කවුද ජේවිපිකාරයෝ?

Jan 29, 2010
33
6
0
කවුද ජේවිපිකාරයෝ?

බොහෝ වැඩ ගැස්සි යෑමෙන් පසු පාත්ත සන්ධානයේ ඇත්තෝ මහත් මුසුප්පුවෙන් යුතුව නැවත රැස් වූහ. එහිදී ඇති වූ කතාබහෙන් බිඳක් මෙසේ ය.
අනුර - රවි, ඔයාල තමා sfගේ කැම්පේන් එක අෆ්ෂට් කළේ. අරූව සල්ලිවලට ගන්න ගිහින්. දැන් ඉතින් ආයේ ඔළුව උස්සනවා බොරු.
රවි - එහෙම අපිට චෝදනා කරන එක වැරදියි. ඔයා අපි දැනුවත් කරලා තිබ්බා නම් මේ කරුමෙට අපි කරගහන් නෑනෙ. අපි හිතුවෙ ඌත් ඔයාල වගෙ කියලනෙ.
මුස්තාප - යැත්ත තමා. මාත් ඉතුවේ ඌ යපි වගේ කියලා. යපේ ඩාතියේ නම්පුවත් නෙති කළා. පරයා.
අනුර - මේ රවි, තමුසෙට පිස්සුද? උන් කොහොමද අපි වගේ වෙන්නේ. ඕකුන්ට කිසිම ප්‍රතිපත්තියක් නෑ. පංතිය පාව දෙන හතුරො.
රවි - මෙතන නිකන් බුරන්න එපා. මොකක් ද තමුසෙලගෙ ප්‍රතිපත්තිය? දානව බල්ලට ඒක.මගෙ කට අවුස්ස ගන්න එපා. අපි හිතුවෙ තමුසෙලා වගේ උනුත් සල්ලිවලට ගන්න පුළුවන් කියලා. අනෙක අපි තමුසෙලට දුන්න ගාණ වගේ දෙතුන් ගුණයක් දීලත් ඌව ගන්න බැරි වුණා. ඒ කියන්නේ නියම ජේවීපිකාරයෝ කවුද කියලා අපි දැනගත්තා. රටත් දැනගත්තා.
අනුර - ආ .. එහෙම කතා කරන්න එපා. තමුසෙ කියන්නේ මුසාම්මිල්ලා නියම ජේවීපිකාරයෝ. අපි තමා පාව දෙන අය කියලද?.
රවි - ඔව් එහෙම තමා. මිනිහා අපිට කෙළිය තමා. නමුත් මිනිහා ගැන ඇත්තට ම මට පැහැදීමක් තියෙන්නේ.
අනුර - එහෙම කියන එක වැරදයි. අපටයි පක්ෂයේ නීතිමය අයිතිය තියෙන්නේ.
රවි - ඔව් තමුසෙල තමා බෝඩ් ලෑල්ල උස්සන් යන්නේ.
අනුර - හරි හරි අපේ ප්‍රතිපත්ති ගැන පස්සෙ කතා කරමු. දැන් sf දිනවන විදිහ ගැන කතා කරමු.
රවි - තමුසෙලට නම් හොදටම පිස්සු. මිනිහට දිනන්න තියා ඡන්ද ලක්ෂ 47ක් ගන්න පුළුවන් නම් අපේ ලොක්කා කවදාවත් ඔය අපේක්ෂකත්වය දන් දෙනව ද?
අනුර - එතකොට sf පරදිනවද?
රවි - ඔව් ඉතින් දෙන්නෙකුට දිනන්න බෑනේ. තමුසේ අපේ වේදිකාවේ නැගලා කෑ ගහලා කීවේ මහින්ද රාපක්ෂගේ ජයග්‍රහනය වළක්වන්න බෑ කියලා.
අනුර - ආ අපි විතරද? එතකොට මැංගි කීවේ අපේ පරාජය වළක්වන්න බෑ කියලා.
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl




    :P


    This thread is not mine,
    my friends.

    He is using my immense popularity in Elakiri
    to spread his ideas.
    :D




    kawuru unath lasana thread eka
    11.gif

    boru kiyanna epa umba neda meee :P
    den shape ekeee paata maru kala neda? :P