේ සිටම...
    මහා යදමකින් හදවත ලේ පනින තෙක් සිරකොට..
    නොදැනුනා සේ හිදිමි මම..

    ගැඹුරු කැපුම්න් යුත් කඩතොලු වී කළු ගැසී පැසවූ...
    වේදානාවෙන්ම පන්නරය ලැබූ කවි හදවතක...
    කිසිදා සුව නොවන තුවාල අතර ඔබ...
    දුව පනිනු පිරිමදිනු නොදැනුනාසේ හිදිමි මම...

    ඒහෙත් සොදුරිය හෙටත් එනුමැන...
    බැදි සියළු බැමි මොහොතකට සිද...
    කාලයක් අපි ආදරෙන් සිටි අපේම පාරාදීසිය වෙත...
    කාලයේ වැලිතලා අතරින්...
    අත්වැල් පටලා මොහොතක් ඇවිද යන්නට

    - Mr UNKNOWN -
     
    • Like
    Reactions: richlife

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අගුල් නොදමන ඔබේ හදවතට .... වෙනදා වාගේම පිටව යමි

    යුවතියක ඉකි ගසන හැටි දුටිමි (USA sitiyath)
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හරිම ලස්සනයි අක්කේ... කියවගෙන යද්දි ගොඩක් ආස හිතුනා.. වෙනදා වගේම අක්කගේ ලියන රටාවට මම ගොඩක් කැමතී.... නැවතත් නිර්මාණයක් තුලින් දකින්න ලැබීම සතුටක්... දිගටම ලියන්න...

    බොහොම ස්තුතියි මල්ලි...

    දැන් විවේකය අඩු නිසා නිතර ලියනවා අඩුයි...ඒ වුනත් වෙලාවක් ලැබුනම ලියනවා...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    හදවතේ ඔබ සිනිඳු පාතුඩු ගැටෙන යුරු....
    දැනුනත් පලමු මොහොතේ සිටම...
    මහා යදමකින් හදවත ලේ පනින තෙක් සිරකොට..
    නොදැනුනා සේ හිදිමි මම..

    ගැඹුරු කැපුම්න් යුත් කඩතොලු වී කළු ගැසී පැසවූ...
    වේදානාවෙන්ම පන්නරය ලැබූ කවි හදවතක...
    කිසිදා සුව නොවන තුවාල අතර ඔබ...
    දුව පනිනු පිරිමදිනු නොදැනුනාසේ හිදිමි මම...

    ඒහෙත් සොදුරිය හෙටත් එනුමැන...
    බැදි සියළු බැමි මොහොතකට සිද...
    කාලයක් අපි ආදරෙන් සිටි අපේම පාරාදීසිය වෙත...
    කාලයේ වැලිතලා අතරින්...
    අත්වැල් පටලා මොහොතක් ඇවිද යන්නට

    - Mr UNKNOWN -

    ලස්සනට ගැලපුව පිළිතුරු නිර්මාණයට බොහොම ස්තුතියි...දිගටම නිර්මාණ කරන්න...:cool: