අනික් අයව කොට් කරන්නෙ......දාන්න කිවිවෙ කවියක්![]()

මම එළකිරියේ දාපු පරණ එකක් දාන්නම්![]()
වෙන කෙනෙක් දුන්න එකක්සිහින සිතුවම් හදේ ඇන්දා
සෙනෙහසින් සිත ළග රැදී
ආදරේ පෙම් සිහින රහසින්
මිමිනුවා සිතට එබී
මේ භවේ ඔය තරු දෙනෙත් යුග
අයිති නැගි බව දැනිදැනී
නුඔ මගේමැයි සිතෙන්නේ නම්
සංසාරේ හුරුවට වෙන්නැති......
අමාවක අවපසට පෑයු
පුරපසේ පුන්සද ලෙසින්
තවත් භවයක එන්න පායා
මගේ සිතටම සෙනෙහසින්
පාට පාටින් හීන පොදි බැද
ගෙනත් මට දී ආදරෙන්
සනසනා නුඔ හමු වුනා නම්
දෙවනුවෙන් නොව පළමුවෙන්.......
නාදුනන ඇස් මුන ගැසුනු හැටි
පුදුම හිතෙනා ආදරෙන්
පෙර භවෙත් මේ භවේ වාගෙම
හමු වෙලා ඇති සෙනෙහසින්
ඒ භවේ මා අතින් නුඔහට
යමක් අතපසු වු පවෙන්
මේ භවේ නුඔ හමු වුනේමට
පළමුවෙන් නොව
දෙවනුවෙන්.........

දුර ඈතින් ඔබ ඇවිදින්~~
නැවතී මදෙනෙත් අබියස...
මටත් හොරා මගෙ සිතිවිලි
අරන් ගියා දුර ඈතට...
මගේ සිතුම් මගේ පැතුම්
විසි කරදා අනන්තයට...
කියන්න නුඹ කවුරුන්දෝ
මගේ පැතුම් හීන කරන...
මටත් එරෙහි නුඹෙ සිතුවිලි
එරෙහි වුණා මගෙ ලෝකෙට...
පසුතැවෙමින් මම ඉන්නෙමි
නුඹට වහල් වුණු වරදට...
පැයෙන් පැයට විටෙන් විටට
මතක් වුණා නුඹේ සිරිය...
එහෙත් නැවත මම නුඹහට
වහල් නොවෙමි යළි කිසි දින...

2010 අවුරුද්දේ ලියපු පුංචි නිසඳැසක්...
~ ඔරුවක් බලා සිටී ~
හිම අරණේ උපත ලද
වලාකුලෙන් කිරි බී
ඉරෙන් උගෙන ගෙන
හැඩි දැඩි වූ
මේ ගංගාව
තරණය කෙරුමට
ඔරුවක් බලා සිටී තොටියෙකු එන තුරා.....

ඔය තියෙන්නෙ බැ බැ කිවුවට![]()
තරහයි මං ඔයා එක්ක...දවස් කියක් ද මේක පටන් අරන්![]()


ඉස්කෝලේ ගිය කාලේ...ඊට පස්සේ අවුරුද්දක් දෙකක් යනකන් ඔය වගේ එව්වා ලිව්වා....හැබැයි ඊට පස්සේ ලිව්වද කියල මතක නෑ.අර හුඟ කාලෙකට පස්සේ තමා අර කෙටි කතාවක් ලියල මේකේ දැම්මේ.
මෙකෙ එවාටත් ඉඩ තියෙනවා..ටැග් එකක් දෙන්නම්..එකෙ නමයි පෙජ් නම්බර් ටිකයි දාමු..