කවි සංකල්පනා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අයියා ඔනි එකක් පොස්ට් කරන්න...ඔය සරුවත් කාන් වෙන්න ඇති.........
    30+:love:

    QrnhL2Z.gif
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    kavi.jpg


    67.gif


    අනේ... මේ..... පලයන් බන් යන්න...

    ඔව් ඔව් අපි කියවනවා කවි....නැහැදිච්ච එකෙක්ගෙ මෝඩ චූන් නිසා ඩිසපොයින්ට් වෙන්න එපා...
    දිගටම ලියමු...:yes::yes:
    ලස්සනයි...ජය ශ්‍රී..:love:

    rep++++++++++++++++++
     
    Last edited:
    • Like
    Reactions: Sara531

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    තමිදු දුලන රෑ සීතෙක කුමුදු පෙති වසා
    රහස් කියන නල මුදු සර අසන් නෙතු වසා
    ඒ මොහොතට හිත සිපගත් මතක රස කතා
    ඔය දෙතොලත මතු කරපන් සොඳුරු හස ලතා

    දුරින් හිඳිමි නොලබා කොපුලත ලවනක බර
    නෙතින් හඬමි දන්න නිසා ඔබ නොදකින වග
    ළඟින් ඉන්න වරම් නොලද මේ හැම මොහොතට
    එපා කඳුලු බිම සිඹින්න ඇගෙ ඉඳුනිල හැර

    යදම් පවුරු බැඳ තනවා එක්ටැම් මාලිග
    තුටින් හිඳින ලෙවන් වෙතට නොම වෙමු විරසක
    කුල වතගොත උගස් තබා සින්නක්කරයට
    හෙට හමුවෙමු සෙව්වන්දි ය ඉන්ද්‍ර චාප යට
     
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඈ විලප

    පියඹන්න අවසර ද දුර විසුල අහසේ
    ඝන අඳුර මැද ඉතිරි තරු සිදුරු අතරේ
    සොයාගෙන නුඹේ සුවඳ රැඳුනු උඩු සුළඟේ
    පියඹන්න අවසර ද දුර විසුල අහසේ

    ලොව හැමට රහසේම හද පිරූ සිහිනයේ
    ළඟ රැඳුනු නුඹේ රුවයි මගේ නෙතු තෙත් කලේ
    ලෝකයම නිදිවදින අඳුරු සීතල රැයේ
    සැතපෙන්න අවසරද නුඹේ ඔය පපු තුරේ

    ලෝකයට බිය වැදී සිහින ඉහිරුණූ පැයේ
    ඉකිගසා හැඬූයෙමි නුඹට ඇසුනිද ප්‍රියේ
    තටු සිඳුණු කිරිල්ලක වූ නමුදු මා ලොවේ
    පියඹන්න පැතූවෙමි නුඹ සොයා හිමියනේ
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔව් ඔව් අපි කියවනවා කවි....නැහැදිච්ච එකෙක්ගෙ මෝඩ චූන් නිසා ඩිසපොයින්ට් වෙන්න එපා...
    දිගටම ලියමු...:yes::yes:
    ලස්සනයි...ජය ශ්‍රී..:love:

    rep++++++++++++++++++

    එලටම කියා ඇත
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා...කවියනි කිවියනි සහෘදයිනි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    If
    By Rudyard Kipling

    If you can keep your head when all about you
    Are losing theirs and blaming it on you;
    If you can trust yourself when all men doubt you,
    But make allowance for their doubting too:
    If you can wait and not be tired by waiting,
    Or, being lied about, don't deal in lies,
    Or being hated don't give way to hating,
    And yet don't look too good, nor talk too wise;

    If you can dream - and not make dreams your master;
    If you can think - and not make thoughts your aim,
    If you can meet with Triumph and Disaster
    And treat those two impostors just the same:.
    If you can bear to hear the truth you've spoken
    Twisted by knaves to make a trap for fools,
    Or watch the things you gave your life to, broken,
    And stoop and build'em up with worn-out tools;

    If you can make one heap of all your winnings
    And risk it on one turn of pitch-and-toss,
    And lose, and start again at your beginnings,
    And never breathe a word about your loss:
    If you can force your heart and nerve and sinew
    To serve your turn long after they are gone,
    And so hold on when there is nothing in you
    Except the Will which says to them: "Hold on!"

    If you can talk with crowds and keep your virtue,
    Or walk with Kings - nor lose the common touch,
    If neither foes nor loving friends can hurt you,
    If all men count with you, but none too much:
    If you can fill the unforgiving minute
    With sixty seconds' worth of distance run,
    Yours is the Earth and everything that's in it,
    And - which is more - you'll be a Man, my son!


    -If— "Brother Square Toes"—Rewards and Fairies 1910—Joseph Rudyard Kipling-


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කලක් සෙනේ පෑවද
    නුඹ කොහෙද අද
    මා කොහෙද අද
    අතීතය සිහිනයක්මද

    මතක් නොවුනිද
    නුඹට අද
    පරණ මිත්රයා
    හොදින් දැයි අසන්නට


    (කොලඹ බෝම්බ පුපුරා ගිය තැනට හූවක දුරින් හිදිමින් රාත්රී වැඩ මුරය අතරතුර පැරණි පෙම්වතිය සිහිවුණ නිසා ලියමි)
     
    • Like
    Reactions: Sara531 and asylum

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නින්ද යන්න ඔන්න මෙන්න
    ඔබ හිත තුල ඔහොම ඉන්න
    රෑ එලිවෙන දවස් යන්න
    ආදරයට හීන දෙන්න
     
    • Like
    Reactions: Sara531

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කලක් සෙනේ පෑවද
    නුඹ කොහෙද අද
    මා කොහෙද අද
    අතීතය සිහිනයක්මද

    මතක් නොවුනිද
    නුඹට අද
    පරණ මිත්රයා
    හොදින් දැයි අසන්නට


    (කොලඹ බෝම්බ පුපුරා ගිය තැනට හූවක දුරින් හිදිමින් රාත්රී වැඩ මුරය අතරතුර පැරණි පෙම්වතිය සිහිවුණ නිසා ලියමි)
    බෝම්බයෙන් පුපුරා නොගිය
    එදා ඔබ මා වෙන්කල
    විසල් පවුර තවමත් එහෙමමයි
    ඇසූවත් කෑ ගසා
    "කොහොමද රත්තරං ?"
    නෑසුනේ ඒ නිසයි
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නොලැබ කිවිඳුන්...
    කුමට කවිකම් කිවිඳ මට කවි ලොවේ....


    +rep
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මට නිසදැසක් ලියලා ඕනේ. අපේ ඔෆිස් එකේ ලොක්කා රිටයර් වෙනවා. වසර 30-40 ක් සේවය කරලා විශ්‍රාම යන කෙනෙක්ට ඔහුගේ දෙපාර්තමේන්තුවේ සේවකයන් විදියට ලොක්කෙක්, මිතුරෙක් විදිහට අපිට සැලකුවා කියලා තමයි කවිය ලියලා ඕනේ. ලස්සනම නිසදැස පොරට දෙන ෆොටෝ එකට දානවා.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඉන්ද්‍රචාප

    හත් පාටින් පෑයුවාට දේදුන්නක් 🌈 හැඩ
    පොද වැස්සෙන් වැඩක් නොමැත ගොවි හදවතටකට ❤
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නිදි නැද්ද
    රෑ වැඩිද
    හිත ගාව
    ඇල වෙන්න
    ඉඩ නැද්ද

    ඇස් දෙන්න
    ලං වෙන්න
    හුස්මකට
    හිර වෙන්න
    ගුලි වෙන්න

    එලි වෙන්න
    දුර වෙන්න
    එන්න දැන්
    පාවෙන්න
    රිද්මෙකට