කස්ටමර්_කෙයා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කස්ටමර් කෙයා





කස්ටමර් කෙයා හෙවත් පාරිභෝගික සේවය යනු තම පාරිභෝගිකයන් ගේ අවශ්‍යතා පරිදි ඔවුන් ගේ උවමනා ප්‍රශස්ථ ලෙස ඉටු කර දීමයි. කස්ටමර් කෙයා පිලිබඳව යම් අදහසක් මා ලබා ගන්නේ සය හැවිරිදි වියේදීය​. ඒ කාලයේ තිබුනේ සමගි පෙරමුණු රජයයි. පාරිභෝගික භාණ්ඩ කූපන් එකට ලබා ගැනීම සඳහා වැඩිහිටියෙකු සමග කෝපරේටිව් කියා හැඳින්වූ සමූපකාරයට ගිය විට කස්ටමර්කෙයා පිලිබඳව මුල්ම පාඩම මම අවබෝධ කර ගත්තෙමි.


නාගරික ප්‍රදේශයක පිහිටා තිබූ මෙම සමූපකාරයේ බිල් ලිවීමට එක් සේවිකාවක්ද බඩු කිරා දීමට කම්කරුවන් දෙදෙනෙකුද වූහ​. බිල් ලියන තැනැත්තිය සමූපකාරයේ මැනේජර්ද කියා මම නොදනිමි. එහෙත් ඇය ඉතා බලවත් තැනැත්තියක් බවත් රිසි සේ පාරිභෝගිකයන්ට බැණ වදිමින් ඇය බිල් ලියූ බව මට මතකය​. ඇය පාරිභෝගිකයන්ට සැලකූයේ තම වත්තට පැන මයියොක්කා අල උගුල්ලවන ප්‍රවිෂ්ටයන්ට කතා කරන ලෙසටය​. ඇය කිසිවෙකුටත් බිය නොවූවාය​. තම ගෙදර දොරේ අසහනයද ඇය යවන්නට ඇත්තේ අසරණ ගැනුම්කරුවන් හරහා විය යුතුය​. ඒ කාලයේ පැවති රජයේ ආධාරකරුවෙකුගේ සබඳතා මත රැකියාව ලබා ගත් ඇය බිය වූයේ අගමැතිනියට පමණි. තෙරක් නොමැතිව දොස් දෙවොල් තබන ඇයගේ වාග් ප්‍රහාරයන් විඳි පාරිභෝගිකයෝ නිහඞවම තමන් ගේ බඩු මිලදී ගෙන ගියහ​. අද මෙන් වත් පොත වැනි සමාජ මාධ්‍ය තිබුනේ නම් මේ ඉතිරිය මිනිසුන්ට බනින අයුරු විඩියෝ කොට දමන්න හැකියාවක් තිබුණි.


විවෘත ආර්ථිකය පැමිනීමෙන් පසු සමුපකාරයේ ගෑස් බැස ගියේය​. පාරිභෝගිකයාට තරමක ගරුත්වයක් ලැබුනේය​. කස්ටමර් කෙයාපිලිබඳව මූලික වර්ධනයක් ලංකාවේ සිදු වූයේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව බව මම සිතමි. ඒ කාලයේ සමුපකාර වල මහගේලා පාරිභෝගිකයන් බල්ලා මාක් එකට දමා කතා කරන විට සංචාරක කර්මාන්තයේ සේවය කල කාන්තාවෝ සංචාරකයන්ට විනීතව කතා කලහ​.


සෝවියට් දේශයේදී පාරිභෝගික සේවය පිලිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මට හැකි විය​. සමාජවාදය පැවති සමයේ රජය විසින් සියළු ව්‍යාපාර පවත්වාගෙන යන ලදි. මේ නිසා සුපිරි වෙළඳසැල් වල සිට සාමාන්‍ය කඩ වල සිටි භාණ්ඩ අලෙවිකරුවන් පාරිභෝගිකයන්ට සැලකුවේ එපා වාහෙට හොදි බෙදන්නා සේය​.


වරක් චීස් රාත්තල් භාගයක් සහ මස් කිලෝ දෙකක් ගැනීමට පෝලිමේ සිටි මට රජයේ සේවිකාවක වූ වෙලෙන්දිය ගෙන් ආඩම්බර කතා අසමින් බඩු මිලදී ගන්නට සිදු විය​. ඇය මිනිසුන්ට බඩු වික්කේ අාඩපාලි කියමිනි. මාරු සල්ලි නොතිබුනේ නම් බැණුම් වැලකි.


තවත් වරක් මොස්කව් හිදී සුපිරි වෙළඳ සැලකදී සෙනිත් කැමරාවක් මිලදී ගන්නට ගිය මට වෙළඳ සැලේ සේවකයාගේ අලසකම හොඳින්ම තේරුණි. ඔහුට ගැනුම්කරුවන් භාණ්ඩ මිලදී ගත්තද නොගත්තද කම් නැත​. මාසය අන්තිමට ඔහුට වේතනය ලැබේ. කැමරා වර්ග කීපයක් බලා සුදුසු එකක් තෝරා ගැනීමට මා අදහස් කොට තිබුනද ඔහුගේ එපා වාහේ හැසිරීම මාගේ උනන්දුව හීන කලේය​. ඔහු සෝවියට් ගනුදෙනුකරුවනට වඩාත් නරක ලෙසට සැලකීය​. මෙලෙස පැය එක හමාරක් පමණ රස්තියාදු වූ මා සෝවියට් කැමරාවක් මිලදී ගත්තෙමි.


ඉන් මාස දෙකකට පමණ පසු මම බටහිර ජර්මනියට ගියෙමි. සෝනි වෝක්මන් එකක් මිලදී ගැනීමට මම බටහිර ජර්මනියේ වෙළඳ සැලකට ගිය අතර විනාඩි ගනනකදී උනුසුම් පිළිගැනීමක් සමග මම භාණ්ඩය මිලට ගත්තෙමි. මෙම වෙළඳ සැලෙන් එලියට ආ මා හට මොස්කව් හිදී කැමරාවක් මිලදී ගන්නට ගිය විට වූ රස්තියාදුව සිහියට ආවේය​.


පෝලන්තයේද , බල්ගේරියාවේද , නැගෙනහිර ජර්මනියේද කස්ටමර් කෙයා මා විසින් අත් දැක තිබේ. මේ රටවලද ඒ කාලයේ පාරිභෝගිකයන්ට සලකන ලද්දේ ඇල් මැරුණු විලසිනි. වරක් පෝලන්තයේ ආණ්ඩුවේ ගෝස්තිනිත්සා හෙවත් අවන්හලකින් බැදපු කුකුලෙකු සහ අර්තාපල් ඉස්ටුවක් ලබා ගැනීමට විනාඩි හතලිස් පහක් ගත විය​. කාලය ගත වූයේ බිල් ලිවීමටය​. ඒ කාලයේ බටහිර ලෝකයේ ක්‍රියාත්මක වූ ෆාස්ට් ෆුඩ් සංකල්පය පිලිබඳව මොවුන් දැන නොසිටින්නට ඇත​.


පැලමර්චුක් යනු අපගේ නේවාසිකාගාරයේ සිටි වඩුරාලය​. වරක් මම ඔහුට කියා බාර් එක්සසයිස් කිරීමට හරස් පොල්ලක් සාදවා ගැනීමට උත්සහ කලෙමි.


" මොකටද ඕක "


එය ඔහුගේ ප්‍රථම ප්‍රශ්නය විය​. ප්‍රශ්න අනවශ්‍ය බවත් මම ඔහුගේ ශ්‍රමයට සහ අමු ද්‍රව්‍ය වලට ගෙවන බවත් කීවෙමි. එහෙත් යලිත් ඔහු මදෙස බලා " මොකටද ඕක "කියා ඇසුවේය​. මුලින්ම පාරිභෝගිකයා තෘප්තිමත් කල යුතු බව ඔහු නොදත්තේය​.



කැනඩාවේදී මගේ බල්ලාට අතිරේක ඩෝග් හවුස් එකක් වත්තේ සෑදීමට මම අදහස් කලෙමි. මේ සඳහා මට පැරණි සෝවියට් දේශයේ සිට සංක්‍රමණය වූ වඩුවෙකු වූ ඇනතෝලි ගේ සහාය ලබා ගැනීමට සිදු විය​. සමාජවාදී රාජ්‍යක සිට ධනවාදී සමාජයකට සංක්‍රමණය වූ ඇනතෝලි කස්ටම කෙයා ගැන ඉගෙන ගෙන තිබේ. පැලමර්චුක් මෙන් ඔහු " මොකටද ඕක "කියා නොඇසුවේය​.


වරක් ඕස්ට්‍රේලියාවේදී මම තැපැල් කන්තෝරුවකට ගියෙමි. එහි සිටි සුදු ජාතික සේවකයා ඉතා විනීතව මගේ අවශ්‍යතා ඉටු කරදී මට සුභ දිනයක්ද පැතුවේය​. ඉන් සතියකට පසුව මම ලංකාවට ආවෙමි. ලංකාවේදී මා තැපැල් කන්තෝරුවකට ගිය අතර එහි සිටි බාප්පලා ඔවුන් ගේ සීල් එක බලෙන් පැහැර ගැනීමට ආ අයෙකු දෙස බලන්නක් මෙන් මා බැලූහ​. කවුන්ටරයේ සිටි පුද්ගලයා මට මුද්දරය සහ ඉතිරි සල්ලි විසි කලේ මුහුණ දෙසවත් නොබලාය​. ලියුම් කවරය සඳහා ගම් තිබේද කියා ඇසූ විට ඔහු නොසැලකිල්ලෙන් බිත්තියේ කොනක තිබූ මේසයක් පෙන්වීය​. මට ඕස්ට්‍රේලියාවේ තැපැල් සේවකයා මතක් විය​. "හැව නයිස් ඩේ" ඕස්ට්‍රේලියාවේ සුදු තැපැල් සේවකයා මට කී අයුරින් මම ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කවුන්ටරයේ සිටි සේවකයාට කීවෙමි. ඔහු තිගැස්සී මා දෙස බැලීය​.


ඇමරිකාවේ කස්ටමර් කෙයා ඉහලින්ම තිබේ. පාරිභෝගිකයා යනු ගරුත්වයෙන් සැලකිය යුතු පුද්ගලයෙකි. ඔවුනට අනුව සෑම විටම පාරිභෝගිකයා නිවැරදිය​. මේ මුක්තියට මුවාවී සමහරක් අලෙවිකරුවන් හෙම්බත් කරවති. වරක් එක් පුද්ගලයෙකු වෝල් මාට් වෙළඳ සැලකදී මේ මුක්තිය යොදාගෙන වෙළඳ සේවිකාවක් හෙම්බත් කරනවා මම දුටුවෙමි. වෙළඳ සේවිකාව මෙම පුද්ගලයාට සර් කියමින් ගරුත්වයකින් කතා කලද මේ පුද්ගලයා ඉතා නිහින වචන වලින් වෙළඳ සේවිකාවට බැණ වැදුනාය​. මෙයද කස්ටමර් කෙයා හි එක් එක් අන්තයකි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග
 
  • Like
Reactions: CONCORDE777

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපේ ගෙදර CLI activate කරගන්න ඔනේ වෙලා මම SLT එකට letter එකක් දීලා ෆෝන් එකත් ගෙනත් හයි කලා. උන් කිව්වා දවස් දෙක තුනක් යනකොට හරි කියල

    සතියක් ගියා නෑ. කතාකලා . සිකුරාදා දවසක්. ඒ ගෑනි කිව්වා සදුදා වෙනකොට හරි කියල. අගහරුවාදා වෙනකම් බලලා ආයේ කෝල් කලා. ඒ ගෑනි බලල බලල කියනව අපේ පෑත්තට CLI facility එක නෑලූ. මම ඈහෑව්වා ඈයි කියල. ඒක අලුත් දෙයක් ලු හෑමපෑත්තටම නෑලු.
    මම කිව්වා එහෙනම් අපේ අල්ලපු ගෙදර තියෙන්නේ කියල. ඒ පාර කියනව වෙන්න බෑලු. මම ඉතින් ඒ ගෑනිට කිව්වා CLI කියන්නේ මොනතරම් පරන සමානය පහසුකමක්ද කියලා. මේ හුත්ති කෝල් එක කට් කලානේ
    බෑරිමතෑන SLT එකේ යාලුවෙකුට කතාකරල වෑඩේ කරගත්ත. ඌ විශ්වාස කරන්නේ නෑ කස්ටමර් කේයා එකේ ගෑනී කෝල් එක කට් කලා කියල. ඌ කියන්නේ එහෙම කරන්න බෑ කියල. ඒ වුනාට ලන්කාවේ කස්ටමර් කෙයා එවුන් එහෙම තමා
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    avatar548558_11.gif


    මෙයා විනාශ උනානේ ..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    mama karanneth oya ha sambandha job ekak.. Mall-America thamai hodama customer service eka denne. Phone ekak kadunoth customer ta enna bare nam un gedarata gehilla maximum 15 days walin delivery karanawa..