කස්ටිය ෆේස්බුක් කොමෙන්ට් ටිකක් දාමු.

dikdok

Active member
  • Feb 20, 2012
    533
    31
    28
    ලිප් බොක්කේ
    කස්ටිය ෆේස්බුක් කොමෙන්ට් ටිකක් දාමු.

    කස්ටිය ෆේස්බුක් පොටෝ කමෙන්ට් ටිකක් දාමු

    උණ හපුලුවෙක් කියලා හිතුවා නේද..? වැරදියි.
    මේ ඉන්නේ ගර්ම කලාපීය රටවල වෙසෙන
    ගස් කුපාඩියා නම් සත්ව විශේෂයයි.
     
    • Like
    Reactions: nrjayasinghe

    upulpdn

    Member
    Mar 13, 2009
    35,184
    2,247
    0
    Kurunegala
    කමෙන්ට් දාන්න ආපු නොන මහත්තයලටයි. පෝස්ට් එක දාපු අයටයි මුලින්ම තෙරැවන් සරනයි පතන්නම්. මෙන්න මහත්තයෝ මම අද ගෙනාව පොතක්. පොතක් කිවුවට මහත්තයො මේක ලෝකෙම වටින පොතක්. එක වසරෙ ඉදල මැරෙනකන්ම බාවිතා කරන්න පුලඅවන් පොතක් මේක. රෝමි සිතියම් පොත. මහත්තයෝ මේක ගෙදරක තියෙන්නම ඕන පොතක්. ගෙදර දුවාට පුතාට අධ්‍යාපන කටයුතු වලදි ඉතාමත් වැදගත්වෙන පොතක්. අපි බලමු මහත්තයෝ මේකෙ තියෙන්නෙ මොනවද කිය. මේ මහත්තයෝ පලවෙනි පිටුවෙ තියෙන්නෙ දිස්තිරික්ක හා පලාත් වලට වෙන් කරපු ලංක සිතියම ඊලඟ පිටුව බලන්න මහත්තයෝ මේ තියෙන්නෙ ලංකාවෙ මාර්ග සටහන A ශ්‍රේණියේ ඉදලා D ශ්‍රේනියේ දක්වා සියලුම පාරවල් මේ සිතියමේ ලකුනු කරල තියනවා මහත්තයෝ. ඊලඟ පිටුවෙ තියෙන්නෙ මහත්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග ඒකාලෙ සුද්ද හදපු පාරවල් ටික එහෙම්පිටින්ම තියනවා තාම. ඊලඟ පලාත් අනුව පලාත් කොඩි, පලාත් පුෂපය, පලාත් පක්ෂියා. මේ තියෙන්නෙ මහත්තයෝ භූගෝලීය විශමතාව , මේ තියෙන්නෙ මහත්තයෝ ලෝක සිතියම මහද්වීප වලට බෙදලා. ලෝක ගුවන් සිතියම රට රටවල ජාතික කොඩි වාගේ අධ්‍යාපනයට වඩාත් වටින පොතක් මහත්තයෝ. කඩෙන් ගත්තොත් මේ පොත රැ 400/= ක් වෙනවා. 400න් 300ක්මඅඩු කරල මම දෙනවා රැ 100/= ට.
     
    • Like
    Reactions: nrjayasinghe

    upulpdn

    Member
    Mar 13, 2009
    35,184
    2,247
    0
    Kurunegala
    හැමදාම පිංතූරයක් අරගන්න ගියාම මොන විදියටද ඉන්න අවශ්‍ය කියල බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. සිනහ වෙලා හිටිය පමණින් පින්තුරයක් ලස්සන වෙන්නෙත් නෑ… හොඳ පිංතූරයක් තෝරගන්න පිංතූර 100ක් විතර ගන්න ඕන. නමුත් ඔබේ සිරුරෙ හැඩය, මුහුණෙ හැඩතල මනාව කැපී පෙනෙන ආකාරයට ගන්නා පින්තූරයක් මගින් ඔබේ සුන්දරත්වය තවත් වැඩි වෙලා පෙනේවි.. ඒක නිසා පිංතූරයක් ගනිද්දි මෙන්න මේ විදිහට ඉඳල බලන්න.
     

    upulpdn

    Member
    Mar 13, 2009
    35,184
    2,247
    0
    Kurunegala
    සංවර කමට උදාහරණයක් පෙන්නන්න කිව්වොත් ඔයා තමා පෙන්වන්න තියෙන්නෙ...ජාතියේ පිනට පහලවුනු ඔයාලා මේ කාලෙ හැදෙන ළමයින්ට ආදර්ෂයක්...ලස්සනයි ගොඩක්...හැමදාම සතුටින් ඉන්න...අනෙක් අය මොනවා කිව්වත් ඔයා හරිම ලස්සනයි...හැමදාම මෙහෙම ෆොටෝ දාන්න...
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,902
    153
    0
    යුගදිවියේ වින්දනය උපරිමයෙන්ම වින්දනය කිරීමට ඔබත් කැමතිද? ප්‍රමාණය ගැන පසුතැවිලි උනා ඇති.

    උපරිම වින්දනය දෙදෙනාටම. ඔබ දන්නවාද ඔබට අවශ්‍යනම් දිගින්, වටප්‍රමාණයෙන් 25%ක් දින 30ක් ඇතුලත වර්ධනය කරගත හැකි බව. එමෙන්ම ශක්තිමත් භාවයද වැඩිකරගත හැක.

    පිරිමි ඔබ වෙනුවෙන්ම ජර්මනියේ නිපදවූ මෙම නිශ්පාදනය ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් හොදම ප්‍රතිඵල සහිත නිශ්පාදනයකි. ඔරිජිනල් නිශ්පාදනය පමණක් අප අලෙවි කරන අතර අනුකරණ සදහා අපගේ වගකීමක් නොමැත.

    මිල රුපියල් 3000 පමණි

    ඔබට අවශ්‍ය ස්ථානයට ගෙන්වාගෙන මුදල් ගෙවිය හැක

    අමතර ඩිලිවරි ගාස්තු නැත

    ඇණවුම් කිරීම සදහා හෝ වැඩි විස්තර සදහා අපිට ඉන්බොක්ස් කරන්න
     

    upulpdn

    Member
    Mar 13, 2009
    35,184
    2,247
    0
    Kurunegala
    බබාගෙ පැම්පර්ස් වියදම දරන්න අමාරුයි නේද ?
    දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙනුවට ⁣වියදම් අඩු නැවත නැවත පාවිච්චි කළ හැකි සෞඛ්‍යාරක්ෂිත ක්ලෝතින් ඩයපර්ස්...

    රු:575/= සිට

    අමතන්න 0719730655

    වරක් පාවිච්චි කරලා විසි කරන පැම්පස් නිසා බබාලාගේ සමට හානිකර තත්ව කීපයක්ම ඇති වෙනවා.ඩයපර් රෑශ් කියන්නේ පොදුවේ බබාලට නිතර ඇති වෙන ප්‍රශ්නයක් .ඊට අමතරව යීස්ට් ආසාදන ආසාත්මිකතා හෙවත් ඇලජීස් දක්වන්න පුලුවන්.ඒ පැම්පස් පාවිච්චි කරන කාලයේදී ඇති වෙන හානිකර තත්ව.
    මේ විදිහට උපන් දවසේ සිට අවුරුදු තුනක් වගේ කාලයක් දවස ගානේ සහ රෑ පුරාමත් බබාලට පැම්පර්ස් ඇන්දවීමේ නොපෙනෙන පැතිකඩක් තියෙනවා.දරුවා වැඩිහිටියෙක් බවට පත් වෙන කාලයේදී යම් දිනක දරුපල ඇති වීමට බලපෑමක් වෙන්න වගේම මල දරු උපත් ඇති වෙන්නත් මේ පැම්පස් හේතු වෙනවා කියල වෛද්‍ය පර්යේෂණ මගින් සොයා ගෙන තියෙනවා.ඊට අමතරව ස්නායු ආබාද සහ හෝර්මෝන අසමතුලිතතා ඇති වෙන්නත් පුලුවන්.
    භයානකම තත්වය වන්නේ මේ කෘතිම පැම්පස් නිෂ්පාදනයේදි එකතු කරන carcinogenic chemicals හෙවත් පිලිකාකරක රසායනික ද්‍රව්‍ය අනාගතයේදී පිලිකා ඇතිවීමට හේතු වීමයි. මේ පැම්පර්ස් නිෂ්පාදනය කරන්නේ කෘතිමව.එහිදී බ්ලිචින් වර්ග sodium polyacrylate කියන්නෙ පැම්පර්ස් නිෂ්පාදනයේදි තෙතමනය උරා ගැනීමේ ක්‍රියාවලියට එකතු කරන විස සහිත රසායනික ද්‍රව්‍යයක්. කෘතීම ජෙල් වර්ග කෘතිම ඩයි වර්ග සහ කෘතිම රසායනික ද්‍රව්‍ය එකතු කරනවා.
    ඉතින් මේ තරම් විස පැම්පර්ස් පුංචි පැටියාට දරා ගන්න පුළුවන්ද?

    මේ ප්‍රශ්නයට හොඳම විසදුම තමයි සෝද සෝද නැවත අන්දන්න පුලුවන් ක්⁣ලෝතින් ඩයපර්ස්
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,902
    153
    0
    මේ ඉන්නෙ බනී.
    සියලුම එන්නත් ලබා දී ඇත.
    මාස 6 අධි ක්‍රියාශීලිනීරෝගි බලුපැටියෙක් (Overactive )
    මෙයාව හදාගන්න දුන්න අයට දැන් එයා ගැන බලන්න වෙලාවක් නැලු.
    👉උදේ ඉඳල ගැටගහල.
    එතන නයි කූඹිත් ඉන්නව.

    මෙයාව ලෙහුවම අල්ලපු ගෙදර ඉන්න ඒ කෙනාගෙ සහෝදරයගෙ ගේ ඉස්සරහ ජරා කරනව කියල බල්ලව අරන් ගිහින් පන්සලක් ගාවට දාන්න බලන් ඉන්නවලු.
    මෙයාව බලාගන්න කෙනා රට ගියහම පවුලෙ අය මෙයාට සලකන එකක් නැ.

    👉🕵තාප්පයකින් වට කරපු කැලණියෙ අවට හෝ
    කඩවත අවට හෝ
    කිරිල්ලවල අවට අවට
    කිරිබත්ගොඩ අවට
    ගේකට මෙයාව දෙනව
     
    • Like
    Reactions: nrjayasinghe

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,902
    153
    0
    කිරි හොඳි

    හැඳි නොගා හදන කිරි හොද්ද ගුටි නොගහා හදන ලමයි වගේලු. කවුරු කිව්වත් කතාව ඇත්ත තමා. මේ කියන්නේ කිරි හොඳි හදන හැටි. අපේ අක්කලාට නම් ආයෙ මේකෙ දැනගන්න දෙයක් නැතුවත් ඇති. කුස්සියට අලුත් නෝනලාටයි මේ...

    අවශ්‍ය දේවල්:
    අබ, සූදුරු සම ප්‍රමාණයෙන් අඹරගන්න
    මිටි කිරි සහ දිය කිරි
    ලූනු
    අමු මිරිස්
    රම්පෙ, කරපිංචා
    කහ
    උලුහාල් (විනාඩි 10ක් දියේ දාලා ගන්න තිත්ත ගතිය ඇරෙන්න)
    සේර පොඩි කෑල්ලක්
    කුරුඳු පොතු කෑල්ලක්
    පුංචි ගොරකා කෑල්ලක් (අකමැති නම් දෙහි අඹුල් හෝ සියඹලා ඉස්ම ටිකක් ගන්න වඩා රස මෙහෙම)

    සාදාගන්නා ආකාරය:
    වතුර ටිකකට කිරි හැර අනිත් සියල්ල දමා තම්බාගන්න. (ගොරකා නැතුව වෙන දෙයක් දානවනම් ඒවත් තැම්බෙන්න දාන්න එපා). කැමතිනම් මේ ටික තම්බන්නේ නැතුව තෙම්පරාදු කරන්න. එහෙමත් රසයි. තෙම්පරාදු කරල අබ එහෙම දාලා කිරි හොඳි හදන්නේ දෙමල ජාතික අය හුඟක්ම.
    තැම්බුනාට පසු මුලින් මිටි කිරි දමා හොද්ද අවශ්‍ය පමණට දිය කිරි එක් කරගන්න. කිරි දැම්මට පස්සෙ එහෙ මෙහෙ දුවන්න තියාගන්න එපා ලමයි. කිරි හොද්ද හැඳි ගාන්න ඕනෙ යන්තම් උකු ගතියට හැරෙනකම් නොනවත්වාම. නැත්නම් හොද්ද කැටි ගැහෙනවා.
    ලිප නිවලා වෙන තැනකට වලඳ අරන් තවත් මිනිත්තු කීපයක් හැඳිගාන්න.
    ඔන්න කිරි හොද්ද හරි.
    ගොරකා නොදාපු අය දෙහි හෝ සියඹලා ඉස්ම දාගන්න. ගොරකා දාපු අය ඒක ඉවත් කරන්න හොද්දෙන් නැත්නම් අඹුල් වැඩි වෙයි.

    වැදගත්:
    සමහර පැති වල ගොරකා දාලා හදන හොද්ද තමයි කිරි හොද්ද කියලා හදුන්ව්න්නේ. ඇබුලට සියබලා දාන හොද්ද සියබලා හොද්ද ලෙසත්, දෙහි දාන හොද්ද දෙහි හොද්ද ලෙසත්, තක්කාලි දාල හදන හොද්ද තක්කාලි හොද්ද ලෙසත්, බිලිං දාලා හදන හොද්ද බිලිං හොද්ද ලෙසත් නම් ගොඩකින් හදුන්නවා. ඇබුලට දාන දේ අනුව තමයි නම වෙනස් වෙන්නේ.

    පිට්ටු එක්ක කන්න නම් කිරිහොදි තමා කියාපු දේ.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,902
    153
    0
    සමලිංගික අය අද සමාජයේ ගොඩක් දකින්න පුලුවන් මේ ඉන්නේ තවත් ඒ වගේ එක්කෙනෙක් ... සමාජයෙන් කොන් කරන්න එපා යාලුවනේ ...
    මේ පනිවිඩය හැමෝටම දැනගන්න ශෙයාර් කරමු
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,902
    153
    0
    පොල්පිති හරකෙක් හදමු

    ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Projectවැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.

    මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....

    පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]

    පොල් කට්ටක්
    ලණු කැබැල්ලක්
    මහ පිහියක්

    මුලින්ම කරන්න තියෙන්නේ හරකාගේ දිගට ඇතිවෙන්න පොල් පිත්ත කපාගන්න එකයි.

    ඊට පස්සේ හරකාගේ වලිගය හරිය පිහියෙන් හදාගන්න ඕන.පින්තුරේ තියෙන විදිහට....

    ඊටත් පස්සේ හරකාගේ කකුල් හදාගන්න ඕන උඩ පින්තුරේ තියෙන විදිහට.....

    ඔන්න දැන් තමයි අමාරුම වැඩේ.ඒ කියන්නේ හරකාගේ අන් තට්ටුව හදාගැනීම.ඒක ඔය උඩ පින්තුරේ තියෙන විදිහට හදාගන්නකෝ.අන් තට්ටුව ලොකුවුණු තරටම හරකාගේ සැර පරුෂ භාවයත් වැඩිවෙනවා...හි..හි...

    දැන් ඔන්න උඩ පින්තුරේ විදිහට හරකාට අන්තට්ටුව හයිකරගන්න ඕන.

    අන් තට්ටුව හයිකරපු ගමන්ම හරකාගේ බෙල්ල වටේ ලනුවක් දාලා ගැට ගහන්න ඕන.නැත්නම් හරකා ගාල කඩාගෙන ගොහින් මිනිස්සුන්ට අනතුරු කරන්න ඉඩ තියෙනවා.

    දැන් ඉතින් තියෙන්නේ හරකාට වෙලාවට කන්න බොන දෙන එක විතරයි.නැත්නම් හරකා අහල පහල වතුවලට පැනලා වගා හානි කරන්න ඉඩ තියෙනවා.ඒ වගේම තමයි පොඩි අය මේවා තනියම හදන්න යන්නෙපා..අම්මලාතාත්තලා පොඩි අයට මේවා හදලා දෙන්න හොදේ.

    ඒ වගේම තමයි පොල්පිති හරකා මේ විදිහට නැතුව පොල් පිත්තේ මුල් කැබැල්ල අරගෙන ඒකට පොල්කටු අන් වෙනුවට ලී කෝටු කෑලි දෙකක් ගහලා හරකෙක් හදන විදිහකුත් තියෙනවා.ඊට වඩා මේ විදිහ ලස්සනයි කියලා හිතුන නිසා මං මේ විදිහට හැදුවේ.එහෙනම් ලබන සතියේ තවත් Weekend Project එකකින් හමුවෙමු ...ටටා.....
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,902
    153
    0
    ඒ කොලු කාර හිනාව..
    ඔයා හිනාවට ඇන්දුනු, රැවටුනු අසරණ කොල්ලොකාරයෝ කී දෙනෙක්නම් අනාත උනාද..
    ඒ විතරක් නෙවෙයි විටෙක ඔබේ චරිතය පිරිමියා..
    ඔබ ගැහැනු ලමුන් කී දෙනෙක්නම් අනාත කරාද..
    මෙවා අහස පොලව උහුලන අපරද ..
    ලමයි කී දෙනෙක්ගේ ආදරනීය පියෙක්ද ඔබ..
    ස්ත්‍රීන් කී දෙනෙක්ගේ ආදර සැමියද ඔබ..
    ඔබ එදා මානසික වෛද්‍ය වරයා පැවසූ දිනම ඔබේ අසහනයට ප්‍රතිකාර කලානම් ...
    අද අපට ඔබව සමනලයෙකු ලෙස නොව...
    කොල්ලොකාරයෙකු ලෙස නොව පිරිමියෙකු ලෙස දැකීමට වාසනව තියෙන්නට තිබුනා..
    ඒ කෙසේ උනත්..
    ඔබ...
    ඔබ පොටෝගැපර් කෙනෙක්..
    ඔබ නලුවෙක්..
    ඔබ වැඩකාරයෙක්..
    ඔබට පමනක්..
    අපට ඔබ...
    මානසික ලෙඩෙකf්..
    කොල්ලො කාරයෙක්..
    සමනලයෙක්....
    ස්තූතියි..
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,902
    153
    0
    කාමුක චිත්රපට වල රගපාන නලු නිලියන්ට තියෙන ඉල්ලුම මේ වගේ ගමේ වල් චරිත රගපාන අහිංසක තරුණයන්ට නෑ.. කාමුක චිත්රපට ක්ෂේත්රයේ ඉදිරියටම යන්න අාශිර්වාද ලැබේවා මිතුර.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,902
    153
    0
    කළු වදුරා රැක ගනිමු.

    කළු වඳුරන්ගේ තවත් වර්ණ ප්‍රභේදයක්‌ ලෙසද සැලකෙන වඳුරන් කාණ්‌ඩයක්‌ විල්පත්තු, තන්තිරිමලේ, මඩු ප්‍රදේශවල වාසය කරයි. අනෙක්‌ උප විශේෂවල මෙන් දම් පැහැති මුහුණක්‌ තිබෙන මෙම වඳුරන්ගේ ශරීර වර්ණය රන්වන් දුඹුරු පැහැයක්‌ ගෙන ඇත.
    ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරන්, වඳවී යැමේ තර්ජනයට ලක්‌වීම සංරක්‍ෂණ ක්‌ෂේත්‍රයෙහි අවධානයට ලක්‌වී තිබෙන කරුණකි. මේ පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවීමද දැන් ඉතා වැදගත්ය.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,181
    3,100
    113
    Sherwood වගේ තැනක
    වල්ල සෙලවේද..?? එල්ලා වැටෙන්න ආසන්නද..?? දැන්ම අමතන්න.. ඔබේ වත්තේ පොල් කැඩීමට කදිම හපනා.. සේතං සිංඤෝ අමතන්න.. දිවාකාලයේ පමණයි..
    1f602.png
    😂
    1f602.png
    😂
    1f61c.png
    😜
    1f61c.png
    😜
    1f334.png
    🌴0773336864
     
    • Like
    Reactions: nrjayasinghe

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,181
    3,100
    113
    Sherwood වගේ තැනක
    ලමයව හරියට වැසිකිලියට යවන්න පොඩි කාලෙම පුරුදු කරන එක දෙමව්පියන්ගෙ යුතුකමක්.. පොඩි කාලෙම පොඩි කොමෝඩ් එකකට පුරුදු කරේ නැත්තං පහුවෙලා මේ වගේ තැන තැන අපවිත්‍ර කරන මිනිසෙක් බිහිවෙන්න පුලුවන්.. පොදු වැසකිලිි කැත වෙන්නෙ මෙවැනි ළමා කාලයේ වූ වැරදි වලිනි..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,181
    3,100
    113
    Sherwood වගේ තැනක
    ඔයා අකමැති තැන් කවුරැහරි අල්ලනවනම් එපා කියන්න එතනින් දුවන්න අම්මට හරි ඔයාව හොදින් අදුරන වැඩිහිටි කෙනෙක්ට. කියන්න මොකද ඒ තැන් ඔයාට විතරමයි අයිති ඒ හින්දා කාටවත් අල්ලන්න රිද්දන්න ඉඩ දෙන්න එපා
    කියන්න කවුරැත් නැත්නම් මේ අංකයට කතා කරන්න 1929
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,181
    3,100
    113
    Sherwood වගේ තැනක
    යා ලස්සන වෙලා. සීනි කෙහෙල් කැනකට තරහා වෙලා එදා ගෙදරින් ගිය හැටි තාම මතකයි . ලොකු අප්පා තාමත් ඇඬූ කඳුලෙන්. උදාර එහා ගමේ හීං ලතාව බැන්දා. ඔයාට වැරදි පටවන්නෑ ඉන්න තැනක හොඳින් ඉන්න කිව්වා. හීං ලතාගෙ වරදට සමාව දෙන්නම් කිව්වලු.වෙලාවක ඇවිත් යන්න එන්න. ඔයාට නඩු වැටුන වෙලේ කන්දෙ දෙයියන්ට ඉරටු මිටියක් දෙන්න බාර උනා ඒක ඔප්පු කරන්න යන්න
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,181
    3,100
    113
    Sherwood වගේ තැනක
    නොදැක්කා වගේ යන්නෙපා.කාලයක් හර්නියා රෝගයෙන් පීඩා විද ශල්‍යකර්මයකින් වෘෂණකෝශ අයින් කල මේ තරුණයාට ඉකමන් සුවය පතා හැකිතාක් ශෙයාර් කරන්න
    1 ශෙයාර්=එක පැතුමක්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,181
    3,100
    113
    Sherwood වගේ තැනක
    වෙන්ගාඩියන් ලෙවිඌසා
    1f602.png
    😂

    හොග්වර්ඩ් මායා පාසල ඒකාබද්ධිත සී ලංකා එක්සත් දේවාල සංගමය සංවිධානය කරන දේවආරෑඪයෙන් තණකොළ කැපීම!

    දැන් නොමිලේ!!

    විමසීම්
    ඩම්බල්ඩෝ:- 0767021200