කවුද ඇත්ත කියන්නේ? Swarnawahini vs Lankadeepa

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Swarnawahini:


    "කෙසේ වෙතත් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පැවැසුවේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරීක්‍ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බව තහවුරු නොවූ අතර, ඒ අනුව, බහලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දීමට පියවර ගත් බවයි."

    100fhoL.png


    Source: https://liveat8.lk/poisoned-oil/


    Lankadeepa:


    "ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා එක සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

    සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය පොල්තෙල් තොගයකින් සාම්පල් දෙකක් ලබාගන්නා බවත් එක සමාගමක දෙවැනි සම්පලය ද තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බවත් නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කරයි."

    OYZZart.png


    Source: http://www.lankadeepa.lk/latest_news/විෂ-පොල්තෙල්-පරීක්ෂණයෙන්-එක්-සමාගමක්-දෙවන-වරටත්-අසමත්/1-588007


    කවුද ඇත්ත කියන්නේ?

    @kasun_kbp @erozan
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    නිවුස් දෙකේම සෝර්ස් එක නුෂාඩ් නේ. නුෂාඩ් ඒ කියන්නේ එක මිඩියා එකකට බොරු කියලා තියෙනවා.
    නුෂාඩ් කියන්නේ පල් හොරෙක්. ඒකනේ සතොසේ සභාපති කමෙන් එළවලා දැම්මේ බල්ලෙක් වගේ.
    බන්දුල කෙලින් තීරණයක් ගත්ත එක වටිනවා.

    1616965252199.png


    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර ඔහු මෙරට සුප්‍රකට සීනි බදු වංචාවේද හවුල් කරුවෙකි. සීනි බදු වංචාව වන සමයේ නුෂාඩ් පෙරේරා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සීනි බදු වංචාවේ ව්‍යාපාරික සජාත් මවුසූන්ගෙන් වැඩි මිලට සීනි ලබාගෙන සතොසටද පාඩුවන අයුරින් ලබාගත් මිලටත් වඩා අඩුවෙන් සීනි අලෙවි කිරීමේ වංචාසහත කූඨ ගනුදෙනුව සිදු කළේ නුෂාඩ් පෙරේරා විසිනි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කවුරු ඇත්ත කිව්වත් ඔය දෙකම වෙන වෙනම විස්වාස කරන පාඨකයෝ ඉන්නවා. ලංකාවේ චන්ද දායකයන්ට අනුව තමන් සපෝට් කරන පක්ෂේ අනුව තමයි ඔය දෙක ඇත්තද බොරුද කියන එක තීරණය වෙන්නේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    Swarnavahini mokatada ban enna hadanne e paara..un neda kiwwe UNESCO eken kiwwa kiyala damma ara news eka..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    SLS හොර ගුහාවක්, සතොස කාපු එකාට මර්මස්තානයක් බාර දෙන්නේ සර් ගේ වුශණ කෝෂ කසන නිසා ද?
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කො දැන් කොප්පරා විසික්කරන්න හදපු අපතයෝ හිටියා නේද 🤣🤣🤣. වීරසේකර කියනවා දැඩි දඩුවම් කරනවා කියා හා වෙලද පොලට ගිහින් නෑ කියලා. ඔකා කියනවානම් බඩු වෙලද පොලේ තියනවා අරුන්ට මොකුත් වෙන්නෙත් නෑ 🤣🤣🤣🤣.
     
    • Like
    Reactions: War Fighter

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නිවුස් දෙකේම සෝර්ස් එක නුෂාඩ් නේ. නුෂාඩ් ඒ කියන්නේ එක මිඩියා එකකට බොරු කියලා තියෙනවා.
    නුෂාඩ් කියන්නේ පල් හොරෙක්. ඒකනේ සතොසේ සභාපති කමෙන් එළවලා දැම්මේ බල්ලෙක් වගේ.
    බන්දුල කෙලින් තීරණයක් ගත්ත එක වටිනවා.

    View attachment 118166

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර ඔහු මෙරට සුප්‍රකට සීනි බදු වංචාවේද හවුල් කරුවෙකි. සීනි බදු වංචාව වන සමයේ නුෂාඩ් පෙරේරා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සීනි බදු වංචාවේ ව්‍යාපාරික සජාත් මවුසූන්ගෙන් වැඩි මිලට සීනි ලබාගෙන සතොසටද පාඩුවන අයුරින් ලබාගත් මිලටත් වඩා අඩුවෙන් සීනි අලෙවි කිරීමේ වංචාසහත කූඨ ගනුදෙනුව සිදු කළේ නුෂාඩ් පෙරේරා විසිනි.
    China wage nam me wage unta wedi tiyala. Koheda ape plakayot owata support ne.
     
    • Like
    Reactions: kasun_kbp

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඇන්කර් කිරිපිටි සිද්ධිය මතක් වුණා.

    සිරාවට මටත් මතක් උනේ එකම තමයි. වැඩි කල් යන් නෑ මේකත් එහෙම වෙයි. ඇන්කර් මාරකටිං ටීම් එක හිනා උනාලු ඔය සිද්දිය උනේ කාලෙ. ගානක්වත් නෑ. මාසයයි sales drop උනේ අයේ තිබ්බ ගනමලු. මේකත් එහෙම වෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේකයි හරිම නිවුස් එක.. මම උබට ඉයෙ රෑ කිවෙ මේක ගැන , ව්ල්මා පිරමිඩ් කියන්නෙ ඔතනින් එක ආයතනයක් ඒක හම්බ, අනිත්ව සිoහල..පචේ යැවුවෙ ආයතන හතරම හම්බ් කියල ඒක ටොන් පචයක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    පොල්තෙල් ගෙන්වූ සමාගමක් දෙවන පරීක්ෂාවෙනුත් 'ෆේල්'



    ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගමක්,
    එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන් ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

    ඇෆලටොක්සීන් නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේය.

    ඒ අනුව අදාළ සමාගමට අදාළ තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇත.

    තවත් සමාගම් 03ක් සිය සාම්පල දෙවන පරීක්ෂාව සඳහා අභියාචනාකර ඇති අතර ඒවායේ වාර්තා හෙට (29) ලැබීමට නියමිතය.


    එලෙස අභියාචනාකර ඇත්තේ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන පාරම්පරිකව මෙරටට පොල් තෙල් ආනයනය කරන සමාගම් හතරක් විසිනි.


    සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

    ආන්දෝලනයට ලක්ව ඇති එම පොල්තෙල් අඩංගු කන්ටේනර් 13කට රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මේ වනවිට මුද්‍රා තබා ඇතැයි ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.



    රාජ්‍ය ආයතන තුනකින්ම පරීක්ෂණ ?

    ඇෆලටොක්සීන් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල සාම්පල යළි පරීක්ෂා කිරීම මේ වනවිට ආයතන කිහිපයක් විසින් සිදුකරමින් පවතී.

    ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හා කාර්මික තාක්ෂණ ආයතනය විසින් ය.

    ඇෆලටොක්සීන් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයේ සාම්පල වැඩිදුර පරීක්ෂාව සඳහා ඊයේ (27) තම ආයතනයට ලැබුණු බව කාර්මික තාක්ෂණ ආයතනය පවසයි.

    ඒ අනුව, ඊට අදාළ පරීක්ෂණ ආරම්භකර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර සඳහන් කළාය.

    මෙලෙස සාම්පල යළි පරීක්ෂා කිරීමක් සිදුවන්නේ ආනයනික සමාගම් විසින් සිදුකරන ලද අභියාචනා සැලකිල්ලට ගනිමිනි.



    මේ අතර පාරිභෝගික අධිකාරිය පවසන්නේ, පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබීමට පියවරගත් බවයි.



    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරුවීමෙන් පසු ඒවා ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් අදාළ ආයතන 3 ට මුද්‍රා තැබීමට පියවරගත් බවය.



    පිළිකා කාරක පොල්තෙල් වෙළදපොලේ ? ඇත්ත -නැත්ත


    පිළිකා කාරක පොල්තෙල් වෙළදපොලේ අලෙවි කරන බවට කතා බහක් මේ වන විට සමාජය තුල ඇතිවී තිබේ.

    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඒ පිළිබඳව විමසීමක් කර ඇත.

    එම සංගමයේ සභාපති, රංජිත් විතානගේ විසින් යොමුකර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.

    ''වසවිස නොමැති ආහාර පාරිභෝගිකයාට ලබා දීම සදහා කටයුතු කිරීම ඔබතුමාගේ කාර්යය වන බව 1980 අංක 26 දරණ ආහාර පනතේ පැහැදිලිව සදහන් කර ඇත. එකී පනතේ 11(1) වගන්තිය අනුව ඔබතුමා ආහාර පිළිබදව නිසි බලධාරියාය.

    එකී පනත ප්‍රකාරවය ආහාර පිළිබදව නිසි බලධාරිය වන ඔබගෙන්, මේ වන විට වෙළද පොලේ අලෙවි කරනු ලබන පොල් තෙල්වල ඇල්ෆ ටොක්සින් යන පිළිකා කාරකය හෝ වෙනත් විස ද්‍රව්‍ය අඩංගුද නැද්ද? යන්න පිළිබදව වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු.''


    පිළිකා කාරක විෂ සහිත ඇෆ්ලාටොක්සින් (Aflatoxin) අන්තර්ගත බව කියන ආනයනික පොල්තෙල් තොගයක් වෙළඳපොළට මුදාහැර ඇතැයි මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා රේගුවට චෝදනා එල්ලවෙමින් තිබිණ.


    මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පවසා සිටියේ, ආනයනය කරන ලද එම පොල්තෙල් ආනයනකරුවන්ගේ ගුදම් තුළ රඳවාගෙන ඇති බවයි.

    තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ අදාළ සමාගම්වල ගුදම් වෙත පමණක් වන අතර පසුගිය මාර්තු 04 වනදා එම වාර්තා ලැබීමත් සමග ඒවා ප්‍රතිඅපනයනය කරන්නැයි එදිනම දැනුම් දුන් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



    දේශීය පොල් තෙල්වල ප්‍රමිති ගැන සැකයක් ??


    ''දේශීය පොල් තෙල් නිෂ්පාදනය කරන බොහෝ ආයතන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ලබාගෙන නැහැ.''


    ශ්‍රී ලංකා රේගුව පවසන පරිදි ආන්දෝලනයට ලක්ව ඇති පොල් තෙල් තොග මේවනවිට ගුදම්වලම රඳවාගෙන සිටින නමුත්, පිළිකා කාරක පොල්තෙල් වෙළදපොලේ අලෙවි කරන බවට පවතින කතා බහ සම්බන්ධයෙන් 'පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය' මතු කරන සැකයට සාධාරණ පදනමක් තිබේ.

    ඒ, ශ්‍රී ලංකාවේ පොල් තෙල් කර්මාන්තශාලා තුළ නිපදවන පොල් තෙල් රජයේ කිසිඳු තත්ත්ව පාලන කාර්යාංශයක ප්‍රමිති පරික්ෂාවට ලක්නොකරන බැවිනි.

    ඒ අනුව, ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳ පරීක්ෂා කිරීමට දිස්ත්‍රික්කයකින් පොල්තෙල් සාම්පල 05 බැගින් ලබා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ, එසේ ලබා ගන්නා සාම්පල 100ක් අද (28) දිනයේ රසායනාගාර පරීක්ෂාවට යොමු කරන බවයි.

    එම සාම්පල ලබා ගන්නේ විකිණීම සඳහා ඇති බෝතල් නොකරන ලද පොල්තෙල් වලින් ය.

    මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ රසායනික විශේෂඥයකු පැවසුයේ, මෙරට පොල් තෙල් නිෂ්පාදනය කරන බොහෝ ආයතන මෙතෙක් ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ලබාගෙන නොමැති බවයි.

    වැඩිදුරත් ඔහු මෙසේ පැවසිය.



    කොත්තු - ප්‍රයිඩ් රයිස්වලත් පිළිකා පොල් තෙල් ???



    ''ආනයනය කරන පොල් තෙල් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පරික්ෂාවට ලක් කලාට, බෝතල් නොකර 'ලූස් විදියට' මහ පරිමාණයෙන් විකුණන දේශීය පොල් තෙල් සම්බන්ධයෙන් කිසිඳු පරීක්ෂණයක් කරන්නේ නැහැ. අපේ ප්‍රමිති සහතිකය අරගෙන තියන්නෙත් සමාගම් කිහිපයක් විතරයි.

    අපට එහෙම කරන්න කියලා බලපෑම් කරන්න බැහැ. අලුත් සභාපතිතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනයට බලය දෙන්න අලුත් නීති ගෙන්න කියල රජයේ බලධාරීන්ගෙන් දැනටමත් ඉල්ලීම් කරලයි තියන්නේ.

    මෙතන තියන බරපතලම කාරණය බෝතල්වල, ටින්වල අසුරා නැතිව 'ලූස්' විදියට හැමතැනකම විකුණන පොල් තෙල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානයක් යොමුවෙලා නැහැ.

    ගෙවල්වල පරිභෝජනයට පොල් තෙල් බෝතල් ගත්තට හුඟක් හෝටල්වලට ගන්නේ ලුස් විදියට මහ පරිමාණයෙන් විකුණන ලාබ පොල් තෙල්. මේවයේ ප්‍රමිතිය ගැන සහතිකයක් නැහැ. දැන් අපි ඔය හෝටල්වලින් කන කොත්තු රොටි, ප්‍රයිඩ් රයිස්වලට ගන්නේ ඔය කියන ලූස් පොල් තෙල්. ඕව ගැනත් මාධ්‍යවල අවධානය යොමුකරන්න.'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    https://theleader.lk/news/6294-2021-03-28-13-29-18
     
    • Like
    Reactions: NRTG and Rankira