කවුරුවත් ගණං ගන්නෙ නැත්තං?

PsychoYoda

Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මනුස්සයෙක් උනා ම රටේ සිද්ද වෙන හැම දෙයක් ගැන ම වගේ දැනුවත් වෙලා ඒවා ගැන පුද්ගලික මතයක් හදාගෙන තියාගන්න ඕන ද?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Handiye wali goda daala tipper aragatta ranji aiyyata ohoma mathayak tiyenawada? Bulath tika wikunala kalayak tisse salli hoyala kada kaamara hadala rent karapu mahatun maamata ohoma ekak tiyenawada ? NA. Et unwa oni ekek ganan gannawa. Salli tikak hoyaganin me rate ganan ganna oni nam. Salli tiyena un kiyana oni dekata me rate minissu oluwa wanala piligannawa.(unta wada aduwen salli tiyana un) un joke ekak dammoth hina yanne nathi unath ekata hina wenawa wate inna minissu. Therun ganin salli thamai oni wenne.
    (ugath kama wenama topic ekak)
     
    • Like
    Reactions: PsychoYoda

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    Handiye wali goda daala tipper aragatta ranji aiyyata ohoma mathayak tiyenawada? Bulath tika wikunala kalayak tisse salli hoyala kada kaamara hadala rent karapu mahatun maamata ohoma ekak tiyenawada ? NA. Et unwa oni ekek ganan gannawa. Salli tikak hoyaganin me rate ganan ganna oni nam. Salli tiyena un kiyana oni dekata me rate minissu oluwa wanala piligannawa.(unta wada aduwen salli tiyana un) un joke ekak dammoth hina yanne nathi unath ekata hina wenawa wate inna minissu. Therun ganin salli thamai oni wenne.
    (ugath kama wenama topic ekak)
    සැබෑ ජීවිතේ කවුරුවත් වැඩිය ගණන් ගන්නෙ නැති සමහර උන් සමාජ මාධ්‍යවල මහ විසාල චරිත විදියට පෙනී ඉන්නව.

    මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න කම්මැලි නිසා ද මන්ද.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    සමාජයෙ කියන්නෙ එක එක කොට්ඨාස රාශියක සංයෝජනයක් උඹේ විදිය නෙමෙයි හැමෝ ම. Introvert extrovert සහ ඒ අතර ඉන්න වර්ණාවලියෙ මිනිස්සු ඉන්නවා. උඹ උඹේ විදියට ඉදන් අනිත් උන්ට ඇගිල්ල දික් කරන්න එපා. සෝෂල් මීඩියා වල හෑලි ලියල පොර වෙන්න ආස උං ඉන්නව. තමන්ගෙ වෝල් එක හෙන ම ප්‍රොෆෙෂනල් විදියට තියන් පොරක් කියල පෙන්නන්න ආස උන් ඉන්නවා. කුණුහරප ෂෙයා කරා ම ඩබල් මිනින් ෂෙයා කරා ම පොර කියල හිතන උන් ඉන්නව. තමන්ගෙ පංපෝරිය ලෝකෙ ම මිනිස්සු දකිනවාට ආස උන් ඉන්නව එහෙම උන් තමයි හැම එකාට ම රික්වෙස්ට් යවල යවල 5000ටක් විතර හදාගන්නෙ. තව බණ පදයි වපුරගෙන හෙන බෞද්ධ පොරකූ කියල පෙන්නගෙන පොර වල් වෙන්න ආස උන් ඉන්නවා.
    ඕකුන් කොහොම හිටියත් ඕව ජීවිතෙට අදාල ම නෑ කියල හිතන් ඇත්ත ලෝකෙ විතරක් ජීවත් වෙන සයිබර් ලෝකවල නැත් උනුත් ඉන්නව
    අනිත් උන්ගෙ විදි ගැන කල්පනා කරනවා කරන්න මෙලෝ දෙයක් නැති උන්. තමන්ගෙ වැඩක් එක්ක බිසී වෙයන් තැනකට එන්න ඕන නම්. අනුන්ගෙ රෙදි අස්සෙ ඔළුව දාගෙන වැරදි හෙව්ව කියල වැඩක් නෑනෙ ඕයි

    සැබෑ ජීවිතේ කවුරුවත් වැඩිය ගණන් ගන්නෙ නැති සමහර උන් සමාජ මාධ්‍යවල මහ විසාල චරිත විදියට පෙනී ඉන්නව.

    මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න කම්මැලි නිසා ද මන්ද.
     

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    උඹ උඹේ විදියට ඉදන් අනිත් උන්ට ඇගිල්ල දික් කරන්න එපා
    උඹත් මේ කරන්නෙ අනිත් උන්ට ඇඟිල්ල දික් කරන එක නෙමේ ද? 😄😄

    jk

    වෙන්න ඕන කොහොම හරි ඊගෝ එකට කන්න බොන්න දීලා හොඳට බලාගන්න එකනේ 🤔
    ------ Post added on Aug 3, 2021 at 9:21 PM
     
    • Haha
    Reactions: timetraveler1921

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    සැබෑ ජීවිතේ කවුරුවත් වැඩිය ගණන් ගන්නෙ නැති සමහර උන් සමාජ මාධ්‍යවල මහ විසාල චරිත විදියට පෙනී ඉන්නව.

    මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න කම්මැලි නිසා ද මන්ද.
    සැබෑ ජීවිතෙ ගණන් ගන්නෙ නැති උන් කිව්වහම උගත් නූගත් දෙකොට්ඨාශයම වගෙම ක්ලාස් එකක් ඇති නැති සෙරොම අදාලයි .

    මන් දැකල තියෙනවා සමහර උගත්තු උනත් තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න පත්තරෙන් ,ටී වී එකෙන් චාන්ස් ලැබෙන්නෙ නැහැ .
    ඉතිං එහෙම අයට දැන් හරිම ලේසි සමාජ මාධ්‍ය හරහා මතය කියන්න .
    ඒ වගෙම ඒ කාලෙ ක්ලාස් එකක් තිබ්බ ලොකු මිනිස්සු ආශ්‍රය කරපු සමාජෙ ඉහලින් වැජඹුනු ඇතැම් චරිත කාලයාගෙ ඇවෑමෙන් ඇත්ත සමාජෙන් කොන් වෙලා ටික ටික.
    ඉතිං ඒ මිනිස්සු මොකද කරන්නෙ තම්න්ගෙ අතීතෙ පොරකම් ලොකු කම් සෙරොම පරණ ෆොටොස් එහෙම අප් ලෝඩ් කර කර
    තත්වෙ පෙන්වන්න හදනවා.
    සමහරුන්ගෙ සීයලා මුදලිලා ආරච්චිලා ,
    සමහරුන්ගෙ තාත්තලා ජේ ආර් ලා මැතිණිලා එක්ක එකට ඉඳගෙන බත් කාපු අය වගෙ දෙවල් එහෙම තියෙනවා .

    මමත් ඉස්කොලෙ යනකාලෙ එක එක තැන් වලට එක එක අවස්ථා වලට විවිධ ආකාරයෙන් හැසිරුණු කෙනෙක්.

    ඉස්කොලෙදි මන් ආතල් දෙන බුවෙක් එළ කොල්ලෙක්
    මන් ගිය ටියුශන් ක්ලාස් වල මන් හෙන අනංගයා
    වසන ප්‍රදෙශයෙ මන් පට්ට අහිංසකයා
    නෑයන් අතර මන් හෙන දඩබ්බරයා සහ හොඳ එකා .

    ඒත් මගෙ ඇත්ත චරිතෙ දන්නෙ මම .
    මටත් තිබුනා දෙශපාලන මතයක් සමාජීය මතයක්
    විද්‍යාව තාක්ෂණය ගැන වෙනම කියවීමක්.
    එත් මෙ එක මතයක් වත් මන් ඉහත කිව්ව සමාජ කව තුල මට ප්‍රකාශ කරගන්න අසමත් කමක් තිබ්බා .

    එත් මට සොශල් මීඩියාස් හරහා මන් කවුද කියන එක පෙන්වන්න අවස්ථාවක් හම්බ උනා .
    විෂේශයෙන්ම එළකිරිය වගෙ තැන වල ,
    ෆේස්බුක් එක වගෙ තැන් වල.
    හිතන තරම් ලේසි උනෙත් නැහැ වැඩෙ.
    මතයට එරහිඅ පට්ට විරොධතා ආවා ඔය කිව්ව තැන් වලත්.
    ඒත් ඒක විඳදරාගත්තා .
    සමහරක් මගෙ මතයන් වලට එකල එරහි වෙච්ච උන් දැන් ඒ මතය එක්ක එකඟවෙලා .

    ඉතිං මගෙ ෆේස්බුක් එකෙ හිටිය සමහර මිත්‍රයො මාව අගයන්න ගත්තා
    ඇතමුන් ඉරිසියාවට ගරහන්න ගත්තා .

    හැබැයි මෙ එකෙක්වත් ඉස්කොලෙ කාලෙ මාව ඇගයීමකටවත් ගැරහීමකටවත් ලක් කල අය නෙමෙ.
    මොකද මන් ඒ කාලෙ රඟපාපු චරිතය මගෙ මතය නොවන නිසා .

    මන් දන්න සමහරක් පිස්සු කෙලිය කාඩ ටයිම් මිත්‍රයො මෙන්න ෆේස්බුක් එකෙ පට්ට කවි නිසදැස් ලියන්නෙ.
    ඒ කාලෙ උන් හිටිය විදිය දැක්ක නම් හිතෙන්නෙත් නැහැ ඒ වගෙ හැකියාවන් අදහස් තියෙන උන්දත් කියලා.
    ඉතිං තමන් සඟවාගත්ත විවිධ ගුණංග හොඳ පැතිත් සොශල් මීඩියාස් වලින් එලියට එනවා .
    නරක විතරක්ම නෙමෙ.

    ඉතිං ඔව්ව ඔහොම තමා
    ලොකෙ වෙනස් වෙනවා .
    අපිත් ඒ විදියට යමු .
     
    • Like
    Reactions: PsychoYoda

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    තමන් ඉන්න සමාජ ථලය අනුව තමයි ඉන්න ඕනේ විදිහ තීරණය වෙන්නේ. ඒ වගේම මෝඩයින් රැලක් අතර හැමදේම දන්න කෙනෙක් උනයි කියලත් එච්චර වැඩක් නෑ මොකද ඔවුන් ඉන්නේ සිහින ලෝකවල නිසා. තමන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් විදිහට ඉන්න එක තමයි සුදුසුම.
     
    • Like
    Reactions: PsychoYoda