අපේ මල්ලි වැටුනා පොඩි කාලෙ, ටොයිලට් එකට කපල තිබ්බ වලකට අඩි 10 විතර ගැඹුර. වැස්සක් ඇවිල්ල වතුර පිරිලා තිබුනෙ මිනිහා අයිනෙ ඉඳලා ලිස්සල ගිහින් වැටුනා වතුර මට්ටම අඩි දෙකක් විතර පහල තිබුනෙ වලේ දෙපැත්තට අඩි තියලා පල්ලෙහාට බැස්සා අල්ලන්න පුලුවන් මට්ටමට ටික වෙලාවක් ගියා උඩ එන්න හිමීට උඩට එනකොට පේනවා කොන්ඩෙන් ඇල්ලුව ඇල්ලුවා අහුවුනේ නෑ කොන්ඩෙ කොටට කපල හිටිය නිසා ආයෙ යට ගියා එතකොටම කවුරුහරි කිව්වා ඉනේ නුලක් තියනව ඒකෙන් අල්ලගන්න කියලා ටික වෙලාවකින් ආයෙ උඩ ආවා කිව්ව විදිහට ඉනේ බැඳලා තිබුනු නූලෙන් අල්ලලා අමාරුවෙන් උඩට ගත්තා. මට වයස 13 දි කේස් එක වුනේ අපි ලමයි ටිකක් විතරයි එතන හිටියෙ ඒ වෙලාවෙ. අදටත් ඇඟ හිරිවැටෙනව ඕක මතක් වුනාම. ඔය තුන්පාරක් උඩ එන කතාව අහල තිබුනු නිසා බලාපොරොත්තු සහගතව හිටියා උඩ එනකම්. ගෙදරින් ගුටිකෑවා උදව් ඉල්ලලා කෑගැහුවෙ නෑ කියල කවුරුවත්.