කවුද මේ රෝයල් බීච් සමන්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ගාලු පාතාලයේ මහ මොළකරු ලෙස හදුන්වනු ලබන කවුද මේ පාතාලයේ කිරුලු 👑 නොපළදින රෝයල් බීච් සමන් ???

    වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා නෙහොත් රෝයල් බීච් සමන් යනු 1998,1999 වර්ෂයේ කොස්ගොඩ ඉදුරුව ⁣වෙරළේ හිටපු (beach boy)සංචාරක මග පෙන්වන්නෙකි. මේ අතරතුර සමන් හට ආරාබි ජාතික විදේශිකයෙකු මිතුරු වී ඇත.එම මිතුදම නිසාම එම විදේශිකයා විසින් ඉඳුරුව මුහුදු වෙරළ අයින ප්‍රදේශයේන් ඉඩමක් ගෙන හෝටලයක් ඉදිකරවා ගැනීමට සමන් හට මිල මුදල් දී ඇත.එම සාදන ලද සංදාරක හෝටලය රෝයල් බීච් නමින් නම් කරන ලදි. එයින් පසු සමන් හට රෝයල් බීච් සමන් යනුවෙන් නම්පට බැඳුනි. සමන්ට එක් සහෝදරයෙකු සිටියාය නමින් ඔහු වැලිසරගේ සුමිත් පෙරේරා ය.සංචාරක හොටලය කලක් යහමින් කරගෙන ගියේය.මේ අතරතුර දී සමන් සහ ඔහුගේ සහෝදරයා වන සුමිත් ඉදුරුව ප්‍රදේශයේම කෝලිත සහ රෝහණ යන බීච් බොයිලා දෙන්නෙක් සමග ආරවුලක් ඇති කර ගත්තේය.මේ ආරවුල හේතුවෙන් ඉදුරුව වෙරලේදී රෝහිතව සහ කෝලිතව වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දරා ඇත.එ සම්බන්ධව සමන් සහ සුමිත් පොලිස් අත් අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව ඇත.එම බන්ධනාගාර ගතව සිටිය දී සමන් සහ සුමිත්ට රත්ගම විදුරව මුණ ගැසුණී.⁣සමන් සහ විදුරගේ මිතුදම පටන් ගන්නේ එතනින් පසුය.සමන් සහ සුමිත් ඇප ලබා එලියට පැමියාය. එ වන විට මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් එවකට ගාල්ලේ පාතාල රජුලෙස කිරුල පැළඳ සිටි දේව නදුන් ධර්මවික්‍රම නොහොත් කොස්ගොඩ නදුන්ට කන වැටී කෝපයෙන් සිට ඇත්තේ නදුන්ගේ බලප්‍රදේශයේ වෙනත් කිසිදු පාර්ශවයකින් වෙඩි පත්තු වූ නිසාය.රෝයල් බීච් සමන් සහ සුමිත් නදුන්ගේ අණට කීකරුද බලන්න නදුන්ට උවමනා වුනි. කොස්ගොඩ නදුන් එ සඳහා යොදාගත් උපක්‍රමය වූයේ ලක්ෂ 50 ක් කප්පම් මුදල් ලෙස ඉල්ලීමයි.කප්පම් මුදල ඉල්ලු පසු සමන්ගෙන් කොස්ගොඩ නදුන්ට ලැබනේ හිතාගන්නවත් බැරි උත්තරයකි උඹලට දෙන්න අපි සල්ලි හම්බකරලා නැහැ පුලුවන්නම් අරන් පෙන්නපං යනුවෙන් සමන් නදුන්ගෙන් ගේම ඉල්ලුවේය.නදුන්ට මේ වචනය උහුලන්නට බැරි විය නදුන් ලැජ්ජාවෙන් සහ තරහයින් පිපෙරෙන්නට වූයේ මින් පෙර කිසිදු ව්‍යාපාරකයෙකුගෙන් නදුන්ට මෙවැනි පිළිතුරක් ලැබී නොමැති හෙයිනි.නදුන් ක්ෂණිකව ක්‍රියාත්මක විය නදුන්ගේ ගෝලයින් T.56 ගිණි අවියක් සහ පිස්තෝලයක් අතැතිව පිටත් කර රෝයල් බීච් හොටලයය පුරා බිත්ති හිල් වෙනකන් වෙඩි තැබීය.එයිනුත් සමන් සහ සුමිත් යන අයියා මලෝ දෙපල බය කරවා ගැනීමට නදුන් අපොහොසත් විය. නදුන්ට පිළිතුරු දිය යුත්තේ පාතාලයේ භාෂාවෙන්ම යැයි සමන්ට තේරුම් ගියේය නදුන්ට විරුද්ධ පාතාල කණ්ඩායමක් සැදීමට සමන් ක්‍රියා කලේය. එවකට නදුන්ගේ ප්‍රධානම ගෝලයින් දෙදෙනෙක් වන වත්තල ආමි මල්ලී සහ හික්කඩුව මනෝජ් මැන්ඩිස් නදුන්ගේ කන්ඩාමෙන් වෙන්ව ගොස් තිබුනේ අහුංගල්ල රන්මැණිකා හෝටල් අධිපති ජීවක ඝාතනය සඳහා පොරොන්දු වූ මුදල් නොගෙවීමක් පදනම් කරගෙන ඇති වූ ආරවුලක් නිසාය.ආමි මල්ලී යනු නදුන් ළඟ ඉඳපු සුපිරිම ඝණයේ වෙඩික්කරුවෙකි.නදුන්ගෙන් වෙන වී ආමි මල්ලි සහ මනෝජ් මැන්ඩිස් සමන්ගේ කණ්ඩායමට එකතු වීමත් සමග සමන් ශක්තිමත් විය.එතැනින් නැවතුනේ නැත සමන් කණ්ඩායම මෙහෙය වීම සඳහා බාර දී තිබුනේ ඔහුගේ මල්ලී වන සුමිත් හටය. මේ අතර වත්තල ආමි මල්ලී,හික්කඩුව මනෝජ් මැන්ඩිස්,කොස්ගොඩ කුකුලු නිහාල්,මාතර බත් කඩේ ජානක,බලපිටියේ විජිත් ශාන්ත,දමයන්ත,ගංගා'බොක්කා ඇතුලු බලපිටිය කන්ඩායම කැකුණදුර කුමාර,ඉදුරුව ෂෂී ප්‍රභාත්,චාමර,කඩුවෙල SF ජගත් ,තුඩාවේ රුවන් පියරත්න නොහොත් මෝල් පියා වැනි දරුණු ඝණයේ වෙඩික්කරුවන්ගෙන් සමන්විත කණ්ඩායම මෙහෙය වූයේ සමන්ගේ මල්ලි සුමිත් විසින්ය. නදුන්ට සමන්ට ළගා වීමට අපහසු කාර්‍යක් විය.සුමිත් ඇතුලු කණ්ඩායම විසින් 2004 දෙසැම්බර් 22 දින නදුන්ගේ මස්සිනා වූ 21 හැවිරිදි ටොරී ධනුෂ්ක තාබ්‍රේව් ඝාතනය කර ඇත්තේ කොස්ගොඩ මහපැලෑන ප්‍රදේශයේ ක්‍රීඩා පුහුණුව අවසන් වී ගෙදර පැ⁣මිණෙන අවස්ථාවේදී ය. කොස්ගොඩ පොඩි සුජී පාතාලයට අත්පොත් තබන්නේද මේ වකවානුවේ ටොරි ඝාතනයේ වාඩුව ගැනීම සදහාය.එ වන විට ටොරි ධනුෂ්ක යනු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකි.ටොරී ඝාතනය සඳහා සමන් පෙරේරා,සුමිත් පෙරේරා,ශෂි ප්‍රභාත්,ආමි මල්ලී,කැකුණදුර කුමාරට චෝදනා එල්ල විය.නදුන්ගේ මස්සිනා මැරු පලිය නදුන් ගත්තේ සමන්ගේ මස්සිනා වූ සුමිත් ද සිල්වා කොස්ගොඩ ප්‍රදේශයේ දීම ඝාතනය කලේ 2005.වර්ෂයේය.මේ වකවානුවේ ඉඳුරුව කොස්ගොඩ අහුංගල්ල බලපිටිය යුධ පිටියක් වැනිය.නැවත සමන්ගේ කණ්ඩායම විසින් 2006 පෙබරවාරි 17 වැනිදා නදුන්ගේ මාමන්ඩිය වු ස්ටැන්ලි තාබ්‍රේව් ඝාතනය කලේය.ස්ටැන්ලි තාබ්‍රේව් යනු කොස්ගොඩ හිටපු ප්‍රාදේශිය සභාපති වරයෙකි.එම නිසාම නදුන්ට දේශපාලන ශක්තිය හා පොලිස් සහයෝගය නොඅඩුව ලැබී ඇති බව පැවසේ.එවකට වත්තල ප්‍රදේශයේ අවන්හලක සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයක් ද සමන්ගේ කල්ලිය විසින් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබුනි.මේ අතරතුර මේ ආරවුල සඳහා මුල් වූ රෝහිත යන අයවද ඝාතනය කර අවසන් කිරීමට සුමිත් අමතක නොකලේය.බෙන්තර පකඩයා යන පුද්ගලයා ඝාතනය කලේ සමන්ගේ ගෝල මෝල් පියා සහ ඌරගහ රසික විසිනි.කොස්ගොඩ නදුන් විසින් තම මස්සිනා මැරු පලීය ගැනීමට තරුණ ජීවිත රැසක් බිලිගත් අතර රෝයල් බීච් සමන් සහ සුමිත් ද ඝාතන රැල්ලක්ම සිදු කරේය.සමන්ගේ ඝාතන රැල්ල නවතිනුයේ නදුන්ට හිතවත්ව හිටපු නියෝජ්‍ය පොලිස් පතිවරයෙක් නදුන්ගේ කීමට සමන්ගේ සොහොයුරා වන සුමිත් සහ ආමි මල්ලි යන දෙදෙනාව ඝාතනය කිරීම රහසක් නොවේය.මේ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ හොඳම මිතුරා වූයේ කොස්ගොඩ නදුන්ය.නදුන්ගේ පාතාල ක්‍රියාකාරකම් නතර වූයේ අම්බලන්ගොඩ රත්තරන් වෙළදසැලක් මංකොල්ල කෑමට යෑමේදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඉතාලි රටට පැන ගැනීමත් සමගය.සමන්ගේ සෑම ක්‍රියා දාමයක් සඳහා රත්ගම විදුරගේ සහයද නොඅඩුව ලැබී ඇති බව පැවසේ.තම සොහොයුරාගේ මරණයෙන් පසු සමන් හුදකලා වීමට උත්සහ කලත් නදුන්ගේ ගෝලයෙකු වූ කොස්ගොඩ සුජී නදුන්ගේ කල්ලියට නායකත්වය දෙමින් සමන්ගේ හෝටලය අසල දී සමන්ගේ මිතුරා වූ විදේශිකයා පැමිණි වාහනයට වෙඩි පිට වෙඩි තැබූවද සමන්ගේ ජීවිතය බේරිමෙන් පසුය. කිරීමට උත්සහ කිරීමත් සමග තමා ළග සිටි සියලු ආධාර කරුවන් තම මිතුරු රත්ගම විදුරට ලබා දී ඇති බවට පැවසේ.එ අතර කොස්ගොඩ තාරක,ඌරගහ ඉන්දික,ඉඳුරුව,ෂෂී ප්‍රභාත්,චාමර,sf ජගත් ,අහුංගල්ල මධුෂාන් ආබෘ මුල් තැනක් ගනී. මෑත කාලයේදි 2022 වර්ෂයේ රත්ගම විදුර විසින් තංගල්ල ප්‍රදේශයේ ස්කීපර් වරයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට සමන්ව අත් අඩංගුවට පත් වී ඇත.එ සදහා වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇත්තේ ද සමන්ගේ ගෝලයෙකු වන SF ජගත්ය.සමන්ගේ මිනිස් ඝාතන සඳහා අංක NS.74656,62515,85632 යටතේ නඩු කිහිපයක් තිබු අතර දැනට තංගල්ල ස්කීපර් ඝාතනයටද චෝදනා එල්ලව ඇත.මොහු විසින් මෙහෙයවපු අපරාධ පිළිබඳව පොතක් වුවත් ලිව හැක.එත් පුදුමයක් වන්නේ මෑත කාලයේ කොස්ගොඩ තාරක,ඌරගහ ඉන්දික විසින් සිදු කරන සෑම අපරාධයක්ම සමන්ගේ ඇගේ නොගෑවි කරවිමය.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    "ගාලු පාතාලයේ මහ මොළකරු"

    lol kawda mewa liyanne ungenum salli dilada liyawanne,
    2.50 typical media kalakanni salli walata eka eka ponnayonwa uda thiyana
     
    • Haha
    Reactions: meeka

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඡ‍ේද වෙන්කරන්න Enter එකක් වත් ගහපන්කෝ මචං... :D
    TFS BRO !!!
     
    • Haha
    Reactions: DadayamBatta

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    අම්මට සිරි, නානසාරයි රතනයි අල්ලගෙන තියෙන්නෙ එසේ මෙසේ අතු නෙමෙයි එහෙනම්
    😂 නානසාර ගෑවෙනවා කියන්නේ ඉතින් ගෝටා ගෑවෙනවා
     
    • Haha
    Reactions: ML1987

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,783
    1
    15,528
    113
    ගාලු පාතාලයේ මහ මොළකරු ලෙස හදුන්වනු ලබන කවුද මේ පාතාලයේ කිරුලු 👑 නොපළදින රෝයල් බීච් සමන් ???

    වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා නෙහොත් රෝයල් බීච් සමන් යනු 1998,1999 වර්ෂයේ කොස්ගොඩ ඉදුරුව ⁣වෙරළේ හිටපු (beach boy)සංචාරක මග පෙන්වන්නෙකි. මේ අතරතුර සමන් හට ආරාබි ජාතික විදේශිකයෙකු මිතුරු වී ඇත.එම මිතුදම නිසාම එම විදේශිකයා විසින් ඉඳුරුව මුහුදු වෙරළ අයින ප්‍රදේශයේන් ඉඩමක් ගෙන හෝටලයක් ඉදිකරවා ගැනීමට සමන් හට මිල මුදල් දී ඇත.එම සාදන ලද සංදාරක හෝටලය රෝයල් බීච් නමින් නම් කරන ලදි. එයින් පසු සමන් හට රෝයල් බීච් සමන් යනුවෙන් නම්පට බැඳුනි. සමන්ට එක් සහෝදරයෙකු සිටියාය නමින් ඔහු වැලිසරගේ සුමිත් පෙරේරා ය.සංචාරක හොටලය කලක් යහමින් කරගෙන ගියේය.මේ අතරතුර දී සමන් සහ ඔහුගේ සහෝදරයා වන සුමිත් ඉදුරුව ප්‍රදේශයේම කෝලිත සහ රෝහණ යන බීච් බොයිලා දෙන්නෙක් සමග ආරවුලක් ඇති කර ගත්තේය.මේ ආරවුල හේතුවෙන් ඉදුරුව වෙරලේදී රෝහිතව සහ කෝලිතව වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දරා ඇත.එ සම්බන්ධව සමන් සහ සුමිත් පොලිස් අත් අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව ඇත.එම බන්ධනාගාර ගතව සිටිය දී සමන් සහ සුමිත්ට රත්ගම විදුරව මුණ ගැසුණී.⁣සමන් සහ විදුරගේ මිතුදම පටන් ගන්නේ එතනින් පසුය.සමන් සහ සුමිත් ඇප ලබා එලියට පැමියාය. එ වන විට මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් එවකට ගාල්ලේ පාතාල රජුලෙස කිරුල පැළඳ සිටි දේව නදුන් ධර්මවික්‍රම නොහොත් කොස්ගොඩ නදුන්ට කන වැටී කෝපයෙන් සිට ඇත්තේ නදුන්ගේ බලප්‍රදේශයේ වෙනත් කිසිදු පාර්ශවයකින් වෙඩි පත්තු වූ නිසාය.රෝයල් බීච් සමන් සහ සුමිත් නදුන්ගේ අණට කීකරුද බලන්න නදුන්ට උවමනා වුනි. කොස්ගොඩ නදුන් එ සඳහා යොදාගත් උපක්‍රමය වූයේ ලක්ෂ 50 ක් කප්පම් මුදල් ලෙස ඉල්ලීමයි.කප්පම් මුදල ඉල්ලු පසු සමන්ගෙන් කොස්ගොඩ නදුන්ට ලැබනේ හිතාගන්නවත් බැරි උත්තරයකි උඹලට දෙන්න අපි සල්ලි හම්බකරලා නැහැ පුලුවන්නම් අරන් පෙන්නපං යනුවෙන් සමන් නදුන්ගෙන් ගේම ඉල්ලුවේය.නදුන්ට මේ වචනය උහුලන්නට බැරි විය නදුන් ලැජ්ජාවෙන් සහ තරහයින් පිපෙරෙන්නට වූයේ මින් පෙර කිසිදු ව්‍යාපාරකයෙකුගෙන් නදුන්ට මෙවැනි පිළිතුරක් ලැබී නොමැති හෙයිනි.නදුන් ක්ෂණිකව ක්‍රියාත්මක විය නදුන්ගේ ගෝලයින් T.56 ගිණි අවියක් සහ පිස්තෝලයක් අතැතිව පිටත් කර රෝයල් බීච් හොටලයය පුරා බිත්ති හිල් වෙනකන් වෙඩි තැබීය.එයිනුත් සමන් සහ සුමිත් යන අයියා මලෝ දෙපල බය කරවා ගැනීමට නදුන් අපොහොසත් විය. නදුන්ට පිළිතුරු දිය යුත්තේ පාතාලයේ භාෂාවෙන්ම යැයි සමන්ට තේරුම් ගියේය නදුන්ට විරුද්ධ පාතාල කණ්ඩායමක් සැදීමට සමන් ක්‍රියා කලේය. එවකට නදුන්ගේ ප්‍රධානම ගෝලයින් දෙදෙනෙක් වන වත්තල ආමි මල්ලී සහ හික්කඩුව මනෝජ් මැන්ඩිස් නදුන්ගේ කන්ඩාමෙන් වෙන්ව ගොස් තිබුනේ අහුංගල්ල රන්මැණිකා හෝටල් අධිපති ජීවක ඝාතනය සඳහා පොරොන්දු වූ මුදල් නොගෙවීමක් පදනම් කරගෙන ඇති වූ ආරවුලක් නිසාය.ආමි මල්ලී යනු නදුන් ළඟ ඉඳපු සුපිරිම ඝණයේ වෙඩික්කරුවෙකි.නදුන්ගෙන් වෙන වී ආමි මල්ලි සහ මනෝජ් මැන්ඩිස් සමන්ගේ කණ්ඩායමට එකතු වීමත් සමග සමන් ශක්තිමත් විය.එතැනින් නැවතුනේ නැත සමන් කණ්ඩායම මෙහෙය වීම සඳහා බාර දී තිබුනේ ඔහුගේ මල්ලී වන සුමිත් හටය. මේ අතර වත්තල ආමි මල්ලී,හික්කඩුව මනෝජ් මැන්ඩිස්,කොස්ගොඩ කුකුලු නිහාල්,මාතර බත් කඩේ ජානක,බලපිටියේ විජිත් ශාන්ත,දමයන්ත,ගංගා'බොක්කා ඇතුලු බලපිටිය කන්ඩායම කැකුණදුර කුමාර,ඉදුරුව ෂෂී ප්‍රභාත්,චාමර,කඩුවෙල SF ජගත් ,තුඩාවේ රුවන් පියරත්න නොහොත් මෝල් පියා වැනි දරුණු ඝණයේ වෙඩික්කරුවන්ගෙන් සමන්විත කණ්ඩායම මෙහෙය වූයේ සමන්ගේ මල්ලි සුමිත් විසින්ය. නදුන්ට සමන්ට ළගා වීමට අපහසු කාර්‍යක් විය.සුමිත් ඇතුලු කණ්ඩායම විසින් 2004 දෙසැම්බර් 22 දින නදුන්ගේ මස්සිනා වූ 21 හැවිරිදි ටොරී ධනුෂ්ක තාබ්‍රේව් ඝාතනය කර ඇත්තේ කොස්ගොඩ මහපැලෑන ප්‍රදේශයේ ක්‍රීඩා පුහුණුව අවසන් වී ගෙදර පැ⁣මිණෙන අවස්ථාවේදී ය. කොස්ගොඩ පොඩි සුජී පාතාලයට අත්පොත් තබන්නේද මේ වකවානුවේ ටොරි ඝාතනයේ වාඩුව ගැනීම සදහාය.එ වන විට ටොරි ධනුෂ්ක යනු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකි.ටොරී ඝාතනය සඳහා සමන් පෙරේරා,සුමිත් පෙරේරා,ශෂි ප්‍රභාත්,ආමි මල්ලී,කැකුණදුර කුමාරට චෝදනා එල්ල විය.නදුන්ගේ මස්සිනා මැරු පලිය නදුන් ගත්තේ සමන්ගේ මස්සිනා වූ සුමිත් ද සිල්වා කොස්ගොඩ ප්‍රදේශයේ දීම ඝාතනය කලේ 2005.වර්ෂයේය.මේ වකවානුවේ ඉඳුරුව කොස්ගොඩ අහුංගල්ල බලපිටිය යුධ පිටියක් වැනිය.නැවත සමන්ගේ කණ්ඩායම විසින් 2006 පෙබරවාරි 17 වැනිදා නදුන්ගේ මාමන්ඩිය වු ස්ටැන්ලි තාබ්‍රේව් ඝාතනය කලේය.ස්ටැන්ලි තාබ්‍රේව් යනු කොස්ගොඩ හිටපු ප්‍රාදේශිය සභාපති වරයෙකි.එම නිසාම නදුන්ට දේශපාලන ශක්තිය හා පොලිස් සහයෝගය නොඅඩුව ලැබී ඇති බව පැවසේ.එවකට වත්තල ප්‍රදේශයේ අවන්හලක සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයක් ද සමන්ගේ කල්ලිය විසින් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබුනි.මේ අතරතුර මේ ආරවුල සඳහා මුල් වූ රෝහිත යන අයවද ඝාතනය කර අවසන් කිරීමට සුමිත් අමතක නොකලේය.බෙන්තර පකඩයා යන පුද්ගලයා ඝාතනය කලේ සමන්ගේ ගෝල මෝල් පියා සහ ඌරගහ රසික විසිනි.කොස්ගොඩ නදුන් විසින් තම මස්සිනා මැරු පලීය ගැනීමට තරුණ ජීවිත රැසක් බිලිගත් අතර රෝයල් බීච් සමන් සහ සුමිත් ද ඝාතන රැල්ලක්ම සිදු කරේය.සමන්ගේ ඝාතන රැල්ල නවතිනුයේ නදුන්ට හිතවත්ව හිටපු නියෝජ්‍ය පොලිස් පතිවරයෙක් නදුන්ගේ කීමට සමන්ගේ සොහොයුරා වන සුමිත් සහ ආමි මල්ලි යන දෙදෙනාව ඝාතනය කිරීම රහසක් නොවේය.මේ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ හොඳම මිතුරා වූයේ කොස්ගොඩ නදුන්ය.නදුන්ගේ පාතාල ක්‍රියාකාරකම් නතර වූයේ අම්බලන්ගොඩ රත්තරන් වෙළදසැලක් මංකොල්ල කෑමට යෑමේදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඉතාලි රටට පැන ගැනීමත් සමගය.සමන්ගේ සෑම ක්‍රියා දාමයක් සඳහා රත්ගම විදුරගේ සහයද නොඅඩුව ලැබී ඇති බව පැවසේ.තම සොහොයුරාගේ මරණයෙන් පසු සමන් හුදකලා වීමට උත්සහ කලත් නදුන්ගේ ගෝලයෙකු වූ කොස්ගොඩ සුජී නදුන්ගේ කල්ලියට නායකත්වය දෙමින් සමන්ගේ හෝටලය අසල දී සමන්ගේ මිතුරා වූ විදේශිකයා පැමිණි වාහනයට වෙඩි පිට වෙඩි තැබූවද සමන්ගේ ජීවිතය බේරිමෙන් පසුය. කිරීමට උත්සහ කිරීමත් සමග තමා ළග සිටි සියලු ආධාර කරුවන් තම මිතුරු රත්ගම විදුරට ලබා දී ඇති බවට පැවසේ.එ අතර කොස්ගොඩ තාරක,ඌරගහ ඉන්දික,ඉඳුරුව,ෂෂී ප්‍රභාත්,චාමර,sf ජගත් ,අහුංගල්ල මධුෂාන් ආබෘ මුල් තැනක් ගනී. මෑත කාලයේදි 2022 වර්ෂයේ රත්ගම විදුර විසින් තංගල්ල ප්‍රදේශයේ ස්කීපර් වරයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට සමන්ව අත් අඩංගුවට පත් වී ඇත.එ සදහා වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇත්තේ ද සමන්ගේ ගෝලයෙකු වන SF ජගත්ය.සමන්ගේ මිනිස් ඝාතන සඳහා අංක NS.74656,62515,85632 යටතේ නඩු කිහිපයක් තිබු අතර දැනට තංගල්ල ස්කීපර් ඝාතනයටද චෝදනා එල්ලව ඇත.මොහු විසින් මෙහෙයවපු අපරාධ පිළිබඳව පොතක් වුවත් ලිව හැක.එත් පුදුමයක් වන්නේ මෑත කාලයේ කොස්ගොඩ තාරක,ඌරගහ ඉන්දික විසින් සිදු කරන සෑම අපරාධයක්ම සමන්ගේ ඇගේ නොගෑවි කරවිමය.
    පරිච්ඡේද බෙදපන් හුත්තො