කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    රෝස් සහ ජැක් - ටයිටැනික් අන්දරය

    රෝස් සහ ජැක් - ටයිටැනික් අන්දරය සමග ගණන් හදමු :lol:

    විශාල සැඩ පහරවල් අතරින් ටයිටැනික් නැව ඉදිරියට ඇදී යයි. නැවේ කපිතාන් වරයා වූ ජේ ස්මිත් මහතා සුළු අවශ්‍යතාවක් සඳහා :lol: වැනි වැනී නැවේ උඩ කොටසට පිය මනී. උපතින්ම මහා කුකුළා වූ ජැක්, රෝස් සමග නැවේ අකුලන ලද රුවලක් අස්සේ සිට මොන මොනවාදෝ කියවයි :love:. සැරෙන් සැරේ මතුවෙනා සියුම් සිනා හඬවල්, කපිතාන් වරයාට හොඳින් අසුනේය :love:. එක වරම සිනා හඬවල් නැවතුනි. මඳ වෙලාවකට පසුව නැවට ගොඩ්සිලා පහර දුන්නාක් මෙන් සෙලවීමකුත් ශබ්දයකුත් ඇසුනි. ජේ ස්මිත් මහතා සුළු අවශ්‍යතාව එකෙනෙහිම නැවැත්වීය.
    ඔහුගේ නියමු කුටියට දුවගෙන යත්ම සිව්දෙස විසිර ගිය අයිස් කැටද, ජැක් සිදුකර ඇති වලත්ත වැඩේද කපිතාන් මහතාට සක්සුදක් සේ පැහැදිලි විය.

    ස්මිත්: ජැක් තමුසෙ මොකද අයිසේ මේ කල විනාසෙ. කව්ද තමුසෙට කිව්වෙ නැව එහෙට මෙහෙට හරවන්න.


    ජැක්: මම මුකුත් කලේ නෑ, මේ රෝස් තමයි මේක හරි ලොකුයි අනේ මට පදින්නම ඕනෙ කිව්වෙ. :P:eek:

    ඉතාමත් කලබලයෙන් සේවකයෙක් පැමිණ "සර් සර් අන්න නැව පැත්තෙන් හිල් වෙලා වතුර එනව ඇතුලට"


    ස්මිත්: හත්වලාමෙට ගහපු කලාබරේ කිව්වලු. යමු යමු බලන්න ඉක්මනට.

    ස්මිත් මහතා එහි යන විටත් ඉංජිනේරු මහතා සේවකයකු ලවා එහි වතුර ඉවත් කරන පොම්පය පනගන්වා තිබුණි. පසුව ඉංජිනේරු මහතා එහි පොම්පයෙහි යාන්ත්‍රික දත්ත සහ නැවෙහි සිදුරු වූ තැන් පරික්ෂා කරන්නට පටන් ගත්තේය. ඒවා මෙසේය.

    පොම්පය යාන්ත්‍රික දත්ත ලෙස, යම් කිසි අවස්ථාවක ජලය පිරුනහොත් එම ජලය ඉවත් කිරීමට පැය 24 ක් ගත වන බව පැහැදිලිව ලියා තිබුණි.

    තවද අයිස් කන්දක් වැදීම හේතුවෙන් නැවෙහි සිදුරු දෙකක් ඇතිවී තිබූ බවත් සිදුරුවල විශාලත්වය මැන බලා එම සිදුරු නිසා නැව සම්පුර්ණයෙන් වතුරෙන් පුරවා මුහුදු බත් කිරීමට පළමු සිදුරට ගත වන්නේ පැය 4 ක් බවත්, දෙවැනි සිදුරට ගත වන්නේ පැය 8 ක් බවත් ගණන් සාදා දැනගත් ඔහු ඒ බව කපිතාන් වරයාට දැනුම් දුන්නේය.

    කපිතාන් ස්මිත්: ඉතින් අයිසේ මට වැල් බයිල වැඩක් නෑ, මට කියනව දැන් පොම්පෙත් පනගන්වල තියෙන එකේ. පැය කීයක්‌ යයිද මේක අතුල සම්පුර්ණයෙන් වතුර පිරිල ගිලෙන්න. ? ජැක් තමුසෙ මෙතන බිල්ල වගේ කට ඇරන් බලන් ඉන්නෙ නැතුව බාල්දියක් වත් ගෙනල්ල ඉක්මනට වතුර ඉහිනව. :angry:

    පැහැදිලි කිරීම් සමග පිළිතුර

    * වතුර ඇතුලට එන සිදුරු "+" අගයන් ලෙසත්, වතුර ඉවත් කරන පොම්පය "-" අගයන් ලෙසත් ගත යුතුය. (පස්සෙ තේරෙයි සීන් එක)

    * යම්කිසි කාර්යයක් සිදු වීමට පැය 10 ක් ගතවේ යයි සිතුවහොත්, පැයකට සිදුවන වැඩ ප්‍රමාණය වන්නේ 1/10 වේ. (පැය 20 ක් නම් 1/20 වේ)

    දී ඇති දත්ත

    පලවෙනි සිදුර -- > පැය 4
    දෙවැනි සිදුර --> පැය 8
    පොම්පය --> පැය 24 යි

    දැන් ගාන හදමු.

    පළමු සිදුරෙන් පැයකදී නැවෙහි ධාරිතාවෙන්
    පිරවෙන කොටස = 1/4
    දෙවැනි
    සිදුරෙන් පැයකදී නැවෙහි ධාරිතාවෙන් පිරවෙන කොටස = 1/8
    පොම්පයෙන්
    පැයකදී නැවෙහි ධාරිතාවෙන් ජලය ඉවත් කෙරෙන කොටස = 1/24

    වතුර ඇතුලට එන සිදුරු "+" අගයන් විදිහටත්, වතුර ඉවත් කරන පොම්පය "-" අගයන් විදිහටත් දාල ලියමු

    + 1/4 + 1/8 - 1/24 = වතුරෙන් සම්පුර්ණයෙන් පිරීමට ගතවන කාලය, එනම් ගිලීමට ගතවන කාලය

    දැන් ඉතින් ඕක සුළු කරන්න ඕනෙ (සුළු කරන විදිහ තේරෙන්නෙ නැත්තන් පී.එම් එකක් වත් දාල කියපල්ල ඒකත් වෙනම දාන්නම්) :rofl:

    (6+3-1)/24 = 1/X --> මෙහි 24 යනු 4,8,24 යන සංක්‍යාවල කුඩා පොදු සාදකයයි)
    8/24 = 1/X
    1/3
    = 1/X
    3 = X

    එනම් නැව සම්පුර්ණයෙන්ම වතුරෙන් පිරී ගිලීමට ගතවන කාලය පැය 3 කි :shocked::shocked:


    (සියළුම හිමිකම් ඇවිරිණි :rolleyes:)
     
    Last edited:

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    දැන් කටිටීය iq කර කර ඉන්නමද කල්පනාව ආහ්....
     

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    අනේ මන්ද බන් ලියලම තමයි බලන්න වෙන්නෙ .. :dull: ඩිග්රියක් තිබේද ?
    +

    ow bnz tyenawa .. eth mata kisima sure ekak ne bnz .. deshapalane aniwa athi .. ki denek sahakara regu adhikarila gannawada kiyala adahasak tyeda? :dull:
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    දැන් කටිටීය iq කර කර ඉන්නමද කල්පනාව ආහ්....

    ඔව් බන් වෙන ඉතින් මොනවද :rofl: අපිට ගණිතය නෑනෙ .. ;)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    +

    ow bnz tyenawa .. eth mata kisima sure ekak ne bnz .. deshapalane aniwa athi .. ki denek sahakara regu adhikarila gannawada kiyala adahasak tyeda? :dull:


    හරියටම කීයක්‌ මේ පාර ගන්නවද නම් දන්නෙ නෑ බන්, ගොඩක් සීමිතයි කියල නම් දන්නව. සාමාන්‍යයෙන් 100 දෙනෙක් විතර සහකාර රේගු පොස්ට් එකට ගනී ... :yes: ඒත් සහකාර ඉල්ලුම් කරපු 1000 විතර interview එකට කතා කරයි ... එතනදී උන්ට සැටිස් නම් ගනී ... ගොඩක් වෙලාවට ඉතින් හොඳම ලකුණු ගත්ත අයට චාන්ස් එක වැඩී ..
    :yes:
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    අඩේ කවිද එතකොට රේගු පරික්ෂක අටමගලේට apply කොරේ?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ජින්තුවා;16928936 said:
    exam තියන දවසක් දන්නවද බන්?

    මන් ත්‍රෙඩ් එකකුත් දැම්ම බන්, නිව්ස් දෙන්න, එකෙක් වත් බම්ප් එකක් වත් දාන්නෙ නැති නිසා අයින් කළා, මොකෙක්ට වත් එපා නම් අපි බලෙන් දෙන්නෙ මොකටද කියල හිතුන :rofl: ...

    විශ්වාස (නොවන) ආරංචි මාර්ගෙකින් දැනගන්න ලැබුනෙ, සැප්තැම්බර් මුල් සති දෙකේ තියන්න හිතන් ඉන්නව කියල ....
    :yes: මොනා උනත් එක්සෑම් එක පට්ට අමාරුයි වගේ .. මං මේ කල්පනා කලේ ලියනවද නැද්ද කියල ... :dull:
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මන් ත්‍රෙඩ් එකකුත් දැම්ම බන්, නිව්ස් දෙන්න, එකෙක් වත් බම්ප් එකක් වත් දාන්නෙ නැති නිසා අයින් කළා, මොකෙක්ට වත් එපා නම් අපි බලෙන් දෙන්නෙ මොකටද කියල හිතුන :rofl: ...

    විශ්වාස (නොවන) ආරංචි මාර්ගෙකින් දැනගන්න ලැබුනෙ, සැප්තැම්බර් මුල් සති දෙකේ තියන්න හිතන් ඉන්නව කියල ....
    :yes: මොනා උනත් එක්සෑම් එක පට්ට අමාරුයි වගේ .. මං මේ කල්පනා කලේ ලියනවද නැද්ද කියල ... :dull:

    මට ලියන්න වෙන්නෙ නෑ බන් දුක තමා.. :sorry::sorry: