කවුද මේ අචාර්ය හරිනි?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    අනේ පලයන් උලමෝ යන්න ..කෑලි ටිකක් අල්ලගෙන විකෘති කරලා කතාව.. ඇත්ත ඉන්ටවිව් පහතින්...👇👇👇







    Oii, Gota promised the same. Are you asking us, "Re watunu wale dawal watenna"?
     
    • Like
    Reactions: topkollek

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කවුද මේ අචාර්ය හරිනි? මොන වගේ විෂයන් ගැන ආචාර්ය කෙනෙක්ද? දේශපාලනයට කොහොමද සෙට් වුනේ?

    මේ වීඩියෝ එකේ අහන දේට ලිස්සල යන උත්තරයක් දෙන්නෙ

    LINK TO VIDEO

    හරිනිලා කැලේ යකෝ අපේ අලුත් කෝප් සභාපතිගේ තුමාගේ සුදුසුකම් එක්ක බැලුවම. :baffled:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    PhD එක එඩ්න්බර්ග් විශ්වවිද්‍යාලයෙන් අරන් තියෙන්නේ. එඩ්න්බර්ග් විශ්වවිද්‍යාලයේම වෙබ්සයිට් එකේ හරිනි ගැන දාලා තියෙනවා.

    Dr Amarasuriya completed her PhD at the University of Edinburgh in 2010, and has been a regular collaborator with staff for more than a decade.

    https://www.iash.ed.ac.uk/profile/dr-harini-amarasuriya
    මේක බැලුවම පැහැදිලියි, මෙයාට ඇරියස් උන ඒරියා එකක දැනුමක් තියෙන්නෙ. මේ කියන වුදිහට තමන්ගෙ මොලේ දිග පළල අනුව ගණිකා වෘත්තිය නීතිගත කරන්න එහෙම ඔනි බැක්ග්‍රවුන්ඩ් එක නම් තියෙනවා. මානව හිමිකම් වගේ දේවල් හෙනම තියරි දේවල් ඒවගෙ හැඟීම් වගේ දේවල් එක්ක වැඩ කරන්න, ප්‍රතිපත්ට්තවග්වෙේේ දේවල් විශේෂයි.

    මේක අසාමාන්‍ය ත්තවයක් ජේවීපී වගේ වාමාංශික, රතු පක්ශයකට ඒ නිසා තමයි මාලිමාව අටවගෙන මේ වගේ අය ඒක හැන්ඩ්ල් කරන්නෙ....
     
    • Like
    Reactions: topkollek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොර උපාධියක් යකෝ 🤣🤣

    හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාග සමත් වූ ආකාරය රටටම රහසක් නොවේ. වසර සියයකට අධික කීර්තිමත් ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා නීති විද්‍යාලය මෙතෙක් බිහිකළ විශිෂ්ඨතම ශිෂ්‍යයා නාමල් රාජපක්ෂ ය. ඔහු අවසාන විභාගයේදී ලබා ගත් සියයට 98 ක ලකුණු ප්‍රමාණයට ආසන්න වීමට හෝ වසර සියයටට අධික නීති විද්‍යාලයේ කිසිවෙකු සමත්ව නැත. මෙවැනි නීතිය පිලිබඳ “රත්තරන් ඔළුවක්“ සිටිය යුත්තේ නීති විද්‍යාලයේ හෝ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ආචාර්ය මණ්ඩලයේ ය. නැතිව පාරක් ගානේ දඟර නැටුම් නටමින් නොවේ.

    ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවය නොවන්නට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ‘ආචාර්ය නාමල් රාජපක්ෂ‘ වශයෙන් වෙස් බැඳීමට සියල්ල සූදානම් කර තිබිණ. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය මෙම ආචාර්ය උපාධිය හොර පෙරකදෝරුවාට පිරි නැමීමට සූදානමින් සිටියේ ය. අංක එකේ රාජපක්ෂ සට්ටැඹියෙක් වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න (කන්‍යාරත්න) මෙම මෙහෙයුම දියත් කෙළේය. ස්වාධීන පර්යෝෂණ නිබන්ධනයක් ඉදිරිපත් කර ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ ප්‍රවේශය යටතේ හොර පෙරකදෝරුවාට ආචාර්ය උපාධියක් පිරි නැමීම කන්‍යාරත්නගේ බලාපොරොත්තුව විය. ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් ඉදිරිපත් කිරීම සඳහා මූලිකව සපුරා ගත යුතු අධ්‍යාපන සුදුසුකම් රාශියක් තිබිය යුතු වුවද හොර පෙරකදෝරුවාට ඒ කිසිවක් නොවීය. එහෙත් කන්‍යාරත්න හොර පෙරකදෝරුවා ඒ සඳහා ලියා පදිංචි කරනු ලැබුවේ අදාල කමිටුවේ ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේම විරෝධය මධ්‍යයේ ය. එක් නිර්භීත ආචාර්යවරයෙකු මෙයට එක හෙළා විරෝධය දක්වන විට උප කුලපති කන්‍යාරත්න ඔහුට තර්ජනය කෙළේ “තමුසේ හදන්නේ මහ රජතුමාගේ පුතාට පීඑච්ඩී දෙන එක බකල් කරන්නද.?“ යි කියමිනි. මෙම විරෝධය හේතුවෙන් අදාළ ආචාර්යවරුයා දිගින් දිගටම කන්‍යාරත්නගේ පලිගැනීමට ලක් වූ අතර අවසානයේ ඔහුට දේශන පැවැත්වීමට පවා අවස්ථාවක් නොදී කපා දමා තිබිණ. ( අදාල ආචාර්යවරයා මේ සිද්ධිය මෑතකදී ජනමාධ්‍යයන්ට හෙලි කෙළේය)

    හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ පර්යේෂන නිබන්ධන කමිටුවේ ප්‍රධානියා වූයේ ද උප කුලපති ආචාර්ය කන්‍යාරත්න ය. කන්‍යාරත්න තම ගෝලයන් දෙදෙනෙකු ලවා නාමල්ගේ පර්යේෂන නිබන්ධනය සකස් කර තිබිණ. එහෙත් ජනවාරි 8 වනදා දේදුනු විප්ලවය හේතුවෙන් හොර පෙරකදෝරුවාගේ ආචාර්ය උපාධියට කෙළවී ගියේ ය.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    JVP කියන්නේ ගෙයක් නම් මෙයා NPP දරමඩුවේ සේවිකාව. NPP කියලා එකක් අටෝගෙන කරන නාටකය = ගෝඨා ගේ වියත්මග.... බලය ගන්න පාවිච්චි කරන කොන්ඩොම් එකක් පමණයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුම්බපු තරම් වැඩ නෑ වගේ.. ගැසට් එකත් ආපහු හරවලා
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    got-little-finger.gif
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113




    හරිනිගේ PhD එකෙත් කොස්සක්?

    උපාධිය සමත් වීම, පංතියක් සහිතව උපාධිය සමත් වීම, විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වීම, සම්මාන මණ්ඩල නියෝජනය කිරීම වැනි දේ සඳහා ගොට්ට ඇල්ලීම, මුට්ටිය ඇල්ලීම, වාල්කම් කිරීම, පිටකැසීම, වන්දිභට්ටකම් කිරීම, පක්කලිකම් කිරීම, ලිංගික අල්ලස් දීම වැනි අටෝරාසියක් නම්වලින් හැඳින්වෙන ක්‍රියාවලින් එකක් හෝ කිහිපයක් කළ විද්‍යාර්ථින් පිළිබඳව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අභ්‍යන්තරය ගැන අවබෝධයක් ඇත්තෝ දනිති. විශ්වවිද්‍යාල පාලන අධිකාරීන්ගේ නූල් සූත්තර නැටවීම් පිළිබඳ සිද්ධිද සුලභය. මෙවැනි ජඩකම් ලංකාවට පමණක් සුවිශේෂ වූ කාරණා නොවේ. බොහෝ රටවල විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයන්හි දැකිය හැකි පොදු කරුණුය. විද්‍යාර්ථීන්ට වෙන් වුන අන්තර්ජාල සංවාද මණ්ඩලයන්හි මේ පිළිබඳ විවිධ සාකච්ඡා නිරන්තරයෙන්ම දැකිය හැකිය. මේ තත්වය බලපාන්නේ සාමාන්‍ය උපාධිවලට පමණක්ම නොවේ. ආචාර්ය උපාධිය වැනි දේටද මෙම ක්‍රියා අදාළ වන්නේය.

    මෙහි අනිත් පැත්තක්ද තිබේ. එනම් ආචාර්යවරුන් ශිෂ්‍යයන්ගේ දැනුම හා වෙහෙස මංකොල්ලකෑම සහ තමන්ට ගොට්ට අල්ලන විද්‍යාර්ථින්ගේ නිබන්ධන ආචාර්යවරුන් මැදිහත් වී සකසා ඔවුන්ට ඉහළට යන්නට උපකාර කිරීමයි. මේ ක්‍රියා දෙකෙන්ම ආචාර්යවරුන්ගේ සහ ඔවුන්ගේ ගෝලයින්ගේ කරල පැහේ. දෙපාර්ශ්වය දෙපාර්ශ්වයේ ආරක්ෂාවත් පැවැත්මත් තහවුරු කරන්නට කැප වෙති. කාටවත් කට ඇර ඇත්ත කියන්නට නොහැකි තත්වයක්ද ඇති වේ. අනුන් ලවා නිබන්ධන ලියවාගෙන ආචාර්ය උපාධි එල්ලා ගන්නා අයගේද හිඟයක් නැත.

    මේ නිසා සිදු වන තවත් දෙයක් නම් ගුරු පරම්පරා ඉදිරියට පවත්වාගෙන ආ දැනුම පල්වීමයි. ඇතැම් විෂය ක්ෂේත්‍රයන්හි දැනුම ඉදිරියට යන්නේ ගාටමිනි. නැතිනම් විකෘති වෙමිනි.

    අනෙක් අතින් ගත් කල, පෙරදිග සංස්කෘතිය විනාශ කිරීමට අධ්‍යාපනය පාවිච්චි කරන බටහිර රටවල ඇදුරන්ට, ශිෂ්‍යත්ව ආදිය මගින් තමන් යටතේ ඉගෙනුම ලබන්නට එන පෙරදිග විද්‍යාර්ථින් ලවා ඔවුන්ගේ රටවල සංස්කෘතික හරපද්ධතීන්ට හානි කිරීම පිණිස තම අධිපති බලය පාවිච්චි කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. සිංහල බෞද්ධ සංස්කෘතියට සතුරුකම් කළ ස්ටැන්ලි තම්බයියා, ගනනාථ ඔබේසේකර, එච්.එල්. සෙනෙවිරත්න වැනි උගතුන් බිහි වූයේ එසේය.

    මේ සඳහා නිර්මාණය කරගත් නීති රීති, සම්ප්‍රදායයන්ද තිබේ. ආචාර්ය උපාධි නිබන්ධනවලට හා පසුව ඒවා මුද්‍රණයෙන් පළ කෙරෙන විට ආචාර්යවරුන්ගේ නම්ද ඇතුළත් කිරීම එක් උදාහරණයකි.

    ඉතා සංකීර්ණ, උගත් සමාජය වෙළාගත් ප්‍රසිද්ධ රහසක් පිළිබඳ දිග කතාවක් මෙසේ කෙටිකර දැක්වූයේ, අගමැති හරිනි නිරේකා අමරසූරියගේ ආචාර්ය උපාධිය පිළිබඳව සොයාබැලීමේදී අපට නිරීක්ෂණය වූ කරුණු කීපයක් සඳහන් කිරීමටය. එය, එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ හා ක්වීන් මාගරට් විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ උපාධියක් බව පැවසේ. ඇගේ උපදේශකවරුන් වශයෙන් කටයුතු කර ඇත්තේ ජොනතන් ස්පෙන්සර් සහ ඇලිසන් ස්ට්‍රැන්ග්ය.

    හරිනි අගමැති තනතුරට පත්වූ පසු, ක්වීන් මාගරට් විශ්වවිද්‍යාලය සිය වෙබ් අඩවියේ ඒ පිළිබඳ ප්‍රවෘත්තියක් පළ කර තිබුණි. එයින් වගන්තියක් මෙසේය.

    “Dr Amarasuriya graduated from QMU’s Institute for Global Health and Development in 2011, following several years of research in the field of international health.”

    එඩින්බරෝ විශ්වවිද්‍යාල වෙබ් අඩවියේද ඒ ගැන පුවතක් පළව තිබේ.

    “Former School of Social and Political Science (SPS) PhD student Dr Harini Amarasuriya has been appointed Sri Lanka’s first woman prime minister in 24 years. She was sworn into office on 24 September by the country’s president, Anura Kumara Dissanayake.

    Dr Amarasuriya completed a PhD in the Social Anthropology subject area at SPS in 2010.”

    මාගරට් විශ්වවිද්‍යාලය පවසන්නේ, වසර කිහිපයක් ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කරන ලද පර්යේෂණවලින් පසුව හරිනි, තම විශ්වවිද්‍යාලයේ ලෝක සෞඛ්‍යය හා සංවර්ධනය සඳහා වන ආයතනයෙන් 2011 දී උපාධිය ලබාගත් බවයි. නමුත් විශ්වවිද්‍යාල අන්තර්ජාල ලේඛනාගාරයේ ඇගේ නමින් උපාධි නිබන්ධනයක් නැත. ඇගේ නම පිළිබඳව සෙවූ විට හමුවන්නේ, තම කටයුතුවලට සහාය දීම ගැන ඇයට ස්තුතිය පළ කර ඇති ඇගේ මිතුරියකද වන සාලි මලීකාගේ නිබන්ධනයක් පමණි.

    එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ නිවේදනයට අනුව, එම විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යාවක වන හරිනි ආචාර්ය උපාධියේ කටයුතු 2010 අවසන් කර ඇත. මාගරට් විශ්වවිද්‍යාලය පවසන්නේ ඇය 2011 උපාධිය ලබාගත් බවයි. ඒකාබද්ධ ආචාර්ය උපාධිය පිරිනැමූ වර්ෂය, ආයතන දෙකේ දෙආකාරයෙන් සඳහන් වීම ගැටලුවකි.

    මාගරට් විශ්වවිද්‍යාල අන්තර්ජාල ලේඛනාගාරයේ හරිනිගේ නිබන්ධනය නොමැති වීමද අසාමාන්‍ය කාරණයකි. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ඒකාබද්ධ ආචාර්ය උපාධි නිබන්ධන, අදාළ විශ්වවිද්‍යාල දෙකේම ලේඛනාගාරවල තැන්පත් කෙරෙන අතර උපාධි සහතිකද, විවි දෙකේම නිල ලාංඡන සහිතව නිකුත් කෙරෙයි. මෙය හරිනිගේ ආචාර්ය උපාධියේ සුජාතභාවය පිළිබඳව සැක පහල කෙරෙන සිද්ධියකි. උපාධි පිරිනැමීමේ ක්‍රියාවලීන්හි ඇති නොයෙකුත් දූෂණ පිළිබඳව මේ ලිපිය ආරම්භයේ සඳහන් කර තිබේ.

    මේ සැකය නිසාම අපි අපේ අගමැතිවරියගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ පිටපතක් ලබාගත හැකි දැයි මාග්‍රට් විශ්වවිද්‍යාලයෙන් විමසීමු.

    ඒකාබද්ධ උපාධියක් වන එහි පිටපත එඩිංබරෝ විවි ඇතැයි පිළිතුරු ලැබුණි. ඒකාබද්ධ උපාධි නිබන්ධනයක් නම් විවි දෙකෙහිම පිටපත් තිබිය යුතු නොවේ දැයි අප කළ විමසුමට පිළිතුරු නොලැබුණි. එහෙයින් මේ පිළිබඳ සැකයක් අප තුළ තිබේ. (එඩින්බරෝහි ඒකාබද්ධ උපාධි ප්‍රමිතීන් පිළිබඳ මීට වෙනස් තොරතුරු දන්නා අය වෙත් නම් ඒවා ඉදිරිපත් කළ මැනවි.)

    මාගරට් විශ්වවිද්‍යාලය ලියා ඇති හරිනි පිළිබඳ ප්‍රශස්තිය, අනාගත ආයෝජනයක් පිණිස බව පෙනෙන්නට තිබේ. හරිනි අගමැතිවරිය පමණක් නොව අධ්‍යාපන ඇමතිද වන්නීය. ඒ ලිපියේ කොටසක් මෙසේය.

    “The University looks to continue building on its strong links with Sri Lanka, and developing more aspiring graduates who can make a significant contribution to society and emerge as change makers and future leaders in the fields of global health and business management.”
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113
    ඔවුන්ගේ ඒ අරමුණ, හරිනිගේ නිබන්ධනය ඔවුන්ගේ ලේඛනාගාරයේ නොමැතිවීම සහ ඔවුන්ගේ ප්‍රශස්තියේ ඇගේ උපාධිය සම්පූර්ණ කළ වර්ෂය වැරදියට යෙදීම වැනි කරුණු සැලකිල්ලට ගත් කල, හරිනිගේ උපාධිය පිළිබඳ සැකය තවත් වර්ධනය වෙයි.

    එම නිසා, එඩින්බරෝ හා මාගරට් විශ්වවිද්‍යාල දෙකේ නිල ලාංඡන සහිත උපාධි සහතිකය මුහුණු පොත් පිටුවේ පළ කර හෝ වෙන යම් ක්‍රමයකින් සමාජගත කර, ජනතාව තුල ඇති කකුස නැති කරන මෙන් අපි හරිනි අගමැතිවරියගෙන් ඉල්ලමු.

    හරිනි වසර කීපයක් ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කරන ලද පර්යේෂණ සඳහා දර්ශනපති උපාධිය පිරිනමන ලද බව මාගරට් විවි ලිපියේ සඳහන්ය. ලෝක සෞඛ්‍යය හා සංවර්ධනය යනු සමාජ මානවවිද්‍යා විෂය ධාරාවේ අනුවිෂයයකි. හරිනිගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ මාතෘකාව Guardians of childhood: state, class and morality in a Sri Lankan bureaucracy යනුයි. එම නිබන්ධනයේ මාතෘකා මෙසේය.

    Chapter 1: Probation and Child Care Services in Sri Lanka
    Chapter 2: The Field Site: The Probation Unit Office
    Chapter 3: Institutional Rivalries
    Chapter 4: Maintaining boundaries: child rights, the state and NGOs
    Chapter 5: The tale of two forms: “Jenny’s Forms vs. the Social Report”
    Chapter 6: The many faces of Sinhala nationalism
    Chapter 7: Abbuddassa Kale :A time of Godlessness

    නිබන්ධනයේ මාතෘකාවෙහි හෝ පටුනෙහි පෙළගැස්මෙහි ළමා සෞඛ්‍යයට ඍජුව සම්බන්ධ බවක් නොපෙනේ. මෙය නව යටත් විජිතවාදීන් කබරයා තලගොයා කරන ක්‍රමයකි.

    නිබන්ධනයේ අන්තර්ගතය පිළිබඳව එහි ආරම්භයේ ඇති සාරාංශයේ වාක්‍ය කීපයක සිංහල අනුවර්තනය මෙසේය:

    “මෙම නිබන්ධනය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස ඒකකයක එදිනෙදා කටයුතු, සබඳතා සහ අන්තර්ක්‍රියා ගවේෂණය කරයි. බහු ස්ථානීය ජනවාර්ගික විද්‍යාව සහ මෙම ක්ෂේත්‍රය පිළිබඳ ජනවාර්ගික පර්යේෂකයාගේ (ethnographer) අත්දැකීම්ද භාවිතා කරමින් පරිවාස ඒකකයේ සේවකයින්, තම සගයින් සහ සේවාදායකයින් සමග සම්බන්ධ වීමට දරුවන් සහ ළමා විය පිළිබඳ ජාත්‍යන්තර හා දේශීය සංවර්ධන කතිකාවන්, අදහස් සහ න්‍යායන් සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න පරීක්ෂා කරයි.

    … ‘රාජ්‍ය ආයතන යනු ගෝලීය සංවර්ධන කතිකාව දේශීය භාවිතය සමග සම්බන්ධ වන ස්ථාන වේ’, යන්න, මෙම නිබන්ධනය එහි විශ්ලේෂණාත්මක ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගනී. ඒ අතරම, ඒවා ජාතිකවාදය, පන්තිය, සදාචාරය සහ වෘත්තීය අනන්‍යතාව පිළිබඳ අදහස් සහ භාවිතයන් නිෂ්පාදනය හා ප්‍රතිනිෂ්පාදනය කරන ස්ථානද වේ.”

    ලෝක සෞඛ්‍යයට සම්බන්ධ යැයි මාගරට් විශ්වවිද්‍යාලය පවසන මේ පර්යේෂණ පත්‍රිකාවේ 6 වැනි පරිච්ඡේදය, පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි, ආචාර්ය නලින්ද සිල්වා වැනි සිංහල බෞද්ධ සමාජය වෙනුවෙන් මෙහෙයක් කළ චරිත හා සිංහල ජාතිකවාදය සඳහා වෙන්ව තිබේ.
    නිබන්ධනයේ සැබෑ අරමුණ කුමක්ද යන්න පිළිබඳව ස්ථිරව යමක් කීමට එය ගැඹුරින් පරිශීලනය කළ යුතුය. බැලු බැල්මට සාමාන්‍ය උපාධි නිබන්ධනයක මාතෘකාවක් සේ පෙනෙන නමුදු, ඊට ආචාර්ය උපාධියක් පිරිනමා ඇත්තේ කිසියම් ‘විශේෂ හේතුවක්’ නිසා විය යුතුය. හරිනි සිය නිබන්ධනයේ සමාප්ති සටහනේ (කන්ක්ලුෂන්) සඳහන් මේ ඡේදය (පරිවර්තනය ලියුම්කරුගේය), ගොනා හැරෙන්නේ පොල් පැළය දෙසට නේදැයි සැක පහළ කරවයි.

    “6 වැනි පරිච්ඡේදයේ මම සිංහල ජාතිකවාදයේ වංශ කතාව විස්තර කරමි. මම සිංහල ජාතිකවාදය තුළ ඇති සංකීර්ණතා සහ විවිධ ධාරා පැහැදිලි කරන අතර, එහි ඓතිහාසික පදනම, සමකාලීන දේශපාලනික හා සංස්කෘතික අවශ්‍යතාවලට ගැලපන පරිදි හැඩගස්වාගෙන ඇත්තේ කෙසේද යන්නද පැහැදිලි කරමි. සිංහල ජාතිකවාදයේ පදනම සහ එය සුවිශේෂ දේශපාලන චාටුකතා මගින් ගොඩනගා ගන්නා ආකාරයත් පෙන්වා දෙමි. පරිවාස ඒකක කාර්ය මණ්ඩලය, “රාජ්‍යය”, “ජාතිය”, “සංස්කෘතිය” හා “සදාචාර” යන සංකල්පවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සහ ඒ සඳහා ඔවුන් සිංහල ජාතිකවාදයේ සුශේෂ ආකෘතීන් පාවිච්චි කරන්නේ කෙසේද යන්න මම මේ පරිච්ඡේදයේ විස්තර කරමි.”

    හරිනි අමරසූරියගේ ආචාර්ය උපාධියේ එක් උපදේශකයකු වශයෙන් කටයුතු කර ඇති මහාචාර්ය ජොනතන් ස්පෙන්සර්, ශ්‍රී ලංකාව ගැන දැඩි අවධානයක් යොමු කළ උගතෙකි. ශ්‍රී ලංකාව අළලා ඔහු පළ කළ පොත් ගණනාවකි. සිංහල බෞද්ධ සමාජයට පහර ගැසූ ස්ටැන්ලි තම්බයියා, ගනනාථ ඔබේසේකර, ජයදේව උයන්ගොඩ වැන්නන් සමඟ එක්ව පොත පත පළ කළ අයෙකි. ස්පෙන්සර්, හරිනි සමග එක්ව සිංහල බෞද්ධයන්ට පහර දීම පිණිස ලියන ලද පර්යේෂණ පත්‍රිකා ජාත්‍යන්තර සඟරාවල පළව තිබේ. මාගරට් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් හරිනිගේ මිතුරියක වන සාලි මලීකා පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳ මාතෘකාවකි. සිංහල බෞද්ධයා යනු සුළු ජාතීන්ට, සුළු ආගමිකයින්ට හිංසා පීඩා කරන පිරිසක් බවට මතයක් ලෝකයට ගෙන යන්නේ මේ ලිපි ලේඛන මගිනි.

    හරිනිගේ ආචාර්ය උපාධි නිබන්ධනය ළාමකය. බීඒ උපාධි නිබන්ධනයක් බඳුය. එහි ඉංග්‍රීසි වැරදි පවා තිබේ. මේ නිසා එය මාග්‍රට් විශ්වවිද්‍යාලයෙන් අනුමත නොවී, ස්පෙන්සර්ගේ මැදිහත්වීමෙන් එඩිංබරෝ විශ්වවිද්‍යාලයෙන් පමණක් අනුමත වී දැයි අප තුල සැකයක් තිබේ.

    සත්තිකුඹ ජාතකයේ ගිරවුන් ගැන සිත යොමු කළ විට, හරිනි වැන්නවුන් කටයුතු කරන්නේ කෙසේද යන්න සිතා ගැනීම ඒ අතරම් අපහසු නැත. තම්බයියා, ඔබේසේකර, උයන්ගොඩ වැන්නවුන් නැති හිස් තැන මකනු ඇත්තේ හරිනි වැන්නවුන් විසිනි. මොවුන් අතර ඇති වෙනස, හරිනි ක්‍රියාකාරී දේශපාලනයට පිවිස රටේ අගමැති ධුරයටද පත්වීමයි. එය සිංහල බෞද්ධ විරෝධීන්ගේ අලුත් අත්හදාබැලීමක් බව පෙනේ.

    සැබෑ ගැටලුව හරිනිට ආචාර්ය උපාධියක් තිබේද නැද්ද යන්න නොවේ. ඇය කටයුතු කරන්නේ රටට හිතවත්වද යන්න සහ රට ගොඩගැනීමට තරම් බුද්ධි මට්ටමක් ඇයට තිබේද යන්නයි. ආචාර්ය උපාධියක් පිරිනමනුයේ කිසියම් ක්ෂේත්‍රයක් පිළිබඳව පර්යේෂණ කර, අලුත්ම අලුත් දර්ශනයක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි. එය කෙනෙකුට ලබාගත හැකි ඉහළම පශ්චාත් උපාධියයි. ආචාර්ය උපාධි පර්යේෂණයක අරමුණ කෙනෙකුගේ පර්යේෂණ, විමර්ශණ, විශ්ලේෂණ හැකියාව මැන බැලීමයි. ඒ අරුතින් ගත් කළ ආචාර්ය උපාධිධරයකු යනු දර්ශනවාදියෙකි. දාර්ශනිකයෙකි. ආචාර්ය උපාධිධාරීන් දසදහස් ගණන් අතරින් – විශේෂයෙන්ම කලා විෂය ධාරා යැයි ප්‍රසිද්ධ ක්ෂේත්‍රයන්හි – දාර්ශනිකයකු සොයාගැනීම මුහුදේ වැටුණු ඉදිකටුවක් සොයාගැනීම වැනි කාර්යයක් බව තතු දන්නෝ දනිති. අලුත් දර්ශන ඉදිරිපත් කිරීම කෙසේ වෙතත්, දශක ගණනාවක් මුළුල්ලේ සිදු වන්නේ ගුරාගේ දර්ශනය දිගටම පවත්වාගෙන යෑමට මුක්කු ගැසීමයි. එසේ නොකරන තැනැත්තන්ට පීඑච්ඩී ලබාගැනීමටද නොහැකිය.

    හරිනි අමරසූරිය කරන කියන සමහර දේවලින් ඇගේ බුද්ධි මට්ටම පිළිබඳ සැකයක් ඇති වේ. වරක් ඇය, ‘තමා ඩයනා කුමාරි වගේ යැයි ඇතැමුන් කියන බව’ පවසා තිබුණි. සමහර විට ඒ කියන්නේ වෙන ඩයනා ගැන කෙනෙකු ගැන විය හැකිය.

    ‘ඇයි අපිව අල්ලන්නෙ නැත්තේ කියලා හොරු අහනවා. අපිට හදිස්සියක් නෑ. වෙලාවට අල්ලන්නම්’ යැයි ඈ ප්‍රසිද්ධියේ කී කතාව ඊට වඩා බරපතල එකකි. ඇගේ කතාවෙන් පැවසෙන්නේ, ඇය සැබෑවටම හොරුන් කවුරුන්ද යන්න දන්නා බවයි. ආචාර්ය උපාධියක් ඇති දාර්ශනිකයකු, බුද්ධිමතෙකු එවැනි කතා කියන්නේ සාක්කි සහිතව මිස ආවාට ගියාට විය නොහැකිය. එසේ නම්, අඩුම තරමින් කන්නට හාල් ඇටයක් පොල් ගෙඩියක් නැතිව මිනිසුන් යක්ෂාවේෂ වී සිටින මේ වෙලාවේ වත් මහ හොරුන් එකෙකු දෙන්නෙකු අල්ලන්නට හරිනි අගමැතිවරිය ඔත්තු නොදෙන්නේ ඇයි? මාලිමාවට ඡන්දය දුන් ජනතාව කට ඇරගෙන බලා සිටින්නේ ජනතා ධනය කොල්ල කෑ මහ හොරුන් අල්ලන තෙක්ය. ඇය හොරුන් ගැන ඇත්තටම නොදන්නවා නම්, මෙවැනි කතා කීමෙන් ඔප්පු වන්නේ, ඇය නිකංම නිකං නිලන්ති කොට්ටහච්චි වැනි තවත් චරිතයක් පමණක් බවයි.

    එක්තරා පීඑච්ඩී උපාධි අපේක්ෂකයෙක් තණකොළපෙත්තකුට කටහඬ පුරුදු කිරීමේ පර්යේෂණයක් කළේය. අවසානයේ පැනපං කී විට පිම්මක් පනින්නට තණකොළපොත්තාට පුරුදු කරවන්නට ඔහුට හැකි විය. පසුව ඔහුට අපූරු අදහසක් ආවේය. ඔහු තණකොළපෙත්තාගේ අඬු දෙකක් කඩා පැනපං යැයි කීවේය. ඌ අමාරුවෙන් පිම්මක් පැන්නේය. ඉන් පසු ඔහු තවත් කකුල් දෙකක් කඩා පැනපං යැයි කීවේය. ඌ ඉතා අමාරුවෙන් පිම්ම පැන්නේය. අන්තිමේ පර්යේෂකයා උගේ ඉතිරි කකුල් දෙකත් කඩා පැනපං කිව්වේය. කකුල් නැති ඌට පිම්ම පනින්නට බැරි විය. පර්යේෂකයා සිය පර්යේෂණ වාර්තාවේ මෙසේ ලීවේය.

    ‘සියලු කකුල් කැඩූ පසු තණකොළපෙත්තාගේ කන් ඇහෙන්නේ නැත’.

    සෑම් සෙනෙවිරත්න විසිනි
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක්තරා පීඑච්ඩී උපාධි අපේක්ෂකයෙක් තණකොළපෙත්තකුට කටහඬ පුරුදු කිරීමේ පර්යේෂණයක් කළේය. අවසානයේ පැනපං කී විට පිම්මක් පනින්නට තණකොළපොත්තාට පුරුදු කරවන්නට ඔහුට හැකි විය. පසුව ඔහුට අපූරු අදහසක් ආවේය. ඔහු තණකොළපෙත්තාගේ අඬු දෙකක් කඩා පැනපං යැයි කීවේය. ඌ අමාරුවෙන් පිම්මක් පැන්නේය. ඉන් පසු ඔහු තවත් කකුල් දෙකක් කඩා පැනපං යැයි කීවේය. ඌ ඉතා අමාරුවෙන් පිම්ම පැන්නේය. අන්තිමේ පර්යේෂකයා උගේ ඉතිරි කකුල් දෙකත් කඩා පැනපං කිව්වේය. කකුල් නැති ඌට පිම්ම පනින්නට බැරි විය. පර්යේෂකයා සිය පර්යේෂණ වාර්තාවේ මෙසේ ලීවේය.
    මදැයි ආචාරියා ගැන විමර්ශන වාර්තාවක් ලියල අන්තිම වාක්‍ය කීපය ලියද්දි ගම කාගත්ත