කවුද මේ නිලිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    thanuja-weerasuriya-arrested


    ධනවතුන් බීමත්ව විනෝදවන අවස්ථාවලට සුරූපී ගණිකාවන් ජංගම කුලී රථ සේවා ඔස්සේ සපයන නිළියක පොලිසියට හසුව තිබේ. තරු පන්ති හෝටල්වලට, සමාජ ශාලා සහ සුපිරි නිවාස සංකීර්ණවල පැවැත්වෙන සාද වලට මේ කාලයේ ප්‍රකට නවක නිළියන්ද සැපයුම් කරමින් සිටි තනුජා වීරසූරිය නමැති සරාගී චිත්‍රපට නිළියක වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කළ මෙහෙයුමකදී කාන්තාවන් පිරිසක් සමග ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ගණිකා ජාවාරම මෙහෙයවා ඇති 48 වියැති තනුජා වීරසූරිය මීට දශක දෙකකට පමණ පෙර වැඩිහිටියන්ට පමණක් සීමා වූ කාම රැල්ලේ චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායකත්වය දුන් තැනැත්තියකි. හාදු වැස්සක් (2004), කාටවත් කියන්න එපා (2004), මට තාම මතකයි (2005) ආදී චිත්‍රපට වලට ඇය දායකවී ඇති අතර මෑත කාලීනව ඇය ටෙලි නාට්‍ය කිහිපයක ද වැඩිහිටි විහිළු සහිත යූටියුබ් නාලිකා සඳහා රඟපා ඇති බවත් විමර්ශනයේදී හෙළිවී ඇත. වට්ස්ඇප් යෙදුම හරහා ඇය ගණිකා ජාවාරම මෙහෙයවා ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.



    චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියන් රුපියල් 45,000ක් වැනි මුදලකට ඇය විසින් ධනවතුන්ට අලෙවි කරන බව විමර්ශනයේදී හෙළි වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ උසස් නිලධාරියෙක් පැවසීය. නිළියන්ව මුදලට ලබාදීම සම්බන්ධයෙන් ඇය ව්‍යාපාරිකයන් සමඟ කථාබහ කරන හඬපට රැසක් ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට හමුවී තිබේ.

    ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යොදවා කළ වැටලීමකදී මෙම නිළිය ඇතුළු ගණිකාවන් පස්්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන කෝරලයිම දෙමටහැත්ත ප්‍රදේශයේදීය. මෙම ජාවාරම මෙහෙයැවූ නිළිය මල්වානේ පදිංචිකාරියක බව මධ්‍යම දූෂණ මර්දන බළකාය සඳහන් කළේය. මෙම නිළිය ඇතුළු අත්අඩංගුවට ගත් තරුණියන් මොරගහහේන පොලිස් ස්ථානයට භාරදුන් බව ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රකාරක බළකාය සඳහන් කළේය.



    මෙම ගණිකා ජාවාරම ගැන ලද තොරතුර සිය ඉහළ නිලධාරීන්ව දැනුවත් කිරීමට එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙම වැටලීම සිදු කර ඇත්තේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සමන්තිලක වැලිවිට මහතාගේ සැලසුමකට අනුවය. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ පොලිස් සැරයන් (428) ජයලාල් උපාය දූතයකු ලෙස යොදවා උපායශීලීව සුරූපී සරාගී නිළිය ඇතුළු කණ්ඩායම මොරගහහේන කෝරලයිම දෙමටහැත්ත ප්‍රදේශයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය. මෙම කාන්තාව තරුණියන්ව ගණිකාවන් ලෙස අලෙවි කරනු ලබන්නේ රුපියල් 30,000 සිට ඉහළ ගණන්වලට බව ද අනාවරණය වී තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් අවුරුදු 25ත් - 45ත් අතර වයස් ගණන්වල පසුවන බියගම, අම්පාර, බොරලැස්ගමුව, මාතර යන ප්‍රදේශවල පදිංචිකාරියන්ය.

    මෙම කාන්තාවන් සුපිරි තරු පන්ති සාදවලදී ව්‍යාපාරිකයන් සමඟ විදේශීය මත්පැන් පානය කරමින් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් ව්‍යාපාරිකයන්ගේ මනදොල සපුරාලීමට කටයුතු කර ඇති බව ද විමර්ශනවලින් හෙළිවූ බව පොලිසිය කියයි. මෙම ජාවාරම මෙහෙයැවූ නිළිය ව්‍යාපාරිකයන් අතර ප්‍රසිද්ධියක් ලබාගෙන ඇති බැවින් සෙසු නිළියන්ව ඇය ව්‍යාපාරිකයන්ට අලෙවි කර ඇති බව ද විමර්ශනයේදී පෙනී ගොස් ඇත. ව්‍යාපාරිකයන්ට තරු පන්තියේ හෝටල් කාමර වෙන් කර ගන්නා ලෙස පවසා එම හෝටල් කාමරවලට නිළියන් රැගෙන ගොස් මෙම ජාවාරම ඇය විසින් සිදු කර ඇති බව ද විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    131110136.jpg







    131210137.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කාටවත් කරදරයක් නැති බිස්නස්