ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රථම වතාවට පාර්ලීමේන්තු මැතිවරණයකට තරඟ වදින්නේ 2010 පාර්ලීමේන්තූ මැතිවරණයටය.දේශපාලනයට ආධුනික ඇයට එහිදී බෙන්තර ඇල්පිටිය මෙන්ම ගාලු දිස්ත්‍රික් ජනතාව මනාපය ලබා දෙන්නේ නැති අතර ඇයට උරුමවන්නේ පරාජයයි.එම මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින උපේක්ෂා ස්වර්ණමාලී දෙවැනි තැනට මනාප ලබා ජයග්‍රහණය කරන්නේ කරූ ජයසූරිය තුන්වෙනි තැනට ඇදදමමිනි.
උපේක්ෂා පලවෙනි සැරයෙන්ම පාර්ලිමේන්තු යන අතර ගීතා කරන්නේ ආපසු කොලඹ නොගොස් බෙන්තර නැවතීමයි.බෙන්තර නවතින ඇය කෙසේ හෝ බෙන්තර ඇල්පිටිය සංවිධායක කම ලබා ගන්නීය.ප්‍රදේශයේ පිරිමි දේශපාලඥ්ඥයින්ගේ නොයෙකුත් මානසික මෙන්ම වාචික පීඩන වලට ලක්වෙමින් ඇය කෙසේ හෝ ටිකෙන් ටික ප්‍රදේශයේ ජනතාව සමග දේශපාලනය කරන්නට සමත්වන්නීය.විශේෂයෙන් අවට ආසන වල තමන්ගේම පක්ශයෙ මන්ත්‍රීවරුන්ගෙ උදහසට ඇය නිතර ලක්වන්නීය.බෙන්තර ඇල්පිටිය ආසනය ගත් කල එය නිතරම එකම පවුලක දේශපාලනඥ්ඥයින් විසින් සංවිධායක කම දරන ලද ආසනයකි.ගීතාට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය සංවිධායක දූරය දරන ලද්දේ නොයෙල් පද්මසිරි කාරියවසම් මහතාය.එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක දූරය ගයන්ත කරුණතිලක මහතා විසින් දරන ලදි. මේ ආසනයට පොදු ලක්ෂනය වූයේ මේ දෙදෙනාම ආසනයට පිට පදිංචි කරුවන්වීමයි.අනිත් අතට ඔවුන් ආසනයේ සැරි සරනවා දකින්නට ලැබෙන්නේ මලගෙයක් හෝ විශේෂ උත්සව අවස්ථාවකදී පමණි.බෙන්තර ඇල්පිටියට ජනතාවට තමන් සමග සිටින තම ආසනයට නියම ආකරයෙන් වග කියන මන්ත්‍රීවරයෙකු ගේ අඩුව කාලයක් තිස්සේ තිබුණි.නොයෙල් පද්මසිරි කාරියවසම් මහතා 2004 දී පරාජය වූවාට පසුව මේ තත්වය උග්‍ර වුණි.ගයන්ත රටට මොන කයිය ගැසුවත් ආසනයේ පස් පාගන මිනිහෙක් නොවේ.
මෙම අඩුව වාසියට කරගත්තේ බලපිටිය,කරණ්දෙනිය,අම්බලන්ගොඩ ආදී අවට ආසනවල සිටි මන්ත්‍රීවරුන්ය.ඔවුන් මෙම ආසනයේ චන්ද වලට බැල්ම හෙලා සිටියේ මෙය වාසියට ගනිමින්ය.
ගීතා ට නොයෙකුත් තාඩන පීඩන වලට ලක්වන්නට වන්නේ මේ කරණය නිසාය.ඊට අමතරව ප්‍රදේශීය වශයෙන් ඇයගෙන් ආසන සංවිධායක කම ඩැහැගන්නට බලා සිටින දේශපලඥ්ඥය්යින්ගෙන්ද ඇයට දිගින් දිගටම බධා එල්ලවුණි.
එහෙත් ඇය කිසිවකින් නොසැලී මේ කාලයේ දේශපාලනය ලෙස කවුරුත් කරන ජනතාවගේ දුක සැප බැලීම, වැඩ කරදීම පාරවල් බෝක්කු හැදීම ආදී කාරණා කටයුතු කරමින් ආසනය තුලම රැන්දී සිටියාය.ටිකෙන් ටික ප්‍රාදේශීය දේශපාලඥ්ඥ්යින්ගේද සහාය ඇය දිනා ගත්තාය.ඇයට කුණුහරුපෙන් බැන වැදුනු අය සමග පවා ඇය එකට වැඩ කරාය. අවසාන ප්‍රතිඵලය වූයේ ඇය ගියවර පලාත් සභාවට තේරී පති වීමයි.දැන් ඇය පාර්ලිමේන්තු පැමිණ ඇත.ඇයගේ පාර්ලිමේන්තු ආගමනය ගැන නොයෙකුත් අපහාස කතා වලින් මුහුණු පොත පිරී ගොස් ඇත.ඇත්තටම වැඩියෙන්ම ඇයට අපහාස නගන්නේ ප්‍රබුද්ධ ප්‍රගිතිශීලී දේශපාලනයක නිරත වෙනවායි කියන ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින්ය්.ඉතින් මුහුණු පොතේ දේශපාලනික සවිඥ්ඥානිකත්වය මෙයින් වටහා ගත හැක.ගීතා අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු 225න් බහුතරයකින් වෙනස් වන්නේ කෙසේදැයි මට නම් නොවැටහේ.එක අතකට පියසේන ගමගේ වැනි එහෙටත් නැති මෙහෙටත් නැති යල් පැන ගිය පැරණි පිරිමි දේශපාලඥ්ඥයින් පරාජයට පත් කර ගීතා වැනි කාන්තාවක් පත් කර එවීමම ගාලු දිස්ත්‍රික් ජනතාවගේ රැඩිකල් පියවරකි.ඇය පමණක් හැර අනිත් සියල්ලන්ම හොඳ වන්නේ කෙසේද? මොන මිනුම් දඬු වලින් මෙය මනිනවාද?. මුහුණු පොතේ දේශපාලන සවිඥ්ඥාණිකත්වය ගැන තව කවර කතාද?.