කවුරැ-කිව්වත්-කතාව-ඇත්තක්

cat123

Well-known member
  • Sep 25, 2007
    2,704
    4,447
    113
    කවුරැ-කිව්වත්-කතාව-ඇත්තක්

    ඔබට ලැබෙන වැටුපෙන් පිටරටවල සන්චාරය කරමින් සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබත් කැමතිද??
    ඔබට සිතෙන්නේ මේ සොච්චම් පඩියෙන් ලෙවකන අපි ඕව කරන්නේ කොහොමද කියල නේද??
    නමුත් ඔබ දන්නවාද ඔය අපේ රටේ සන්චාරයට එන "සුද්දන්"ඔවුන්ගේ රටේදී කරනුයේ ඔබ වැනිම සුලු රකියා බව..ඇත්තම කියනවනම් ඔබ ඔවුන්ටත් වඩා වැඩි වැඩ ප්‍රමානයක් කරන බව..

    එසේනම් අපට එවැනි සැපවත් ජීවිතයක් උදා වී නැත්තේ ඇයි..

    1.ශ්‍රීලාංකික මිනිසුන් තමන් හම්බ කරන මුදලින් වැඩි ප්‍රමානයක් වියදම් කරන්නේ තම අබිමානය පවත්වාගැනීම සදහාය(උදා. ලොකු නිවසක් සෑදීම,ලොකු වෙඩින් එකක්,ලොකු වාහනයක්)ඉන් පසු එම ණය ගෙවා දැමීමට විවේකයක් නොමැතිව වෙහෙසෙයි(සුද්දන් හම්බ කරන පඩියම ජීවිතය විදීම සදහා යොදවයි)

    2.අප සුද්දන්ට වඩා වැඩ කලත් අපේ පඩිය සොච්චම් වී අත්තේ ඇයි..
    එයට හේතු වී ඇත්තේ අප මෙතෙක් කල් පත් කරගත් මහ පක්ශ දේකේ පාලකයන් අදක්ශයන් පිරිසක් නිසා නේද?සුද්දන් ඔවුන්ගේ රටවල් වලට දක්ශ පාලකයන් පිරිසක් පත් කරගත් බැවින් ඔවුන් කරන සුලු රැකියාවකට පවා හොද වැටුපක් ලබා දිය හැකි ආර්තිකයක් ඔවුන් තම ජනතාවට සාදා දී ඇත.

    3.අනාගත සුරක්ශිතතාවය පිලිබද ඇති සැකය.
    අපේ දරුවන්ට හොද අද්‍යාපනයක් ලබාදිය හැකි වේද,එය ලැබුනත් හොද රැකියාවක් ලැබේද,අප වයසට ගිය පසු ජීවත් වීමට මුදල් ඇතිවෙයිද, යන අනාරක්ශිත හැගීම නිසා අප පුලුවන් තරම් මුදල් ඉතිරි කිරීමට බලයි..එබැවින් විනොදාස්වාද(සන්චාරය )සදහා වියදම් කල නොහැක ..මෙය සුද්දන්ගේ රට වල පාලකයන් ඉතා විශ්වාසනීය ලෙස තම ජනතාවට ලබා දි ඇති නිසා ඔවුන්ගේ පඩිය බිය නැතිව සන්චාරය සදහා වියදම් කල හැක.
    අප මෙතෙක් පත් කරගත් ඔබ ,මම ආදරය කරන අපේ පක්ශ අපට දී ඇති දායාදය මෙයයි..

    නමුත් මතක තබා ගන්න ඔවුන් සුද්දන් සේ කා,බී සන්චාරය කරමින් ඔබ ,මම අන්දවන බව.....
     
    Last edited: