කවුද ඇත්ත කියන්නේ? Swarnawahini vs Lankadeepa

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පොල්තෙල් ගෙන්වූ සමාගමක් දෙවන පරීක්ෂාවෙනුත් 'ෆේල්'



    ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගමක්,
    එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන් ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

    ඇෆලටොක්සීන් නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේය.

    ඒ අනුව අදාළ සමාගමට අදාළ තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇත.

    තවත් සමාගම් 03ක් සිය සාම්පල දෙවන පරීක්ෂාව සඳහා අභියාචනාකර ඇති අතර ඒවායේ වාර්තා හෙට (29) ලැබීමට නියමිතය.


    එලෙස අභියාචනාකර ඇත්තේ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන පාරම්පරිකව මෙරටට පොල් තෙල් ආනයනය කරන සමාගම් හතරක් විසිනි.


    සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

    ආන්දෝලනයට ලක්ව ඇති එම පොල්තෙල් අඩංගු කන්ටේනර් 13කට රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මේ වනවිට මුද්‍රා තබා ඇතැයි ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.



    රාජ්‍ය ආයතන තුනකින්ම පරීක්ෂණ ?

    ඇෆලටොක්සීන් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල සාම්පල යළි පරීක්ෂා කිරීම මේ වනවිට ආයතන කිහිපයක් විසින් සිදුකරමින් පවතී.

    ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හා කාර්මික තාක්ෂණ ආයතනය විසින් ය.

    ඇෆලටොක්සීන් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයේ සාම්පල වැඩිදුර පරීක්ෂාව සඳහා ඊයේ (27) තම ආයතනයට ලැබුණු බව කාර්මික තාක්ෂණ ආයතනය පවසයි.

    ඒ අනුව, ඊට අදාළ පරීක්ෂණ ආරම්භකර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර සඳහන් කළාය.

    මෙලෙස සාම්පල යළි පරීක්ෂා කිරීමක් සිදුවන්නේ ආනයනික සමාගම් විසින් සිදුකරන ලද අභියාචනා සැලකිල්ලට ගනිමිනි.



    මේ අතර පාරිභෝගික අධිකාරිය පවසන්නේ, පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබීමට පියවරගත් බවයි.



    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරුවීමෙන් පසු ඒවා ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් අදාළ ආයතන 3 ට මුද්‍රා තැබීමට පියවරගත් බවය.



    පිළිකා කාරක පොල්තෙල් වෙළදපොලේ ? ඇත්ත -නැත්ත


    පිළිකා කාරක පොල්තෙල් වෙළදපොලේ අලෙවි කරන බවට කතා බහක් මේ වන විට සමාජය තුල ඇතිවී තිබේ.

    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඒ පිළිබඳව විමසීමක් කර ඇත.

    එම සංගමයේ සභාපති, රංජිත් විතානගේ විසින් යොමුකර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.

    ''වසවිස නොමැති ආහාර පාරිභෝගිකයාට ලබා දීම සදහා කටයුතු කිරීම ඔබතුමාගේ කාර්යය වන බව 1980 අංක 26 දරණ ආහාර පනතේ පැහැදිලිව සදහන් කර ඇත. එකී පනතේ 11(1) වගන්තිය අනුව ඔබතුමා ආහාර පිළිබදව නිසි බලධාරියාය.

    එකී පනත ප්‍රකාරවය ආහාර පිළිබදව නිසි බලධාරිය වන ඔබගෙන්, මේ වන විට වෙළද පොලේ අලෙවි කරනු ලබන පොල් තෙල්වල ඇල්ෆ ටොක්සින් යන පිළිකා කාරකය හෝ වෙනත් විස ද්‍රව්‍ය අඩංගුද නැද්ද? යන්න පිළිබදව වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු.''


    පිළිකා කාරක විෂ සහිත ඇෆ්ලාටොක්සින් (Aflatoxin) අන්තර්ගත බව කියන ආනයනික පොල්තෙල් තොගයක් වෙළඳපොළට මුදාහැර ඇතැයි මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා රේගුවට චෝදනා එල්ලවෙමින් තිබිණ.


    මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පවසා සිටියේ, ආනයනය කරන ලද එම පොල්තෙල් ආනයනකරුවන්ගේ ගුදම් තුළ රඳවාගෙන ඇති බවයි.

    තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ අදාළ සමාගම්වල ගුදම් වෙත පමණක් වන අතර පසුගිය මාර්තු 04 වනදා එම වාර්තා ලැබීමත් සමග ඒවා ප්‍රතිඅපනයනය කරන්නැයි එදිනම දැනුම් දුන් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



    දේශීය පොල් තෙල්වල ප්‍රමිති ගැන සැකයක් ??


    ''දේශීය පොල් තෙල් නිෂ්පාදනය කරන බොහෝ ආයතන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ලබාගෙන නැහැ.''


    ශ්‍රී ලංකා රේගුව පවසන පරිදි ආන්දෝලනයට ලක්ව ඇති පොල් තෙල් තොග මේවනවිට ගුදම්වලම රඳවාගෙන සිටින නමුත්, පිළිකා කාරක පොල්තෙල් වෙළදපොලේ අලෙවි කරන බවට පවතින කතා බහ සම්බන්ධයෙන් 'පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය' මතු කරන සැකයට සාධාරණ පදනමක් තිබේ.

    ඒ, ශ්‍රී ලංකාවේ පොල් තෙල් කර්මාන්තශාලා තුළ නිපදවන පොල් තෙල් රජයේ කිසිඳු තත්ත්ව පාලන කාර්යාංශයක ප්‍රමිති පරික්ෂාවට ලක්නොකරන බැවිනි.

    ඒ අනුව, ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳ පරීක්ෂා කිරීමට දිස්ත්‍රික්කයකින් පොල්තෙල් සාම්පල 05 බැගින් ලබා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ, එසේ ලබා ගන්නා සාම්පල 100ක් අද (28) දිනයේ රසායනාගාර පරීක්ෂාවට යොමු කරන බවයි.

    එම සාම්පල ලබා ගන්නේ විකිණීම සඳහා ඇති බෝතල් නොකරන ලද පොල්තෙල් වලින් ය.

    මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ රසායනික විශේෂඥයකු පැවසුයේ, මෙරට පොල් තෙල් නිෂ්පාදනය කරන බොහෝ ආයතන මෙතෙක් ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ලබාගෙන නොමැති බවයි.

    වැඩිදුරත් ඔහු මෙසේ පැවසිය.



    කොත්තු - ප්‍රයිඩ් රයිස්වලත් පිළිකා පොල් තෙල් ???



    ''ආනයනය කරන පොල් තෙල් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පරික්ෂාවට ලක් කලාට, බෝතල් නොකර 'ලූස් විදියට' මහ පරිමාණයෙන් විකුණන දේශීය පොල් තෙල් සම්බන්ධයෙන් කිසිඳු පරීක්ෂණයක් කරන්නේ නැහැ. අපේ ප්‍රමිති සහතිකය අරගෙන තියන්නෙත් සමාගම් කිහිපයක් විතරයි.

    අපට එහෙම කරන්න කියලා බලපෑම් කරන්න බැහැ. අලුත් සභාපතිතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනයට බලය දෙන්න අලුත් නීති ගෙන්න කියල රජයේ බලධාරීන්ගෙන් දැනටමත් ඉල්ලීම් කරලයි තියන්නේ.

    මෙතන තියන බරපතලම කාරණය බෝතල්වල, ටින්වල අසුරා නැතිව 'ලූස්' විදියට හැමතැනකම විකුණන පොල් තෙල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානයක් යොමුවෙලා නැහැ.

    ගෙවල්වල පරිභෝජනයට පොල් තෙල් බෝතල් ගත්තට හුඟක් හෝටල්වලට ගන්නේ ලුස් විදියට මහ පරිමාණයෙන් විකුණන ලාබ පොල් තෙල්. මේවයේ ප්‍රමිතිය ගැන සහතිකයක් නැහැ. දැන් අපි ඔය හෝටල්වලින් කන කොත්තු රොටි, ප්‍රයිඩ් රයිස්වලට ගන්නේ ඔය කියන ලූස් පොල් තෙල්. ඕව ගැනත් මාධ්‍යවල අවධානය යොමුකරන්න.'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    https://theleader.lk/news/6294-2021-03-28-13-29-18
    😳
     
    • Sad
    Reactions: Hyaenidae

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    නිවුස් දෙකේම සෝර්ස් එක නුෂාඩ් නේ. නුෂාඩ් ඒ කියන්නේ එක මිඩියා එකකට බොරු කියලා තියෙනවා.
    නුෂාඩ් කියන්නේ පල් හොරෙක්. ඒකනේ සතොසේ සභාපති කමෙන් එළවලා දැම්මේ බල්ලෙක් වගේ.
    බන්දුල කෙලින් තීරණයක් ගත්ත එක වටිනවා.

    View attachment 118166

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර ඔහු මෙරට සුප්‍රකට සීනි බදු වංචාවේද හවුල් කරුවෙකි. සීනි බදු වංචාව වන සමයේ නුෂාඩ් පෙරේරා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සීනි බදු වංචාවේ ව්‍යාපාරික සජාත් මවුසූන්ගෙන් වැඩි මිලට සීනි ලබාගෙන සතොසටද පාඩුවන අයුරින් ලබාගත් මිලටත් වඩා අඩුවෙන් සීනි අලෙවි කිරීමේ වංචාසහත කූඨ ගනුදෙනුව සිදු කළේ නුෂාඩ් පෙරේරා විසිනි.
    එක තැනකින් හොරා කාලා එලවපු එකාව ප්‍රමිති ආයතනයේ සභාපති කරලා. තමන්ගේ චක්-ගෝලයින්ට කොහෙන් හරි කන්ඩ අවස්තාව අරන් දෙනවා. හරිනම් කරන්ඩ ඕන මුන් වගේ උන්ව එල්ලුම් ගස් යවන්ඩ.
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලංකාදීප අයිති විජේවර්ධනලට. රනිල් වික්‍රමසිංහගේ මාමාට. එජාපයේ වත්මන් උරුම කරු රුවන් විජේවර්ධනට. ඒ කියන්නේ විජය සමාගමට. ඒ අය තමයි ලංකාවේ රජයේ බැංකු, රජයේ ආයතන බහුතරයකැ මුද්‍රණ කටයුතු කරන්නේ. රජයේ බැංකු වල චෙක් පත් මුද්‍රණය කරන්නේ රනිල්ගේ මාමාගේ ප්‍රෙස් එකේ.

    ඔකේ සිංහල පත්තර වල දිනපතා ලංකාදීප, ඉරිදා ලංකාදීප යන නිවුස් වෙනි. ඉංග්‍රීසි පත්තරය වෙන ඩේලි මිරර්, සන්ඩේ ටයිම්ස් වල යන නිවුස් වෙනයි. සිංහල පත්තරේ යන නිවුස් එකට හාත් පසින්ම වෙනස් නිවුස් එක තමයි ඒ අයගෙම ඉංග්‍රීසි පත්තරේ යන්නේ.

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි... බුහා බුහා බුහා......
     
    • Like
    Reactions: kasun_kbp

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Sena mills is not belonged to this case. It's one of largest coconut oil manufacturers & exporters of the country contributing to foreign exchange..
    IMG-20210329-WA0008.jpg