ගොඩාක් සංවේදී කථාවස්තුවක් තාත්විකව හා සාර්ථකව නිර්මාණයට නගා ඇත.
අපේ ගමේ මහළු නිවාසයක් තියෙනවා (වාසනාවට නවාතැන් ගෙන සිටි සීයලා හැමෝම වගේ ඈත පලාත්වලින් ආපු අය විය, මෑතකදි තත්වය කෙසේද දන්නේ නැහැ) මෙ නිර්මාණයෙන් කියාපාන්නේ එතැන ගැන නොවේද සිතුනි.
ඒ සීයලා සමඟ කතාකරපු හැම විටම හිතුනේ ඔවුන් සාරය අරගෙන ඉවතලූ උක්දඬු වගේ නේද කියන එක, වෙනසකට තිබුනේ සැරිසරන නාඩි වැඩකරන ප්රාණීන් වීමයි. නාමමාත්රව මහළු නිවස නඩත්තු කලේ ලොකු නමක් තියෙන අගනගරයේ සංවිධානයක්, ඒත් සීයලාගෙ දවස පිරිමැහුනේ පලාත්වාසීන්ගේ දානමාන වලින් පරිත්යාගවලින්. පසුගිය දිනෙක පලවූ නිර්මාණයක් (මා මල පසු) කියවූ විට මගේ මතකයට ආවේත් ඒ මහළු නිවස ගැන. ඔවුන් අවසන් හුස්ම හෙලුවාට පසුව කවදාවත් ඒ වියපත් අය බලන්න ආපු නැති අය රංචු පිටින් යාන වාහන වලින් ඇවිත් සොහොන් දැකලා කරලා යන්නේ පලාතම හිනස්සලා - දොස් කියන්නේ පමාවී ලැබුන විදුලි පණිවිඩයට!
තවද, ඒ සීයලා අතර සිටියා තමන් දරුවනට බරක් වෙන්න නරකයි කියා ස්වෙව්ඡාවෙන් නවාතැනට ආපු අයත්. එවන් අය ලෙඩවුනාම පවුල් වල අය ඇවිත් බලලා කරලා යනවා, පමනක් අය මල සිරුරද අරන් ගිහින් අවසන් කටයුතු කරා.
අපි නිතරම ලියනවා අද සමාජය පිරිහිලා කියලා, මගේ සටහන දැනට අවුරුදු විස්සකට උඩදී ලද අත්දැකීම් පසුබිම් කරගෙන, එහෙව් එකේ අද මොනතරම් වෙනස් ඇද්ද?