කවි සංකල්පනා

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මහ සද්දෙන් ඩෝන් ගාල
    බය කෙරුවට උබලව
    සමවෙයන් මගේ පැටව්
    බඩගින්නෙනෙ කන්න නැතුව

    කරල් ටිකක් ඉතුරු කරල
    යන්නන් මන් උබල හින්ද
    මුදලාලිය ගිය කාලෙක
    හවහට මන්ගච්චපල්ල
     
    • Like
    Reactions: sat_12

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    කවි නොලියූ උල්පතකින්
    කවි ලීවට දැනෙනවාද....
    කවි පදයක් ගලපන්නට
    රස හදවතෙ තියෙනවාද...


    :)

     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    කවද හරි දවසක
    එක හැන්දෑවක
    එකොමත් එක කාලෙක
    නුබව දෑක්කා හවස් වරුවක
     
    • Like
    Reactions: Crazy_Man

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආඅ එහෙනං දෙන්නන්කෝ... :rofl::rofl: අපිට ඉතීම් කවි හදන්න අමාරුයි :(

    fb එකේ කවි group එකක් තියෙනවා දැක්කා
    වචන පොඩ්ඩක් එහා මෙහා කරලා මගේ වගේ දාන්න ඕනේ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    fb එකේ කවි group එකක් තියෙනවා දැක්කා
    වචන පොඩ්ඩක් එහා මෙහා කරලා මගේ වගේ දාන්න ඕනේ :P

    :rofl::rofl::rofl::rofl: අපෝ ඒ කවිනන් නැතත් කමක් නෑ :dull::dull::dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යරා තූ මුජු මේ.. යු.. වසා..
    මුජ්මේ රාහි... නාමේරි... ජගා...
    පේලාහේ තූ... මේරි.. රූහ තක...
    කුජ්නිහේ මේ... ජිනේ.... ලගා... :baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බෝනික්කා

    ඉර අවර ගිලෙමින් තිබුණි. කොල්ලෝ කුරුට්ටන්ගේ කෑ කෝ හඬ ගම්මානය පුරා විහිදෙමින් සැදෑවේ නිසල බව පහව ගොස් ඇත.
    ” සිරිමලෝ…… සිරිමලෝ….. ”
    අම්මාගේ හඬ කොල්ලන්ගේ උසුළු විසුළු හඬට වඩා උස්ව, ගෙපැල දෙසින් ඇසේ. එතරම් උස්ව හඬ නගන්නේ මන්දැයි සිරිමලා උත්සුක වූහ. ඒ හඬ දිගේ දෙපා නැගුණේ ඉබේටම ය. අම්මා ගැබ්බර වී දැන් මාස පහ හයකට නොඅඩු ය. ඉදිරියට නෙරාවිත් තිබුණ උදරයටත් අත්ල තබාගෙනම එළිපත්තේ කණුවකට සේන්දු වී නොනවත්වා ම හඬ නගන කුසුමලතාව, නෙත ගැටුන සිරිමලා උත්සුක වූහ.
    ” ඇයි අම්මේ, කෑ මොර දෙන්නේ ? මොකදෑ වුනේ ”
    දුර තියාම ඒ ගැන අසමින් සිරිමලා කුසුමලතා ළඟට පැමිණියේ ය.
    ” මං මෙච්චර වෙලා උඹට කතා කරා, ඇහුනේ නැද්ද? කව්දෝ දෙතුන් දෙනෙක් ඇවිත් අප්පොච්චාව වාහනේක දාගෙන අරං ගියා. කවුද කියලා ඇහුවත් කීවේ නෑ. ඇවිත් අප්පොච්චා එක්ක කුටු කුටු ගෑවා. ටික වෙලාවකට පස්සේ අප්පොච්චාව බලෙන් ම වගේ වාහනේට දා ගත්ත ”
    කැඩුන වචන වලින් කුසුමලතා ඒ ටික කියා ගත්තේ බොහොම වෙහෙසින් වගේ.
    ” උන් කොයි අතටද ගියේ ? අප්පොච්චා මොකොවත් කිව්වේ නැද්ද ? මොක්කද ආපු වාහනේ? ”
    සිරිමලා එක හුස්මට ප්‍රශ්න නඟයි.
    ” උඹලයේ අප්පොච්චා කිව්වා බය වෙන්ට කාරි නෑ. කලබොල නොවී ඉන්ඩ කියලා. මං විඟහයින් එන්නම් කිව්වේ. සුදු පාට වෑන් එකකින් තමා උන් ආවේ. ඕන් ඔය පැත්තට තමයි ගියේ ”
    කියමින් කුසුමලතා පාරේ අනෙක් අතට අත දිගු කලාය.
    ” හිටින්කෝ, මං ගිහින් ටිකක් ඒ දොහ ටිකක් සෝදිස්සි කොරලා එන්ඩ ”
    කුසුමලතාගේ වචනත් එක්කම සිරිමලා යුහුසුළු විය. සිරිමලාට යා හැකි වූයේ ටික දුරකි.
    ” ආ…..න්, උඹලයේ මහ එකා තුන්තොට පාලම ළඟ වැටිලා ඉන්නවලු. ඕකුන්ගේ ඔළුව ඉදිමිලානේ. අපි කිව්වට ඇහුවෙ නෑ. අපේ මේ කෙස් නිකට පැහුනේ අකලට නෙමෙයි බොලව්. ගියා සාධාරණ සමාජ හදන්ඩ. දැන් ඉතින් විදවපල්ලකෝ. ”
    සිරිමලාට මුණ ගැසුන සේතං ගොයියා, එසේ කියමින් යන්ඩ ගියේ ය.
    සිරිමලා එතැනට යන විටත් එතැන සිටි වුන් විජේවර්ධනව ඉස්පිරිතාලෙට ගෙන ගොස් තිබුණි. කුමක් කරන්දෝ ලතවෙමින් සිටි සිරිමලා පුට්බයිසිකලේ ආපසු හරවාගෙන ගෙදර ආවේ ය. ඒ වන විටත් සිදු වූ පැටිකිරිය කුසුමලතාගේ කන වැකී හමාරය.
    ” මං කොච්චර නම් කිව්වද උඹලයේ අප්පොච්චාට ඔය කළු ගල් වල ඉහ ගහ ගන්න එපා කියලා. කොච්චර නරකාදියෝ වුනත් ගමේ එකාලා ගොඩක් දෙනෙක් උන්ගේ පැත්තේ. මනාප ඉල්ලන උන් කොහෙවත්. මුන් තමයි වලි කා ගන්නේ. සමහර ඇහැටවත් දැකලා නැති එකාලා නිසා, ගමේ උන් ගහ මරා ගන්නවා ”
    කුසුමලතා දෙස් දෙවොල් තබමින් දෙවට දිගේ යයි.
    ” දැන් ඕවා කියලා කාරි නෑනේ. දැන් ඔය කරුවලේ කොහේදෑ යන්ට හදන්නේ? ”
    සිරිමලා කුසුමලතාගේ පාර හරස් විය.
    ” උඹ ඔය නංගිත් එක්ක හිටින්කෝ ගෙදරට වෙලා. මං ලොකු අප්පොච්චාවත් එක්හාසු කොරගෙන ඉස්පිරිතාලෙට ගිහින් එන්නම් ”
    හිත දැඩි කරගත් කුසුමලතා එසේ කියා පය ඉක්මන් කෙරීය.
    * * * * * * * * * * * * *
    හීරියගොල්ල ගම්මානයම ඝණ අඳුර ගිල ගනිමින් තිබුණි. මඟතොටකවත් කිසිදු මිනිසෙකු ඇස ගැටෙන්නට නැත. ඉඳහිට මහ පාරේ යන වාහනයක හඬ යාන්තමට ඇසේ.
    දුකට මුසු වූ පීඩනයත් එක්කම රෝහල වෙත ලංවෙන්න ලංවෙන්න කුසුමලතාගේ පපුව ගැහෙන වේගය වැඩි විය. ඒ එන අතර මඟ විජේවර්ධනට දුකක්, කරදරයක් නොවේවායි යැදපු වාර අනන්තය.
    පාදයක් අහිමිව ඇඳක වැතිර සිටි විජේවර්ධනව දුටු කුසුමලතා විලාප තබන්නට විය. එහෙත් ඒ ලතෝනිය විජේවර්ධනට මේ අපරාධය කල එකෙකුටවත් නම් ඇසුනේ නැත.
    ඊට සති තුනකට පසුව කුසුමලතා විජේවර්ධනව ගෙදර එක්කං ආවේ පාදයක් නැති තම සැමියාත්, නූපන් දරුවා හා අනිත් දරු දෙදෙනා සමඟ ජීවිත සටනට කෙසේ හෝ උර දෙනවායැයි දැඩි අධිඨනයකින් යුතුවය.
    පසුදා දහවලේ ගෙපැල ඉදිරියෙන් ඇහුන වාහන සද්දෙට පිලිකන්නේ සිටි කුසුමලතා ගෙට ඇතුළු වූයේ ‘ඒ කවුදැයි’ යන සැකයෙනි. කුසුමලතාට ඔහු හඳුනා ගත හැකි වූයේ ඊට පෙර දිනක විජේවර්ධනත් සමඟ මන්ත්‍රීතුමාගේ වැඩසටහනකට පැමිණි වෙලාවේ පියල් කුසුමලතාගේ ගෙපැලටත් ගොඩ වැදුන නිසා ය.
    ඔහු මලු කිහිපයක් කුසුමලතාගේ අත තබමින්,
    ” දැන් කොහොමද නංගියේ විජේට?”
    යැයි ඇසීය.
    ” කියන්න තරම් හොදක් නෑ අයියේ ”
    යැයි කුසුමලතා අමනාප ස්වරූපයෙන් පැවසුවාය.
    ‘ සති දෙකක් ගෙවිලා ගියා. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. නැහීගෙන උන්ට කරනකම් හොදයි. දෙයක් වුනහම මොකෙක්වත් නෑ. ‘
    කුසුමලතාගේ යටි සිත කසු කුසු ගෑවාය.
    විජේවර්ධනගේ සුව දුක් විමසමින් අඩ හෝරාවක් පමණ සිටි පියල් යන්නට සැරසුණේ ය.
    ” මේ රුපියල් දෙදහා තියාගන්න නංගියේ. මේ දවස්වල මදි පාඩුත් ඇතිනේ. මං හෙට අනිද්දට ආයෙත් ඇවිත් යන්න එන්නම්කෝ. මන්ත්‍රීතුමාත් එනවා කිව්වා අද හෙටම විජේව බලලා යන්න. එතුමාටත් ඉතින් එක රාජකාරියන් නොවෙයිනේ තියෙන්නේ. මේ දවස් වල ඕසේට වැඩ…. ”
    යැයි කියමින් පියල් කුසුමලතාගේ අත රුපියල් දෙදහේ කොලයක් තබා ගෙයින් පිට විය.
    මිදුලේ කොනක කොහොඹ ගස් සෙවනේ සෙල්ලම් කරමින් සිටි පුංචි සාරා ඔහුගේ නෙත ගැටුනේ අහම්බෙනි. කුසුමලතාගේ දියණිය වන සාරා අවුරුදු හතරක පමණ සිඟිති දැරියකි. පරණ බෝතලයක් තුරුළු කරගෙන, දරු නැලවිල්ලක් කියන ඈ ළඟට ආ නඳුනන පුද්ගලයා දැක ඇය තරමක් තැති ගත්තාය.
    ” දූ සෙල්ලම් කරනවාද ”
    ඔහුගේ පැනයට පුංචි සාරා ඔළුව වැනීය.
    ” දූට සෙල්ලම් කරන්න බෝනික්කෙක් නැද්ද? ”
    ඇය තුරුළු කරගෙන සිටි පරණ බෝතලය දැක ඔහු යළිත් විමසීය.
    ඇය නැවතත් නෑ කියන්නට මෙන් ඔළුව වැනීය.
    ” මං ඊලඟ දවසේ එනකොට දූට ලස්සනම ලස්සන බෝනික්කෙක් ගෙනත් දෙන්නම්කෝ ”
    කියමින් සාරාගේ හිස අතගා ඔහු යන්න ගියේය.
    දින සති මාස ගෙවිලා ගිහින්. පුංචි සාරා වාහන සද්දෙට හැමදාම කඩුල්ල ළඟට දුවගෙන එනවා, ලස්සනම ලස්සන බෝනික්කෙක් ගෙනත් දෙනවා කිව්ව මාමා එනවද බලන්න.
    කොච්චර මඟ බලාගෙන හිටියත් ඒ මාමාවත්, ඒ මාමාගේ වාහනේවත්, එනවා කිව්ව මන්ත්‍රී කෙනෙක්වත් පුංචි සාරලාගේ ගෙදරටනම් ආයේ ආවේ නෑ.
    අහවරයි.

    ඉෂූ රත්නායක

    උපුටා ගැනීම
     
    • Like
    Reactions: aneasarayana

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්.........
    කවි සිතිවිලි වේලිලා අෆ්ෆා තියෙන්නේ මේ දවස් වල.....
    වේලිච්චි ඒවා තෙමිලා බුරුල් වෙලා එන්න පුෂ්ප වත් නෑ නේහ් හොයාගන්න මේ දවස් වල.......
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    හ්ම්.........
    කවි සිතිවිලි වේලිලා අෆ්ෆා තියෙන්නේ මේ දවස් වල.....
    වේලිච්චි ඒවා තෙමිලා බුරුල් වෙලා එන්න පුෂ්ප වත් නෑ නේහ් හොයාගන්න මේ දවස් වල.......


    පුෂ්ප demand මේ දවස්වල :P
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Niyama wadak Sis!:):cool:

    Digatama karagena yamu
    11.gif