තුනට බෙදෙන කොට ඌට වැඩියෙන් වැටෙනවා . උතුරු නැගෙනහිර ඌට වැටෙන්නේ නැති චන්ද දෙකට බෙදිලා යනවා .
අන්තිම සතියේ තුන් වෙනියගේ චන්ද ටික දෙවනියට හැරුනේ නැත්නම් අරු දිනනවා .
මට මේක දැන් අංක වලින් හදන්න හරිම Complicated බං. සජිය විතරක් ඉල්ලනව නම් 100%ක් ෂුවර් ඌ දිනනව. ඒත් දැන් තුන් කොන් සටනක් නිසා හිතාගන්න අමාරුයි.
මොකද ඔතැන 2019 ලක්ෂ 55ක් සජිත් ගත්ත. ජෙනරල් ඉලෙක්ෂන් එකේ ලක්ෂ 27ක් වගේ මට මතක විදියට ගියා සජිත්ට. ඒ බේස් එක තාම ඉන්නව. හැබැයි ඒව මොන විදියට රනිල්ට කැඩිලද කියන්න මට අයිඩියා එකක් නෑ. සුළුජාතී ඡන්ද දෙකට කැඩුනත් ඌට ලක්ෂ 30ක්වත් අතේ ඡන්ද අරගෙන එන්න ඕන.
එතකොට 1.30ක් වගේ නේ ප්‍රකාශිත ඡන්ද එන්නෙ ලංකාවෙ. එතකොට ලක්ෂ 50ක් ගත්තොත් දිනන්න පුලුවන් නේ දිනන එකෙක්ට. ඒක ඉතිං කැඩිල යන විදියට තමයි. ඔතැන තීරණාත්මක ඡන්ද දෙකක් තියෙනව,
එකක් 69 ලක්ෂෙ ඡන්ද කැඩිල යන විදිය
දෙවැනි එක අලුත් ඡන්ද
අලුත් ඒව ලක්ෂ 11යි ගානක් තියෙනව නේ ඒ ටිකෙන් ලක්ෂ 7ක්වත් අනුරට එයි රැල්ල නිසා. එතැන ඌට හොඳ චාන්ස් එකක් වදිනව. හොයන්න අමාරු 69 කැඩෙන විදිය. ඒකෙ Die hard bayyo ටික නාමල්ට ඉතුරු වෙනව, එතැන අනිවා ලක්ෂ 10කට කිට්ටුව ඇති. ඕකෙන් හැබැයි ලොකු ගානක් රනිල්ටත් එනව. මම ඒකයි කිව්වෙ ඌට මාර නොපෙනෙන ඡන්ද ගොඩක් තියෙනව. ඇත්තටම හිතාගන්න අමාරුයි.