කාලකන්නි ටිකක් මචං. ඕක ගොටා හිටපු තැන උනාට ලංකාවේ ජනාධිපතිගේ නිල නිවස. අපේ සල්ලි වලින් හදලා maintain වෙන්නෙත් අපේම සල්ලි වලින්. මේ කාලකන්නි විනාශ කරන ඒව හදන්න වෙන්නෙත් අපේම සල්ලි වලින්.
කොහොමත් අරගලේට හවස 2න් 3න් පස්සේ කාලකන්නි ටිකක් ආව. බීල විකාර නැටුවා. හොරකම් ගොඩක් උනා. අපිනම් එක බිල්ඩින් එකක් ඇතුලටවත් ගියේ නෑ. කඳුළු ගෑස් කාල, ගුටි කාගෙන, වැටිලා barricade කඩාගෙන ඇතුලට ගිය එකෙක්වත් හොරු නෙමෙයි. ඔක්කොම කරලා ඉවර උනාම ආව හරක් ටිකක්. කොහොමටත් ගෙවල්/වාහන ගිනි තියන එක, අනුන්ගේ දේවල් හොරකම් කරන එක අරගලේ පටන් ගත්ත දවසේ ඉදලම මම හරිම අකමැති දෙයක්. ඔතන හිටපු අය දන්නවා කොච්චර අමාරු උනාද කියල 2වෙනි, 3වෙනි barricade කඩන්න. දැනටත් බිල්ඩින් වල කුණු එකතු කරලා, සුද්ද කරලා තියාගෙන ඉන්න උන් තමයි සැබෑම අරගලකාරයෝ. අනිත් උන් කාලකන්නි.