ලිංගික ඉන්නන් යනු පිරිමියකුගේ හෝ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයන්හි හා / හෝ ගුදය වටා දැකිය හැකි මාංශමය ගැටිතිය. මෙය වෛරසයක් මගින් බෝවන අතර රෝගී පුද්ගලයකු සමග ඇතිවන ලිංගික සංසර්ගයකින් හෝ ස්පර්ශයකින් වැළදිය හැක. ඔබට ලිංගික ඉන්නන් ඇත්නම්, අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තිබීමේ අවධානමක්ද පවතින නිසා ඒවා සදහා පර්යේෂණ කරවා ගැනීම වැදගත් වේ. කලාතුරකින් රෝගී මවකගෙන් දරු ප්‍රසූතියේදී තම දරුවාටද වැළදිය හැක.