කවුරු විරුද්ධ වුණත් නවත්වන්නේ නෑ
ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගනිමින් එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලෙස තම අමාත්‍යාංශය ගොවීන්ට දී තිබූ නියෝගය එලෙසින්ම ක්‍රියාත්මක කරන බව සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පරිසර හිතකාමී මෙම තීරණය දිනයකින් දෙකකින් නොව වසර කිහිපයක් තිස්සේ තොරතුරු රැස් කිරීමේන් පසු ගත් තීරණයක් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. ප්ලාස්ටික් ඇසුරුම් ලබා ගැනීම සහ ඊට අදාළ සියලු ක්‍රියා සම්බන්ධයෙන් ගොවීන්ට සහන රැසක් ලබා දී ඇති බවත් තමන් ගොවීන් වෙනුවෙන් යහපත් තීරණයක් ගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ප්ලාස්ටික් ඇසුරුම් වලට විරුද්ධව නැගීී සිටිමින් මෙය නවතාලන්නට උත්සාහ ගන්නේ දේශපාලන වාසි සඳහා යොමු වී ඇති පිිරිසක් බවත් එවැනි කඩාකප්පල්කාරී පුද්ගලයන්ට නොබියව මුහුණදීමට රජය සූදානම් බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා අවධාරණය කරයි. එළවළු පලතුරු නාස්තිවීම වළක්වාලීම සඳහා පාරිභෝගික අධිකාරිය මෙම තීරණය ගත් බවත් රජය සෑමවිටම ගොවියා රැක ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.