කවි සංකල්පනා

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    meka 2008 ekak..:rolleyes:
    l.jpg

    old memories :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිහින සිතුවම් හදේ ඇන්දා
    සෙනෙහසින් සිත ළග රැදී
    ආදරේ පෙම් සිහින රහසින්
    මිමිනුවා සිතට එබී
    මේ භවේ ඔය තරු දෙනෙත් යුග
    අයිති නැගි බව දැනිදැනී
    නුඔ මගේමැයි සිතෙන්නේ නම්
    සංසාරේ හුරුවට වෙන්නැති......

    අමාවක අවපසට පෑයු
    පුරපසේ පුන්සද ලෙසින්
    තවත් භවයක එන්න පායා
    මගේ සිතටම සෙනෙහසින්
    පාට පාටින් හීන පොදි බැද
    ගෙනත් මට දී ආදරෙන්
    සනසනා නුඔ හමු වුනා නම්
    දෙවනුවෙන් නොව පළමුවෙන්.......

    නාදුනන ඇස් මුන ගැසුනු හැටි
    පුදුම හිතෙනා ආදරෙන්
    පෙර භවෙත් මේ භවේ වාගෙම
    හමු වෙලා ඇති සෙනෙහසින්
    ඒ භවේ මා අතින් නුඔහ‍ට
    යමක් අතපසු වු පවෙන්

    මේ භවේ නුඔ හමු වුනේමට
    පළමුවෙන් නොව
    දෙවනුවෙන්.........​
    :D
     
    • Like
    Reactions: Sara531

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දුර ඈතින් ඔබ ඇවිදින්
    නැවතී මදෙනෙත් අබියස...
    මටත් හොරා මගෙ සිතිවිලි
    අරන් ගියා දුර ඈතට...

    මගේ සිතුම් මගේ පැතුම්
    විසි කරදා අනන්තයට...
    කියන්න නුඹ කවුරුන්දෝ
    මගේ පැතුම් හීන කරන...

    මටත් එරෙහි නුඹෙ සිතුවිලි
    එරෙහි වුණා මගෙ ලෝකෙට...
    පසුතැවෙමින් මම ඉන්නෙමි
    නුඹට වහල් වුණු වරදට...

    පැයෙන් පැයට විටෙන් විටට
    මතක් වුණා නුඹේ සිරිය...
    එහෙත් නැවත මම නුඹහට
    වහල් නොවෙමි යළි කිසි දින...
    ~~
    :D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2010 අවුරුද්දේ ලියපු පුංචි නිසඳැසක්...

    ~ ඔරුවක් බලා සිටී ~

    හිම අරණේ උපත ලද
    වලාකුලෙන් කිරි බී
    ඉරෙන් උගෙන ගෙන
    හැඩි දැඩි වූ
    මේ ගංගාව
    තරණය කෙරුමට
    ඔරුවක් බලා සිටී තොටියෙකු එන තුරා.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    2010 අවුරුද්දේ ලියපු පුංචි නිසඳැසක්...

    ~ ඔරුවක් බලා සිටී ~

    හිම අරණේ උපත ලද
    වලාකුලෙන් කිරි බී
    ඉරෙන් උගෙන ගෙන
    හැඩි දැඩි වූ
    මේ ගංගාව
    තරණය කෙරුමට
    ඔරුවක් බලා සිටී තොටියෙකු එන තුරා.....

    ඔය තියෙන්නෙ බැ බැ කිවුවට:yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය තියෙන්නෙ බැ බැ කිවුවට:yes:

    ඉස්කෝලේ ගිය කාලේ...ඊට පස්සේ අවුරුද්දක් දෙකක් යනකන් ඔය වගේ එව්වා ලිව්වා....හැබැයි ඊට පස්සේ ලිව්වද කියල මතක නෑ.අර හුඟ කාලෙකට පස්සේ තමා අර කෙටි කතාවක් ලියල මේකේ දැම්මේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බැලින්නම් මුන් ඔක්කොම කවිකාරයොනේ :rolleyes:
    මට තමා පදයක්වත් ලියාගන්න බැරි :sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉස්කෝලේ ගිය කාලේ...ඊට පස්සේ අවුරුද්දක් දෙකක් යනකන් ඔය වගේ එව්වා ලිව්වා....හැබැයි ඊට පස්සේ ලිව්වද කියල මතක නෑ.අර හුඟ කාලෙකට පස්සේ තමා අර කෙටි කතාවක් ලියල මේකේ දැම්මේ.

    තව එකක් ලියමු:yes:මෙකෙ එවාටත් ඉඩ තියෙනවා..ටැග් එකක් දෙන්නම්..එකෙ නමයි පෙජ් නම්බර් ටිකයි දාමු..:yes: